පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය සහ නීතිය ක්‍රියාත්මක කරන සෙසු අංශ විසින් සිදු කරගෙන යන පරීක්‍ෂණ මුළුමනින්ම ස්වාධීන බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු දේශපාලන ඇඟිලි ගැසීමක් නැති බවත් අග්‍රමාත්‍ය කාර්යාලයය කියයි.
පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය ස්ථාපිත කළේ බරපතල මූල්‍ය අපරාධ බහුල ලෙස වර්ධනය වූ පසුබිමක බවත්, පොලිස් ආඥාපනතේ 55 වැනි වගන්තිය අනුව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව පිහිටවූ එය පොලිස්පතිවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන බවත් අගමැති කාර්යාලයය සඳහන් කරයි.
එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
‘පොලිස් දෙපාර්තමේන්තුවට අනුබද්ධව මේ වන විට මෙවැනි අංශ 64 ක් ක්‍රියාත්මක වන අතර, ඒ අතර ත්‍රස්ත විමර්ශන ඒකකය, අපරාධ වාර්තා අංශය, අපරාධ පරීක්‍ෂණ අංශය, කොළඹ අපරාධ කොට්ඨාසය, මත්ද්‍රව්‍ය කාර්යාංශය, පොලිස් ළමා හා කාන්තා කාර්යංශය, වංචා විමර්ශන ඒකකය සහ පරිසර සංරක්‍ෂණ අංශය ද වේ. මෙම අංශ අතරින් බොහොමයක් පොලිස් දෙපාර්තමේන්තුවේ ආරම්භක කාල සීමාවේ පැවතුණු ඒවා නොවන අතර පසු කාලීනව ඒ ඒ කාල සීමාවන්හි පැන නැගුණු අවශ්‍යතා අනුව ස්ථාපිත කරන ලද ඒවාය.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය ද ස්ථාපිත කරන ලද්දේ ඊට සමාන අන්දමටය. පොලිස් දෙපාර්තමේන්තුවට ඇති බලතල හැරුණු විට වෙනත් කිසිදු ව්‍යවස්ථාපිත බලයක් හෝ විශේෂ විධානයක් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට ලබා දී නැත. මෙවැනි අංශයක් අලූතින් ස්ථාපිත කිරීමේ අරමුණ වූයේ මූල්‍ය අපරාධ විමර්ශනය සම්බන්ධයෙන් පළපුරුදුකම් සහිත නිලධාරීන්ගේ සේවය ඒ සඳහා ලබා ගැනීමට හැකි යාන්ත්‍රණයක් සකසා පරීක්‍ෂණ කඩිනම් කිරීමයි.
දූෂණ මර්දන කමිටුව නම් වන කැබිනට් අනු කමිටුව පත් කරන ලද්දේ මේ වසරේ ජනවාරි 21 වැනිදා පැවැත්වුණු කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයකට අනුකූලවය. අනාගතයේදී බරපතළ මූල්‍ය අපරාධ සහ වංචා සිදුවීම වැළැක්වීම සඳහා ගත යුතු පියවර නිර්දේශ කිරීමේ අරමුණ ඇතිව මෙම කමිටුව පත් කරනු ලැබිණි. මෙම කමිටුවේ නිර්දේශ මත සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව මේ සඳහා වෙනම ලේකම් කාර්යාලයක් ස්ථාපිත කරන ලදී. මෙම ලේකම් කාර්යාලය පිහිටුවීමේ අරමුණ වූයේ බලපතළ මූල්‍ය අපරාධ සහ වංචා සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්‍ෂණ සම්බන්ධීකරණය කිරීමය.
මෙහිදි අවධාරණය කළ යුතු කරුණක් වන්නේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය හෝ එම ලේකම් කාර්යාලය කැබිනට් අනු කමිටුව මඟින් කිසිසේත් පාලනය නොවන බවයි. එසේ වූවත් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වීම තහවුරු කරලීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය පමණක් නොව නීතිය ක්‍රියාත්මක කරන සෙසු අංශ විසින් ද සිදු කරනු ලබන පරීක්‍ෂණවල ප්‍රගතිය සතිපතා සමාලෝචනය කිරීම සිදුවේ.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය සහ නීතිය ක්‍රියාත්මක කරන සෙසු අංශ විසින් සිදු කරගෙන යන පරීක්‍ෂණ මුළුමනින්ම ස්වාධීන බව රජය සහතික කරන අතර නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කිසිදු දේශපාලන ඇඟිලි ගැසීමක් සිදු නොවන බවට ද අවධාරණය කෙරේ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ විදියට සිද්ධ වෙනවා නම් ගොඩක් සතුටුයි.(හේ)
නීතිය ක්‍රියාත්මක කලයුත්තේ නිත්‍යානුකුලව පිහිටවපු ආයතන වලින් (කේ)
1977 සිට 2015 ජනවාරි 8 වෙනි දින දක්වා අපේ රටේ සිදු වූ දේවල් නිසා ස්වාධීන යන වචනයේ තේරුම ගැන ඇත්තේ කුකුසක්ය.පසුගිය රජයේ අය වැරදි කර තිබෙනවා නම් ඒ ගැන නිත්‍යානුකූලව සොයා බලා අනිවාර්යෙන්ම දඩුවම් කළයුතුය.යහපාලන යන වචනය විනාශ කළ මහා බැංකුවේ සිද්ධිය සම්බන්ධවද ස්වාධීන පරීක්ෂණයක අවශ්‍යතාවයක් ඇති බවද වර්තමාන රජය අමතක නොකළ යුතුය. (නි)
මේවායේ විපාක ලැබේවි ඉදිරියට. එතකොට පෙනෙයි ස්වාධීනද නැද්ද කියලා (නි)
මේක කරන්නේ කවුද කියලත් කියන්න. දේශපාලකයෝ නැතුව පොලිසියම මෙය කරනවා නම් තවත් හොඳයි. (නි)
අවනීතිය වාන්දමමින් සිටි යුගයක ලංකාවේ බුද්ධිමත් ජනතාව සියලු වැරයොදා එම වාන් දොරටු වසා දැමුවා. දැන් අපේ රටට සියලු දෙනාගේ ආශිර්වාදය ලැබෙනවා. (නි)
චානක මහතාණෙනි, වෙනස පෙනෙනවා අපිට හොඳට (නි)
කොමිසම ගානට අවශ්‍ය පුද්ගලයින්ව අල්ලයි ඡන්දෙට කලින්. (නි)
කාටවත් බය වෙලා මේවා නතර කරන්න එපා. මේවට බයවෙලයි දැන් ඉන්නේ මේ රට කාපු හොරු (නි)
මේ ආණ්ඩුවේ සියලුම දේවල් ස්වාධීනයි , කිසිම දෙයක් දේශපාලනි කරණය වෙලා නෑ. 100% ඇත්ත . (හේ)
රනිල්ට අපේ උත්ත්මාචාරය (නදී)
ඕවා අපිට කියන්න එපා (නි)
පෙනෙනවා නේද වෙනස ......? අපි කලබල නොවී ඉඳිමු. අපරාධකරුවන් සුද්දකර රටේ ජනතාවගේ සතයකටවත් අත නොතියන තැනට රට ගෙන ආ යුතුයි (නි)
කියන විදියටම වෙනවා නම් අපි හරිම කැමතියි (නි)
නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් හෘද සාක්ෂියට එකඟව සැමවිටම විමර්ෂණ අරඹන්න. චෝදනා වලට ලක්වු තැනැත්තන්ට චෝදනා ගොනුකිරීම නඩු පැවරීම යනාදී කාරණා වලදී කිසිදු දේශපාලන හස්තයක උවමනාවන් ඉටුනොකරන්න වගබලාගන්න. රාජකාරි කරන අය දහම හා දෙවියන් විසින් සුරකිනු ඇත. එය එසේ නොකළහොත් ඔබට මිහිපිට මිහිකතගේ උදහසට ලක්ව මියයනතුරුම දැවි දැවී පිච්චෙන්නට නිසැකවම සිදුවනු ඇත. (නි)
මහා බැංකුවට දැමූ කොමිසම වගේ නම් නොවේවා! (නි)
ඇත්තම කියනවා නම් දැන් සියලුම දෙනා හරිම ස්වාධීනයි (නි)