IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මාවනැල්ල ප්‍රා‘ සභාපතිගේ වැඩ තහනම්

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති පී.පී.වික්‍රමසිංහ (එජනිස) මහතාගේ සේවය අත්හිටවූ බව පළාත් ප්‍රධාන ලේකම් හේරත් බී. කුලරත්න මහතා පැවසීය. නිදහසට කරුණු කීම සඳහා ඔහුට මාස තුනක් කලී තිබූ නමුත් ඔහු එසේ කැර නැතැයි මහ ඇමති කාර්යාල ආරංචි කියයි. සභාපතිට එරෙහිව ඇති මූල්‍ය අක්‍රමිකතා ඇතුළු චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකැරෙන බවත් එය අවසන් වනතුරු ඔහුගේ සේවය අත්හිටුවීමට තීරණය කළ බවත් පළාත් ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.

හිටපු මහාධිකරණ විනිසුරුවරයකුගේ මූළිකත්වයෙන් මෙම පරීක්ෂණය සිදුකැරේ. ප්‍රාදේශීය සභාවේ වැඩබලන සභාපතිවරයා ලෙස උප සභාපති එම්.එස්.එම්.කාමෙල් මහතා පත්කර සිටියි. මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සේවය අත්හිටුවීම පිළිබඳ ගැසට් නිවේදනය අද නිකුත්කළ බව පළාත් ප්‍රධාන ලේකම් වරයා කීය.

 



අදහස් (0)

මාවනැල්ල ප්‍රා‘ සභාපතිගේ වැඩ තහනම්

සෝමේ Thursday, 05 June 2014 01:11 PM

මිලානෝ ජයන්ත, ඔබගේ ප්‍රතිචාරයට ස්තුතියි. එක්‌ අයෙකු හෝ නිවැරදි කිරීමට හැකිවීම ගැන සතුටු වෙනවා. (නදී)

:       0       0

ලලිතා Wednesday, 04 June 2014 10:20 PM

ඔන්න. අනෙක් කට්ටියත් ප්‍රවේශමෙන්... (නි)

:       0       0

ජයසිංහ Wednesday, 04 June 2014 10:21 PM

කළ කළ දේ පළ පළ දේ කිවුවලු (නි)

:       0       0

ලසන්ත Wednesday, 04 June 2014 10:21 PM

වැරදි කළා නම් දඩුවම් අනිවාර්යයෙන්ම ලැබෙනවා (නි)

:       0       0

සිල්වා Wednesday, 04 June 2014 10:24 PM

ඉතාමත් වටිනවා මේ තීරණය නම් (නි)

:       0       0

මිලානො ජයන්ත Thursday, 05 June 2014 01:44 PM

මම හොයල බැලුවා මෙයා ගැන. (නදී);

:       0       0

ගයානි Wednesday, 04 June 2014 10:24 PM

මේවා කාට කාටත් හොඳ පාඩම් (නි)

:       0       0

මිලානො ජයන්ත Wednesday, 04 June 2014 11:12 PM

ඒ උනාට සේවය අත් හිටුන්න කලින් පොඩ්ඩක් හිතන්න් තිබුනා. කවුරුත් දේශපාලනයට එන්නේ ඕව කරන්න බලාගෙනනේ. ඉතින් මේ ගැන අවබෝද නොවුන කෙනෙක් තමයි ඔහුගේ සේවය අත් හිටුවලා තියෙන්නෙ.(නදී)

:       0       0

රූපවතී Wednesday, 04 June 2014 11:30 PM

විදෙස් රටවල නම් යම් කිසි අක්‍රමිකතා වකට මුහුණ දීමට සිදු උනොත් ඔහු හෝ ඇය වහාම සේවයෙන් ඉල්ලා අස්වෙනවා. වරද පිලිගෙන නම්බුව ඇතිව ගෙදර යනවා. එ්ත් අපේ රටේ එලෙව්වත් යන්නේ නැහැ. (නදී)

:       0       0

ඉරේෂා Thursday, 05 June 2014 05:22 PM

කාට කාටත් මෙන්න ඉගෙනගන්නවා නම් පාඩම් (නි)

:       0       0

හරීන් Thursday, 05 June 2014 09:28 AM

නියමයි, නියමයි! (නදී)

:       0       0

අචිනි Thursday, 05 June 2014 09:54 AM

ලංකාවේ සිදුවෙන වංචා දිහා බලපුවහම කවුරු අවවාද කල යුතුද කියා හිතෙනවා " මතක් වෙන්නේ අලි බබා සහ හොරු හතලිහගේ" කතාවේ නම තමයි. (ස)

:       0       0

සෝමේ Thursday, 05 June 2014 10:25 AM

ප්‍රතිචාර දැක්වූ අයගේ අදහස් වලට අනුව සභාපති වංචාකර ඇති බව පැහැදිලි වෙනවා. නමුත් ඇත්ත තත්වය ඊට ගොඩක් වෙනස්. දේශපාලනයට එන්න කලින් යාන වාහන තිබුණු මිනිහෙක්. දැන් මොකුත් නැහැ. ඔය සභාපතිගේ ගෙයත් බැංකුවකට සින්න වෙලා තියෙන්නේ. නමුත් එයාගේ දේශපාලනයට අවුරුදු 25 කටත් වැඩියි. වැඩක් කරන මිනිහට මේ රටේ පැවැත්මක් නැහැ. තෝරුන් හාල් මැස්සන්ව කොහොමත් ගිලිනවා. එ්ක තමා ඇත්ත කතාව. (නදී)

:       0       0

චන්ද්‍රා Wednesday, 04 June 2014 06:32 PM

අනෙක් පළාත් වල අයටත් මෙය ආදර්ශයක් වේවා! රට ජාතියට යහපතක්ම වේවා ! (නි)

:       0       0

ඩිලාන් Thursday, 05 June 2014 10:46 AM

හොඳ තීරණයක් (නි)

:       0       0

විමල් Wednesday, 04 June 2014 07:01 PM

තවත් බොහෝ කට්ටිය ඉන්නවා. (නි)

:       0       0

මිලානො ජයන්ත Thursday, 05 June 2014 11:20 AM

සෝමෙ, ඔහු ගැන සවිස්තරාත්මකව විස්තරයක් පලවූ ලිපියේ සඳහන් වෙලා නොමැති නිසයි මම උනත් ඉහත අදහස් පලකලේ ඔබ ලියූ දේ සැබෑ නම් මා දැරූ මතය වැරදි බව පිළිගනිමි. (ස)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 05 June 2014 11:27 AM

අහිංසා ඔයාගේ කියමන නම් හරියටම හරි , කොහොමත් කකුළුවා නටන්නේ වතුර රත් වෙනකම් විතරයි කියල කියමනක් තියෙනවනේ. (ස)

:       0       0

නුවන් Wednesday, 04 June 2014 07:46 PM

නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට මේවා හොඳ පාඩම්... (නි)

:       0       0

අහිංසා Wednesday, 04 June 2014 08:51 PM

චුටි චුටි හාල්මැස්සෝ තමයි මුල්‍ය අක්‍රමිකතාවලට අහුවෙන්නෙත් මහා උළුගෙදරට යන්නෙත්. නමුත් ඔය මහා පරිමාණයෙන් හොරකම් කරන තෝරු මෝරු කෙලවල්ලෝ ඔය දැල්වලට අහුවෙන්නෙත් නැහැ. අල්ලගන්න නීතියෙන් පත්කරලා ඉන්න අයත් සද්දයක් නැහැ. කවුරු කවුරුත් මේ හොරකම් කරන්නේ රටේ දුප්පත්, බදු ගෙවන අහිංසක මිනිස්සුන්ගේ සල්ලි. මම විශ්වාස කරන එක දෙයක් තියෙනවා යමෙක් හොරකම් කලොත් බොහෝ විට මේ ආත්මයේදීම පළදෙනවා. එහෙම නැතිවුනොත් ඔවුන්ගේ දරුවන්ට හෝ දරුවන්ගේ දරුවන්ට ඒ ශාපය පළදෙනවා. (නදී)

:       0       0

පිටිගල Wednesday, 04 June 2014 09:03 PM

වැඩ තහනම් කලාම හොඳයිනේ. කිසි බරක් නැහැ. දැන් පරම්පරාවටම හම්බ කරගෙන ඇති. ජනතාවගේ සල්ලි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site