ඉදිරි මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ රැස්වීමක් දෙල්ගොඩ මන්සන්දියේදී පැවැත්විණ. එය සංවිධානය කර තිබුණේ පළාත් සභා මන්ත්‍රීගුණසිරි ජයනාත් මහතා ය.
මෙම රැස්වීමේ වේදිකාව සරසා තිබු ආකාරය කාගේත් අවධානයට ලක් වූයේ වෙනදා වේදිකා සරසන මල් වර්ග වෙනුවට මෙම වේදිකාව සරසා තිබුණේ මල්වානේ පැණි රඹුටන් වලින් නිසාය.
රඹුටන් සැරසිල්ලකින් යුත් වේදිකාවේ කතා කිරීම හරි අසීරු දෙයක් බව බස්නාහිර මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා සිය කතාව ආරම්භ කිරීමට පෙර කීවේ රැස්ව සිටි සියලූ දෙනා සිනස්සවමිනි.
මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා රඹුටන් සැරසිල්ලෙන් යුත් වේදිකාවේ සිට රැස්ව සිටි පිරිස ඇමතූ අයුරු ඡායාරූපයේ දැක්වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියටම හරි දුමින්ද. වැඩිපුරම ඉන්නේ වළි කුකුලන්... (ර)
නොදන්නා හින්දයි අහන්නේ. රැස්වීමෙන් පස්සේ රඹුටන් වලට මොකද වෙන්නේ. බෙදල දුන්නත් එක්කෙනාට 2ක ගානේ උනත් දෙන්න පුළුවන්. සු ගාල මිනිස්සු . (නදී)
හොඳ වෙලාවට මර්වින් සිල්වා නැහැ, හිටියා නම් ඔය මනුස්සයා රඹුටන් කාලා ඇට වලින් මිනිස්සුන්ට ගහනවා. (නදී)
ෂා නියමයිනේ! අලුත්ම සංකල්පයක් (නි)
රඹුටන් ටිකක් ගෙනිච්චොත් අර කට්ටියට දුන්න හැකි නේද ? (ස)
රඹුටන් නේද? මෙදා සැරේ නම් කොළඹ නගරේ රඹුටන් ටිකක් විකුණා ගන්න පුළුවන් උනා. එ්කෙන් මල්වානේ කට්ටියගේ අතමිට සරු උනා. මොකද? ගෙඩියක් රුපියල් 4/- යි 5/- යි වගා කරුවෝ දෙන්නේ. හැබැයි වියදමත් එහෙම තමයි. රාත්‍රී එළිවෙනකම් වවුල්ලු එලවන්න නිදිමරණ කට්ටියට පඩි දෙන්නයි. එළිවෙනකම් තේ බොන්නයි. ලයිට් බිල ගෙවන්නයි. ගස් නැගල ගෙඩි කඩන කෙනාට ගෙවන්නයි මුදල් වැය වෙනවා. ඔතන තියෙන ගෙඩි වලට කවුරු සල්ලි දෙන්නද? නිකම් කාල යන්න ඇති. මේගොල්ලන්ට කන්න පුරුදු නැතුවයැ නේද? (නදී)
ප්‍රසන්න එක්ක තව දෙන්නයි වගේ මුළු මීටින් එකටම ඉඳල තියෙන්නේ .(ස)
නිවන්තක ඔයා හරි ! අලුත්ම සංකල්පයක්. හැම පළාතකම තමන්ට ආවේනික සම්පත් ප්‍රදර්ශනය කිරීමට මෙහෙයවීමක්. හැබයි දැන් ගොක්, පුවක්, කිතුල්, ගම්මිරිස් ආදී සම්පත් වලට වැඩ දෙයිද දන්නේ නැහැ. සබරගමුවේ, කඳුරට, දකුණේ වේදිකා තේ අතුවලින් සැරසීම ආණ්ඩුවට ගුණ නැහැ. කෑගල්ලේ රබර් අතු, ඔට්ටපාළු පාවිච්චි කරයිද දන්නේ නැහැ. අලුත් දිසාවක්. (බ)
දේශපාලන රැස්වීම කෙසේ වෙතත් වේදිකා සැරසිල්ල කලාත්මක වැඩක්.(ම)
රන් රබුටන් සහ වළි කුකුලන්. (ර)