මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති පී.පී.වික්‍රමසිංහ (එජනිස) මහතාගේ සේවය අත්හිටවූ බව පළාත් ප්‍රධාන ලේකම් හේරත් බී. කුලරත්න මහතා පැවසීය. නිදහසට කරුණු කීම සඳහා ඔහුට මාස තුනක් කලී තිබූ නමුත් ඔහු එසේ කැර නැතැයි මහ ඇමති කාර්යාල ආරංචි කියයි. සභාපතිට එරෙහිව ඇති මූල්‍ය අක්‍රමිකතා ඇතුළු චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකැරෙන බවත් එය අවසන් වනතුරු ඔහුගේ සේවය අත්හිටුවීමට තීරණය කළ බවත් පළාත් ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.
හිටපු මහාධිකරණ විනිසුරුවරයකුගේ මූළිකත්වයෙන් මෙම පරීක්ෂණය සිදුකැරේ. ප්‍රාදේශීය සභාවේ වැඩබලන සභාපතිවරයා ලෙස උප සභාපති එම්.එස්.එම්.කාමෙල් මහතා පත්කර සිටියි. මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සේවය අත්හිටුවීම පිළිබඳ ගැසට් නිවේදනය අද නිකුත්කළ බව පළාත් ප්‍රධාන ලේකම් වරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිලානෝ ජයන්ත, ඔබගේ ප්‍රතිචාරයට ස්තුතියි. එක් අයෙකු හෝ නිවැරදි කිරීමට හැකිවීම ගැන සතුටු වෙනවා. (නදී)
ඔන්න. අනෙක් කට්ටියත් ප්‍රවේශමෙන්... (නි)
කළ කළ දේ පළ පළ දේ කිවුවලු (නි)
වැරදි කළා නම් දඩුවම් අනිවාර්යයෙන්ම ලැබෙනවා (නි)
ඉතාමත් වටිනවා මේ තීරණය නම් (නි)
මම හොයල බැලුවා මෙයා ගැන. (නදී);
මේවා කාට කාටත් හොඳ පාඩම් (නි)
ඒ උනාට සේවය අත් හිටුන්න කලින් පොඩ්ඩක් හිතන්න් තිබුනා. කවුරුත් දේශපාලනයට එන්නේ ඕව කරන්න බලාගෙනනේ. ඉතින් මේ ගැන අවබෝද නොවුන කෙනෙක් තමයි ඔහුගේ සේවය අත් හිටුවලා තියෙන්නෙ.(නදී)
විදෙස් රටවල නම් යම් කිසි අක්‍රමිකතා වකට මුහුණ දීමට සිදු උනොත් ඔහු හෝ ඇය වහාම සේවයෙන් ඉල්ලා අස්වෙනවා. වරද පිලිගෙන නම්බුව ඇතිව ගෙදර යනවා. එ්ත් අපේ රටේ එලෙව්වත් යන්නේ නැහැ. (නදී)
කාට කාටත් මෙන්න ඉගෙනගන්නවා නම් පාඩම් (නි)
නියමයි, නියමයි! (නදී)
ලංකාවේ සිදුවෙන වංචා දිහා බලපුවහම කවුරු අවවාද කල යුතුද කියා හිතෙනවා " මතක් වෙන්නේ අලි බබා සහ හොරු හතලිහගේ" කතාවේ නම තමයි. (ස)
ප්‍රතිචාර දැක්වූ අයගේ අදහස් වලට අනුව සභාපති වංචාකර ඇති බව පැහැදිලි වෙනවා. නමුත් ඇත්ත තත්වය ඊට ගොඩක් වෙනස්. දේශපාලනයට එන්න කලින් යාන වාහන තිබුණු මිනිහෙක්. දැන් මොකුත් නැහැ. ඔය සභාපතිගේ ගෙයත් බැංකුවකට සින්න වෙලා තියෙන්නේ. නමුත් එයාගේ දේශපාලනයට අවුරුදු 25 කටත් වැඩියි. වැඩක් කරන මිනිහට මේ රටේ පැවැත්මක් නැහැ. තෝරුන් හාල් මැස්සන්ව කොහොමත් ගිලිනවා. එ්ක තමා ඇත්ත කතාව. (නදී)
අනෙක් පළාත් වල අයටත් මෙය ආදර්ශයක් වේවා! රට ජාතියට යහපතක්ම වේවා ! (නි)
හොඳ තීරණයක් (නි)
තවත් බොහෝ කට්ටිය ඉන්නවා. (නි)
සෝමෙ, ඔහු ගැන සවිස්තරාත්මකව විස්තරයක් පලවූ ලිපියේ සඳහන් වෙලා නොමැති නිසයි මම උනත් ඉහත අදහස් පලකලේ ඔබ ලියූ දේ සැබෑ නම් මා දැරූ මතය වැරදි බව පිළිගනිමි. (ස)
අහිංසා ඔයාගේ කියමන නම් හරියටම හරි , කොහොමත් කකුළුවා නටන්නේ වතුර රත් වෙනකම් විතරයි කියල කියමනක් තියෙනවනේ. (ස)
නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට මේවා හොඳ පාඩම්... (නි)
චුටි චුටි හාල්මැස්සෝ තමයි මුල්‍ය අක්‍රමිකතාවලට අහුවෙන්නෙත් මහා උළුගෙදරට යන්නෙත්. නමුත් ඔය මහා පරිමාණයෙන් හොරකම් කරන තෝරු මෝරු කෙලවල්ලෝ ඔය දැල්වලට අහුවෙන්නෙත් නැහැ. අල්ලගන්න නීතියෙන් පත්කරලා ඉන්න අයත් සද්දයක් නැහැ. කවුරු කවුරුත් මේ හොරකම් කරන්නේ රටේ දුප්පත්, බදු ගෙවන අහිංසක මිනිස්සුන්ගේ සල්ලි. මම විශ්වාස කරන එක දෙයක් තියෙනවා යමෙක් හොරකම් කලොත් බොහෝ විට මේ ආත්මයේදීම පළදෙනවා. එහෙම නැතිවුනොත් ඔවුන්ගේ දරුවන්ට හෝ දරුවන්ගේ දරුවන්ට ඒ ශාපය පළදෙනවා. (නදී)
වැඩ තහනම් කලාම හොඳයිනේ. කිසි බරක් නැහැ. දැන් පරම්පරාවටම හම්බ කරගෙන ඇති. ජනතාවගේ සල්ලි. (නදී)