IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මවට නින්ද යයි : සිඟිත්තා මහපාරට වැටෙයි

(කේ .බුද්ධික කුමාරසිරි සහ උඳුගොඩ වාර්තාකරු)

හැටන් කොළඹ මාර්ගයේ ගුරුමැතිය ප්‍රදේශයේදී මාසයක් වයසැති කුඩා බිළිඳෙකු මවගේ අතින් ලිස්සා  ගොස් ප්‍රධාන මාර්ගයේ වැටී සිටියදී හමු වූ බව පොලීසියට හමුවූ  බව කිතුල්ගල පොලිසිය පවසයි.

අදාල බිළිදාගේ මව ඇතුලු පිරිසක් ත්‍රීරෝද රථයකන් නුවරඑළියේ සංචාරයක නිරතව නැවත මීගමුව  බලා යමින් සිටියදී මවගේ ඇකයේ සිට් බිළිදා මවට නින්ද යාම නිසාවෙන් නොදැනීම ලිස්සා ගොස් මාර්ගයට වැටී ඇතැයිද පොලිසියකියයි.

බිළිදාගේ මව ඇතුලු පිරිස ත්‍රිරෝද රථ දෙකකින් පවුල් දෙකක් කතරගම හරහා නුවරඑළියේ සංචාරයක නිරතව නැවත මීගමුව බලා යමින් සිට ඇතැයි ද පොලිසිය පවසයි.

මෙම සිදුවීම ඉකුත් 28දා  මධ්‍යම රාත්‍රියට ආසන්නයේ දී සිදු වී ඇති අතර එම මාර්ගයේම ත්‍රිරෝද රථයට පසුපසින් ගමන් කරමින් තිබූ මෝටර් රථයක් මාර්ගයේ වැටී සිටි බිළිඳා ව දැක නැවත හරවාවිත් පරීක්ෂාවට ලක්කර ඒ පිළිබදව කිතුල්ගල පොලිසිය දැනුවත් කර ඇත.
 එම මෝටර් රථයේ පුද්ගලයින් කුඩා බිළිඳාව කිතුල්ගල පොලීසියට වෙත රැගෙන ගොස් ඇති අතර පොලීසිය විසින් කඩිනමින් බිළිඳාව කිතුල්ගල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කල බවද පොලිසිය පවසයි

මේ අතුරතුර දරුවා නොමැති බව දැනගත් ත්‍රිරෝද රථයේ ගමන්කළ පිරිස නැවත හරවාගොස් මාර්ගය සෝදිසි කරමින් ගමන්කරමින් සිටියදී දරුවා රෝහල්ගතකළ බව ප්‍රදේශවාසියකු මාර්ගයෙන් ඔවුන්ට දැනගන්නට ලැබී ඇති අතර අනතුරුව මව ඇතුළු පිරිස කිතුල්ගල රෝහලට ගොස් ඇත

අනතුරුව මව එම රෝහලට ගොසින් දරුවා භාර ගෙන  ඇතැයි පොලීසිය කියයි. සීරීම් තුවාල ලබා තැලිගම රෝහලට ඇතුලත් කල සිගිත්තා එතනින් කරවනැල්ල රෝහලටත් වැඩ්දුර ප්‍රතිකාර සදහා කොළඹ ළමා රෝහලට ඇතුලත්  කර ඇති අතර දරුවා මේ වන ව්ට සුවසේ සිටින බවත් පොලීසිය කියති.

 

 



අදහස් (3)

මවට නින්ද යයි : සිඟිත්තා මහපාරට වැටෙයි

චාන්දනී Friday, 01 March 2024 10:37 AM

නොදනිත් දරුවන් ඇකයෙන් වැටුනා දුප්පතුන්ට ත්‍රීවීලර් මහමෙරක් වගේ වටිනවා වුනත් එම වාහනය ඉතාමත් අනාරක්ෂිත වෙනවා. විශේෂයෙන් දරුවෙක් වඩාගත් මවක් අයිනක වාඩිවෙලා ගියාම ඔහොම වෙනවා. කාරයේ සිටි අයගේ වැදගත්කම නිසා දරුවා ආපසු ලැබුනා වෙන්න පුළුවන්. ඒත් වෙනත් කෙනෙකුට ලැබුනා නම් කුමක් වේද සිතන්න ඕන

:       0       29

Chandana Fernando Friday, 01 March 2024 12:00 PM

පුංචි දරුවා වාසනාවන්තයි... වාහනයකට යට නොවී බේරුණ කෙනා වගේම වගකීමකින් කටයුතු කළ පසුපස වාහනයේ පැමිණි අයට අපගේ ප්‍රණාමය..!

:       0       7

Senarath Friday, 01 March 2024 12:20 PM

මෝඩකමට බෙහෙත් නැහැ කියනවනේ... ත්‍රිරෝද 02කින් ඔතරම් දුරක් යන එකේ එක වාහනයක් කුලියට අරගෙන ගියා නම් ඒ වියදමෙන්ම ආරක්ෂිතව, වැඩි සැප පහසුවක් සහිතව යන්නත් තිබුණා.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site