පාසලට අනවසරයෙන් ඇතුළු වී විදුහල්පතිට සහ ගුරුවරියට කුණු බිත්තර ගැසී යැයි කියන කතක රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කඹුත්තේගම මහේස්ත්‍රාත් අයි එම් එස් බී ඒකනායක මහතා නියෝග කළේය.
තලාවේ එච් ඒ ශ්‍රියාණි චන්ද්‍රිකාට එසේ ඇප නියම විය.
භූමිතෙල් බඳුනක් ද කොස්සක් ද ගිනි පෙට්ටියක් හා පිහියක්ද රතිඤ්ඤා ද රැගෙන පසුගිය විසි අට වැනිදා පාසලට ගිය ඇය විදුහල්පති කාර්යාලය ඉදිරිපිට මුලින්ම රතිඤ්ඤා පත්තු කර බිත්තර ගසා ඇතැයි ද ගුරුවරියකටද කුණු බිත්තර වැදී ඇතැයි ද පැමිණිල්ලෙන් කියැවේ.
සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මහේෂ් ශ්‍රීලාල් තලගල මහතා අධිකරණය හමුවේ කියා සිටියේ පහ වසර ශිෂ්‍යත්වයට පෙනී සිටින ඇගේ දරුවාට හොදින් නොඋගන් වන බවයි. ඇය කිහිප විටක්ම පාසලට ගොස් දරුවාගේ අස්වීමේ සහතිකය ඉල්ලා සිටි නමුත් එය නොලැබුණු බවත් එහෙයින් එදින ඇය පාසලට ගොස් ඇති බවත් එසේ ගොස් ඇත්තේ දරුවාට කරන කෙනෙහිලිකම් ඉවසාදරාගත නොහැකි වු තැන බවත් නීතීවේදියා කරුණු දැක්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමතැනම නීතිය අතට ගන්න සිද්ධවෙලා. මීට හේතුව අදාළ ඇමතිවරුන් විසින් සොයාබලා වහා පිළියම් යෙදිය යුතුයි. (නි)
සමහර පාසල් හමුදා කඳවරු වගේ (නදී)
පාසැල කියන්නේ ළමයින්ට සතුටින් ඇවිත් විනෝදෙන් ඉගෙනගෙන හිනා වෙවී ගෙදර යන්න පුළුවන් තැනක් වෙන්න ඕනි. සමහර ගුරුවරු ගුරු වෘත්තියට සුදුසු නැහැ. ගෙදර ප්‍රශ්ණ පාසැලට ගේනවා (නදී)
ගෙදර ප්‍රශ්ණ ඉස්කෝලෙට ගෙන්න අවශ්‍ය නැහැ. ලමයින්ට අම්ම තාත්ත වගේ සලකන ගුරුවරු ඉන්න ඕනා. ගුරු තනතුරට හොඳ අය තියාගෙන නරක අය වෙනුවට අලුත් අය ගන්න. ඕන තරම් හොඳ අය ඉන්නවා රස්සා නැතුව (නදී)
අහිංසක, අසරණ අයට සරණ වෙන්න පිහිට වෙන්න ඇමතිලාත් නැහැ. ජෙනේරල් සරත් ෆොන්සේකා එනතුරු අපි මග බලා සිටිමු. (ර)
මේ මවගේ වේදනාව තෙරුම් ගැනීමට අධ්‍යාපන ඇමති අවදියෙන් යැයි මම සිතමි. මවට විරුද්ධව පියවර ගන්න එපා. ඇයගේ පැමිණිල්ල විභාග කරන තුරු. (ර)
රාමා, ඔබේ අදහසට 100% එකඟයි. නමුත් තීරණයක් අරගෙන ක්‍රියාත්මක කරන්න කොන්ද පණ තියන අය කෝ (බ)