IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මල්වාන වේදිකාවේ ප්‍රසන්නගේ කටටත් කෙළ උනයි

ඉදිරි මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ රැස්වීමක් දෙල්ගොඩ මන්සන්දියේදී  පැවැත්විණ. එය සංවිධානය කර තිබුණේ පළාත් සභා මන්ත්‍රීගුණසිරි ජයනාත් මහතා ය.

 මෙම රැස්වීමේ වේදිකාව සරසා තිබු ආකාරය කාගේත් අවධානයට ලක් වූයේ වෙනදා වේදිකා සරසන මල් වර්ග වෙනුවට මෙම වේදිකාව සරසා තිබුණේ මල්වානේ පැණි රඹුටන් වලින් නිසාය.

 රඹුටන් සැරසිල්ලකින් යුත් වේදිකාවේ කතා කිරීම හරි අසීරු දෙයක් බව බස්නාහිර මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා සිය කතාව ආරම්භ කිරීමට පෙර කීවේ රැස්ව සිටි සියලූ දෙනා සිනස්සවමිනි. 

මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා රඹුටන් සැරසිල්ලෙන් යුත් වේදිකාවේ සිට රැස්ව සිටි පිරිස ඇමතූ අයුරු ඡායාරූපයේ දැක්වේ.

unnamed-(3)

unnamed-(4)



අදහස් (0)

මල්වාන වේදිකාවේ ප්‍රසන්නගේ කටටත් කෙළ උනයි

සුගත් Tuesday, 07 July 2015 10:28 AM

හරියටම හරි දුමින්ද. වැඩිපුරම ඉන්නේ වළි කුකුලන්... (ර)

:       0       0

ශාන්ත - කටාර් Tuesday, 07 July 2015 10:34 PM

නොදන්නා හින්දයි අහන්නේ. රැස්වීමෙන් පස්සේ රඹුටන් වලට මොකද වෙන්නේ. බෙදල දුන්නත් එක්කෙනාට 2ක ගානේ උනත් දෙන්න පුළුවන්. සු ගාල මිනිස්සු . (නදී)

:       0       0

ලක්මාල් Tuesday, 07 July 2015 01:46 PM

හොඳ වෙලාවට මර්වින් සිල්වා නැහැ, හිටියා නම් ඔය මනුස්සයා රඹුටන් කාලා ඇට වලින් මිනිස්සුන්ට ගහනවා. (නදී)

:       0       0

නිවන්තක Tuesday, 07 July 2015 02:05 PM

ෂා නියමයිනේ! අලුත්ම සංකල්පයක් (නි)

:       0       0

සමන්ති Tuesday, 07 July 2015 03:41 PM

රඹුටන් ටිකක් ගෙනිච්චොත් අර කට්ටියට දුන්න හැකි නේද ? (ස)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 08 July 2015 03:47 AM

රඹුටන් නේද? මෙදා සැරේ නම් කොළඹ නගරේ රඹුටන් ටිකක් විකුණා ගන්න පුළුවන් උනා. එ්කෙන් මල්වානේ කට්ටියගේ අතමිට සරු උනා. මොකද? ගෙඩියක් රුපියල් 4/- යි 5/- යි වගා කරුවෝ දෙන්නේ. හැබැයි වියදමත් එහෙම තමයි. රාත්‍රී එළිවෙනකම් වවුල්ලු එලවන්න නිදිමරණ කට්ටියට පඩි දෙන්නයි. එළිවෙනකම් තේ බොන්නයි. ලයිට් බිල ගෙවන්නයි. ගස් නැගල ගෙඩි කඩන කෙනාට ගෙවන්නයි මුදල් වැය වෙනවා. ඔතන තියෙන ගෙඩි වලට කවුරු සල්ලි දෙන්නද? නිකම් කාල යන්න ඇති. මේගොල්ලන්ට කන්න පුරුදු නැතුවයැ නේද? (නදී)

:       0       0

යහපාල-න Tuesday, 07 July 2015 04:42 PM

ප්‍රසන්න එක්ක තව දෙන්නයි වගේ මුළු මීටින් එකටම ඉඳල තියෙන්නේ .(ස)

:       0       0

නිමාෂා Wednesday, 08 July 2015 04:42 AM

නිවන්තක ඔයා හරි ! අලුත්ම සංකල්පයක්. හැම පළාතකම තමන්ට ආවේනික සම්පත් ප්‍රදර්ශනය කිරීමට‍ මෙහෙයවීමක්. හැබයි දැන් ගොක්, පුවක්, කිතුල්, ගම්මිරිස් ආදී සම්පත් වලට වැඩ දෙයිද දන්නේ නැහැ. සබරගමුවේ, කඳුරට, දකුණේ වේදිකා තේ අතුවලින් සැරසීම ආණ්ඩුවට ගුණ නැහැ. කෑගල්ලේ රබර් අතු, ඔට්ටපාළු පාවිච්චි කරයිද දන්නේ නැහැ. අලුත් දිසාවක්. (බ)

:       0       0

ජනක ලන්ඩන් Tuesday, 07 July 2015 09:31 AM

දේශපාලන රැස්වීම කෙසේ වෙතත් වේදිකා සැරසිල්ල කලාත්මක වැඩක්.(ම)

:       0       0

දුමින්ද Tuesday, 07 July 2015 10:15 AM

රන් රබුටන් සහ වළි කුකුලන්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site