මාවනැල්ලේ ව්‍යාපාරිකයකු ව්‍යාජ බලපත් සකසා ළඟ තබාගෙන සිටි අලි පැටවකු අද (7) සවස පෙරහරක් සඳහා රඹුක්කනට ගෙනගොස් සිටියදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඉන් අනතුරුව එහි පැමිණි වනජීවි නිලධාරීන් අලි පැටවා තම බාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවනැල්ලේ ‘වස්තු‘ නමැති අවුරුදු අටක අලි පැටවෙකි.
අලි පැටවා වනජීවී දෙපාර්තමේන්තු වාහනයට දැමීමට ගෙන ගිය අවස්ථාවේ නීතිමය පරීක්ෂණ සිදුකිරීමට යැයි කියමින් එය වැලැක්වූ පොලිසිය යළි අලි පැටවා පොලිසියට ගෙන ගොස් ඇතැයිද අනතුරුව නැවත වනජීවී නිලධරයන්ට බාරදී ඇතැයිද කියති.
අවසානයේ වනජීවී භාරයට ගත් අලි පැටවා පින්නවල බලා රැගෙන ආ බව වනජීවී නිලධරයෝ පවසති.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පවු! පෙරහරේ යන්න දීලම අල්ලගන්නයි තිබුුණේ (නි)
ඇයි මේ මිනිසුන් කැලයේ ඉන්න සතෙකුටවත් නිදහසේ ඉන්න නොදෙන්නේ..? මේ රට කරවන මොන ජාතියක් හරි කමක්නැහැ, මේ වන සතුන් ළඟ තබාගැනීමේ සපුරා තහනම මුළු රට පුරාවටම ක්‍රියාත්මක කරන්න. (නි)
අලියා බලනවා ඇති මිනිසුන්ට පිස්සුද නැත්නම් මට පිස්සුද කියලා (නි)