වැසි සහිත කාලගුණය නිසා කඩුවෙල ප්‍රදේශය ජලයෙන් යටවිය.
කඩුවෙල බස් නැවතුම්පළද ජලයෙන් යටවීම නිසා මගීන් අපහසුතාවයට පත්ව සිටින අයුරු දැකගත හැකි විය.
බියගම සියඹලාපේ මංසන්දියේ සිට කඩුවෙල, කැලණිය දක්වා මාර්ගය ගංවතුර තත්ත්වය නිසා ගමනාගමන කටයුතු සම්පුර්ණයෙන් නතර කර තිබේ. සියඹලාපේ මංසන්දිය වසා දැමීම සඳහා පොලිසිය විසින් බස් රථ ද යොදා ගෙන තිබෙන ආකාරය දක්නට ලැබේ.
බියගම සියඹලාපේ හන්දියේ ඇවදීමේ ශරීර සුවතා මංතීරුව ජලයෙන් සම්පුර්ණයෙන් යට වී තිබේ.
මේ අතර මල්වාන ප්‍රදේශයද ජලයෙන් යටවීම හේතුවෙන් මාර්ගවල ගමනාගමනයට බාධා ඇතිවිය.
ඡායාරූප - සුජී උදයංග
ඡායාරූප - සජීක ජයසිංහ
(ඡායාරූප ශාන්ත සෙනවිරත්න)


















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඹතලේ කැලණි ගඟ හරහා ළඟදී ඉදිකළ කොන්ක්‍රීට් බැම්ම නිසා මෙවර කඩුවෙල දරුණු විදියට යටවිය. 1989 ගංවතුර ඇතිවුයේ මිමී. 450 වර්ෂාපතනයක් එක දිගට දින දෙකක් තුළ ලැබුන නිසාය. මෙවර වැස්ස මිමී150 කි. කඩුවෙල අවට ජනතාවට 60 දශකය වගේ ඉදිරියට ගංවතුර සමඟ ඉන්නට වෙනවා. ගඟ හරහා තිබෙන බැම්ම නිසා ගඟ පතුල අඩි 13 සිට 5 දක්වා ගොඩවී ඇත (නි)
අවිධිමත් සංවර්ධනය මෙයට හේතුවයි. (ර)
රාජා භවතු ධම්මිකෝ කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ (නි)
වන අලින්ට සහ ගංගා වලට ඔවුන්ගේ ගමන් මඟ කවදාවත් අමතක නොවන බව මීට කලින් ලියා තිබෙනවා. මිනිසුන් හිතුවේ කවදාවත් ගඟ නැවත ගලන එකක් නැහැ කියලා. පුළුවන් තරම් පහත බිම් වල ගෙවල් හැදුවා (නි)
කොහොම සංවර්ධනය කළත් මේ වැස්සට පාරවල් යටවෙනවා. ඇමරිකාවේ ගංවතුර කාණු ඇතුළෙන් ගලන්න එපැයි එහෙනම්. (නි)
වෙසක් එකට දෙන දන්සල් නවතා අසරණ අයට ඒවා බෙදාදෙමු (නි)
මෙවර දන්සල් නවතමු. අසරණ අයට දෙමු (නි)
පාලමට උඩින් දායිද. (ර)
වැසි වැස්සත් ප්‍රශ්න. වැසි නැතත් ප්‍රශ්න. (ර)
මේ ප්‍රදේශවල ජනතාව කොහොම ජිවන කටයුතු කරනවද මන්දා. (ර)
විපතට පත් වූ ජනතවට සැවොම එක් වී සහන සලසමු. (ර)
සහන වේවා කඩිනම් කරන්න අපි සියලු බලදාරී ගෙන් ඉල්ලා සිටිනවා පක්ෂ පාට නොබලා. (ර)