හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ සමයේ දිවි නැගුම අරමුදලින් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කිරීම ඇතුළු මහජන දේපොළ වංචා කළැයි රිමාන්ඩ් බාරයට පත් කළ ගමන් අසනීප වී වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිටින හිටපු ඇමැති බැසින් රාජපක්ෂ මහතා බැලීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (23) එහි ගියේය.
ඒ දෙදෙනා සහෝදරයෝය.
මහින්ද රාජපක්ෂ රජයේ සිටි ප්‍රබලයන් දෙදෙනා වූයේ ද ඔවුහුය.
ඔවුනට සහයෝගය දක්වන පිරිසක් බන්ධනාගාරය අසල රැස්ව සිටියහ.
බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රනතුංග මහතා ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක් ද හිටපු ඇමැතිවරයා බැලීමට බන්ධනාගාර රෝහලට ගියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්ධනාගර රෝහල සැප මදි වෙන්න ඇති.ජාතික රෝහලට මාරු උනේ. (ස)