IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මලල කී‍්‍රඩා මධ්‍යම කමිටු රැස්වීම ගාලගෝට්ටියක් වෙයි

ඉහළ පෙලේ නිලධාරීන් පිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාම නිසා අද (13) පැවැති ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ මධ්‍යම කමිටු රැුස්වීම ගාලගෝට්ටියක් බවට පත්වූ බව වාර්තා වේ. මලල කී‍්‍රඩා සංගමයේ මධ්‍යම කමිටු රැුස්වීම ටොරින්ටන් පෙදෙස් පිහිටි මලල කී‍්‍රඩා සංගම් මූලස්ථානයේදී පැවැත්වුණි.

සංගමයේ භාණ්ඩාගාරික කිරාන් අතපත්තු මහතා මාධ්‍යවලට අසත්‍ය තොරතුරු දෙන බවට චෝදනා කරමින් ජනසතු සේවා මලල කී‍්‍රඩා සංගමයේ නියෝජිත එච්. ඒ. උපාලි මහතා සභාවට කරුණු ඉදිරිපත් කර තිබේ. අතපත්තු මහතා ඊට පිළිතුරු දීමට යාම නිසා ඇති වූ බහින්බස්වීම දුරදිග යාමන් මෙම කලහය ඇති වී තිබේ.

බහින්බස්වීම් දුරදිග යාමත් සමග සභාවේ සිටි ඉහළ පෙලේ නිලධාරීන් පිරිසක් අතපත්තු මහතාට පහරදීමට සැරසුණු බවත් එහිදී ඔහු ඊට ප‍්‍රතිචාර දැක්වීමත් සමග සභාවේ ගැටුම්කාරී තත්ත්වය තවදුරටත් උත්සන්න වූ බවත් දැන ගන්නට ඇත.

මලල කී‍්‍රඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා මූලාසනයේ සිටි මධ්‍යම කමිටු රැුස්වීමේදී අතපත්තු මහතාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ආ යුතු යයි නිලධාරීන් කීපදෙනකුම යෝජනා කර තිබේ.

එම අවස්ථාවේදී ගැටුමට මැදි වූ බව කියන මලල කී‍්‍රඩා නිලධාරීන් කිරාන් අතපත්තු මහතාට ඉල්ලා අස් වන ලෙස කියමින් ඝෝෂා කළ බවද කියති. කෙසේ වුවත් තමන් ඉල්ලා අස්වීමට සූදානම් නැති බව පවසා තිබෙන අතපත්තු මහතා මාධ්‍යවලට තමන් දුන් තොරතුරු ඉල්ලා අස් කර ගැනීමට සූදානම් නැතැයිද ප‍්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් ගිණුම් වාර්තා ඉදිරිිපත් කිරීමෙන් අනතුරුව අතපත්තු මහතා සභාවෙන් පිටව ගොස් තිබෙන අතර මධ්‍යම කමිටු රැස්වීම සංගමයේ සභාපති පාලිත ප‍්‍රනාන්දු මතාගේ ප‍්‍රධානත්වයෙන් පවත්වාගෙන ගිය බවද වාර්තා වේ.

 



අදහස් (0)

මලල කී‍්‍රඩා මධ්‍යම කමිටු රැස්වීම ගාලගෝට්ටියක් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site