IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මූල්‍ය අපරාධ පොලිසියට එරෙහි පෙත්සමට අවසර

කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීත්‍යනුකූල නොවන බවට හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පසුගිය මාසයේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) තීන්දු කළේය.

අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, ප්‍රියසාද් ඩෙප් හා රෝහිණී මාරසිංහ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම අද කැඳවිණි.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිස අත් අඩංගුවට ගත්තේ රටේ පිළිගත් නීතිමය තත්ත්වයන් ට අනුකූලව බවත් නීතිපතිවරයා අධිකරණයට කියා සිටියේය.

පෙත්සම මගින් වගඋත්තරකරුවන් කර ඇත්තේ කැබිනට් අමාත්‍යවරු, ජනාධිපති ලේකම්, පොලිස්පති, මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති, රහස් පොලිසියේ අධ්‍යක්ෂක සහ නීතිපතිවරයා ඇතුළු පිරිසයි.

පෙත්සම සම්බන්ධ විරෝධතා ඇත්නම් මාස දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය පොලිසියට දැනුම් දුන්නේය.



අදහස් (0)

මූල්‍ය අපරාධ පොලිසියට එරෙහි පෙත්සමට අවසර

අජිත් කරුණාරත්න Friday, 26 June 2015 08:37 AM

සොරකම් , දුෂණ, වංචා කරලා නැත්නම් මොකටද එක එක ආයතනවලට විරුද්දව නඩු යන්නේ. තමන්ගේ නිර්දෝෂී බව ඔප්පු කලානම් ප්‍රශ්නයක් නැහැනේ. (අ)

:       0       0

නිවන්තක Thursday, 25 June 2015 03:19 AM

වික්‍රම කියන දේ නම් ඇත්ත තමයි (නි)

:       0       0

කිත්සිරි Thursday, 25 June 2015 03:20 AM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

සැමී Thursday, 25 June 2015 03:25 AM

නීති විරෝදී නම් නීති විරෝදීම තමයි. ඒකට කාලයේ බලපෑමක් නැහැ. (නදී)

:       0       0

ශාමන්ත වෙල්ගම Thursday, 25 June 2015 03:48 AM

මූල්‍ය අපරාධ පොලිසියෙන් කරන්නේ මහජනතාව ඉල්ලපු දේ. නීති තිබෙන්නේ මහජනතාව වෙනුවෙන්.එමනිසා එය කිසිසේත්ම නීතිවිරෝධී නොවේ. හොරුන්ව තක්කඩියන්ව ආරක්ෂාකරන අයට තමා මෙය නීතිවිරෝධී ලෙස පෙනෙනවා ඇත්තේ (නි)

:       0       0

අමන්දා Thursday, 25 June 2015 03:59 AM

කිසිසේත්ම නීතිවිරෝධී නොවේ. හොරුන්ව තක්කඩියන්ව ආරක්ෂාකරන අයට තමා මෙය නීතිවිරෝධී ලෙස පෙනෙනවා ඇත්තේ(නදී)

:       0       0

ශ්‍රී වික්‍රම Wednesday, 24 June 2015 11:50 AM

දැන් සේරම නීති විරෝධී . ඉස්සර සේරම නීත්‍යනුකූල දේවල් ? (ම)

:       0       0

රංග Thursday, 25 June 2015 05:16 AM

අපරාදේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැම්මේ. මේ ප්‍රතිචාර දාපු අයගෙන් ඇහුවනම් තීරණය දෙනවනේ. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 115 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site