IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


මලල ක‍්‍රීඩා මුල් පුටුවට දයා රත්නායක නිතරගයෙන්

ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ නව සභාපතිවරයා ලෙස මේජර් ජනරාල් දයා රත්නායක මහතා නිතරගයෙන් පත්ව සිටියි. ලබන මැයි 3 වැනිදා පැවැත්වෙන මලල කී‍්‍රඩා සංගමයේ නිලවරණයට (2012-14) නාම යෝජනා භාර ගැනීම ඊයේ (19) දහවල් අවසන් විය. එහිදී සභාපතිධුරයට දයා රත්නායක මහතා පමණක් නාමයෝජනා ඉදිරිපත් කර තිබෙන බැවින් ඔහු ඒ සඳහා නිතරගයෙන් පත්වනු ඇත. ඒ මහතා මීට පෙර මලල කී‍්‍රඩා පරිපාලනයේ ප‍්‍රධාන තනතුරු දරා නැතත් මලල කී‍්‍රඩා සංගමයේ ප‍්‍රධාන කමිටුවේ ඔහු යුද හමුදා කී‍්‍රඩා සමාජය නියෝජනය කරමින් කටයුතු කර තිබේ. කී‍්‍රඩා අමාත්‍යංශයේ අධීක්ෂණයෙන් පැවැත්වෙන මලල කී‍්‍රඩා සංගම් නිලවරණයේදී උප සභාපති ධුර හයක් සඳහා නාමයෝජනා 14ක් ඉදිරිපත්ව තිබීම කැපී පෙනේ. ඔවුන් වන්නේ සුනිල් ජයවීර, සුසන්තිකා ජයසිංහ, කර්නල් සුදත් මඩුගල්ලේ, එම්.ඩබ්. නිමල්සිරි, සුගත් තිලකරත්න, පී.එම්. දේවේන්ද්‍රන්, උපාලි කුමාරසිරි, පී.එච්.ඞී වෛද්‍යතිලක, එන්.ඒ.ටී. ජයසිංහ, ෂමාල් ප‍්‍රනාන්දු, අනිල් වීරසිංහ, රංජිත් පෙරේරා, අජිත් නාරගල හා පේ‍්‍රමලාල් වීරසිංහ යන මහත්වරුන්ය. භාණ්ඩාගාරික ධුරයට කිරාන් අතපත්තු, චන්දන ඒකනායක යන මහත්වරු නාමයෝජනා භාරදී සිටිති. උප භාණ්ඩාගාරික ධුරයට ඔලිවර් ප‍්‍රනාන්දු හා එච්.ඒ. උපාලි මහතා තරග වදිති. උප ලේකම් ධුරයට බර්නාඞ් පෙරේරා මහතා පමණක් නාමයෝජනා ඉදිරිපත් කිරීම නිසා ඔහු එම ධුරයට නිතරගයෙන් පත්ව සිටියි. මේ අතර 1994 සිට අඛණ්ඩව මලල කී‍්‍රඩා සංගමයේ දත්ත සටහන්කරු ලෙස කටයුතු කරන ජී.ජී.යූ. සමන් කුමාර මහතා එම ධුරයට මෙවරත් නිතරගයෙන් පත්ව සිටියි. ඒ අනුව මෙම තනතුරට පිට පිටම පත්ව සිටින්නේ 18 වැනි වතාවටය. මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන්  පැවැති මලල කී‍්‍රඩා සංගමයේ නිල කාලය ඉකුත් මාර්තු 31 වැනිදා අවසන් කළ කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා එතැන් සිට බි‍්‍රගේඩියර් පි‍්‍රයන්ත සමරතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් අතුරු කමිටුවක් පත් කළේය. එහි නිල කාලය ලබන මාර්තු 3 වැනිදා අවසන්වීමට නියමිතය. මෙවර නිලවරණයේදී නාමයෝජනා ඉදිරිපත් කළ අය අතර හිටපු සුපිරි කෙටි ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ, හිටපු මීටර් 400 ශූර සුගත් තිලකරත්න, යගුලිය විසි කිරීමේ හිටපු ජාතික ශූර ටී.එෆ්. අලයිලීමා යන මහත්ම මහත්මීහු කැපී පෙනෙති. ඒ අතර මලල කී‍්‍රඩා සංගමයේ හිටපු සභාපතිවරයකු වන සුනිල් ජයවීර මහතා උප සභාපති ධුරයකට තරග වැදීමත්, මලල කී‍්‍රඩා කණ්ඩායම් කළමණාකරුවෙකු වන  කිරාන් අතපත්තු මහතා භාණ්ඩාගාරික ධුරයට තරග වැදීමෙන් මෙවර මලල කී‍්‍රඩා නිලවරණයේදී තවත් කැපී පෙනෙන සිදුවීම් වේ. නව මලල කී‍්‍රඩා පරිපාලනයේ ප‍්‍රධානම අභියෝගය වන්නේ  ලබන ජූනි 9 වැනිදා ආරම්භ වන කොළඹදී ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතාවලිය සාර්ථකව පැවැත්වීමය.



අදහස් (0)

මලල ක‍්‍රීඩා මුල් පුටුවට දයා රත්නායක නිතරගයෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

රැකියා අවස්ථා නංවන්න ලෝක බැංකුවෙන් සහාය
2025 මැයි මස 09 0 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පුද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


පාකිස්තාන ප්‍රහාරයකින් ඉන්දියානුවන් 16ක් මරුට
2025 මැයි මස 09 34 0

පාකිස්තාන හමුදා ජම්මු හා කාශ්මීර් පාලන රේඛාවට යාබදව තිබෙන ඉන්දියානු ගම්මානයට දරුණු ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවත් ඉන් සිවිල් වැසියන් 16 ක් මියගොස්


දැරිය පැහැර ගන්න හැදු සැකකරු රඳවාගන්න අවසර
2025 මැයි මස 09 13 0

කොළඹ ප්‍රසිද්ධ පාසලක් අසලදී දැරියක් පැහැරගෙන යාමට තැත් කළේ යැයි අත්අඩංගුවට පත් සැකකරු පොලිස් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත


මාස හතරට ඝාතන 29ක්
2025 මැයි මස 09 18 0

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියත් සමගම මෙම වසරේ මේ දක්වා දිවයින පුරා සිදු වූ වෙඩිතැබීම් 43 කින් 29 ක් ඝාතනයට ලක්ව ඇතැය


මන්ත්‍රීවරු බිලිබාගන්න හැදුවොත් ඔක්කොම අල්ලලා හිරේ දානවා
2025 මැයි මස 09 90 0

පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ගෙන ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටුවන බව සභානායක අමාත්‍ය බිමල්


නව පාප්තුමා 14 වැනි ලියෝ
2025 මැයි මස 08 1445 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ පැවැති කාදිනල්ව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1210 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 301 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1335 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site