කොළඹ හිටපු නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා මැලේසියාවේ නව තානාපතිවරයා ලෙස බදාදා (1) සිට වැඩ භාරගැනීම සඳහා මැලේසියාව බලා පිටත්ව ගියේය.
2011-2014 කාලය තුළ කොළඹ නගරාධිපතිවරයා ලෙසින්ද ලෙස සේවය කළ මුසම්මිල් මහතා බස්නාහිර පළාත් සභාවේ එජාප මන්ත්‍රීවරයක් ද විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ෂී, එයාගේ පත්වීම තවම අලුත්නේ, නේද?
තානාපති සේවය පිළිබඳව කිසිම දැනුමක් නොමැති දේශපාලකය තානාපති වරුන් ලෙස පත්කර යැවීමෙන් පෙන්නුම් කරන්නේ රටේ නොහැකියාවය , දියුණු රටවල් තානාපති වරුන් ලෙස පත්කර යවන්නේ එම ක්ෂත්රයේ අඩුම තරමින් අවරුදු 10-15 වත් පළපුරුද්දක් ඇති පුද්ගලයන් ය , ඉතින් අපි හැමදාම දියුණු වෙමින් පවතින රටකි , අපිට වින කරන්නේ අධිරාජ්යවධියෝ නොව අප විසින්මය . (ර)
කොහොමත් ලංකාවේ තානාපති වරුන් වන්නේ , විදේශ සේවය නොදත් , දේශපාලන බලපෑම් මත සතුටු කරන්න දෙන අයනේ... (ර)
මේවා දේශපාලන පත්වීම් නෙමෙයි හොඳේ...(බ)
යුරෝපයේ කොටි ක්‍රියාකර කම් වැඩි වීමට හේතුවක් වන්නේ මෙම ක්ෂත්රය ගැන කිසිම දැනුමක් නොමැති දේශපාලක හිතවතුන් තානාපති වරුන් ලෙස පත් කිරීමය ,රටට ආදරයක් තිබෙන එකම මන්ත්‍රීවරයකු හෝ සිටිනවානම් පාර්ලිමේන්තුවට පනතක් ගෙන එන්න , තානාපති ක්ෂත්රය අවරුදු 10 වත් පළපුරුද්ද නැති පුද්ගලයකු තානාපති වරයකු ලෙස පත් කරන්න බැරි වෙන විදිහට නීතියක් හදන්න. (ර)
මැතිවරන වේදිකාවෙදි සද්දෙ දමදමා කිවුවෙ මහින්ද කරා වගේ තානාපති සේවයට දේශපාලන පත්වීම් දෙන්නෙ නැහැ කියලා. එ් වුණාට දැනට දේශපාලන පත්වීම් කොයිතරම් ප්‍රමාණයක් දීලා තියෙනවද? (ර)
මේ විදියට පත්වීම් දෙන එකෙන් අපිට හිතාගන්න තියෙන්නෙ විදේශකටයුතු අමාත්‍යංශයේ තානාපති සේවයට සුදුසු උගත් අය නැහැ කියන එකද? (ර)
දේශපාලන පත්වීමක් ලැබුණ තානාපතිවරයෙක් මගේ මිතුරෙකුට කියල තිබුණ "මේක හරිම ලේසි ජොබ් එකක් පාටි වලට යන්නයි, මට පහල ඉන්න නිලධාරීන් හදන ලියුමකට අත්සන් කරන්නයි, විදේශිකයෙක් අැහුවහම ශ්‍රිලන්කන් ටී වෙරි ටේස්ට් කියන්නයි විතරයි කරන්න තියෙන්නෙ" කියලා. (ර)
ද සිල්වා, සැරින් සැරේ අදහස් දැම්මත්, ජර්මනියේ එහෙම වුනාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ. කවදාවත්, එහෙම වෙන්නේ නෑ. (ර)