(ටෝනි කරුණානායක)
හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට අයත්ව තිබූ බව කියමින් අධිකරණ ක්‍රියාමාර්ග ගනු ලැබූ කැලණි ගඟට මායිම්ව පිහිටි අක්කර 16ක මල්වාන ඉඩම ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම තාවකාලිකව අත්හිටුවන ලෙස පූගොඩ මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද (20) නියෝග කළාය.
එම ඉඩම බැසිල් ඇතුළු තිදෙනාට අයත් නොවන බව කීමෙන් පසු අධිකරණය එය ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම නියෝග කර තිබූ අතර එම ඉඩම හා දේපොළ රජයට පවරාගෙන මහජනතාවගේ සුබ සිද්ධීය උදෙසා පරිහරණය කිරීමට කැබිනට් මණ්ඩලය කටයුතු කරමින් සිටින බවට නීතිපතිවරයා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට දැනුම්දී ඇති හෙයින් එම නියෝගය නිකුත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔන්න රවුමෙන් එන්නේ නැවතත් පරණ පුරුදු ගේමකට. කවුරුහරි දේශපාලුවෙකුට ලගින්න තැනක් හොයනවද කොහෙද.
නීතිගරුක රටවල වංචා සහගත පුද්ගලයින්ට කරලියට ඒම නීතිය මගින්ම අවුරනවා නමුත් අපේ රටේ හොරකම් කරන්න කරන්න කිසිම බාධාවක් නොමැතිව හැකියාව පවතිනවා "" ඒකනේ හොරු වේදිකාවට නැගලා කියලා තිබෙන්නේ .. පක්ෂවරුන්ව භය කරන්න බැහැ ජනතාව වෙනුවෙන් ඔවුත් සේවයට එනවා කියලා. ජනතාව වෙනුවෙන්???
"රනිල් මේ දිනවල සිටින්නේ ණය ගෙවීමේ ප්‍රශ්ණය ගැන සිතමින්ය. ණය ප්‍රශ්ණයට විසදුම් සොයන ඔහු ඩොලර් ලංකාවට ගෙන්වාගැනීමට හැකි මාර්ග සොයමින් සිටින්නේය."....පුවතක්.ලංකාවට අලුතින් ණය ගන්න ඕනේ නැහැ.පොඩි එකාගේ ඉදල ලොකු එක දක්වා රාජපක්ෂලා ගසා කාපු දන්ස්කනය ජනතා සතු කරන්න පුලුවන්නම්,ලෝකයේ බැංකු වල පුරවපු දනස්කන්දය නැවත ලංකාවට ගන්න පුලුවන්නම්....තව අවරුදු 100 ගණනකට ඒ මුදල හොදටම ප්‍රමාණවත්.ජනතාවට සහන දෙන්න එම මුදල හොදටම ප්‍රමාණවත්.එත් ඒ සදහා පිලිපීනයේ ජනාධිපති වගේ කොන්දක් තිබෙන ජනාධිපති/අගමැති කෙනෙක් නොමැති වීම අපේ කරුමේ.
මෙච්චර වියදම් කරලා හදපු ගෙයක් තියනවනේ අයිතිකාරයෝ නැතුව. කොච්චර පොහොසත් රටක්ද මේ රට.
මහා දවල් මහා බැංකුවෙන් කෝටි දහස් ගණනක් වංචා කරලා, රටට කෝටි දසදහස් ගණනක් පාඩු වෙන්න වැඩේ දීපු මාමත් බෑණත් බේරගන්න බොරු කොමිටි පත්කරලා (2015 මාර්තු/අප්‍රේල්), පසුව සමහර ඇමතිවරු පොත් ලියල හොරකම සාධාරණ කරන්න හදන අස්සේ, ඒ මදිවට පාර්ලිමේන්තුවම විසුරවල හොරාට ඊළඟ අවුරුද්දෙත් (2016) ඒ විදියටම කරන්න දීල පටන් ගත්ත මංකොල්ලය දැන් කොච්චර දුර ගිහිල්ලද. හොරුත් පෙන්න ඉන්නවා, හොරකම් කර සල්ලිත් පෙන්න තියනවා. ඒගොල්ල උසාවි ගෙනියන්නේ නැත්තේ ඇයි කියල අහන්න බැරි අය මෙතන ගොන් කතා කියනවා...
ඕක වෙන්දේසි කළා නම් හොඳයි.
මේක නම් මහා අමුතු ජාතියේ රටක් ... හොරා කන්න කන්න ජනප්‍රිය වෙලා අලුතින් පක්ෂ හදාගෙන රට නැව්තත් කන්න උඩපනිනවා...මේවට උත්තර දෙන්න ජනාධිපති කෙනෙක් උවමනායි ....