(ඩබ්. ඒ. පියතිලක)
ගල්ඔය හතරැස් කොටුව ප‍්‍රදේශයේ කළ වැටලිමක දී අලෙවි කිරිමට සුදානම් කර නිවසක සඟවා තිබූ මුව අං තට්ටු 03 ක්, ගෝන අං තට්ටු 03 ක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව පොළොන්නරුව දිසා විශේෂ වැටලීම් ඒකකය පවසයි.
ගල්ඔය ප‍්‍රදේශයේ සත්ත්ව කොටස් අලෙවි කරන බවට ලද තොරතුරක් මත අද (16) අලුයම එම වැටලීම කළ අතර අත් අඩංගුවට පත් සැකකරුවන් පවසන පරිදි මෙම සතුන් කවුඩුල්ල ජාතික උද්‍යානයේ දී දඩයම් කරන ලද සතුන් බවත් මුව සහ ගෝන අංතට්ටුවක් රුපියල් 10,000 කටත් අලි ඔළුවක් රුපියල් 40,000කටත් අලෙවි කරන බව පවසා ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවට යවන්න. ඉල්ලුමක් තිබේවි !
ජැක්සන් , ඔයාට පිස්සුද? පාර්ලිමේන්තුවට යවන්න මෙතන මීහරක් අං තට්ටු තිබිල නැහැනේ. හැබැයි අලි ඔලු නම් ඕනෑතරම් දියවන්නාවේ තියෙනවා.