වෙළෙඳ පොළේ ඇති ක්ෂණික ආහාර සහ බීම වර්ග 54කින් රැසක මනුෂ්‍ය ශරීරයට ප්‍රමාණය ඉක්මවා සීනී,ලුණු,සහ මේදය අඩංගුව ඇති බවට පරීක්ෂණයකදී සොයාගෙන ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ සී එන් තිලකරත්න මහත්මිය පැවසුවාය.
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ කාර්මික තාක්ෂණ ආයතනය සමඟ එක්ව පාරිභෝගික අධිකාරිය මෙම පරීක්ෂණ සිදු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරිභෝගික කටයුතු අධිකාරිය " ආහාර ආරක්ෂක පාලන මූලධර්ම " ගැන මීට වඩා අවදානයක් යොමුකළ යුතුවෙනවා.අද ලෝකයේ හැමදෙනාම ආහාර සුරක්ෂිතතාවය ගැන කතා කරද්දී , අපි තාමත් නිහඬයි. අපේ මහජන සෞඛ්‍ය නිලධාරිට අමතරව,මේ පිළිබදව පුර්නකාලින අධ්‍යාපනය ලැබූ උපාධි ධාරීන්ගේ සේවය ලබන්නේ නම් ආහාර සුරක්ෂිතතාවය කිරීමේ සංකල්පයන් ජනතාව අතරට ඉතාම ඉක්මනින් සහ නිවැරදිව රැගෙන යා හැක. (ස)
අපිට නම් නම් මොනවද කියලා ටිකක් ටිකක් හිතාගන්න පුලුවන් (නි)
ක්ෂණික ආහාර කොහොමත් ශරෟරයට අගුණයි (නි)
අද කාලේ හැමදේම විෂ තමයි (නි)
අපිට මේ මොන නිෂ්පාදනද කියලා කියන්න. (නි)
අපේ මිනිසුන්ට කොච්චර අවවාද දුන්නත් ලෙහෙසියට පහසුවට හොයාගෙනම යන්නේ කඩ කැමනේ. (නි)
නම් දැම්මා නම් හොඳයි තමයි (නි)
කඩයකින් කැමක් ගනිද්දි 2 පාරක් නෙමෙයි 3 පාරක් වත් හිතන්න ඕනේ ඉස්සර අපේ මිනිස්සු අවු 70,80,90 ආයුෂ වින්දා එකට දැන් 50,60 පුද්ගලයෙක්ගෙ ආයුෂ ඉවරයි මේවට මුල මේ අහිතකර කෑම තමයි.නමුත් අපි මේ වගේ අදහස් කිවුවට අපිත් කන්නේ මේවා තමයි.ඇත්තටම මේවට කවුද වග කියන්නඕනේ?(දිල්)
මේ වගේ දේවල් ගැන හොඳින් අප දැනුවත් වියයුතුයි (නි)
ඉතින් ඇයි මේවා වෙළඳපොළේ තවමත් තිබෙන්නේ?? (නි)
හොඳ වැඩක්.. පින්සිදු වෙයි. (ස)
මේවායේ නම් හෙළිකරන්න පුලුවන්ද? (නි)
මොනවද කියා විස්තර කරන්නේ නෙතුව ඔහොම කීම කිසි පලක් තිබේද ? (ස)
ලංකාවේ ප්‍රමිති නීති තිබෙන්න ඕනෑ. නැත්නම් අලුත් ඒවා දාන්න ඕනෑ. (නි)
මේවා කෑම භයානක වුනත් මේකෙන් මැරෙන්නේ කන පුද්ගලයා විතරයි. එහෙත් මෙයටත් වඩා භයානක කෑමක් තියෙනවා. ඒ තමයි පහුගිය දවස්වල සයිබර් අවකාශය සහ පෞද්ගලික මාධ්‍ය වලින් තොග පිටින් ගිල්ලවපු ලනු. ඒවා කාලා වැරදියට කතිරය පාවිච්චි කරපු උදවිය නිසා කාපු අයට විතරක් නොවෙයි මුළු රටටම නපුරක් සිදු වුණා. (ස)
වෙළඳපොළේ තිබෙන නිසා ඒවා කනවා බොනවා.ලෙඩ හැදුනහම දොස්තර හොයාගෙන යනවා. (නි)
මේ කෑම බීම වර්ග වල නම් දමන්න පුලුවන් නම් ඒ කෑම ගැනීම අපට නතර කරන්න පුළුවන්. (නි)
මේ කියන්නේ නුඩ්ල්ස්, සුප් කැට, රසකාරක, වර්ණක, වගේ දේවල්නේ. අනෙක ලංකාවේ කිසිම කෑමකට ප්‍රමිතියක් නැහැ. ලෝකයේ කෑම කඩ පවත්වාගෙන යනවා නම් ඒවාට නිසිපරිදි අවසරගෙන කළයුතුයි. ලංකාවේ එහෙම නැහැ. අපි කන්නේම ජරාව. හෙම්බිරිස්සාවට බොන පස්පංගුව පැකට් එකත් දිරච්ච ලී කෑලි ගොඩක්නේ. කවුද මේවා බලන්නේ? හොයන්නේ?කාටද මේවා කියන්නේ? (නි)
පාරිභෝගික සේවා අධිකාරිය මේවා තහනම් නොකරන්නේ ඇයි? "සෝඩියම් ග්ලුටමේට්" රසායනකය කිලෝ ගණනින් යොදන දේවල් පොඩි ආහාර අතර තිබෙනවා . වෙළඳපොළේ විකුණන එක්තරා "මුරුක්කු" වර්ගයක නිෂ්පාදකයා "එම්.එස් .ජි" රසායනකය විශාල වශයෙන් යොදනවා (නි)
ඒවා මොනවාද යන්න විස්තර වශයෙන් පල කරනවානම් හැමටම යහපතක්.(ම)
මේවායේ නම් දැම්මා නම් තමයි හොඳ. නැත්නම් අපි කොහොමද දන්නේ මොනවද හොඳ, මොනවද නරක කියලා. (නි)
මෙහෙමවත් අපිව දැනුවත් කරන්නේ ලංකාදීප විතරයි (නි)