කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීත්‍යනුකූල නොවන බවට හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පසුගිය මාසයේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) තීන්දු කළේය.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, ප්‍රියසාද් ඩෙප් හා රෝහිණී මාරසිංහ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම අද කැඳවිණි.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිස අත් අඩංගුවට ගත්තේ රටේ පිළිගත් නීතිමය තත්ත්වයන් ට අනුකූලව බවත් නීතිපතිවරයා අධිකරණයට කියා සිටියේය.
පෙත්සම මගින් වගඋත්තරකරුවන් කර ඇත්තේ කැබිනට් අමාත්‍යවරු, ජනාධිපති ලේකම්, පොලිස්පති, මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති, රහස් පොලිසියේ අධ්‍යක්ෂක සහ නීතිපතිවරයා ඇතුළු පිරිසයි.
පෙත්සම සම්බන්ධ විරෝධතා ඇත්නම් මාස දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය පොලිසියට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොරකම් , දුෂණ, වංචා කරලා නැත්නම් මොකටද එක එක ආයතනවලට විරුද්දව නඩු යන්නේ. තමන්ගේ නිර්දෝෂී බව ඔප්පු කලානම් ප්‍රශ්නයක් නැහැනේ. (අ)
වික්‍රම කියන දේ නම් ඇත්ත තමයි (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
නීති විරෝදී නම් නීති විරෝදීම තමයි. ඒකට කාලයේ බලපෑමක් නැහැ. (නදී)
මූල්‍ය අපරාධ පොලිසියෙන් කරන්නේ මහජනතාව ඉල්ලපු දේ. නීති තිබෙන්නේ මහජනතාව වෙනුවෙන්.එමනිසා එය කිසිසේත්ම නීතිවිරෝධී නොවේ. හොරුන්ව තක්කඩියන්ව ආරක්ෂාකරන අයට තමා මෙය නීතිවිරෝධී ලෙස පෙනෙනවා ඇත්තේ (නි)
කිසිසේත්ම නීතිවිරෝධී නොවේ. හොරුන්ව තක්කඩියන්ව ආරක්ෂාකරන අයට තමා මෙය නීතිවිරෝධී ලෙස පෙනෙනවා ඇත්තේ(නදී)
දැන් සේරම නීති විරෝධී . ඉස්සර සේරම නීත්‍යනුකූල දේවල් ? (ම)
අපරාදේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැම්මේ. මේ ප්‍රතිචාර දාපු අයගෙන් ඇහුවනම් තීරණය දෙනවනේ. (ම)