කරුවලගස්වැව මයිලංකුලම තේවනුවර ප්‍රදේශයේ එලාරිස්වැවේ සිටි අලි පැටවකු ප්‍රදේශවාසින් විසින් අල්ලා බාර දුන් බව කරුවලගස්වැව වනජීවි කාර්යාලය කියයි.
අද උදෑසන වැවේ සිටි අලි පැටියා දුටු ප්‍රදේශවාසියකු ගමේ සෙසු අයගේද සහයෝගය ඇතිව කරුවලගස්වැව වනජීවී කාර්යාලයට දැනුම් දීමෙන් පසුව නිලධාරීන් පැමිණ අලි පැටියා අනුරාධපුර පශූ වෛද්‍ය කාර්යාලයට රැගෙන යන බව අඩවිවන ආරක්ෂක නිළධාරී ලක්ෂ්මන් රෝහිත මහතා පැවසීය.
මෙම අලි පැටියාගේ වයස සති දෙකක් පමණ වන බවත් නිරාහාරව සිටීම නිසා දැඩි වෙහෙසකින් සිටින බවත් ඔහු පැවසීය. මවට යම් අනතුරක් වෙන්නට ඇතැයි අනුමාන කැරේ.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු මහත් හොරු කිදෙනෙක් මේ අලි පැටියට ඇහ ගහගෙන ඉන්නවා ඇතිද.....(බ)
අවංකව රාජකාරි කරන වනජීවී මහත්වරුන් අපේ රටට සම්පතක්. ඔවුන් දිරිමත් කිරීම අපේ වගකීමක් (නි)
වන ජීවී මහත්වරුනි ඔබ කිරි පොවන්නේ අපේ ආඩම්බර උරුමයටයි. ධනවතුන්ගේ උඩඟුකම පෙන්වන සංකේතයකට නොවිය යුතුයි.සියලුම අලි ඇතුන්ට ලිපි ගොනුවක් පවත්වා ගැනීමක් වෙනවා නම් හොඳයි. (හේ)