මලබාර් ගෝල්ඞ් ඇන්ඞ් ඩයමන්ඞ් සමාගමේ 152 වැනි ජාත්‍යන්තර ශාඛාව පසුගියදා සාජා හි රෝලා වීදියේදී විවෘත විය. මෙය මලබාර් ගෝල්ඞ් ඇන්ඞ් ඩයමන්ඞ් සමාගමටම අයත් ගොඩනැගිල්ලක පවත්වාගෙන යන පළමු ශාඛාවද වෙයි.
මැයි 20 වැනි දින අල් ලීම් කෝපරේෂන් හි නිර්මාතෘ සහ විධායක සභාපති ආචාර්ය රෂීඞ් අල් ලීම් විසින් නව ප්‍රදර්ශනාගාරය විවෘත කළ අතර එම අවස්ථාවට මලබාර් සමූහයේ සම සභාපති ආචාර්ය ඊබ්‍රාහිම් හාජි, ජාත්‍යන්තර මෙහෙයුම් කළමනාකාර අධ්‍යක්ෂ ෂාම්ලාල් අහ්මඞ්, සමූහ විධායක අධ්‍යක්ෂ කේ.පී. අබ්දුල් සලාම්, ආරාධිත අමුත්තන් සහ මාධවේදීන් රැසක්ම සහභාගි විය.
නව ප්‍රදර්ශනාගාරය මලබාර් සමූහයට අයත් මලබාර් ප්ලාසා ගොඩනැගිල්ලේ බිම් මහළේ පිහිටා ඇති අතර එහි අනෙක් මහල් වෙනත් ආයතන සඳහා කුලී පදනම මත ලබාදී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd