(ගයාන් සූරියආරච්චි )

සහෝදරයන් දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මල්ලි විසින් අයියාට කතුරකින් ඇන බරපතල තුවාල සිදු කිරීමෙන් අනතුරුව රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අයියා මියගොස් ඇති බව කුරුවිට පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 19ක වලදුර කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අවුරුදු 17 ක් වන සැකකාර මල්ලී අත්අඩංගුවට ගෙන ඇති අතර කුරුවිට පොලිසියේ වැඩිදුර විමර්ශන සිදු කරයි.