(දීපා අදිකාරි, ප්‍රසාද් මුතුකුඩ)
රුපියල් මිලියන 70ක නිම කරන ලද රන් ආභරණ කිලෝ 10ක් විදේශ මත්පැන් බෝතල් බහාලුමක දමාගෙන පැමිණි ලාංකිකයකු කටුනායක ගුවන්තොටුපළේදි අද (17) අලුයම අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳව මහතා පවසයි.
සැකකරු කොළඹ ග්‍රෑන්ඩ්පාස් පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි. ඉතා විසිතුරු හැඩයේ කැරට් 22 රනින් නිමවු මාල, වළලු, බ්‍රේස්ලට් විශාල ප්‍රමාණයක් මේ අතර තිබූ බව රේගුව කියයි.
සැකකරු ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් එෆ්.ඉසෙඩ් 557 දරණ ගුවන් යානයෙන් අලුයම 1 ට පමණ මෙරටට පැමිණ ඇති අතර ඔහු පිළිබදව ඇති වූ සැකයක් මත කළ පරික්ෂාවේදී මෙම භාණ්ඩ සොයාගෙන ඇති බවත් කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd