(පුෂ්පකුමාර ජයරත්න)
කුරුණෑගල මල්ලවපිටිය මුස්ලිම් පල්ලියට අද(21) අලුයම කරන ලදබව කියන පෙට්‍රල් බෝම්බයක් ප්‍රහාරයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව කුරුණෑගල මූලස්ථානය පවසයි.
ප්රෙට්රල් බෝම්බ හතරක් එල්ල කළ ඇති නමුත් පුපුරා ඇත්තේ එකක් පමණක් වන අතර ඉන් පල්ලියේ බිත්තියකට සුළු හානියක් සිදුව ඇත.
පල්ලියේ සීසීටීවී කැමෙරා සවි කර ඇති නමුත් මෙම ප්‍රහාරයට අදාළ රූපරාමු එහි පැහැදිලිව සටහන් වී නොමැති බවද පොලිසිය කියයි.
මීට වසරකට පමණ පෙර මෙම පල්ලියේ ඇතුළත තිබූ පිං කැටයද කඩා තිබූ බවත් එහි තිබූ මුදල් සොරකම් කළ බව කියන පුද්ගලයින් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් කියැවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ක්‍රියාව අපි හෙලා දකිමු. මේවා නුසුදුසු ක්රියාවන්ය...
තමන්ම කරගෙන අනිත් අයව අල්ලන්න හදන ඉතා පැරණි ක්රමයක්ද?
මේ අයට හරියට පැට්රල් බෝම්බයක්වත් හදාගන්න පුළුවන්ද?
වසන්ත, ඇත්තටම මෙය බෞද්ධ රටක් හැටියට අප ලැජ්ජා විය යුතුයි...
එහෙනම් මේ ආණ්ඩුවත් පෙරළෙන්න වගෙයි යන්නේ....
කවුරු කළත් මේවා මහා බාල වැඩ. රට මහත් ව්‍යවසන ගොඩක් මැද ඉදිරියට යද්දී ආගමික සහ ජාතික අරාජිකත්වයක් ඇති කර බලය ලබා ගන්නත් සමහරු මාන බලනවා..
මේක යාපනයේ එහෙම වුණොත් බල සේනාව කොහිද දන්නේ නැහැ...
බහුතර සිංහල බෞද්ධ ජනතාව මෙවැනි ක්‍රියා අනුමත කරන්නේ නැත. නමුත් ලංකාවේ මුස්ලිම් ප්‍රජාවට සිංහල ජනයාගෙන් කරදර හිරිහැර වෙන බවට ලෝක මතයක් ගොඩනගා ඒ තුලින් තමුන්ට වාසි ලබා ගැනීමේ අරමුණක් ඇති බවට සැකයක් පවතිනවා. මේ පිළිබඳව නිවැරදි පරීක්ෂණයක් පවත්වා සියලුම තානාපතිවරුන් මගින් ලෝකයම දැනුවත් කල යුතුය. සංහිඳියාව නමින් ඕනෑම දෙයක් කිරීමට ඉඩ දී බලා සිටිය යුතුද නැත.
හැබැයි පාකිස්තානය වගේ මුස්ලිම් රටවල් වල කතෝලික පල්ලි ගිනි තියලා ඒගොල්ලෝ කියන්නේ නැහැ අපි මුස්ලිම් රටක් හැටියට ලජ්ජා විය යුතුයි කියලා...
පොලිසිය වහාම ක්‍රියාත්මක වී මීට සම්බන්ධ අය වහා අත්අඩංගුවට ගත යුතුය. සැකයට ඉඩක් නොතැබිය යුතු අතර සීසීටීවී දර්ශන මගින් සැකකරුවන් අල්ලා ගැනීමට පියවර ගන්න.
නැවතත් කළු ජුලියක් ඇති වුනොත් රජය එයට වග කිව යුතුයි. 83 කළු ජුලියේ පෙරනිමිතිත් මේහා සමානයි.
ඇෆ්ගනිස්තානයේ බාමියන් බුදු පිළිම විනාශ කරනවිට ලංකාවේ මුස්ලිම් ජනතාව විරුද්ධ වුණාද? නෑ. යථාර්ථය එයයි.
මෙවැනි තත්වයක් උඩ අපිට රටක් හැටියට කවදාවත් ඉදිරියට යන්න බැහැ. රටේ ආර්ථිකය කඩාකප්පල් කරන වැඩක් වෙඩක්.... මෙවැනි පසුබිමක විදේශ යෝජනා ලංකාවට එන්නේ නැහැ. විදේශ සංචාරකයින් අඩු වේවි..!! අපි ලෝකේ ඉදිරිපිට කොන් වේවි..අපිට හා අපේ දරුවන්ට අනාගතයක් නැහැ,, අපි 30 වසරක් දුක් වින්දා..
දැන් ඔය පල්ලියට පෙට්‍රල් බෝම්බ ගහනකොට දෙයියෝ කොහෙද ඉදලා තියෙන්නෙ