
(ගයාන් සූරිය ආරච්චි, බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ විමල් කීර්ති)
මෙරට තුළ නීතිවිරෝධීව රැඳී සිටිමින් අන්තර්ජාලය හරහා මූල්‍ය ජාවාරමක් සිදු කළැයි කියන ඉන්දියන් ජාතිකයෝ හැට දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මූල්‍ය වංචා සඳහා යොදාගත් ස්මාට් වර්ගයේ ජංගම දුරකථන 135 ක්, පරිගණක 40 හා ලැප් ටොප් පරිගණක 17 ක් සිය බාරයට ගත් බව ද පොලිසිය කියයි.
තලංගම , කෝට්ටේ මාදිවෙල සහ කොච්චිකඩ යන ප්‍රදේශවලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන
අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ ඉන්දියාවේ තහනම් කරන ලද සූදු අන්තර්ජාල පිටුවක් මෙරට රැඳී සිට ක්‍රියාත්මක කළ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තමයි ලොකුවට පම්පෝරි ගහන, ලංකාවට එනවයි කියන ඉන්දීය සංචාරකයින් ....ඩොලර් එනවා නෙමෙයි, තියෙන ටිකත් නැතිවෙනවා ...
තවම මේ පටන් ගත්තා විතරයි. තව සෙල්ලම් ඉදිරියට බලා ගන්න පුළුවන්.