තමිල්නාඩුවේදී ශ්‍රී ලාංකික භික්ෂූන් ඇතුළු ශ්‍රී ලාංකිකයනට හිතාමතාම කරන පහදරීම් වලින් ශ්‍රී ලාංකිකයන් රැකගැනීමට ඉන්දීය රජය අපොහොසත්වීම ගැන ඉන්දීය රජයට බලවත් විරෝධය හා කනස්සල්ල දක්වන මල්වතු අස්ගිරි මහා නාහිමිවරු එම ප්‍රහාරයනට විරෝධය ද පළ කරති.
තිබ්බොටුවාවේ සුමංගල මල්වතු මහා නාහිමි හා උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහා නාහිමි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්ට ලිපියක් මගින් මේ බව දන්වති. තමිල්නාඩුවේ ප්‍රහාර ශිෂ්ඨසම්පන්න සමාජයකට අනුමත කළ නොහැකි බවත් මහා නාහිමිවරු පවසති. මේ පහරදීම පිටුපස කොටි හිතවාදී තමිල්නාඩු රජයේ ද සහාය ලැබෙතියි ද මහා නාහිමිවරු කියා සිටිති. බුදුන් වහන්සේත් මිහිඳු හිමියන් හා සංඝමිත්තා තෙරණියත් උපන් දේශයේ වනදනාමාන කටයුතුවලට යන ශ්‍රී ලාංකිකයනට සිදුවන මෙවැනි අයහපත් සිද්ධි වළක්වා ගැනීමට ඉන්දියා රජය මැදහත්වනු ඇතැයි අපේක්ෂා කරන බව ද මහා නාහිමිවරු කියති.
2025 දෙසැම්බර් මස 04
793
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මල්වතු මහානාහිමිවරු කනස්සල්ල පළ කරති.
පාලිත Tuesday, 19 March 2013 09:58 PM
අපිත් දැඩි කනස්සල්ල පල කරනවා (දී)
ඉසුරු Wednesday, 20 March 2013 10:07 AM
ඉන්දියාවේ ඒ සිදු වූ ක්‍රියාව කැතයි (දී)
රාජිත Tuesday, 19 March 2013 10:09 PM
මුළු රටේම කනස්සල්ල (දී)
මිලින්ද Tuesday, 19 March 2013 10:08 PM
කනගාටු දායක සිද්දියක් තමයි (දී)
ලාල් Wednesday, 20 March 2013 10:11 AM
කනගාටුයි නේන්නම් (දී)
ජයරත්න Tuesday, 19 March 2013 10:24 PM
හැම දෙනාම මේ අසාධාරණ වැඩේ හෙලා දකිනවා (දී)
සුරංග Tuesday, 19 March 2013 10:27 PM
ඔවු. අපිට ඉන්දියන් බඩු ඕනෑම නැහැ. (නි)
හසන්ත Tuesday, 19 March 2013 10:47 PM
බාමියන් බුදු පිළිම කඩපු තලෙයිබාන්වරුන්ට මොකද වුණේ? (නි)
සිරිමතී Tuesday, 19 March 2013 11:19 PM
ඉන්දියාවේ මාධ්‍ය නාලිකායක අද දිනදී ලංකාව සහ ජිනීවා ප්‍රශ්නය ගැන විද්වතුන් කිහිප දෙනෙකුගෙන් මත විමසීමක් කළා. ඒ මොහොතේ දිල්ලියෙන් ඉදිරිපත්වූ කිහිපදෙනාම ලංකාව ගැන සුබවාදීව කතා කරපු අතර තමිල්නඩුවෙන් ඉදිරිපත් වූ දෙදෙනාම ලංකාවට විරුද්ධව කතා කළා.මට මෙය අහම්බෙන් නැරඹීමට ලැබුනේ. මට හිතුන දේ නම් මතුපිටින් බලා යම්කිසිදයක් විවේචනය නොවටී යන්නයි. අපි හිතන තරම් ඉන්දියන් මිනිසුන් අපට විරුද්ධ නැත (නි)
සිල්වා Tuesday, 19 March 2013 11:19 PM
අපේ මහා නාහිමිවරු මෙලෙස ඉදිරිපත් වීම ගැන සතුටුයි. (නි)
ලලීන්ද Wednesday, 20 March 2013 10:51 AM
අපි දැඩි ලෙස කම්පා උනා ඒ පුවතින් (දී)
නිමල් Wednesday, 20 March 2013 10:55 AM
අපි අපේ සංඝ රත්නය රැක ගන්න ඕනේ (දී)
හේරත් Wednesday, 20 March 2013 12:16 AM
තමිල්නාඩුව ඉන්දියාවේ දෙවැනි කාෂ්මීරය වන ළකුණු පහළ වී ඇත. පින්වතුනි, ඉවසන්න. (නි)
රනිල් Wednesday, 20 March 2013 11:13 AM
අපි ඊට වඩා දෙයක් කල යුතුයි හාමුදුරුවනේ (දී)
සම්පත් Wednesday, 20 March 2013 03:32 AM
ළගදීම මේ කළකම් එයාලට පළදේවි. (නි)
සම්පත් Wednesday, 20 March 2013 03:35 AM
ඉන්දියන් නම ගෑවුණු දේවල් නොගෙන ඉදිමු. (නි)
රණා Wednesday, 20 March 2013 01:01 PM
ඉන්දියාව නොව තමිල්නාඩුවයි අසාර්ථක. බුදුරදුන් වැඩි ස්ථානද තමිල්නාඩුවේ නැත. නොගිහින් සිටීම හොදය. තලෙයිබාන්වරුන්ට වුණ දේම මොවුන්ටත් වේවි. (නි)
සෙන්සා Wednesday, 20 March 2013 08:24 AM
නිර්මල උත්තම දහමක් දේශනා කළ බුදුන් වහන්සේ පිළිබද ගරු සරුවක් නැති ඉන්දියාව හාමුදුරුවරුන්ට ගරු කිරීමක් නොකරයි. එහි විපාක වශයෙන් ඉන්දියාව කිසි විටක නැගී සිටිමට නොහැකි ජාතියක් වන බව පැහැදිලිව පෙනේ. කිසිදිනක මොවුන් සත්‍ය තේරුම් නොගනී. (නි)
නිල්මිණි Tuesday, 19 March 2013 07:25 PM
හොදම දේ ඉන්දීය බඩු වර්ජනය කිරිමයි. (නි)
අමිල කටුනායක Tuesday, 19 March 2013 07:54 PM
තව ටික කාලයකින් ඉන්දියාවත් අසාර්ථක රාජ්‍යයක් වේවි. (නි)
අනුරාධ Tuesday, 19 March 2013 08:13 PM
මානව හිමිකම් ගැන කතාකරන අයට මේවා නොපෙනෙන්නේද? (නි)
රශ්මි Tuesday, 19 March 2013 08:36 PM
මිනිස්සු මෙ වෙනුවෙන් ජීවිතය කැප කරන්න උනත් ලැහැස්තියි (දී)
අනුර Tuesday, 19 March 2013 09:07 PM
අමිල ඔයා කියන දේම තමයි මට ත් කියන්න තියෙන්නේ.. (නු)
පියල් ජේ. Tuesday, 19 March 2013 09:11 PM
අපි ඉන්දියානු නිශ්පාදන වර්ජනය කරමු විශේෂයෙන්ම ඉන්දියන් ඔයිල්..!
චමින්ද ජයනාත් Tuesday, 19 March 2013 09:11 PM
බලන්නඩකෝ තමිල්නාඩුවට මේවට දිට්ධ ධම්මවේධනීය කර්මය ලගදීම පළිසන් දෙන හැටි. ඒව ස්වභාවධර්මයාගෙන්ම සිද්ධ වෙයි.(නු)
සදුනි Tuesday, 19 March 2013 09:39 PM
බුදුරදුන් වැඩි ස්ථාන තමිල්නාඩුවේ නැත. එනිසා එහි නොගිහින් සිටීම හොදය. (නි)
මහේෂ් Wednesday, 20 March 2013 09:46 AM
මමත් එකඟයි ඔබ වහන්සේලා සමග (දී)
ප්‍රදීප් Wednesday, 20 March 2013 03:18 PM
තමිල්නාඩුවෙන් ගෙන්වන භාන්ඩ නාමලේඛනයක් දෙන්න. අපි ඒවා නොගත යුතුයි.(නදී)
රත්නායක Tuesday, 19 March 2013 09:55 PM
කොටි වෙනුවෙන් කදුලු සලන්න එපා (දී)