(දසුන් රාජපක්ෂ )
සංචාරක කර්මාන්තය නගාසිටුවීමට ප්‍රවර්ධන කටයුතු සිදුකරන බව පවසා රුපියල් මිලියන 40කට ආසන්න මුදලක් අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කළ බව සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අද (12) ප්‍රකාශ කළේය.
පසුගිය ආණ්ඩුව සංචාරක කටයුතු නිසි සැළැස්මක් අනුව ක්‍රියාත්මක නොකිරීම නිසා විදේශීය රාජ්‍යන්හි ස්ථාපිත කොට තිබුණු සංචාරක මණ්ඩලයට අයත් අනු කාර්යාල බොහොමයක් මේ වන විට වැසී ගොස් ඇති බවද අරුන්දික ප්‍රනාන්දු මහතා සදහන් කළේය.
සංචාරක ක්ෂේත්රයට අදාළ ප්‍රවර්ධන කටයුතු නිසි ආකාරව සිදු නොවන නිසා මෙරට සංචාරක හෝටල් විසින් බදු මුදල් ගෙවීම් පැහැර හරිමින් සිටින අතර එම තත්ත්වය මගහරවා ගැනීම සදහා අදාළ හෝටල් සමග සාකච්ඡා කොට එකගතාවයකට පැමිණීමට බලාපොරොත්තු වන්නේ යැයි ඔහු පැවසීය.
කඩා වැටී තිබෙන සංචාරක කර්මාන්තය නගාසිටුවීම පිණිස සියළුම තානාපති කාර්යාලවලට සුදුසුකම් සහිත සංචාරක කටයුතු ප්‍රවර්ධන නිලධාරීන් දෙදෙනා බැගින් පත් කිරීමට නියමිත බව ඒ මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා අපිට කියන්නේ නැතුව හොරු අල්ලලා හිරේ දාන්නකෝ. පහුගිය ආණ්ඩුව අවරුදු පහක්ම හොරු හෙව්වා. දැන් මේ ආණ්ඩුවෙනුත් ඒකම කරනවා.
මේගොල්ලන් බලයට පත්වුණාම ඒගොල්ලන්ගෙ වැරදි හොයනවා .ඒගොල්ලන් බලයට පත්වුණාම මේගොල්ලන්ගෙ හොරකම් හොයනවා .ජනතාවට මෝඩ චූන් සපයනව. ඒ පැත්තේයි මේ පැත්තෙයි වහල්ලුන්ට ඉතිං මෝඩ චූන් තමයි.
මහජනයා විසින් අලුත් ආණ්ඩුවක් පත්කරන්නේ එකිනෙකාට ඇඟිල්ල දික්කර කර ඉන්න නොවේ. මේ රටට නිදහස ලබුනදා ඉඳලා කළේ අරයා වැරදිය. මෙයා වැරදිය කිය කියා හිටිය එක මිස රට දියුණුව කරා ගෙනයාම නොවේ. ඇමති ගොල්ලෝ සිටිය යුතු වන්නේ නිලධාරීන් ගෙනෙන යෝජනා හා තර්ක විතර්ක නිවැරිදිව ගණනය කර රට අනාගත ලෝකයට මුහුණ දෙන්න සුදුසු ලෙස ඉදිරියට ගෙනයාමට මිස අනුන්ගේ වැරදි පමණක් කියා රට සුරා කෑමට ලක් කිරීමට නොවේ. මිට ඉස්සෙල්ලා හිටිය කට්ටිය වැරදි මග ගිය නිසා අලුත් කට්ටියක් පත්කරා.
කරන දෙයක් කරන්න අපට කන් කරච්චාලයක් නැතිව ඉන්න දීලා.
අරුන්දික ඇමතිතුමා, විමර්ශන විතරක් කරනවා නම් ඕක දැන්මම නවත්වන්න. මොකද ඔය විමර්ශනය නවතින්නේ තව මිලියන 60ක් වත් වියදම් කරලා.
"කඩා වැටී තිබෙන සංචාරක කර්මාන්තය නගාසිටුවීම පිණිස සියළුම තානාපති කාර්යාලවලට සුදුසුකම් සහිත සංචාරක කටයුතු ප්‍රවර්ධන නිලධාරීන් දෙදෙනා බැගින් පත් කිරීමට නියමිත බව ඒ මහතා වැඩිදුරටත් කීය." එතකොට තානාතිපති කාර්යාලවල දැන් ඒවා නැද්ද? තවත් ඉතින් නෑදෑයින්ට පිටරට ජොබ් එකක් දෙන්න නියම ප්ලෑන් එක...
ඕනෙ දෙයක් කරන්නයි තියෙන්නේ... තව මාස 3යිනේ තියෙන්නේ...
බදු නොගෙවා එතනෝල් ගෙනාපු එක අනුන්ගේ මුදල් අවභාවිතයන් ගැන හොයනවා.