දින කිහිපයක සිට අනුරාධපුරයට ඇඳ හැලෙන වර්ෂාව හේතුවෙන් කලාවැව, නාච්චදූව වැව, කුඹිච්චන්කුලම ඇතුලු සියලුම වැව් පිටාර ගැලීමෙන් මල්වතු ඔය, කලා ඔයේ වතුර මට්ටම ඉහල යෑම හේතුවෙන් ගම්මාන රැසක් යටවී ඇතැයි ආපදා කලමනාකරණ ඒකකය කියයි.
ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය, පොලිසිය, ගුවන් හමුදාව, නාවික හමුදාව, යුද හමුදාව එක්ව අවතැන් වූවන් බේරා ගැනීමේ නියැලි සිටිති.
මහකනදරා ඔය දෙපස කොටුවී සිටි පවුල් 18ක පිරිසක් නාවික හමුදාව විසින් බේරා ගන්නා ලදි.
ගංවතුරෙන් අවතැන් වූවන්ට සහන සැළසීමට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනෙවිරත්න මහතා හා උතුරු මැද පළාත් මහ ඇමති එස් එම් රංජිත් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්විණි.












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd