(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
මූලාසනයට තර්ජනය කර ඇඟිල්ල දික්කර බලපෑම් කරමින් තීරණ ගැනීමට කටයුතු නොකරන ලෙස කියා සිටි කතානායක කරූ ජයසූරිය මහතා කිහිපවරක්ම රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ නම කියමින් අද(07) අවවාද කළේය.
ඔහු නම් කිරීමට ද සිදුවිය හැකි බවටද කතානායකවරයා අනතුරු ඇඟවීය.
පාර්ලිමේන්තුව ප්‍රාදේශීය සභාවක් නොවන බවත් එහි උත්තරීතරභාවය සහ ගරුත්වය රැකෙන අයුරින් කටයුතු කරන ලෙස කතානායකවරයා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට තරයේ අවවාද කළේය.
කතානායකවරයා එම අදහස් පැවසුවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා නැගූ ප්‍රශ්නයකට සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පිළිතුරු දෙන අවස්ථාවේ ඇති වූ නොසන්සුන්තාවක් පාලනය කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අටේ පන්තියවත් සමත් වෙලා නැති සමහර "මන්ත්‍රීන්" යයි කියන අයට, කතානායක කරූ ජයසූරිය මහතාගේ වචන තේරෙන්නේ නැහැ. උන්ට අවවාද කරලත් වැඩක් නැහැ, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් තේරුම් ගැනීමට තරම් මොළයකුත් උන්ට නැහැ. කුදලාගෙන ගිහින් දියවන්නා ඔයෙන් එහාට දමන එක තමයි කල යුතු එකම කටයුත්ත !!!!
මොලයක් නැතුව නොවෙයි. මේ හොර තක්කඩි ටික හිතන් ඉන්නේ කතානායකත් බය කරගෙන උන්ගේ ආණ්ඩුවක් පිහිටුවා ගන්න.
දැන් ඉතින් කොහොමද කථානායකවරුන්ට පාර්ලිමේන්තුව හසුරුවන්නේ?
ප්‍රාදේශීය සභාවල උත්තරීතර භාවයක් හෝ ගරුත්වයක් නොමැති බවද ඔබතුමා කියන්නේ...?
අටේ පන්තියවත් සමත් වෙලා නැති "මන්ත්‍රීන්" යයි කියන අයට, කතානායක කරූ ජයසූරිය මහතාගේ වචන තේරෙන්නේ නැහැ. අවවාද කරලත් වැඩක් නැහැ, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් තේරුම් ගැනීමට තරම් මොළයකුත් නැහැ. ඡන්දේ දිලා පාර්ලිමේන්තුවට එනවා නම් දැනගන්න ඕනේ මේ වගේ දේවල් සිදු නොවෙන විදිහට ඉන්න....
කතානායකතුමා ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක තනතුර කරන්නේ නැතුව තමන්ගේ වැඩේ කළානම් මේ වගේ දේවල් වෙන්නේ නෑ.
මගේ කොමෙන්ට් එකේ පොඩි වැරැද්දක් වුණා! එම වැකිය මෙහෙම කියවන්න..... කුදලාගෙන ගිහින් දියවන්නා ඔයට දමන එක තමයි කළ යුතු එකම කටයුත්ත... සමාවෙන්න මේ වැරදීමට !!!
පක්ෂ මාරු කරපු වැරැද්ද දැන්වත් මකාගන්න. දැන් ලොකුම වැරද්ද මොකක්ද? එහෙම නැතිනම් විරුද්ධ පක්ෂයට ඇහුම්කන් දෙනවද?
චින්තක කුමාර මහතාණෙනි, මගේ කොමෙන්ට් එකේ වචන කිහිපයක් පමණක් වෙනස් කර ඔබේ නමින්, "කොමෙන්ට්" එකක් දැමීම ගැන මා ඔබට ස්තුතිවන්ත වෙමි !!!!