(චමිල් රූපසිංහ)
මල්වතු පාර්ශ්වය මගින් ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී යන ගෞරවනාම සම්මානය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරූ ජයසූරිය මහතාට පුද කිරීම අද (19) මල්වතු මහා විහාරයේදී සිදුකෙරිණි.
මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභික නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය පහමුණේ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් අක්තපත්‍රය කියවීමෙන් අනතුරුව මහ නායක හිමිපාණන් වහන්සේ විසින්ර ගෞරව නාම සහිත සන්නස් පත්‍රය කතානායකවරයාට පිළිගැන්වු අතර මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ ඇතුළු කාරක සංඝ සභාවේ ඒකච්ඡන්දයෙන් කතානායකවරයා වෙත මෙම ගෞරව නාමය පුද කරනු ලැබීය.
මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි , පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී හිමි, ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි ඇතුළු මහා සංඝරත්නයද අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, අමාත්‍ය නවීන් දිසානායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අපගේ අනාගත ජනපති හෝ අගමැති.... ජයවේවා!!!
2020 අපේ හිට්ලර්තුමා ආවම ඔය ඔක්කොම ගෞරව සම්මාන අවලංගු කරනවා. ඒ ඔක්කොම සම්මාන එතුමා නමට ලියා ගන්නවා.
මොවුන් නොලබන්නේ මොනවද?
ඉතින් ජූතකයෝ අද අපි ඔබලා හැමෝම භය නැතිව මේ පිනුම් ගහන්නේ, අප රටට ගැලපෙන ඒ හිට්ලර්ලා නිසා නොවැ..
කරු ජයසූරිය මැතිතුමා මනා පෞරුෂත්වයක් තිබෙන නිහතමානී නිර්භීත පුද්ගලයෙක්... ඇත්තෙන්ම ජනාධිපති වන්නට තරම් සුදුසු චරිතයක්.. පහුගිය කාල වකවානුව තුළ එතුමන්ගේ ක්‍රියා කලාපවලින් එය මනාව ඔප්පුවුණා. එතුමන්ට අපගේ සුබපැතුම්.!
ජනපතිවරණයට සූදානම වගේ. ජයවේවා...!!!
කව්ද දැහැත් වට්ටියට බාබුල් දැම්මේ? නැත්නම් දැන් උඩරට ඈයොත් කොකේන් වලට පුරුදු වෙලාද?
ඇත්තටම 2015 මෙතුමා පොදු අපේක්ෂකයා උනා නම් රට මීට වඩා ගොඩක් ඉදිරියට යනවා. හරි කියලා හිතපු වැරදි අපේක්ෂකයා නිසා අද රට හිරවෙලා. කරන්නේ කියන්නේ මොකක්ද කියලා එයා දන්නෙත් නැහැ. එයාම කොමිසම් දාලා ඒවාගෙන් වැරදිකාරයෝ හොරු බව තහවුරු කරගත්තා මිනිස්සු අගමැති ඇමැතිවරු කළානේ නේද? රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරද්දී නොබියව නොසැලී ව්‍යවස්ථාව රැකගත්තේ කරු ජයසූරිය මහත්තයා...
අපගේ සුබපැතුම්..!
බොරු වැඩ.. අපේ රටේ ආගම, ධර්මය පිරිහෙන්නේ මෙවැනි හේතුන් නිසා නේද..? කොතන බැලුවත්.. පන්සලයි... මල්වතු, අස්ගිරි මහනායකලයි.. ආගම, ධර්මය දේශපාලනයෙන් ඉවත් කෙරුවා නම් අපේ බෞද්ධකම තව හුඟක් කල් අපිත් එක්ක ජීවත් වෙයි කියලා අපි හිතනවා...
ගැටඹේ පන්සල වැටී කටු කම්බි අදිනකොට මෙතුමා මොකද කළේ කියලා කාට හරි මතකද?
ඇත්තෙන්ම එදා මෙතුමා පාර්ලිමේන්තුවේ කතානායක වී, නොසිටින්න.. අද අපේ රටේ පාර්ලිමේන්තුව පමණක් නොවේ.. රටත්.. කොල්ල කල්ලිය අතට පත්වෙලා ඉවරයි. 2015 දී, මොළේ කළඳක් නොමැති පඹයෙක් වෙනුවට, එදා මෙතුමා, මේ රටේ නායකයා වුණානම් මේ වෙද්දී, මේ රට මීට වඩා බොහෝ වෙනස් වීමට තිබුණා. වචන හරඹ යොදා අහිංසකත්වය ආරුඪ කරගෙන සිටි සිටි කට කයිවාරුකාරයෙකුට වඩා, මෙතුමා වැනි, උගත්, බුද්ධිමත්, වැදගත්, නිර්භීත, නායකයෙක් ලබන්න අපේ රටේ ජනතාවට පින තියෙන්න නැතිව ඇති...?
කිසිම කොන්දක් නැති කෙනෙක් මෙයා... මේ ආණ්ඩුව බුද්ධාගම වැනසෙන විදියට වැඩ කරනකොට කට ඇරලා වචනයක් කතා කරන්නේ නැහැ. මේ අස්ගිරි පාර්ශවයේ නායක හාමුදුරුවෝ UNP එකට කඩේ යන, රට ගැන කිසිම කැක්කුමක් නැති හාමුදුරුනමක් කියලා මුළු රටම දන්නවා. අපි ඇත්ත කතා කරන්න භය වෙන්න ඕනෑ නැහැ. රටත්, සාසනයත්, සමාජයත් හදනවා නම් ඉස්සෙල්ලම කළ යුත්තේ තම පැවැත්ම සහ නොයෙකුත් ප්රතිලාභ සඳහා ජඩ දේශපාලකයන්ට කඩේ යන නායක හමුදුරුවරුන්ගෙන් ශාසනයත්, රටත් බේරා ගැනීමයි. එතකොට මොවුන්ට පැවැත්මක් නැත. නායක හාමුදුරුවරු කොන්ද කෙලින් තියාගෙන තක්කඩි දේශපාලුවන්ට නැමෙන්නේ නැතුව වැඩ කරනවා නම් රටටත්, සමාජයටත්, ශාසනයටත් සෙතක් වනු ඇත. මා බෞද්ධයෙක් වුවද පින්වත් කාර්දිනල් මැල්කම් රන්ජිත් පියතුමාගේ අති උතුම් ගතිගුණ ඉතා අගය කරමි...