පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අටක් මීට පෙර ද ආරම්භ කිරීමට උත්සාහ කළ බවත් ඒ සියල්ල නවතා දැමුවා සේම මාලබේ පෞද්ගලික විශ්වවිද්‍යාලය වසා දමන තෙක් සටන් කරන බවත් සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ජයන්ත බණ්ඩාර මහතා කියයි.
වෛද්‍ය සභාව නොපිළිගන්නා වෛද්‍ය සිසුන් ලෙස සුදුසුකම් නොලැබූ පිරිසකට වංක ගිවිසුමක් ඔස්සේ සායනික පුහුණුව ලබාදීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කටයුතු කර ඇතැයි ද ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලික රෝහල් වහනතෙක් සටන් කරන්න ඕනෑ නැද්ද? (නි)
වෛද්‍ය සංගමය තරම් කුහක සංගමයක් ලෝකෙ නැති තරම්. වෛද්‍යවරයෙක් වෙන්න ඉගෙන ගන්නේ පාසලෙන් විතරද? ටියුෂන් ගියේම නැද්ද? ටියුෂන් නිදහස් අධ්‍යපනයද? ලංකාවේ ආර්ථිකයට දැන්ම තවත් වෛද්‍ය විද්‍යාල හදන්න බෑ. (ම)
ලංකාවේ සයිටම් ඇරෙන්න තව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් තියෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එකට විරුද්ද නේ. පුදුම කුහක කමක් නේ. (ම)
අපේ ළමයි බංගලිදේශයේ ගිහින් දොස්තර උපාධි කරලා එනකොට මේගොල්ලොන්ගේ කටේ පිට්ටු. රට ගැන හිතන්නේ නැති කුහක දොස්තරලා වෙලා වැඩක් නැහැ (නි)
මෙයාලා තමන්ගේම වළ කපාගන්න හදනවා වගේ. ඔච්චර කුහක වෙන්න එපා. විදේශ සේවයේ නියුතු අයගේ ළමයිනුත් ලංකාවේ අධ්‍යාපනය ලබනවා නම් ඔවුන්ට තිබෙන්නේ පුද්ගලික විශ්ව විද්‍යාලයි. ඒ අය අතර ගොඩක් දක්ෂයන් සිටිනවා, රටින් පිට ජීවිතය ගැන අත්දැකීම් ලබපු. නියම දක්ෂයන් කවුද කියලා සාධාරන තරඟයක් තිබ්බා නම් හොයන්න තිබුනා. (නි)
අද වෙනකොට උත්තරිතර පාර්ලිමේන්තුවේ ඉන්නවා 8 පමණක් සමත්,10 සාමාන්‍ය පෙළ සමත්, උසස් පෙළ අසමත් ......පිරිසක්. ඒ වගේ ඉදිරියේදී දොස්තරලගේත් පිරිසක් සිටීවි උසස් පෙළ අසමත් එ්ත් වෛද්‍ය උපාධිය තිබෙන.අසරණ ලෙඩුන්ට දෙවියන්ගේම පිහිටයි.බුදුන්ගේ සරණයි. (බ)
කුහක වෙන්න එපා (නි)
මේකේ ඇති කිසිම වැරැද්දක් නැහැ. අපේ රටේ පුළුවන් තරම් පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන ඇතිකරන්න ඕනෑ. පිටරටවල්වල ඕනෑතරම් පුරප්පාඩු තියනවා. එහෙම වුණාම අපේ රටේ කාන්තාවන් පිටරට යවලා උපයන මුදල වගේ 10 ගුණයක් විදෙස් විනිමය ලංකාවට ගෙන්වන්න පුළුවන්. ඒ නිසා මේ උගත් කියාගත් ලංකාවේ මෝඩ පිරිසට විශ්ව විද්‍යාලයෙන් පිටවෙන්න කලින් බාහිර ලෝකය ගැන උගන්වනවා නම් මේ වගේ කුහක අදහස් නැතිවෙලා යයි. (නි)
ඇයි මේ කුහකකම් කරන්නේ තමන්ගේම රටේ එකම වයසේ දරුවන්ට. ලකුණක් දෙකක් අඩුවුණාට ඔවුන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසු දරුවන්. තව අවුරුද්දක් කාලා දානවට වඩා හොඳ නැද්ද අතින් වියදම් කරගෙන හරි ඉගෙනගන්න එක. (නි)
සාගර. ඔබ හරි. මට දුක අපේ පංතියේ මිනිස්සුම අපේ පන්තියේ දැනට ඉතිරි වෙලා තිබෙන ඓතිවාසිකම් ටිකත් පාවලා දෙන එක ගැනයි. (ර)
මේකේ තිබෙන අදහස් ගොඩක් දොස්තරලාට විරුද්ධව දාපුවනේ. ඔය දොස්තරලට තියෙන්නේ ඔය අවශ්‍ය දේ කරන්න දීලා රටේ ඉන්න අයට ඔය ඉවත්වෙන දොස්තරලාගෙන් බෙහෙත් ගන්න කියන්න. අනික ගොඩක් අයට සරසවියකට වැස්සකටවත් යන්න බැරිවුණ දුකට මේක නැති නාස්ති කරන්න ඕනෑවෙලා තියෙන්නේ (නි)
ඒ වගේම සුදුසුකම් නැති පිටරට වලින් එන වෛද්‍ය උපාධිධාරින්ට විරුද්ධව ඇයි කෑගහන්නේ නැත්තේ ?
මාලබේ වහන්න දෙන්න එපා කීයටවත් (නි)
තිලක් ඩුබායි, කසුන්, ඇස්දෙක වහගෙන ලෝකේ දිහා බලන්න එපා. පුද්ගලික විශ්ව විද්‍යාල වලට එන්නේ මෝඩයෝ නෙමෙයි. සරසවියට යන්න ලකුණු 4 ක් 5 ක් 10 ක් මදිවුණ දරුවෝ. දුෂ්කර පළාත්වල දරුවෝ ඊට වඩා අඩු ලකුණු වලින් එනවා රජයේ විශ්ව විද්‍යාල වලට. ඉතින් මුදල් තිබෙන අය ඉගෙනගත්තාට කමක් නැහැ නේද. අපිත් සල්ලිකාරයෝ නෙමෙයි. රජයේ රෝහලින් බෙහෙත් ගන්න මිනිස්සු. ඒක නිසා අපි දන්නවා ඔය දොස්තරලා රෝගීන්ට දාන ගෙම්බර්. (නි)
මෙවන් විශ්ව විද්‍යාල තව කීපයක් ඇතිකළ යුතුයි (නි)
දැන් මෙතන සමහරු හිතාගෙන ඉන්නේ සල්ලි තිබුනා නම් විභාග අසමත් වුණත් වෛද්‍ය උපාධියක් ගන්න පුළුවන් කියලා. අනේ ඉතින් දැනුමේ තරම. (නි)
එහෙනම් කොතලාවලත් වහන්න වෙයි (නි)
සුදුසුකම් නොමැති කොතලවලෙත් වහන්න (ම)
මේ තරම් කුහක පිරිසක් ලෝකේ කොතනකවත් නැතිව ඇති. ලංකාවේ ළමයි හරිම බුද්ධිමත්, මේ පුංචි රටේ චීන වගේ විශාල කර්මාන්ත පුර දමන්න හැකියාවත් අඩු එකේ, මෙවැනි පුද්ගලික වෛද්‍ය විද්‍යාල 2 ක් 3 ක් දමා ලෝක වෙළඳ පොලට වැඩි වැඩියෙන් වෘත්තිකයන් බිහි කලොත් අපේ රටට මොන තරම් විදේශ විනිමයක් ලැබේද. අලුත් විදිහට හිතන්න , ගෘහ සේවිකවෝම රට යවනවද, හොඳ වෘත්තිකයන් රට යවනවද. අද ඉන්දියාව, චීන කරන්නෙම මේක, ලෝකේ පුරාම ඉන්දියන් , චීන, ජපන්, වැඩ කාරයෝ. (ම)
විස්වා විද්‍යාලයට සුදුසුකම් ලබන සියලු සිසු දරුවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ දෙන්න ලංකාවේ බදුගෙවන ජනතාවට බැහැ. ඉතින් පුළුවන් කෙනෙක් සල්ලි දීලා ඉගෙනගත්තහම ඇති වැරැද්ද මොකක්ද? (නි)
ඉගෙනීම මානව අයිතිවාසිකමක්. උසස් පෙළ විභාගයෙන් සමත් පිරිසෙන් ඉතා සුළු පිරිසකට පමණයි රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුලත් වෙන්න ලැබෙන්නේ. සුදුසුකම් ලබන බොහොම දෙනෙකුට වෙනත් අධ්‍යාපන මාර්ගයක් තිබිය යුතුයි. නමුත් රජයට හැකියාවක් නෑ සියලුම දෙනාට නොමිලේ අධ්‍යාපනයට පහසුකම් සලසන්න. මේ සඳහා පෞද්ගලික අංශයේ මැදිහත්වීම අත්‍යවශ්‍යයි. (ම)
අපේ සිංහල දොස්තරලා ඔය මහා ලොකු උපාධි නැතිවුණාට හොඳට සාධාරනව බෙහෙත් දෙනවා. (නි)
සල්ලි තිබීම හෝ නැතිවීම අධ්‍යාපනයට හෝ දක්ෂතාවයට අදාළත්වයක් නැහැ. (නි)
මට ලංකාවේ ඉංජිනේරු අංශයෙන් විශ්ව විද්‍යාලයට යන්න සුදුසුකම් තිබුනේ නැහැ. එහෙත් මම මට යන්න බැරිවුණ විශ්ව විද්‍යාලයට මගේ දරුවාව යවන්න උනන්දු කළා. මේ වෙනකොට මටත් මගේ දරුවා වෙනුවෙන් වත්කම තිබෙනවා රුපියල් ලක්ෂ 65 ක් වියදම් කරන්න. මම කතාකරන්නේ අසරණ දුප්පත් මිනිසුන්ගේ දුප්පත් උගත් දරුවන් ගැනයි. (නි)
පුද්ගලික විශ්ව විද්‍යාල බිහි වීමේ අනතුර තේරුම් ගන්න.පුද්ගලික විශ්ව විද්‍යාල වලින් විශාල මුදලක් වේතනය වශයෙන් ගෙවල සුපිරිම කථිකාචාර්යවරු ටික මිලයට ගන්නවා.ඔවුන් වුණත් රජයේ ගෙවන මුදලට වඩා 4 ගුණයක් වේතනයක් ගන්න අකමැති වෙන්නේ නැහැනේ.(ම)
නිදහස් අද්‍යාපනය කියන්නේ පුද්ගලික විශ්ව විද්‍යාල බුරුතු පිටින් පිහිටුවන එක නෙවෙයි. විධිමත් අධීක්ෂණයක් යටතේ පුද්ගලික විශ්ව විද්‍යාල නිසි ප්‍රමිතියෙන් පවත්වාගෙන යාම නරක දෙයක් නෙවෙයි. හැබැයි ඒවායේ දුප්පත් සහ විශිෂ්ට ප්‍රතිඵල ගත්ත සිසුන්ට නොමිලේ අධ්‍යාපනය ලබන්න හැකි විය යුතුයි. ඒ වගේම රජයේ පාසල් වල සහ සරසවිවල ඉගෙන ගන්න යහමින් මුදල් ඇති සිසුන්ගෙන් අනිවාර්යෙන්ම මුදල් අයකළ යුතුයි. අන්න එතකොට ඔය කවුරුත් විරුද්ධවෙන එකක් නෑ. (ම)
ඉන්දියන්,පිලිපීන ජාතිකයන්ගේ කතා කරන හැම කෙනාටම උපාධියක් තිබෙනවා. උන්ගේ උපාධිය තියාගෙන මෙහෙ සුළු රැකියාවල් කරනවා. එ්ත් අපේ රටේ ඉංජිනේරු උපාධිය තියාගෙන සුළු රැකියාවල් කරනවද?අපේ රටේ ඉංජිනේරු උපාධිය තිබෙන අය ලොකු තරු 5 හෝටල් වල ප්‍රධාන ඉංජිනේරු තනතුරු දරද්දී ,ඉන්දියාවේ උපාධිය තිබෙන කෙනා කාර්මික තනතුරක් දරනවා.ඒක තමයි උගත් කමෙත් ප්‍රමිතිය කියල කියන්නේ. (බ)
වෛද්‍ය සංගමය ඔය නවත්වපු වෛද්‍ය විද්‍යාල 8 පටන්ගන්න ඉඩ දුන්නා නම් ඔය දැන් ඇමතිතුමා රටින් ගෙන්වනවා කියන දොස්තරලා ගෙන්වන්න වෙන්නේ නැහැ. අපිට දොස්තරලා රට යවන්න තිබුණා. රටින් දොස්තරලා ගෙනාවට ලංකාවේ ඉංග්‍රීසි නොදන්නා අහිංසක අපේ මිනිසුන්ට බෙහෙත් ගන්න වෙන්නේ නැහැ. දැන්වත් යථාර්ථය තේරුම් අරගෙන මොන ක්‍රමයකින් හරි ලංකාවේ තව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටවිය යුතුයි (නි)
පෞද්ගලික විශ්ව විද්‍යාල බිහි වීමේ අනතුර තේරුම් ගන්න.පුද්ගලික විශ්ව විද්‍යාල වලින් විශාල මුදලක් වේතනය වශයෙන් ගෙවල් සුපිරිම කථිකාචාර්යවරු ටික මිලයට ගන්නවා.ඔවුන් වුණත් රජයේ ගෙවන මුදලට වඩා 4 ගුණයක් වේතනයක් ගන්න අකමැති වෙන්නේ නැහැනේ.ඒ හින්දා ඒ ගොල්ල ලංකාවේ රැදෙනවා නැත්තම් සේරම පිටරට යනවා මහත්තයෝ. (ම)
තිලක් ඔය අසරණ දුප්පත් මිනිසුන්ගේ දුප්පත් උගත් දරුවන් ගැන වගේම අනිත් දරුවන් ගැනත් හිතන්න .සුදත් කියනවා වගේ ගෘහ සේවිකවෝම රට යවනවද, හොඳ වෘත්තිකයන් රට යවනවද. කියන එක ඔය හොදට දන්නවා නේ ඩුබායි ඉන්න හින්දා. (ර)
තත්වයෙන් උසස් අධ්‍යාපනයක් ලබාදීමේ වරදක් නැත. නොමිලේ ලැබෙන වරප්‍රසාද නිසා තමයි ඔය විශ්වවිද්‍යාල වල ගොඩක් මජනයට අපහසු වෙන උද්ගෝෂණ කරන්නේ. (ර)
වෙද්‍ය සංගමය හරිම කුහක විදියට තමයි මාලබේ වෙද්‍ය විද්‍යාලය දිහා බලන්නේ. වෛද්‍යවරු පුද්ගලික සරසවියට විරුද්ධ නම් ඇයි පුද්ගලික සේවයේ යෙදෙන්නේ? ඇයි පුද්ගලික රෝහල් වලට ලෙඩ්ඩු බලන්න යන්නේ? මේක තමන්ගේ ගොඩ වැඩි කරගන්න කරන වැඩක් කියලයි අපි නම් හිතන්නේ. (නි)
මිලියන ගණනක් වැයකරලා රජයේ විශ්ව විද්‍යාල වලින් උගන්නලා එළියට දාන දොස්තරලට තමන්ට පුළුවන් විදිහට රස්සාවක් හොයාගන්න කියලා කිව්වා නම් ඔය ඔක්කොම ගැටළු ඉවරයි. (නි)
මාලබේ දැන් පාස්අවුට් වෙන්න ඉන්න කට්ටිය ගැන හොද හෙළිදරව්වක් ගියා මේ ලගදි.මේකෙන් වෙන්නේ දොස්තරගේ පුතා හැමදාම දොස්තර.දේශපාලකයාගේ පුතත් දොස්තර.(ම)
දැන් බලන්න. ලර්නර්ස් වලට සීටීබී බස් දෙනවාද? නැහැනේ (නි)
ඩුබායි තිලක් පුතාව ඩුබායි වලට ගන්න. එතකොට ඩිග්රියත් අතේ තියාගෙන ඒ අයට කඩේ යන්න පුළුවන් (බ)
රජය වෛද්‍ය නිලධාරී සංගමය, ඔබ තුමන්ලා මේ තිබෙන බෙහෙත් මාෆියාවට, චැනල් මාෆියාවට , පෞද්ගලික රෝහල් වල ගසා කෑම වලට විරුද්ධව කැගහන්නේ නැත්තේ මොකද ? (බ)
පුද්ගලික සරසවි පටන්ගන්න එක හොඳ දෙයක්. උසස්පෙළින් විශ්ව විද්‍යාලයට යන්න ලකුණු ටිකක් මදි ළමයි නැත්නම් අනාතයි. මේකෙන් නිදහස් අධ්‍යාපනයට මොකුත් වෙන්නේ නැහැ. (නි)
සල්ලි තිබෙන ළමයින්ට අසාධාරණයක් මේක (නි)
පුද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍යමුත් ඒ සඳහා නිසි ප්‍රමිතියක් තිබිය යුතුයි (නි)
දොස්තරලගේ ඉල්ලීම ඉටුකරන්න. ඒවගේම පෞද්ගලීක චැනල් සේවයත් වසා දමන්න. පෞද්ගලීක මොනවත් අපිට එපා. පෞද්ගලීක වෙද සරසවි ඕනි නැතිනම් පෞද්ගලික චැනල් සේවයත් ඕනි නැහැ. එතකොට දෙපැත්තටම සාධාරණයක් වේවි (බ)
ලසන්ත, සල්ලි තිබෙන ළමයින්ට සුදුසුකම් නැත්නම් මොකද කරන්නේ? සල්ලි තිබුණ පළියට දොස්තර කෙනෙක් වෙන්න බැහැනේ. ඒකට සුදුසකමුත් ඕනෑ. මෙයාලා හැමදාම කළේ බොරුව. තාමත් එහෙමයි. ලෝකේ ගොඩක් දියුණු රටවල මේවා නැහැ. තියෙන්නේ ඉන්දියාවේ බංග්ලාදේශ් වගේ රටවල. හොයලා බලන්න ඒ රටවල සෞඛ්‍ය තත්වය. (නි)
මෙය පටන්ගත්තේ අවුරුදු ගානකට කලින්. මෙයාලා බයේ ඉඳලා දැන් යහපාලනය නිසා උඩ පැන පැන තලන්න හදන්නේ. (නි)
මානව නිදහස තුළට ඉගෙනගැනීමේ නිදහසත් ඇතුළත්. කෙනෙකුට පිළිගත් විශ්ව විද්‍යාලයක විභාග සමත්වීමට පුළුවන් නම් සහ අදාළ වෘත්තීය මඟින් පවත්වනු ලබන අනෙකුත් කඩඉම් තුලින් යා හැකි නම් ඔහුට හෝ ඇයට අදාළ කුසලතාව පවතියි. (නි)
මේ අනුව රට ගොස් ලබාගන්න වෛද්‍ය උපාධිත් පිළිගන්න එපා .වැඩිදුර අධ්‍යාපනය ලබන්න දොස්තරලට රට යන්න දෙන්නත් එපා . ජනතාවට කියන්නේ ලෙඩ නොවී තම සෞඛ්‍ය ආරක්ෂා කරගන්න ,එතකොට ඔය ප්‍රශ්නය අවසන් (බ)
මේ උපාධිය කරන්න තෝරගත්ත විදිය ගැන සහ ඔවුන්ගේ සුදුසුකම් ගැන පරීක්ෂණයක් පවත්වන්න කමිටුවක් පත්කරන එක ආණ්ඩුව කළ යුත්තේ. මොකද වෛද්‍යවරු කියන්නේ සුදුසුකම් නැති අය බඳවාගෙන කියලනේ (බ)
මෙයාලා කොහේද හිටියෙ මහින්දගෙ කාලෙ? දැන් වීරයෝ වෙලා (නි)
සල්ලි තිබීම හෝ නැතිවීම අධ්‍යාපනයට හෝ දක්ෂතාවයට අදාළත්වයක් නැහැ. ලංකාවේ අය හිතන්න පුරුදු කරලා තිබෙන්නේ උගත් අය ඔක්කොම එන්න ඕනෑ දුප්පත් තැනකින්, සල්ලි තියන ඔක්කොම මෝඩ අය විදියට. මේ ඔක්කොම තමන්ගේ වාසියට හදාගත් දේවල්. (නි)
ඔවැනි සරසවි අටෙන් එකක් වහන්න අරගෙන ගිය සටනේ ඉදිරිපෙළ සෙන්පතියෙක් දැන් ඉන්නේ කොහේද කියලත් අපි දන්නවා (නි)
කසුන්,ඔබ හරි. අර කුප්පි ලාම්පුවෙන් පාඩම් කරලා ලංකාවෙන් 6 වෙනියා වුණ දුප්පත් දරුවා මොනතරම් කැපකරලද විශ්ව විද්‍යාලයට යන්නේ? රුපියල් ලක්ෂ 65 ක් වියදම් කරන්න ඒ දරුවට මුදල් කොහෙන්ද? (නි)
ඉන්දියාවේ මුදල් දීලා දොස්තරලා වුණ ඉන්දියන් දොස්තරලාගෙන් බෙහෙත් ගත් කෙනෙක් දන්නවා ඔවුන්ගේ තත්වය. (නි)
කොහොමහරි මුදල් හරි හම්බ කරගත් පලියට ඔවුන්ගේ දරුවන්ට හොඳින් ඉගෙනගන්න පුළුවන් කියලා හිතන්න එපා. (නි)
ගමේ පාසලට ගිය මගේ දරුවා කොළඹ රෝයල් එකට ගියේ හොඳින් සමත් වුණ නිසයි. වතුර බේසමේ කකුල් දෙක දාගෙන පාඩම් කරලා, ගණිත ගැටළු හදලා ලංකාවෙන්ම තැනකුත් අරගෙන මොරටු විශ්ව විද්‍යාලයට යනවා. ඒ යන්තම් හෝ දැනට ඉතිරිකර තිබෙන නිදහස් අධ්‍යාපනයට පින්සිද්ධ වෙන්නයි. කරුණාකරලා අනාගත දුප්පත් දරුවන්ටත් ඒ තැන ඉතිරි කරන්න. (නි)
මාත් එක්ක රැකියාව කරන අයගෙන් ඇහුවොත් කියන්නේ මගේ දුව/පුතා අහවල් විශ්ව විද්‍යාලයේ ඉගෙනගන්නේ, මම මාසිකව මේ තරම් මුදලක් උගන්වන්න යවන්න ඕනෑ කියලා. උසස් පෙළ ප්‍රතිපල ඇහුවම කියනවා විෂයන් 3 නම අසමත්ලු. ඉතින් මෙවැනි දරුවන් දොස්තරලා කරලා එව්වහම අසරණ වෙන්නේ දුප්පත් අසරණ මිනිස්සු නොවේද? (නි)
මෙහෙ බෙහෙත් කරලා ලෙඩේ වැඩිකරගෙන අන්තිමට ලංකාවට ගිහින් රජයේ රෝහලකින් ශල්‍යකර්ම කරගෙන නැවත ආ කිහිප දෙනෙක් අපි සමඟ ඉන්නවා. ඔවුන් දන්නවා ලංකාවේ දොස්තරලා මොනතරම් උගත්ද කියලා. (නි)
අඩු උසස්පෙළ ප්‍රතිඵල වලින් ලක්ෂ ගණන් වියදම් කරලා ප්‍රමිතියෙන් තොර දොස්තරලා අනාගතයේදී බිහිවේවි. (නි)
පෙරේරා ඔයා විහිලුවක්ද කලේ? එහෙම නැත්නම් ඔයාගේ මොලේට දෙය්යන්ගේම පිහිටයි. කසුන් මොනවද දන්නේ? ලෝකේ ගොඩක් දියුණු රටවල් ගැන. හොඳට දන්න වග නම් පෙනෙනවා. (ස)
මේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට සල්ලි තිබුණු පලියට යන්න බෑ, කඩයිම් විභාගයෙන් සමත් වෙන්න ඕනෑ. (ම)
රජයේ අයට කියන්න තියෙන්නේ, පුද්ගලික චැනල් නවත්තල ස්ට්‍රිකේ කරන්න කියල. මෙයාල හිතන් ඉන්නේ එයාල තමා ලොකුම රැකියාව කරන්නේ කියල. දුප්පත් මිහෙක්ගේ මුණක් බලන්නේ නේ.මේවා සේරම නෙතිවෙනවා පුද්ගලික මෙඩිකල් කොල්ලෙජේ ඇරියාම .මේවා වහන්න එපා. (කෞ)
සුදුසුකම් තියනවානම් ඒ ළමයිටත් සල්ලි දීල හරි ඉගෙනගෙන රටට වැඩක් කරන්න තව තවත් මෙවැනි විශ්ව විද්‍යාල ඇති කළ යුතුයි. එමගින් පිටරටට යන මුදලුත් ඉතිරිවේ. (ම)
මේ දෙගොල්ලන්ටම අවසාන විභාගය එකම දෙයක් වුණා නම් ප්‍රශ්නයක් නැහැනේ .උගත් අය සමත් වෙයි .දැනටත් පිට රට ඉගෙන ගෙන එන අයට විභාගයක් තියන්නේ බඳවා ගන්න කොට (බ)
මෙතන කවුරුවත් නැහැ උසස්පෙළ අසමත් වුණු අය. ඕව ඔක්කොම බොරු මඩ ගැහිලි. ගොඩක් ළමයින් ජාත්‍යන්තර පාසල් වල ඒ -3, ගත්ත ළමයි. රජයේ වෛද්‍ය විද්‍යාලවල මොනතරම් ඉන්නවද පිට පළාත්වලින් ආපු සී 1යි එස්-2 ආපු ළමයි. එතකොට අසාධාරණය වෙලා තියෙන්නේ කාටද. මේ ළමයි ඉගෙන ගත්ත කියල රජයේ විශ්වවිද්‍යාලවල ළමයි බයවෙන්නේ මොනවටද (බ)
පැහැදිලිවම ඊර්ෂීයාව සහ කුහකකම. (ම)
වෛද්‍ය පීඨ වලින් පිට වන අයට රජයේ රෝහල් වල රැකියා නොදී සිටියානම් මේ තත්වය හා ඔය රටම වෙනස් කරන්න දඟලන සංගමයේ බලයත් නැතිවී යාවි. (ම)
ලංකාවේ විතරයි මේවගේ අය දොස්තරලා වෙලා ඉන්නේ .ඔය පාමසි වල ඉන්න සාපෙළ සමත් අය මොවුන්ට වඩා බෙහෙත් ගැන දන්නවා (බ)
පෞද්ගලික විශ්වවිද්‍යාල හොඳ නෑ පෞද්ගලික බෙහෙත් සාප්පු චැනල් සෙන්ටර් ඒවා හොඳයි. ඒවාට කතා නැහැ .අද අපේ රටේ දුප්පත් අසරණ රෝගීන්ගෙන් මොනතරම් මුදල් කන්දරාවක් ගසා කනවද. අද වෙනකොට ලංකාවේ හොඳම ව්‍යාපාරය චැනල් සෙන්ටර් බව රහසක් නොවෙයි .ඒවායේ හිතුමතේට මුදල් අයකරන්නේ .ඒවා ගැන කව්රුත් කතා නෑ. (බ)
මෙතන තියෙන්නේ මේ ළමයි එක්ක තරහක් නෙවෙයි. මෙයාල වෛද්‍යවරු විදිහට වැඩ කරන්නේ මිනිස්සු එක්ක. එහෙම ප්‍රතිකාර කරන ලෙඩෙක් මැරුණොත් කවුද වගකීම ගන්නේ? මේ වෛද්‍ය පිඨය හරියට නියාමනය කරලා වෛද්‍ය උපාධි දුන්නට කමක් නෑ. (ම)
කුප්පි ලාම්පුවෙන් පාඩම් කරලා ලංකාවේ විශ්ව විද්‍යාලයට යන්න වරන් ලබන දරුවන් ඉදිරියේදී නැති වේවි.(ම)