එකක් රුපියල් නව ලක්ෂ හැත්තෑදෙදහසක් වටිනා විස්කි බෝතල පහක් කොළඹ සුපිරි වෙළෙද පොළකින් ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් පතකින් මිලට ගත් බව කියන මලයාසියා ජෝඩුව සැප්තැම්බර 03 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් නියෝග කළේය.
එකක් රුපියල් නව ලක්ෂ හැත්තෑදෙදහසක් වටිනා විස්කි බෝතල පහක් කොළඹ සුපිරි වෙළෙද පොළකින් ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් පතකින් මිලට ගත් බව කියන මලයාසියා ජෝඩුව සැප්තැම්බර 03 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රංශයේ නිපදවන රෙමි මාර්ටින් ලුවිස් XIII වර්ගයේ ඉතාම මිල අධික මත්පැන් වර්ගයක්. ( Remy Martin Louis XIII Jeroboam) අවුරුදු 50ක් පරණ බෝතලයක් £23,000.00 ලංකාවේ ලක්ෂ 49,63348. ගාන කොහොම වුණත් උවමනා අය පාවිච්චි කරනවා, උගුරක් බොන්න උවමනා අය The Kingsbury Hotel එකේ sky lounge එකට. එකේ තියනවා. (නදී)
මතට තිත තියන්න කෝටි ගණන් විදේශ මුදල් වැයවෙලා වගෙයි (නි)
මේවා බොන්නට අපිට වාසනාවක් නැහැ. කා වෙනුවෙන් කාට බොන්නද, මේවා ලංකාවට ගෙනාවේ? (නි)
මෙවැනි සංචාරකයින්ගෙන් තමා අද ලංකාව පිරිලා තියෙන්නේ. (නි)
මේ අමෘතයවද්ද? ඒ කියන්නේ මේවා බොන්න තරම් බලසම්පන්න සක්‍රයොත් අපේ රටේ ඉන්නවා එහෙනම්? අනේ මන්දා! දිස්ත්‍රික්ක දාහතරක වතුර උගුරක් බොන්න නැතුව මිනිස්සු දුක් විඳින රටේ විස්කි බෝතලයක ගාන! (නි)
මේවා විස්කිද? නැත්නම් රත්තරන්ද? මෙතරම් වටිනා විස්කි ගැන මම ලෝකයේ කොහෙවත් අහලා නැහැ. (නි)
මේවා මේ ප්‍රන්සයේ හදන වසර ගානක් පරණ බිම ජාතියක්. ඇත්තටම ලංකාවට ගෙන්වන්නේ අැයි දන්නේ නැහැ.(එතරම් සල්ලි කාරයෝ ඉන්න නිසානේ තියෙන්නේ) ගාන දැක්කම මට නම් නිකම් හුස්ම හිර උනා වගේ. ගෙයක් දොරක් හදා ගෙන ඉන්නවා අපි නම් නේද.? (නදී)
දැන් පේනවා නේද මොවුන්ගේ කෙරුවාව? ඔය විස්කි අපේ අය බොන්නේ නැහැ කියලද හිතන්නේ? ඔය බෝතලයකට බද්ද කීයක් වෙන්න ඇද්ද? (නි)
මේව දකින කොට මටනම් හිතෙන්නෙ, රටෙ ආර්ථික විශමතාවයක තරම බොහොම වෑඩියි කියලයි. ආශ්චර්යමත් රටක මෙවෑනි දේද තිබිය යුතුයි කියලත් සමහරක් කියයි නේද? (නදී)
රට පාවලා දෙන අයට ඩයස්පොරාවෙන් සල්ලි එවනවා ඇති ඕවා බොන්න.(ස)
මේවා බීපුවම හොඳට වෙරි ඇති (නදී)
මෙයින් බෝතලයක් ගන්න වියදම් කරන මුදලින් අසරණ ජීවිත ගණනකට පිහිටවිය හැකියි නේද ? (නදී)
වයින් නම් පරණ වෙන්න වෙන්න මිල නඟින බව දන්නවා. එත් විස්කි බෝතලයක් මේ තරම් ඉහළ මිලට ගුවන් තොටුපළේවත් ගන්න නැහැ නේද? (නි)
පිටරට සේවයට ගිහින් එවන විදේශ විනිමයට මේවා ගෙන්වන්නේ මෙවැනි බීම වර්ග ජර්මනිය වැනි රටක වුනත් තරු 5 හෝටලයක බාර් එකක වත් නැත රටට ගිය කලක්(අ)
තාම අධ්‍යාපනය ලබන සමහර තරුණයන් රු ලක්ෂ 11/ 2සපත්තු දාන,පැරිසියේ සාප්පු යන ,අවුරුදු 24 තරුණයන්ට ටීවි රේඩියෝ චැනල් තියෙන රටේ ඕක වැඩක්ද (අ)
ගාන කොහොම වුණත් උවමනා අය පාවිච්චි කරනවා.සක්විතිලා පිරුණු රටේ, ඕකත් ගානක්ද? සුනිල් මහත්තයෝ, දුක්වෙන්න එපා.ඊට වඩා ඔය පැත්තේ තිබෙන කිතුල් රා ටික පංකාදු පහයි නොවැ ... (නි)
මේවා ප්‍රංශයේ නිපදවන රෙමි මාර්ටින් ලුවිස් 13 වර්ගයේ ඉතාම මිල අධික වර්ගයක්. නිපදවන රටේත් බෝතලයක් යුරෝ 2500 ක් 3000 ක් අතර වනවා. ලංකාවේ මැති ඇමතිවරුන්ට මේවා මහ ලොකු දේවල් නොවෙනවා ඇත (නි)
චිවාස් රීගල් අවුරුදු 50ක් පරණ බෝතලයක් ලක්ෂ 15ක් විතර වෙනවා.ලෝකේ වටිනාම විස්කි බෝතලේ මම හිතන්නේ රුපියල් කෝටි පහකටත් වැඩියි. (ස)
අනේ මන්ද අපි මේ රටේ අවරුදු ගමනක හිටියත් මේ වගේ දෙයක් ලබාගත නොහැකියි. (ස)
මේ ප්‍රවෘත්තිය විහිළුවට ගන්න එපා. මේකෙන් ගම්‍ය වන, අප මෙතෙක් නොදැන සිටි යථාර්ථයක් හෙළිකරනවා. මේ රටේ සාමාන්‍ය පුද්ගලයෙකුට සාපේක්ෂව මෙවැනි අධික මිලැති මත්පැන් ලංකාවට ගෙන්වීමම සදාචාරවිරෝධීයි. කැසිනෝ ගෙන්නුවේ සංචාරකයින්ට කිව්වා වගේ මේවා ගෙන්වන්නෙත් සංචාරකයින්ට වෙන්න පුලුවන්. (නි)
මට පරණ සින්දුවක කොටසක් මතක් උනා. [වයින් ] විස්කි බෝතලේ ඇති තැන විනෝද මිහිරේ. වැඩියෙන් ගත්තොත් යා හැකි දෙව්ලොව පාරේ. (නදී)
අබුද්දස්ස කාලේ කිව්වත් සත්‍ය විකුර්ති කරන යුගය කිව්වත් දෙකම එකයි. මේකට අහිංසක මාධ්‍ය උන්නැහේලා ගෑවිලා මොකට පව් පුරෝ ගන්නවද මන්දා? (නදී)