අවුරුද්දක සිර දඬුවමකට යටත්ව සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් අද (2) නිදහස් කළ බව බන්ධනාගාර ආරංචි කියයි.
වීසා නොමැතිව ලංකාවේ රැඳී සිටීමේ වරදට කෑගල්ලේ කුමාර් ගුණරත්නම්ගේ මවගේ නිවසේදී ඔහු ගිය වසරේදී අත්අඩංගුවට පත්විණි.
අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි කුමාර් ගුණරත්නම් ඕස්ට්‍රේලියා පුරවැසියෙකි. ඔහු මුලින්ම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධව සිටි අතර ඔහු කවුදැයි නොදන්නා බව ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ ප්‍රසිද්ධියේ පැවසීය.
ඔස්ට්‍රේලියාවේ සිට පසුගිය ජනපතිවරණ සමයේදී ඔහු ශ්‍රී ලංකාවට පැමිණ දේශපාලන කටයුතුවල නියැළී සිටියේය.
මේ අතර ඔහුට ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට තාවකාලික වීසා නිකුත් කැර ඇතැයි එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ පැවසීය.
ඔහු පවසනුයේ කුමාර් ගුණරත්නම්ට ශ්‍රී ලංකාවේ පුරවැසිකම ඉල්ලා ශ්‍රී ලංකාවේ ආගමන විගමන පාලකට අද ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කළ බවයි. එම ඉල්ලුම්පත්‍රය ගැන තීරණයක් ගැනීමට මාසයක් පමණ කල් ගත විය හැකි බව දන්වා ඇත.
ජායාරූප - අතුල බණ්ඩාර
(ඡායාරූප - ධම්මික මුණසිංහගේ ෆේස්බුක් ගිණුමෙනි)
ජායාරූප පුබුදු ජාගොඩගේ ෆේස්බුක් ගිණුම ඇසුරෙනි












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංවේදී අවස්ථාවක්. (ර)
මෙයා කලින් කළ කී දෑ අපිට හොඳින් මතකයි (නි)
ඔව් එ්ත් අම්මා කෙනෙකුට පුළුවන් දරුවෙකුට අවවාද දෙන්න හැදෙන්න.හොර වැඩ නොකරන්න එහෙම නේද (නි)
අපරාදෙ අන්තරේට පාරට බහින්න තිබ්බ තව චාන්ස් එකක් නැතුව ගියා (ර)
සමන් කොහෙද දැක්කේ මෙතුමා ඕස්ට්‍රේලියාවේ පුරවැසි කම අත අරිනවා කියලා. මෙතුමා රැවුලයි කැඳයි දෙකම ගන්න හදන්නේ. (ර)
ඕනෑ පුරවැසිකමක් තියාගත්තාට කමක් නැහැ, සරසවි සිසුන් ඇතුළු තරුණ තරුණියන් දේශපාලන ඔලමොට්ටල වැඩ වලට දක්කන්නේ නැතුව (නි)
කුමක් සිදු වේද?(හේ)
සංවේදී අවස්ථාවක් (නි)
සංවේදී ඡයාරුප පෙළක් (ර)
සටන් කර ජය ගත හැක......(ම)
වෙන රටවල පුරවැසිභාවය තිබෙන අය ලංකාවේ දේශපාලනය නොකරත්ද? ඇති ඔයින් ගියා (නි)
‘‘සෙනෙහස වැඩි දා..සිතද බොළද වේ.. ලොවම ආදරේ... කියා සිතේ...- මායාවක් වී.. එහි තනි වූදා.. අම්මා පමණයි ළග ඉන්නේ... (ර)
ඉතුරු ටිකත් ඔහොම යමු කොල්ලෝ. (නි)
සන්තෝෂයි සහෝදරයා. ඒ වගේම සන්තෝෂයි ඒ මෑණියන්ගේ කඳුළු පිරි සිනහව දැක්කම....!!! (නි)
පිටරට ඉන්න කොට අම්ම බලාගත්තේ ? (බ)
එළියට ඇවිල්ලා තම කටයුතු කාටවත් හිරිහැර නොවෙන පරිදි කළොත් කොච්චර හොඳද? පුරවැසිකම ගැන කටයුතු කළයුත්තේ කාටත් කෙරෙන ක්‍රමවේදය අනුවනේ. විශේෂත්වයක් නැහැ. (නි)
නිදහස දීලා ඕස්ට්‍රේලියාවටම පන්නන්නයි තිබුනේ. (නි)
මේ අයගේ දේශපාලනය නිසා තව අම්මලා කී දෙනෙක්ගේ දරුවෝ නැතිවුණාද? (නි)
කොහොම වුණත් මේත් මනුස්සයෙක්නේ! (නි)
අනේ! අාපු දිහාවක් බලාගෙන යන්න
මට නම් මෙතන කිසිම සංවේදී හැඟීමක් දැනෙන්නේ නැහැ. මම වැරදි නම් මට සමාවෙන්න (නි)
කාලෙන් කාලෙට එලිබහින අලුත් චරිත වලටත් තැනක් දීල බලන්න රටට වැඩක් කරනවද කියල. මොනවා වුණත් ලාංකිකයෙක්නේ (ම)
ඔබතුමා මේ රටේ අනාගත රාජ්‍ය නායකයා වීමට ඉඩ ඇති බව බොහෝ දෙනෙක් පවසන අනාවැකියක්. ඔබතුමාගේ සැළසුම් සහ වැඩපිළිවෙල රටට කියන්න. (නි)
ලංකාවේ නීතිය ගැන හරි දැනුමක් නැතුව කුමාර් ගුණරත්නම් පක්ෂ නායකයෙක් වුණේ හෝ කළේ කොහොමද ...? (නි)
ඕනෑම මවකගේ ආදරය සෙනෙහස මෙතකැයි වචනයකින් කිව නොහැකියි. (ර)
මේ ලෝකේ හැම සතුටකට වඩා මවකගේ සතුට අභිබවා යා හැකි තරම් බලවත් අව්‍යාජ සතුටක් මිහි පිට තවත් කොහිද? (ර)
මටත් හිතෙනවා මොකක්හරි පක්ෂයක් පිහිටුවාගෙන පත්තරේ නම දාගෙන එකතුවෙන සල්ලි වලින් ජීවත් වෙන්න.... (නි)
මෙතුමා ශ්‍රී ලාංකිකයෙක්ද ? ඔස්ට්‍රලියානුවෙක්ද ? (ර)
තම පටු පෞද්ගලික අරමුණු වෙනුවෙන් ජීවිතය පරදුවට තබා බෝට්ටු වලින් ඕස්ටේලියාවට යන්න වලිකන මිනිසුන් සිටින රටක එක් මිනිසෙක් තම පන්තියේ අරමුණු ජයග්‍රහණය කිරීමට, සටන් වැදීමට ඕස්ටේලියාවේ පුරවැසිබාවය අතහරින්න සූදානම් (නි)
දැන් ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ප්‍රසිද්ධියේ කියනවාද ලංකාව හොඳ රටක් මම ආපහු ලංකාවේ පුරවැසිකම ගන්නවා කියලා. මොහු ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය හරහා ලංකාවට අපහාස කරපු වෙලාවේ කී දේවල් වල හැටියට ආපහු ලංකාවට යාවි කියලා ඕස්ට්‍රේලියාවේ අය හිතුවේ නැහැ. ලාංකික අපිට මෙයාගේ කතා නිසා ඕස්ට්‍ර්ලියාවෙන් හොඳ දේවල් අහන්න වුණා. මෙයාට එතකොට ලංකාව කබරයා දැන් ලංකාව තලගොයා. (නි)
6 වෙනි පින්තුරය දැකලා මගේ ඇස් තෙත් වුනා! (ර)
ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය හරහා ලංකාවට අපහාස කරලා නැවත ලංකාවට යන්නේ නැති බව කියූ පරාර්ථකාමී නායකයා ආපසු ලංකාවට යනවා නම් ඕස්ට්‍රේලියාවේ මාධ්‍යවලට නැවත කියන්න, කලින් කිව්වේ බොරුයි කියා. (නි)
අපිට නම් මේවා ආටක නාටක ලෙසයි පෙනෙන්නේ (නි)
ඔන්න බලාගන්නකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා (නි)
ස්වාර්ථය වෙනුවට පරාර්ථකාමිත්වය පිරුණු මිනිසෙක්. (නි)
විශ්ව විද්‍යාලයේදී සිසුවෙක් විදියට ඔහුව දැනගන්නට ලැබුණා. ඔහුගේ වැඩිමල් සහෝදරයා ගිය අඩිපාරේ නොගොස් ඉංජිනේරුවෙක් වීමට ලැබූ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙසට ඔහුට මා කී බව මතකයි. දෛවයේ වාසනාව ඔහු ඕස්ට්‍රේලියාවට ගෙනගොස් ඇති අවස්ථාවක නැවත ලංකාවට පැමිණ මෙලෙස දුක්විදීම කණගාටුවට කරුණක්. (නි)
ඔබට සුබ අනාගතයක් පතමි. මෙහි සිට රටට වැඩක් කරන්න. ඔබව නොහඳුනන බව කියූ පිරිසට ඔබේ හැකියාවන් පෙන්වන්න (නි)
දර්ශන, ඔයා ඔයා ප්‍රශ්නය අහන්නේ කොහොමද ? (ර)
මවකගේ සහ පුතුගේ බැදීම ඉතා ඉහල එකක්. (ර)
අනිත් හැම පිටරටවල පුරවැසිකම ගත්ත අයට පුලුවන්නම් හරි විදියට ඉල්ලලා ද්විත්ව පුරවැසිකම ගන්ඩ, මෙයාට විතරක් මොකද බැරි. (ර)
88,89 කාලයේදී දේශපාලන රැකවරණ පතා විදෙස් ගතවූ අයෙක්. (ර)
සංවේදී ඡයාරුප කිහිපයක් (ර)
ලංකාවේ පුරවැසිකම අරන් තිබුනා නම් අපරාදේ හිරේ ඉන්න වෙන්නේ නැහැනේ. එච්චර දෙයක් තේරෙන්නේ නැද්ද පක්ෂ නායකයෙකුට. (ර)
මෙතුමා ඔස්ට්‍රලියානුවෙක්ද කියලා අහන අය ඇයි අහන්නේ නැත්තේ අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලාංකිකයෙක්ද කියලා. (ර)
උනහපුලුවාට උගේ පැටිය මණිකක්ලු. (ර)
මෙතන බිමල් විතරයි ඇත්ත කතාවක් දාල තිබුනේ.(හේ)