IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මලයාසියා ජෝඩුව විස්කි බෝතලෙන් රිමාන්ඩ්

එකක් රුපියල් නව ලක්ෂ හැත්තෑදෙදහසක් වටිනා විස්කි බෝතල පහක්  කොළඹ සුපිරි වෙළෙද පොළකින් ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් පතකින් මිලට ගත් බව කියන මලයාසියා ජෝඩුව සැප්තැම්බර 03 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් නියෝග කළේය.



අදහස් (0)

මලයාසියා ජෝඩුව විස්කි බෝතලෙන් රිමාන්ඩ්

අනුෂ් Friday, 22 August 2014 03:17 AM

ප්‍රංශයේ නිපදවන රෙමි මාර්ටින් ලුවිස් XIII වර්ගයේ ඉතාම මිල අධික මත්පැන් වර්ගයක්. ( Remy Martin Louis XIII Jeroboam) අවුරුදු 50ක් පරණ බෝතලයක් £23,000.00 ලංකාවේ ලක්ෂ 49,63348. ගාන කොහොම වුණත් උවමනා අය පාවිච්චි කරනවා, උගුරක් බොන්න උවමනා අය The Kingsbury Hotel එකේ sky lounge එකට. එකේ තියනවා. (නදී)

:       0       0

නන්ද Friday, 22 August 2014 04:10 AM

මතට තිත තියන්න කෝටි ගණන් විදේශ මුදල් වැයවෙලා වගෙයි (නි)

:       0       0

සුනිල් මාපලගම Thursday, 21 August 2014 12:55 PM

මේවා බොන්නට අපිට වාසනාවක් නැහැ. කා වෙනුවෙන් කාට බොන්නද, මේවා ලංකාවට ගෙනාවේ? (නි)

:       0       0

ලුම්බිණි Friday, 22 August 2014 04:33 AM

මෙවැනි සංචාරකයින්ගෙන් තමා අද ලංකාව පිරිලා තියෙන්නේ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 21 August 2014 01:05 PM

මේ අමෘතයවද්ද? ඒ කියන්නේ මේවා බොන්න තරම් බලසම්පන්න සක්‍රයොත් අපේ රටේ ඉන්නවා එහෙනම්? අනේ මන්දා! දිස්ත්‍රික්ක දාහතරක වතුර උගුරක් බොන්න නැතුව මිනිස්සු දුක් විඳින රටේ විස්කි බෝතලයක ගාන! (නි)

:       0       0

විමල් Thursday, 21 August 2014 01:12 PM

මේවා විස්කිද? නැත්නම් රත්තරන්ද? මෙතරම් වටිනා විස්කි ගැන මම ලෝකයේ කොහෙවත් අහලා නැහැ. (නි)

:       0       0

හෙසා Thursday, 21 August 2014 01:33 PM

මේවා මේ ප්‍රන්සයේ හදන වසර ගානක් පරණ බිම ජාතියක්. ඇත්තටම ලංකාවට ගෙන්වන්නේ අැයි දන්නේ නැහැ.(එතරම් සල්ලි කාරයෝ ඉන්න නිසානේ තියෙන්නේ) ගාන දැක්කම මට නම් නිකම් හුස්ම හිර උනා වගේ. ගෙයක් දොරක් හදා ගෙන ඉන්නවා අපි නම් නේද.? (නදී)

:       0       0

සමන්ත Friday, 22 August 2014 05:32 AM

දැන් පේනවා නේද මොවුන්ගේ කෙරුවාව? ඔය විස්කි අපේ අය බොන්නේ නැහැ කියලද හිතන්නේ? ඔය බෝතලයකට බද්ද කීයක් වෙන්න ඇද්ද? (නි)

:       0       0

විජිත Friday, 22 August 2014 05:36 AM

මේව දකින කොට මටනම් හිතෙන්නෙ, රටෙ ආර්ථික විශමතාවයක තරම බොහොම වෑඩියි කියලයි. ආශ්චර්යමත් රටක මෙවෑනි දේද තිබිය යුතුයි කියලත් සමහරක් කියයි නේද? (නදී)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Friday, 22 August 2014 06:31 AM

රට පාවලා දෙන අයට ඩයස්පොරාවෙන් සල්ලි එවනවා ඇති ඕවා බොන්න.(ස)

:       0       0

යසා Thursday, 21 August 2014 03:41 PM

මේවා බීපුවම හොඳට වෙරි ඇති (නදී)

:       0       0

ශ්‍රියානි Thursday, 21 August 2014 04:12 PM

මෙයින් බෝතලයක් ගන්න වියදම් කරන මුදලින් අසරණ ජීවිත ගණනකට පිහිටවිය හැකියි නේද ? (නදී)

:       0       0

පද්මිණි Thursday, 21 August 2014 04:17 PM

වයින් නම් පරණ වෙන්න වෙන්න මිල නඟින බව දන්නවා. එත් විස්කි බෝතලයක් මේ තරම් ඉහළ මිලට ගුවන් තොටුපළේවත් ගන්න නැහැ නේද? (නි)

:       0       0

අරුණ Friday, 22 August 2014 07:39 AM

පිටරට සේවයට ගිහින් එවන විදේශ විනිමයට මේවා ගෙන්වන්නේ මෙවැනි බීම වර්ග ජර්මනිය වැනි රටක වුනත් තරු 5 හෝටලයක බාර් එකක වත් නැත රටට ගිය කලක්(අ)

:       0       0

අශෝකා Friday, 22 August 2014 07:39 AM

තාම අධ්‍යාපනය ලබන සමහර තරුණයන් රු ලක්ෂ 11/ 2සපත්තු දාන,පැරිසියේ සාප්පු යන ,අවුරුදු 24 තරුණයන්ට ටීවි රේඩියෝ චැනල් තියෙන රටේ ඕක වැඩක්ද (අ)

:       0       0

මහින්ද කේ ගොඩගේ සීෂෙල්ස් Thursday, 21 August 2014 04:49 PM

ගාන කොහොම වුණත් උවමනා අය පාවිච්චි කරනවා.සක්විතිලා පිරුණු රටේ, ඕකත් ගානක්ද? සුනිල් මහත්තයෝ, දුක්වෙන්න එපා.ඊට වඩා ඔය පැත්තේ තිබෙන කිතුල් රා ටික පංකාදු පහයි නොවැ ... (නි)

:       0       0

නලින් යහම්පත් Thursday, 21 August 2014 06:03 PM

මේවා ප්‍රංශයේ නිපදවන රෙමි මාර්ටින් ලුවිස් 13 වර්ගයේ ඉතාම මිල අධික වර්ගයක්. නිපදවන රටේත් බෝතලයක් යුරෝ 2500 ක් 3000 ක් අතර වනවා. ලංකාවේ මැති ඇමතිවරුන්ට මේවා මහ ලොකු දේවල් නොවෙනවා ඇත (නි)

:       0       0

නලීම් Thursday, 21 August 2014 07:13 PM

චිවාස් රීගල් අවුරුදු 50ක් පරණ බෝතලයක් ලක්ෂ 15ක් විතර වෙනවා.ලෝකේ වටිනාම විස්කි බෝතලේ මම හිතන්නේ රුපියල් කෝටි පහකටත් වැඩියි. (ස)

:       0       0

රවින්ද්‍ර Thursday, 21 August 2014 07:54 PM

අනේ මන්ද අපි මේ රටේ අවරුදු ගමනක හිටියත් මේ වගේ දෙයක් ලබාගත නොහැකියි. (ස)

:       0       0

සත්‍යයා Friday, 22 August 2014 12:05 AM

මේ ප්‍රවෘත්තිය විහිළුවට ගන්න එපා. මේකෙන් ගම්‍ය වන, අප මෙතෙක් නොදැන සිටි යථාර්ථයක් හෙළිකරනවා. මේ රටේ සාමාන්‍ය පුද්ගලයෙකුට සාපේක්ෂව මෙවැනි අධික මිලැති මත්පැන් ලංකාවට ගෙන්වීමම සදාචාරවිරෝධීයි. කැසිනෝ ගෙන්නුවේ සංචාරකයින්ට කිව්වා වගේ මේවා ගෙන්වන්නෙත් සංචාරකයින්ට වෙන්න පුලුවන්. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Friday, 22 August 2014 12:55 AM

මට පරණ සින්දුවක කොටසක් මතක් උනා. [වයින් ] විස්කි බෝතලේ ඇති තැන විනෝද මිහිරේ. වැඩියෙන් ගත්තොත් යා හැකි දෙව්ලොව පාරේ. (නදී)

:       0       0

සත්‍යයා Friday, 22 August 2014 01:40 AM

අබුද්දස්ස කාලේ කිව්වත් සත්‍ය විකුර්ති කරන යුගය කිව්වත් දෙකම එකයි. මේකට අහිංසක මාධ්‍ය උන්නැහේලා ගෑවිලා මොකට පව් පුරෝ ගන්නවද මන්දා? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site