පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුනට රජයේ රෝහල් හි සායන පුහුණුව දීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය අද (29) ශ්‍රේෂ්ඨාධිකරණයේදී එකඟත්වය පළ කළේය.
රජයේ රෝහල් හි සායනික පුහුණුව ඉල්ලමින් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුන් පස් දෙනකු විසින් ගොනු කැරුණු පෙත්සමින් චන්ද්‍රා ඒකනායක හා ඊවා වනසුන්දර විනිසුරුවරියන් හමුවේ අද විභාගයට ගැනිණි.
වග උත්තරකරු වු සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාලපාල සිරිසේන මහතා එම පුහුණුව දීමට කැමැත්ත පළ කළේය.ඒ අනුව සිසුහු සිය පෙත්සම ඉල්ලා අස් කැර ගත්හ.පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුන්ගේ ඉල්ලීම අසාධාරණ බව කියමින් කොළඹ සරසවි වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අලුත්කඩේදී අද විරෝධතාවක් ද පැවැත්වීය.
පේරාදෙණිය වෛද්‍ය පීට සිසුහු පිරිසක් පේරාදෙණියේ තවත් විරෝධයක් පළ කළහ.
ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා ( අලුත් කඩේ )
ඡායාරූප ලලිත් වලිසුන්දර - මහනුවර








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි වලට ගන්නවා කියල බාල කරලා කතා කරන්නේ අපේ රටේ අය විතරයි. මේ වෙනකොට චීනය, ඉන්දියාව,රුසියාව වැනි රට වලත් පුද්ගලික විශ්ව විද්‍යාල තියෙනවා පමණක් නොව පිටරට වල ළමයිත් ගෙන්න ගෙන විදේශ විනිමයත් හොයනවා. ඕස්ටේලියාවේ විදේශ විනිමය හොයන පලවෙනි ආදායම් මාර්ගය පුද්ගලික විශ්ව විද්‍යාල. අපේ රටේ සල්ලිත් ලක්ෂ ගණනින් ඒවාට ඇදී යන බව දන්නවද? (නදී)
ඉරිසියා , වෛරය වෙනුවෙන් දුන් තීන්දුවට අපි හිස නමමු.හැමෝම ලාංකික දරුවෝ ,ජයවේවා.(දී)
අනේ මෙහෙමත් රටක් කියුවලු (දී)
1980 ගණන්වල අධ්‍යාපනය පුද්ගලිකකරණය කරන්න යනවිට පැවති විෙරා්ධතාවලට ඒකම වෛද්‍ය ශිෂ්‍යයෙක්වත් ආවේ නෑ. ඒ් අයට දේශනවලට සහභාගිවීමට තියන නිසා වර්ජනවලට විෙරා්ධතාවලට වෙලාවක් නැහැ කිව්වා. විශ්ව විද්‍යාලයක ශිෂ්‍ය සංගමයක හිටි මම මේ බව දන්නවා. දැන් ප්‍රමාද වැඩියි. ඒදාවෛද්‍ය සිසුන් හැටියට තම වගකීම් පැහැර හැරි දැන් වෛද්‍ය සේවයේ ඉන්න ජේෂ්ඨ වෛද්‍ය වරු මේකට වගකිව යුතුයි. (දී)
අවුරුද්දකට දොස්තරලා පනස් දාහක් විතර එන එකේ තේරුමක් තියෙනවද? සුදුසුකම් සපුරපු අයගෙනුත් සීමිත පිරිසක් ඇතුලට ගන්නේ ඒ හින්ද නේ? ජීවිතේ කැප කරා කියල දොස්තර කම දෙන්න පුළුවන් ද? කොච්චර ලොකු භාරදූර රාජකාරියක් ද ඒක? පටු විදිහට හිතන්න එපා. රටේ තියෙන ලොකුම මොළ ටික අතට ඒ වගකීම යන්න ඕනේ. ඒක එයාලට කරන්න දෙන්න. ඔයාලට රටට සේවය කරන්න ඕනේ නම් ඔය තව ක්ෂේත්‍ර ඕනේ තරම් තියෙන්නේ. (නදී)
හරියට හරි දොස්තරලා හිඟයක් තියෙනවා නම් ඒක මිනිස්සුන්ට දැනෙනව නේ. අපිට බෙහෙත් ගන්න ඇති තරම් දොස්තරලා ඉන්නව නම්, එතනින් එහාට තව මොනවද ඕනේ? (දිල්)
සල්ලි දීල දොස්තරලා වෙන එක නවත්තන්න ඕන කියන උදවිය ඇයි සල්ල අරන් බෙහෙත් දෙන එක ගෙන කතා කරන්නේ නැත්තේ. එහෙමනං මෙයාලට පුද්ගලික රෝහල් වල රැකියා කරන එකත් තහනං කරන්න ඕන.(දී)
ඔන්න මෙතන සමහරු කියන විදිහට කැම්පස් යන්න බැරි අය මෝඩයෝ (දී)
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් උද්ඝෝෂණය කරන ළමයිට මම යමක් කියන්න කැමතියි. කොළඹ,නුවර වැනි දිස්ත්‍රික්ක වල තියෙන සියලු පාසල් සුපිරි නෑ. පහසු කම් අඩු පොඩි පාසල් ගොඩක් තියෙනවා. කොළඹ අන්ත දුප්පත් ළමයි ගොඩක් ඒවායේ ඉගෙන ගන්නවා. පැල්පත් වල, මුඩුක්කු වල ළමයි. එක කාමරයක මුළු පවුලක් හිරවෙලා ඉන්න තැන වල ළමයි. නුවර අවට ගම වල ළමයි. ඒ ළමයි අමාරුවෙන් පාඩම් කරලා සී 3 ක් ගත්තත් විශ්ව විද්‍යාල වල දොර වැහිලා, මොකද මෙඩිසින් විතරක් නොව හැම අංශයකින්ම ඉහලම ලකුණු ඉල්ලන්නේ කොළඹින්. නුවරින් එහෙම නිසා. සමහරවිට අර දුෂ්කරයි සම්මත පළාතක පෝසත් ළමයි ඒ ලකුණු වලින්ම කැම්පස් යනවා ඇති. මේවා නේද සටන් කරන්න ඕනේ විෂමතා. කෝ මේ ළමයින්ට නිදහස් අධ්‍යාපනයක්? මාලබේ වැහුවට මේ ළමයිට දොර ඇරෙන්නේ නෑ. නමුත් මේ ළමයි වෙනුවෙන් කවුරුවත් කෑ ගහන්නේ නෑ. ඔක්කොම දගලන්නේ මාලබේ වහන්න. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් නෙමෙයි, ඉරිසියාව් සහ කුහක කම නිසා. (නදී)
ඔය උඩ කමෙන්ට්ස් කරපු සමහර අය කියල තියෙනවා මම දැක්ක මාලෙබ් ඉන්නේ කැම්පස් යන්න ලකුණු 1ක් 2ක් අඩු වුණ අය ලු. මම එයාලට කියනවා මාලබේ ඉන්න එහෙම ලකුණු 1ක් 2ක් අඩු වුණ අය එක්කෙනෙක් ගෙනත් පෙන්නන්න කියල.රටේ ලෝකේ වෙන දේවල දන්නේ නැතුව උඩ පනින මිනිස්සු ඉන්න අපේ රටට බුදු සරණයි. (අ)
ආණ්ඩුවේ කැම්පස් වලින් ඇවිත් ඉසිපිරිතාලවල ලෙඩ්ඩු දූෂණය කරන එව්වා ගැන උද්ගෝෂණය කරන්නකෝ. දැන් ආණ්ඩුවේ කැම්පස් ළමයින්ට තියෙන්නේ අසහනේ හැම අතින්ම. (නදී)
සායනයේදී ඊළඟට ලෙඩ්ඩු බෙදා ගන්න බැරිව දෙගොල්ල ගහ ගනීද දන්නේ නැහැ. ඒ නිසා අදාළ බලධාරීන් මහජනතාව බේරලා ඕනෑම දෙයක් කර ගන්න. (ස)
එහෙමනම් ඉතින්, අපිටත් ඕනේ වෛද්‍ය විද්‍යාලේ විභාග ලියන්න. සල්ලි තියන කට්ටියට විතරක් එ්ක ලියන්න දෙන එක හොඳ නෑ නේ? අපිත් ආසයි දොස්තරලා වෙන්න. (නදී)
මම ඉන්නේ බංගලාදේශේ. ලංකාවේ ළමයි දොස්තරලා වෙන්න මෙහෙ එනවා. උපාධිය ලංකාවේ පිලිගන්නවා. මෙහෙ විඳින දුක මම දැකල තියනවා. මාලඹේ අපි දිරිමත් කල යුතුයි . (ස)
මේකේ අදහස් දාපු සමහර අය ගැන පුදුම දුකක් ඇතිවෙනවා. කවුරුහරි ඔය මාලඹෙන් පිට වෙච්ච කෙනෙක්ගෙන් බෙහෙත් අරන් පරලොව ගියාට පස්සෙ පිළිවෙලකට විභගෙයක් පාස් කරල දොස්තරල වෙච්ච අයගෙ ගෙවල්වල එවුනුත් මතක් කර කර ඉඳියි.අන්තිමට යයි ආණ්ඩුවෙ දොස්තර කෙනෙක් ගාවට දුක කියාගෙන. මෙයාලට පුදුමයි අකුරු කියවන්න පුළුවන් වෙච්ච එක. (ස)
ඉතින් එකත් වැරදියි නේ? අඩු ප්‍රතිපල වලින් පිටරට ඉඳල එන වෛද්‍යවරුන්ව මෙහෙ සේවයේ යෙදවීම, පිටරටින් බාල බඩු ගෙන්වීමකට සමානයි නේද? ඒ වැරැද්ද මෙහෙදිත් කරලා හරියනවා ද? මේ දෙකම බරපතල වැරදි. අන්තිමේ අනතුරට පත් වෙන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ අහිංසක ජීවිත. (බ)
මේකට ඉරිසියාව කුහකකම කියන්නේ ඒ දේවල් හිත්වල තියාගෙන ඒ මිම්මෙන් සරසවි සිසුන් දිහා බලන මිනිස්සු නේ. ඇත්තටම අපේ රටේ අධ්‍යාපනේට දැන් මොකද වෙලා තියෙන්නේ, ඔක්කොම සල්ලි නේ, දැන් ගමේ පොඩිම ඉස්කොලෙටත් දරුවෙක් දන්නා රුපියල් 5000ක් වත් දෙන්න ඕන අඩුම තරමේ. ඔන්න දැන් පහ වසරේ ශිෂ්‍යත්වෙත් කන්න හදන්නේ, එක ප්‍රශ්න පත්‍රයක් කරලා, ඕනෑම ළමයෙක්ට ගෙදරම ඉදන් පහසුවෙන් කරන්න පුළුවන් කරනවලු නේ. උසස්පෙළ කෑවා, සාමාන්‍යපෙළ කෑවා දැන් ගණන් අනිවාර්ය නෑ. එතකොට සාමාන්‍යපෙළ ඉංග්‍රීසි වලට උන දේ තමයි ගණන් වලටත් වෙන්නේ. ඇයි මිනිස්සු ඔය දේවල් කතා කරන්නේ නැත්තේ. වෛද්‍ය අධ්‍යෘපනය නංවන්න ඕනනම් තව රාජ්‍ය සරසවි වලට ගන්න ප්‍රමනේ වැඩි කරන්න. තව රාජ්‍ය සරසවි ආරම්භ කරන්න. ඕනෑම කෙනෙක්ට සල්ලි තියෙනවා නම් වෛද්‍යවරයෙක් වෙන්න, එක ඒ ක්ෂේත්‍රයටම අසාධාරණයි. (ස)
මේ ළමයි කොච්චර කිවුවත් අපි කියන දෙයක් පිළිගන්නෙම නැති හැටි? (නි)
ප්‍රයිවට් බස් වලට උන දේ තමයි කරන්න හදන්නේ, දැන් රාජ්‍ය බස් සේවය කොට උඩ නේ. ඔහොම යන්, මෙතන කෑගහන හැමෝම නිදහස් අධ්‍යාපනෙන් නේ ඉගෙනගත්තේ, මිනිහෙක් උනේ. (ස)
බුද්ධිය සල්ලි වලට ගන්න බෑ තමයි. නමුත් බුද්ධිය ඇති කෙනාට නිකම් දෙන උපාධිය ගන්න විදිහක් නැත්නම් සල්ලි දීල හරි ඉගෙන ගන්න අයිතිය තියෙනවා. සයිටම් එකේ කවුන්ටරයක් ඇරලා සල්ලි වලට සහතික විකුනන්නේ නෑ. ළමයි අවුරුදු 5ක් 6ක් ඉගෙන ගෙන විබාග පාස් කරලා උපාධිය ගන්නේ. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් උපාධි පිරිනමන ආයතනයක් ලෙස පිලි ගත්තේ නිකම්ම වෙන්න බෑ නේ. ඇයි එතන ඉන්නෙත් රජයේ උපාධිදාරී නිලධාරින්නේ. (නදී)
නිදහස් අධ්‍යාපනය කියන්නේ කාගේවත් අයතිවාසිකම් පැහැරගෙන තමන්ගේ සින්නක්කරයට පමණක් හැමදේම ලියාගන්න දුන් අවසරයක් නෙමෙයි. ආර්ථික අපහසුකම් ඇති ගම්බද දරුවන්ටත් උසස් අධ්‍යාපනයේ දොරටු විවරකරලා දෙන්න ගෙන ආ සංකල්පයක්. නමුත් දැන් කට්ටිය හිතාගෙන ඉන්නේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත් අයට පමණක් හැම දෙයක්ම උරුමවිය යුතුයි කියල. නිදහස් අධ්‍යාපනය යනු රජය මඟින් සළසන සේවාවක් පමණක් මිස රජයේ සම්පත් තනි අයිතියට භුක්ති විඳින්න කිසිවෙක් කිසිවෙකුට දුන් අවසරයක් නෙමෙයි කියන එක මේ ශිෂ්‍ය පරපුර අවබෝධ කරගත යුතුයි. (නි)
ජය වේවා සිසුන්ට සුභ අනාගතයක්.(හේ)
පුද්ගලික වේවා රජයේ වේවා හැමෝම ඉගෙනගෙන විභාග පාස් කරලානේ අන්තිමට උපාධිය ගන්නේ. සල්ලි දීලා විභාග පාස්වෙන්න බැහැනේ (නි)
ලැජ්ජයි මහත්වරුනි (දී)
මේ පාරේ ඉන්න ළමයි දවසක දොස්තරලා වෙනවා. ඒ ගොල්ලෝ ළමයි සල්ලි දීල කැම්පස් යවන්න පුලුවන් තත්වෙකට එයි. නමුත් මේක හොදයි කියල උඩගෙඩි දෙන, එදා වේල හම්බ කරන්න රස්සා කරන මිනිස්සුන්ගෙ දරුවන් වෙනුවෙන් නිදහස් අද්ද්‍යාපනව රැක ගන්නයි මේ උත්සාහය. (නදී)
ඔවුන්ට අපගේ උණුසුම් සුභ පැතුම්.(හේ)
විශ්ව විද්යාල යන්න ලකුනක් දෙකක් මදිව, බාහිරව ඉගෙනගෙන ජය ගන්න තමන්ගෙම සහොදර , සහොදරියන්ට කරන දේ හරිම පිලිකුල් සහගතයි, රජයෙ විශ්ව විද්‍යාල වලට යන හැමොම උගතුන් නොවෙයි. නමුත් මුදල් ගෙවා ලක්ශ ගනන් වල උපාධි ගන්න මොලයක් නැති දරුන් යන්නෙ නැ. ඔහුන්ට යමක් කර හැකි කියලා දන්න නිසයි ඔහුන් එහෙම හරි ඉගෙන ගන්නෙ. රජයෙ විශ්ව විද්‍යාල වලට ගිහින් මහජනතාවගෙ මුදල් නාස්ති කරමින්, රටට බරක් වෙමින් , වැඩවර්ජන වලින් අසරන රොගින් අමාරුවෙ දමන අමනුශ්යනට මෙය හොද පාඩමක් (දී)
ඔය කෑගහන කට්ටිය පිට රට ගිහිල්ලා ඉගෙන ගෙන එන කට්ටිය මල් මාලා දාලා පිලි ගන්නේ මොකද (දී)
අපිත් එක්ක එකට හිටපු .....අපේම ළමයි නේ ....ද? ...ඒ......(මාලඹේ ) සතුටු වෙයල්ලා ....(මල්ලි/නංගි) ....ඉරිසියාව අත හැර පල්ලා...(දී)
බුද්ධිය කියන දේ සල්ලි වලට ගන්න පුළුවන් උනා නම් හරේනුත් මේ වගේ මෝඩ කතා කියා කියා ඉන්න එකක් නෑ නේද? ලංකාවෙන් එළියේ වෙන දේවල් දන්නවද? දියුණු රටවල් දැකල තියෙනවද? අඩුම ගානේ කියවලවත් තියෙනවද? (නදී)
අනිත් දකුණු ආසියානු රටවල් වල නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක වෙන්නේ නෑ. රාජ්‍ය විශ්ව විද්‍යාල වල පවා මුදල් අය කරනවා. ඕනෙම කෙනෙකුට මුදල් තියෙනවා නම් වෛද්‍ය වරයෙක් වෙන්න පුළුවන්. උදාහරණයක් විධියට, ඉන්දියාවේ මාස 6 ක ඩිප්ලෝමා එකක් කලාම පරිපූරක දන්ත වෛද්‍ය වරයෙක් (ඩෙන්ටල් ටෙක්නීසියන්) කෙනෙක් වෙන්න පුළුවන්. වෛද්‍ය වරයෙක් නොමැතිව, දන්ත සායනයක් පවත්වලා සේවය කරන්න පවා ඒ අයට අවස්තාව තියෙනවා. මෙයාල ලඟට යන්නේ දුප්පත් මිනිස්සු. ගොඩක් අත් වැරදීම් වුනත් කරන්න දෙයක් නෑ. මොකද මේ දුප්පත් මිනිස්සුන්ට තමුන්ගේ දතකට වඩා සල්ලි වටිනවා. මම අවුරුදු 3ක් බැංගලෝර් වල ජීවත් වුනා. ඒ අත්දැකීම් නිසා මේ තත්වය ගැන ලොකු අවබෝධයක් තියෙනවා (නදී)
මේක හොඳ ප්‍රවණතාවක්. රටක රජයට උසස් අධ්‍යාපනයට උදවු දෙන්න බැරිනම් පුද්ගලික අයට හරි ඒක කරන්න මැදිහත් වෙන්න දෙන්න ඕනෑ. (නි)
ෙමාලබේ ළමයින්ට වෙනම විභාග තියෙනවා. රජයේ වෛද්‍ය විද්‍යාලත් වෙන වෙනම තම තමන්ගේ විභාග පවත්වනවා. හැබැයි අවසානයේ සියලුම වෛද්‍ය විද්‍යාල පොදු ප්‍රශ්න පත්‍රයකට පෙනී ඉන්නවා. මාලබේ ළමයිත් එයට පෙනී සිටිය යුතුයි. සල්ලි දීලා ඉගෙන ගන්න විශ්ව විද්‍යාල කියන්නේ ලෝකෙට අලුත් දෙයක් නෙමෙයි. අපේ අල්ලපු රටවල් වන ඉන්දියාව, අපිටත් වඩා දුප්පත් බංග්ලාදේශය සහ නේපාලය වැනි රටවලත් මේවා තියෙනවා රජයේ විශ්ව විද්‍යාල වලට අමතරව. ඒ රටවල කවුරුවත් අඩන්නේ නෑ. රජයේ එකට යන්න පුළුවන් නම් එකට යනවා. බැරි වුනොත් අඩු ගානේ පුද්ගලික එකකට හරි ගිහින් සල්ලි වියදම් කරගෙන අධ්‍යාපනයක් ලබා ගන්නවා. ඒවටත් නිකම්ම ගන්නේ නෑ. ලංකාවේ ළමයිත් යන්නේ අඩුම ගානේ සී 3ක් වත් එක්ක. ඒ කියන්නේ ලෝකේ අනිත් රටවල් පිලි ගන්නවා උසස් පෙලට සී 3ක් ගන්න පුළුවන් ළමයා බුද්ධිමත් කියලා.(හේ)
මෙතන තියෙන්නේ නිදහස් අධ්‍යාපන ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රධාන විභාගයකින් අදාළ ලකුණු සංඛ්‍යාව ගත්තේ නැති අඩු බුද්ධි මට්ටමක් සහ සාපේක්ෂව අඩු කුසලතාවක් ඇති අයට අපේ ජීවිත භාරදීම ගැන ගැටළුවක්. මගේ නංගි කොළඹින් දිස්ත්‍රික් කෝටාවට අසුවීම නිසා ලකුණු 2 ක් අඩුකමින් වෛද්‍ය විද්‍යාලයට යන්න නොහැකිව දැන් වෙනත් අංශයක අධ්‍යාපනය ලබනවා . ඇයට වඩා ලකුණු 50ක් අඩුවෙන් උසස් පෙළට ගත් අපි දන්නා කෙනෙක් මේ විද්‍යාලයේ පුද්ගලිකව ඉගෙනගන්නවා. ඒකේ වරදක් නැහැ. නමුත් මේ අඩු කුසලතාවයක් ඇති අයට වෛද්‍යවරයෙකු වීමට වැඩි පහසුකම් ඇති කරන්නේ ඇයි ? (නි)
ආලකාවෙන් බෙහෙත් ගන්නත් බයයි (දී)
ඉරිසියාවේ පැලෙන්න එනවා (දී)
අපිට කමක් නැහැ දොස්තරලා කොහොම ඉගෙනගත්තත්. මම කියන්නේ උසස් පෙළ අඩු ලකුණු ගත්, දක්ෂකම් අඩු බුද්ධි මට්ටම අඩු උදවියට වෛද්‍ය වෘත්තීය වැනි භාරදුර වගකීමක් භාරදෙන එක හොඳ මදි. (නි)
යමක් ගැන කතා කරනකොට ඒ ගැන හරි අවබෝධෙකින් කතා කරන්න. දොස්තරලා ප්‍රයිවට් කරලා දෙන බෙහෙත් ටිකක් ෆාමසියකට අරන් ගිහින් අහන්න මිල කීයද කියලා බෙහෙත් වල විතරක්. දොස්තරලා ප්‍රයිවට් දෙන බෙහෙත් එයාලට නිකම් හම්බෙන්නේ නෑ. ඒ මුදලකුත් එක්ක තව සුලු මුදලක් තමා අය කරන්නේ. වෙන රටවල් වල බෙහෙත් ගන්න ගියාම කීයක් අය කරනවද බලන්න. ඔයාල හිතන්නෙපා සල්ලි හම්බ කරන්නම ඕවා කරනවා කියලා. අපිට උගන්නන්න පටන් ගන්නෙම 'රෝගියාට කිසිම හානියක් කරන්නෙපා, නොසලකා හරින්නෙපා' කියලා.රෑ දොලහට බෙහෙත් ගන්න ගියත් දොර ඇරලා බෙහෙත් දෙන්නෙ ඒකයි. අනික ප්‍රයිවට් කරන්නෙ නැත්තං ලංකාව වගේ රටක මිනිස්සුන්ගේ සෞඛය අවශ්‍යතා සපුරාලන්න බෑ. සමාජ විද්‍යාව කියලා විෂයක් තියෙනවා, ඒකෙ තුන් වන ලෝකෙ රටකට අදාළව සෞඛය ක්ෂේත්‍රය ගැන කියවන්න අනාවබෝධයෙන් තර්ක කරන්න කලින්. (දී)
ජනක, උසස් පෙළින් පුලුවන්ද කෙනෙකුගේ කුසලතාවය මනින්න (නි)
මේකෙන් පැරදුන ලැයිස්තුවට ජනතාවත් එක්වෙනවා (නි)
බුද්ධිය සල්ලි දීල ගන්න බෑ. නමුත් අධ්‍යාපනය සල්ලි දීල ගත හැකියී. ගුරුවරු, ආචාර්යවරු නිකම් උගන්නන්නේ නෑ. වැටුපක් ගන්නවා. ඒ වැටුප රජයෙන් ගෙවා හෝ පුද්ගලිකව ගෙවා අධ්‍යාපනය ලබා ගත හැකියී. හැබැයි රජයෙන් වැටුප් ගෙවා නිකම් ඉගෙන ගන්න ළමයිට වගකීමක් තියෙනවා මහජන මුදල් නාස්ති නොකර පුළුවන් තරම් ඉක්මනට ඉගෙනගෙන තමන් රටට බරක් වීම නතර කරන්න. (නදී)
පිටරට වලත් සල්ලි ගෙවො තමයි වෙද්‍ය වෘත්තීය හදාරන්නේ. නමුත් ඊට අදාළ ලකුණු සංඛ්‍යාව සහ කුසලතා මට්ටම නැත්නම් සල්ලි තිබුන පළියට ඇතුළට ඒමට ඉඩ ලැබෙන්නේ නැහැ. (නි)
ලංකාව හැරුනම, අනිත් රටවල් වල මුලින්ම බලන්නේ අතේ සල්ලි තියෙනවද කියලයි. කොච්චර බුද්ධිමත් උනත්, ගාස්තුව ගෙවා ගන්න බැරි නම් විශ්ව විද්යාලෙකට තියා, ඉස්කොලේකටවත් යාගන්න අමාරුයි. බුද්ධිමත් කමින් අඩු උනත් සල්ලි තියෙන දරුවෝ වෛද්‍ය වරුන් බවට පත් වෙනවා. මේ නිසා ඉන්දියාව වගේ රටවල් වල දුප්පත් අහිංසක ජීවිත් දහස් ගණනක් අනතුරට පත් වෙනවා. ඉතාම ඉහල ගාස්තු අය කරන පෞද්ගලික රෝහල් කීපයක් හැරුනම, ඉන්දියාවේ සෞඛ්‍ය සේවය තියෙන්නේ ඉතාම ඛේදනීය තත්වයක. පෞද්හලික වෛද්‍ය විද්‍යාල වලින් කෙරෙන්නේ මේ තත්වය ලංකාව තුල ක්‍රමයෙන් ස්ථාපනය වෙන එකයි.(නදී)
ඔය බෙරිහන්දීලා නිදහස් අධ්‍යාපනය විකුණාගෙන කන්න එපා කියලා ආණ්ඩුවෙන් වෛද්‍ය සහතිකය ගන්න සියලුම දෙනා පුද්ගලික රෝහල් වල බෙහෙත් දෙන්න යන වග දන්නවද? හැබැයි දැන් ඔය පාරට බැහැලා ප්‍රසිද්ධියේ කෑ ගැහුවට එදාට යන්නේ හොරෙන්. හන්දියක් හන්දියක් ගානේ ඔය දාලා තියෙන ඩිස්පෙන්සරි ආණ්ඩුවේ ඒවාද? (නි)
මොකද මේ? ඔක්කොටම ඊර්ෂ්‍යාව තව අය දොස්තරලා වෙනවට. (නි)
ඊර්ෂ්‍යාවේ පැලෙනවා. ජීවිතේටම තියෙන්නේ උසස් පෙළ පාස්වෙන්න පුළුවන් වුණ එක විතරනේ. වෙන කිසිම දක්ෂතාවයක් නැති නිසා ඒකෙන්ම අනිත් අය පන්නන්න හදනවා (නි)
තුසිත පිරිස්, දියුණු රටවල තත්වේ හුගක් වෙනස් කියන එකේ තේරුම මොකක්ද? බංග්ලාදේශ්, නේපාල් දියුණු රටවල්ද? ඒවයෙත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල තියෙනවා. සී 3කින් ඒවාට ගිය අපේ ළමයි ඉන්නවා. සී 2යි එස් 1න් චීනයේ වෛද්‍ය විද්‍යාලයකට ඇතුල් වුන ළමයෙක් මම දන්නවා. ඒ ළමයිට මෙහෙ ආවම ඇක්ට් 16 විභාගය කර රජයේ වෛද්‍යවරු ලෙස ලියාපදිංචි වෙන්න පුළුවන්. මාලබේ ට ඒ සුදුසුකම් වලින් ගිය ළමයින්ට සුදුසුකම් නැතුව දොස්තරලා වෙන්න හදනවා කියල අපහාස කරන එක හරිද? (නදී)
වෙනත් විෂය ධාරාවක් නම් කමක් නැහැ. අපිට අපේ ජීවිත අවදානමක් ගන්න බැහැනේ. ජීව විද්‍යාවට සී සාමාර්ථයක් ගෙන පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට ගිය කෙනාගෙත් ඒ සාමාර්ථයක් අරගෙන දිස්ත්‍රික් කෝටාවට අසුවීම නිසා කෘෂිකර්මය හදාරන කෙනාගෙත් මිනිස් ශරීරය පිළිබඳ දැනුමේ විශාල වෙනසක් තිබෙනවා. කවුද දන්නේ මේ පුද්ගලික වෛද්‍ය ශිෂ්‍යයින් විභාගයේදී රුධිර සංසරණ පද්ධතිය වෙනුවට ආහාර මාර්ග පද්ධතිය ඇඳපු අයද කියලා. ලෙඩුන්ට දෙවියන්ගේම පිහිටයි. (නි)
අයියෝ සල්ලි (දී)
මම නම් මේ තීරණයට එකඟයි (නි)
සල්ලි වියදම් කරපු පමණින් කෙනෙක්ට දොස්තර කෙනෙක් වෙන්න අවස්ථාව දෙනවා කියන එක සමහරුන්ගෙන් මතු වෙන වැරදි තර්කයක්. අදාල ප්‍රමිතීන්ට අනුකූලව ඉගැන්වීම වෙනවා නම් පෞද්ගලික විශ්ව විද්‍යාල වල කිසිම වරදක් නැහැ. හැමෝටම ඉගෙනගන්න අවස්ථාවන් තිබිය යුතුයි. මේ රජයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් උසස්පෙළ හොදට පාස් කළා කියලා අනෙත් පිරිස හැමදාම මෝඩයෝ වගේ ජීවත්වෙලා මෝඩයෝ වගේ මැරෙන්න ඕන නැහැ.(දී)
මතක තියා ගන්න දොස්තරුන්නට වැරදුනොත් අපිට වෙන ඉරණම (දී)
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඇති කිරීම තුළන් පිටරට ට වෙත ඇදීගිය මුදල් ඉතිරිකරගන්න පලුවන් ඒ වගේම විදේශිය සිසුන් ලංකාවට එනවා ඉගන ගන්න එක රටට අදායමක්. (දී)
මෙතන ප්‍රශ්නය ආණ්ඩුවේ සායන වලට යන එකවත් , පුද්ගලික දිස්පෙන්සරි පවත්ත ගෙන යන එකවත් නෙවෙයි. අදාළ කුසලතා මට්ටම් අඩු උදවියට මහජනයාගේ ජීවිත භාර දීම. (දී)
දුලක්ෂි, පුද්ගලික අධ්‍යාපනයෙන් වෛද්‍යවරුන්ගේ විනය හදන්න බෑ. පුද්ගලික විශ්ව විද්‍යාල වලින් ඉංජිනේරුවෝ, කළමනාකරණ උපාධිදාරීන්, එහෙමත් ලංකාවේ බිහි වෙනවා. මේ කාටවත් කාගෙවත් විනය හදන්න බෑ. කාට උනත් හරි දෙමව්පියන් හිටියොත්, හරි ගුරුවරු හිටියොත් ඒ අයගේ විනය හැදෙයි. රජයේ වෛද්‍යවරු ලෙඩ්ඩුන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරන අවස්ථා මම පෙන්නලා දුන්නේ දිගින් දිගටම මාලබේ ළමයිට අනාගතේ ජිවිත එක්ක සෙල්ලම් කරාවී කියල අනාවැකි කියන අයටයි. දොස්තරලගේ වැරදි කියා ක්‍රියා එතනටම යන්න පොරකන්නේ සමහරවිට ඒ අයගේ ඒකාධිකාරය බිදින්න වෙන්න පුළුවන්. ඒ අය බයත් ඒකටම තමයි. අනික වැරදි නැත්තේ කොතනද? එහෙම නම් මොකුත් නොකර ගෙවල් අස්සට වෙලා ඉන්න තමයි වෙන්නේ. වැරදි නොවෙන තැනක රැකියාවක් ලැබෙන තුරු. (නදී)
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනගන්නෙත් මේ රටේම දරුවන් නේද? (නි)
දිල්රුක්ෂි- කොහොම කලත් අන්තිමේ රජයේ වෛද්‍ය විද්‍යාල වල ඉන්න දරුවන්ගේ බුද්ධි මට්ටමත් එක්ක සැසදෙන්න ඔයාලට ටිකක් අමාරුයි නේ දරුවෝ. කෝ මන් අහපු ප්‍රශ්න වලට උත්තර? (දී)
මම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක්. ලන්ඩන් උසස් පෙළ සමත්. මගේ දෙමව්පියෝ විශේෂඥ වෛද්‍ය වරු. ඉතින්, වෛද්‍ය වෘතිය ගැන අපේ රටේ වෛද්‍ය ශිෂ්‍යයින්ට වඩා ලොකු පරිචයක් මට තියෙනවා. මම දන්නෙත් ඒ වෘතිය විතරයි. මා අපේ රටට සේවයක් කරන්නෙත් මේ වෘතියෙන් විතරමයි. තාම ඉන්නේ දෙවැනි වසරේ උනත්, ලෙඩ වලට දෙන බෙහෙත් ගැන අවබෝධයක් තියෙනවා. ඇන්ටිබයෝටික් වර්ග විතරක් 40ක නම් මතකයෙන් කිව හැකියි. ඉතින්, අපේ රටේ උසස් පෙළ කටපාඩම් කරලා සමත් වුන අයට වඩා, වෛද්‍ය වෘතියට සුදුසු වෙන්නේ මේ පිලිබඳ දැනීමක් තියෙන අයයි. (ර)
මේකෙන් ජනතාව පැරදුනේ නැහැ සංජය මහත්තයෝ.ජනතාව දිනුවා. මේ කෑ ගහන එක් කෙනෙක්වත් ඔය දොස්තර පට්ටම ගත්ොට පස්සේ ජානතාව ගැන හිතනවද? මෙයාලගෙයි පුද්ගලිකව එන අයගෙයි වෙනස මොකක්ද? මේ රටේ වසරකට කී දාහක් විශ්ව විද්‍යාල වලින් පිටවෙනවද? මෙතුවක් පිටවෙලා තියෙනවද? නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉගෙනගෙන අද ලක්ෂ ගණනින් පඩිගන්න අය කී දෙනෙක් දෙස් විදෙස් සේවය කරනවද? ඔවුන් මොනවද විශ්ව විද්‍යාල වල ඉගෙනගන්න දුප්පත් ආර්ථික අපහසුතා ඇති සිසුන් වෙනුවෙන් කරලා තියෙන්නේ? (නි)
මෙතනදී වැදගත් වෙන්නේ දොස්තරවරයා ඉගෙනගත්තේ පුදගලිකවද රජයේ සරසවියෙද කියන එක නෙමෙයි. අදාළ දැනුම සහ කුසලතා ඇතුවද ඔහු එම හැදෑරීම කළේ යන්නයි. (නි)
මම කැමතියි (දී)
මගේ පුර්ණ සහාය (දී)
ඔය බොරුවට කෑගහන අය අපේ සල්ලි වලින් ඉගෙනගෙන දොස්තරවරු වුණාම පසුවදා ඉඳලා අපෙන් මුදල් ගන්නේ නිදහස් අධ්‍යාපනය නිසාද? අනේ! නීතියෙන් හරි මොවුන් පරාජය කරන්න හැකි නම් ලොකු දෙයක්. (නි)
සමස්ත වෛද්‍ය වරුන්ට ජයවේවා (දී)
පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකට සිසුන් ඇතුළත් කරගැනීමේ ප්‍රමිතියක් තිබෙනවා නම් ගැටළුවක් නැහැ. එකක් දෙකක් ලකුණු අඩු කට්ටිය නෙමෙයිනේ. උසස් පෙළින් යන්තම් කියලා ගොඩ වුණ අයත් මේ සිසුන් අතර ඉන්නවා. මම සරසවි සිසුන්ගේ සමහර උද්ඝෝෂණ අනුමත කළ කෙනෙක් නෙමෙයි. නමුත් මේ අවස්ථාවේ නම් මම ඔවුන් සමඟයි (නි)
ජයවේවා (දී)
හොඳ තීරණයක්. එ්ක වැරදී වෙන්නේ මහජන මුදලින් ඉගෙන ගන්න අය හැමදාම වර්ජන. ලෙඩ්ඩු මරනවා. මෙහෙම වත් දොස්තරල අවම මේ එ්කාධිකාරය අඩුවෙයි. (ස)
පෞද්ගලික විශ්ව විද්‍යාල උනත් මෙහි අධ්‍යාපනය ලබන්නේ මධ්‍යම පන්තියේ දෙමාපියන්ගේ ළමයි.බැංකු ණය ,ඉඩ කඩම් විකුණලා,උකස් කරලා දරුවන්ගේ අනාගතය සකසා දීමටයි.විදේශ කරා ආදෙන මුදල් මෙරටේම රැඳෙයි . නොමිලයේ මහජන මුදලින් ඉගෙන ගන්නා සිසුන් මේ අයට හැකිතාක් උපකාර කරනවා විනා ඊර්ෂ්‍යා කිරීම පියෙකු හැටියට තරයේ හෙලා දකිනවා ! (දී)
බන්දුල , සමාජ සේවය කරන උදවිය අඬ බෙර ගහ ගහා ඒවා කරන්නේ නැහැ. මගේ සහෝදරයා විදේශ රටක සේවය කරන්නේ. ඔහු නොකඩවා අවුරුදු ගණනාවක් තිස්සේ ඔහු ඉගෙනගත් පේරාදෙණිය සරසවියේ දුප්පත් සිසුන්ට මාසිකව ආධාර කරනවා. (නි)
මම හිතනවා පිටරට ගිහින් දොස්තර උපාධිය අරන් එන කෙනාට වඩා ලංකාවේ පුද්ගලිකව හෝ දොස්තර උපාධිය ගන්න කෙනා වටිනවා. ලංකාවේ දරුවෝ බුද්ධිමත්. අනික අවසාන විභාගයෙන් සමත් වෙන්නම ඕනනේ. (ස)
මෙතන වැරැද්දක් මම දකින්නේ නැහැ. සල්ලි තියෙනවා නම් සල්ලි ගෙවලා ඉගෙනගන්න බැරි මොකද? මෙතැනදී අවශ්‍ය දෙය තමයි සුදුසුකම් ලැබූ අය විතරක් දොස්තර උපාධි වලට තෝරාගන්න එක. අද තියෙන දිස්ත්‍රික් ක්‍රමය නිසා කොහොමත් හොඳින් පාස්වුණ අය සිටියදී අඩුවෙන් ලකුණු ගත් අය තේරෙනවා (නි)
තුසිත පිරිස්, එ්ක තමයි කල යුතු දේ. නමුත් රජයට ඒක කරන්න බැරි නම්. කවදා හෝ එය සිදු වන තුරු බලා ඉන්න ඒ ළමයිට බෑ නේ. අනාගතේ එය සිදු වුනොත් හොදයි. දැනට මාලබේ දන්ත හා පශු වෛද්‍ය වලට තේරුණ ළමයිත් කීප දෙනෙක් ඉන්නවා. හොයල බලන්න ඇත්තද කියල. සල්ලි නැති ළමයි දොස්තටර සිහිනය අත ඇරලා දත් හෝ පශු වෛද්‍ය වෙනවා. මොනවා කරන්නද? රජයට දිගටම කියන්න. (නදී)
සාමාන්‍ය පෙළ, උසස් පෙළ ප්‍රතිඵල මොනවද, උපාධිය පුද්ගලිකද, රජයේද කියන එක වැදගත් නැහැ. ලෙඩෙකුට ප්‍රතිකාර කරන අවස්ථාවේ ඊට අදාල දැනුම සහ පුහුණුව තිබීමයි අවශ්‍ය.අනිත් කාරණය නම්, නිදහස් අධ්‍යාපනය කියලා දෙයක් නැහැ. ඔය නොමිලේ දෙන හැමදේටම කවුරුහරි ගෙවන්න ඕනෑ. (නි)
දියුණු හැම රටකම රජයේ වියදමින් ඉහල ලකුණු ලබා ගන්න සිසුන්ට උපාධි හා තවත් කොටසකට මුදල් අයකර එම පාඨමාලා කරන්නෙ පුළුවන්. නමුත් අපේ අය හැමදාම මේවට සටන් කරනවා. (දී)
අපිට වැඩිය දියුණු හැම රටක්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනය පුද්ගලික කරලා නම් ඒ රටවල උගතුන් ඒ රටවල් විද්‍යා සහ තාක්ෂණික අතින් අපිට වඩා ඉහළට ගෙනගිහින් නම් පුද්ගලික අධ්‍යාපනයේ වරදක් නැහැ. නිදහස් අධ්‍යාපනය කියන්නේ තමන් කැමති දෙයක් ඉගෙනගන්න තියෙන නිදහස. නැතුව පිනට ඉගෙනගැනීම නෙමෙයි. (නි)
බන්දුල හිතනවද එතකොට දැන් මේ පුද්ගලික වෛද්‍ය සිසුන් ඉගෙනීමෙන් පසුව ලංකාවේ ඉඳීවි කියලා. ඔහොම ගිහින් කෙලින්ම නවතින්නේ එංගලන්තයේ . රට යන්න ඕන කෙනා පුදගලිකව ඉගෙන ගත්තත් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තත් රට යනවා. (දී)
මමත් මේ රටේ විශ්ව විද්‍යාලයකින් කළමනාකරණ උපාධියක් ගත් කෙනෙක්. උසස් පෙළ සමත් අයගෙන් ඉතාමත් සුළු පිරිසකට විතරයි විශ්ව විද්‍යාල වල දොර ඇරෙන්නේ. ලංකාවේ කලා, නීති, කළමනාකරණ, තොරතුරු තාක්ෂණ සහ ඉංජිනේරු උපාධි බාහිරව කරන්න පුළුවන්. එතකොට වෛද්‍ය උපාධිය විතරක් දෙන්න එපා කියන එකේ පදනම මට නම් තේරෙන්නේ නැහැ. ඇත්තටම මේක මේ අයගේ හීනමානයක්. වෛද්‍ය උපාධිය ලංකාවේ බාහිරව දෙන එකේ කිසිම වැරැද්දක් මට නම් පෙනෙන්නේ නැහැ (නි)
බන්දුල පෙරේරා මහත්මයා, නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන රට වෙනුවෙන් වැඩකරන දොස්තරලා ඕනෑතරම් ලංකාවේ ඉන්නවා. මෙතන ප්‍රශ්නය ඕක නෙමෙයි. මෙහෙම උපාධි දෙන එක හරිද? (නි)
මේක කෙළවරක් ඇති ගැටුමක් කියලා හිතන්න බැහැ. මාලඹේ කට්ටිය දොස්තරලා වෙලා රජයේ රෝහල් වලට ආවත් එතනත් මේ දෙගොල්ලෝ මතගැටුමකට නැඹුරු වෙනවා. දොස්තරලා වෙන්න කලින් මහපාරට ආ මේ අය දොස්තරලා වුණාට පස්සේ ලෙඩුන් මහපාරට දායි. (නි)
හොඳ නැද්ද හැමදේකටම කලින් සුවකළ නොහැකි රෝගය වන "ඊර්ෂ්‍යාව" සුවකරන්න බෙහෙතක් සොයාගත්තොත්? (නි)
සියල්ලටම කලින් මේ සල්ලිකාර ළමයින්ට ලෙඩුන්ට කතා කරන්න උගන්වන්න කියලා මම අදාළ උසස් අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලනවා. (නි)
ලකුණන් දෙකක් අඩුවෙලා රජයේ වෛද්‍ය විද්‍යාලයකට යන්න බැරිවුණ අයට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් අධ්‍යපනය ලබා වෛද්‍යවරයෙක් වීමට අවස්ථාව ලබාදීම වරදක් වෙන්නෙ කොහොමද? මොකද, පුද්ගලික වුණත් රජයේ වුණත් අවසානයේ මේ දෙගොල්ලන්ටම සුදුසුකම් සහිත වෛද්‍යවරයෙක් වීමට පවත්වනු ලබන විභාගයන් එකම සමානයි. වෛද්‍යවරු වැඩිවෙන තරමට අපිට හොඳයි. (නි)
අපේ රටට අවුරුද්දකට රජයේ දොස්තරලා 895ක් ඇති කියලා හිතන එකෙන්ම මේ අයගේ බුද්ධි මට්ටම තේරෙනවා. ජාතික රෝහලේ සිට ගම්බද රෝහල දක්වා රජයේ රෝහල් පන්සීය ගානක් තියෙනවා. තව සායනත් තුන්සියයක් විතර තියෙනවා. රටේ කෝටි 2 ක් ජනගහණය ඉන්නවා. හැම අවුරුද්දෙම දොස්තරලා විශ්‍රාම යනවා. අස්වෙලා පුද්ගලික සායන දාගන්නවා. රට යනවා. ගණන් හදලා බලන්න. (නි)
දැන් සතුටුද? (නි)
කලින් කළමනාකරණ, ඉංජිනේරු උපාධි සේරම විකුනවා. ඉතුරුවෙලා තියෙන්නේ මේක විතරයි. උසස්පෙළ මුලික දැනුම ගන්නේ නැතුව ඊට වැඩ ලොකු දෙයක් ඉගන ගන්නවා කියන්නේ අත්තිවාරමක් නැතුව ගෙයක් හදනවා වගේ වැඩක්. එහෙම අය සමාජයට ආවම වෙන්නේ සේරම කඩාන වැටෙන එක. (දී)
ලංකාවේ දොස්තරලා හිඟයක් තියෙනවා නම්, කරන්න ඕනේ ඉහලම සුදුසුකම් තියෙන දෙවනිපෙල දරුවෝ ටික වෛද්‍යවරු කරවන එක නේද? ඒ කඩඉම ලඟම ඉන්න ළමයින් 100 දෙනාගෙන් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ඇතුලේ ඉන්නේ කී දෙනාද? වැඩි හරියක් ඉන්නේ උසස් පෙළ සමත් උනත්, ඒ තරම් ඉහල මට්ටමක ප්‍රතිපල නැති දරුවෝ නේද? පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් සිද්ධ වෙන්නේ සල්ලි තියෙන ඕනේ කෙනෙකුට වෛද්‍ය වරයෙක් වීමේ අවස්ථාව විවර වෙන එක නේද? හිඟයක් තිබුනත් නැතත්, වෛද්‍යවරයෙක් බවට පත් වෙන්න ඕනේ රටේ ඉන්න හොඳම බුද්ධිමතුන් කියල මම හිතනවා. (අ)
හරි දැන් බන්දුල පෙරේරා මහතා දැන් කියන්නකෝ ඔබතුමා සරසවි වල ඉන්න ආර්ථික අපහසුතා ඇති සිසුන් වෙනුවෙන් මොකද කරලා තියෙන්නේ කියලා. අනෙකුත් උදවිය කිසිම දෙයක් කරලා නැහැ කියලනේ කියන්නේ. (දී)
කවදත් බොරුවට ඉඩක් නැහැ (දී)
අනුන්ගේ වැඩ රජයේ වැඩ ගැන නොසිතා තමන්ගේ වැඩ හරියට කරන්න,අනුනට ඊර්ෂ්‍යා කිරීම වල කැපීම නවතන්න.ඉබේම රට ගොඩ.අපි පහුගිය කාලේ දැක්ක රජයෙන් ඉගන ගත්ත අයගේ වැඩත්.මේ වගේ පුදගලික විශ්ව විද්‍යාල විදේශ විනිමය පවා රටට ගෙන එවි .(දී)
එහෙම අඩු ඉසෙඩ් ස්කෝර් එකකින් එන්නේ මුලතිව් කිලිනොච්චි වගේ දුෂ්කර පළාත් වල ළමයි. මාලබේ නම් කොළඹ හිටියත් දශම එකෙන් යන්න පුළුවන් නේ. (නදී)
පුදුමෙක මහත! ලංකාවේ මාලබේ වෛද්‍ය විද්‍යාලය ගැන විතරයි මේ හැමෝම කිඹුල් කඳුළු හලමින් වහන්න හදන්නේ. එතකොට, ඇමෙරිකාව, කැනඩාව, එංගලන්තය ඇතුළු යුරෝපීය රටවල, රුසියාව, චීනය, මැලේසියාව, ඉන්දියාව, නේපාලය, බංගලාදේශය ආදී සෑම රටකම ඇති පෞද්ගලික වෛද්‍ය විශ්ව විද්‍යාල? (නි)
අද ජනතාවගේ සල්ලි වලින් ඉගන ගත්ත දොස්තරලා ගෙවල කරගත්ත ටෙස්ටින් රෙපොර්ට් එකවත් නොමිලයේ බලන්නේ නැහැ ,එකටත්රුපියල් 200/= ගන්නවා (දී)
බන්දුල මහත්තයා කොහොමද ඉතින් (දී)
මලවි, මාලබේ වෛද්‍ය විද්‍යාලය යු.ජී.සී එක මගින් නිරතුරුව මොනිටර් කරමින් පවත්වන්නේ. ළමයි බදවාගන්න සම්මුඛ පරීක්ෂණයටත් හැම අවුරුද්දකම යු.ජී.සී එකෙන් කෙනෙක් සහභාගී වෙනවා. එහි වෛද්‍ය විද්‍යාලයකට අවශ්‍ය ප්‍රෙෙෆෂනල් යුන්ට් එකක්, කථිකාචාර්ය මඩුල්ලක්, උසස් ප්‍රමිත්යේ විද්‍යාගාර පහසුකම්, ඉතා හොඳ පුස්තකාලයක්, දේශනශාලා, ශික්ෂණ රෝහලක් යන සියලු පහුසුකම් තියෙනවා. පහසුකම් නැති තේ කඩයක් නොවේ.
ආයි නම් චන්දයක් කතිරයක් හම්බෙනවා බොරු (දී)
මමනම් රජයේ විශ්වවිද්‍යාල වලට තේරුනත් මේවගේ අයත් එක්ක කලේ කන්න යන්නේ නැහැ, මාලබේ යනවා ඉඩමක් විකුණලා.(දී)
විශ්ව විද්‍යාල වල ඉන්න ළමයි හොඳට ඉගෙන ගත්තු උදවිය. විශේෂයෙන් වෛද්‍ය ශිෂ්‍යයෝ. ඒ වගේ තැන් වලට යන්නේ හොඳ මොලයක් තියෙන කැපවීමක් තියෙන දරුවෝ. කාට හරි වෛද්‍ය වරයෙක් වෙන්න අවශ්‍ය නම් හොඳට විභාග සමත් වෙලා එතෙන්ට යන්න ක්‍රමවේදයක් ලංකාවේ තියෙනවා නේ? ඉතින් ඇයි මේ හොර පාරවල් හදාගෙන,සල්ලි දීල උපාධි ගන්න පොරකන්නේ? (නදී)
සල්ලි නොගෙන උගන්නල මෙහෙම කරන දොස්තරලා ඉන්න රටක සල්ලි දීල ඉගෙනගත්තු දොස්තරලා මොනවා නොකරයිද මේ අසරණ අපිට?(දී)
රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව (දී)
ලෝකයේ බොහෝ රටවල්වල පෞද්ගලික මෙඩිකල් කොලේජස් තියනවනම් මොකද ලංකාවේ විතරක් ඒවාට විරුද්ධ වෙන්නේ.හැමෝටම ඒවාට යන්ඩ බැරි එක වෙනම කාරණාවක්.එක මේකෙදි විතරක් නෙමේ අනිත් උපාධි වලටත් බලපානවා. (දී)
මගේ සුභපැතුම් මාලබෙට (දී)
අයියෝ සල්ලි (දී)
ජය වේවා! (නි)
මම ඒ වැඩේට විරුද්දයි (දී)
හරේන්, නැවත නැවත එකම දේ ලිය ලියා කාලය කන්න එපා. ඒ 3 සිට සී 3 ට යනතුරු ළමයි පුද්ගලික විද්‍යා විද්‍යාලයෙත් ඉන්නවා. පිටරටත් යනවා. මෙහෙ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වැහුවත් පිටරට ගිහින් හරි ඒ අය දොස්තරලා වෙලා ලංකාවට එනවා. එතකොට මෙහෙ රජයේ රෝහල් වලටත් ගන්නවා. (නි)
මගේ සුභපැතුම් වෛද්‍ය අධිකාරයෙන් පිලි ගත්තාද (දී)
උසස් පෙළින් ලකුණු අරගෙන විශ්ව විද්‍යාලයේ ගිහින් වෛද්‍යවරයෙක් වෙනවාට වඩා සල්ලි තියනවා නම් ලකුණු අඩුවුණත් මේ විදිහට දොස්තර කෙනෙක් වෙන්න පුලුවන්. (නි)
ඇයි අනිත් දකුණු ආසියාවේ රටවල දේවල් මේ රටට ගැළපෙන්නේ නැත්තේ කියලා පැහැදිලි කරන්න පුලුවන්ද? නිකම් බොරුවට කියන්නන් වාලේ කියන්නේ නැතුව. ධනපති රටවල දේවල් අපිට නොගැළපෙනවා වෙන්න පුළුවන්. නමුත් අපේ සංස්කෘතියට ඉතා ආසන්න ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය වැනි රටවලට සුදුසු දේ ඇයි අපිට හොඳ නැත්තේ? (නි)
බොහොම සන්තෝසයි (දී)
රාජ්‍ය නොවන සංවිධාන වල ඉලක්කම් ගෙන තර්ක කරන්න එපා. මේ මහ පොළොව උඩ හිටගෙන කතා කරන්න. අපිට ඉන්න දොස්තරලා ගණන ප්‍රමාණවත්. ඉන්න ලෙඩුන්ට බෙහෙත් කරන්න දොස්තරලා ඉන්නවා නම්, ඊට වඩා වෙන මොනවද? (නි)
කවුරු කළත් වැරැද්ද වැරැද්දමයි. (නි)
එයාල කරන වැඩේ වැරදි තමයි. ඉතින් ඔයාලත් එකම කරලා හරියන්නේ නෑ නේ? එයාල වැරදි වැඩක් කරනවා කියන්නේ ඔයාලටත් එකම කරන්න හේතුවක් නෙවෙයි නේද? (ස)
ඔය ලෝකේ අනිත් රටවල උපාධි ගැන කිය කියා සුද්දන්ට කඩේ යන හැම දෙනාටම කියන්න කැමති, වෙන රටවලට යන්න කලින් තමන්ගේ රටේ පය ගහල ජීවත් වෙන්න කියල.කඩේ ගියාට කමක් නෑ.යනවනම් එක වත් හරියට යන්න. බාගෙට යන්න එපා.වෙන රටවල ළමෛන්ට ලැබෙන අධ්‍යාපනෙ ගුණාත්මක බවට ඒ ලම්යි ඉපදෙන පළාත බලපාන්නේ නැ. ලංකාවේ කොළඹ ළමය ඒ 3ක් ගන්නිද්දී අම්පාරේ,නුවර එළියේ දුප්පත් ඉස්කෝලේ ළමය සි3ක් ගන්නේ ගොඩක් දුෂ්කරතා මැද කියල දන්නේ කී දෙනාද? ඒවා දන්නේ ඒ මිනිස්සුත් එක්ක ගැටිලා මේ පොලවේ පය ගහලා ජීවත් වෙන මිනිස්සු විතරයි.එහෙම කැම්පස් ඇවිල්ල ඉගෙනගෙන මේ රටේ මිනිස්සුන්ට මොකද්ද කරලා තියන සේවය කියල බන්දුල මහත්තය දිගටම අහනවනේ.කීදෙනෙක් විදෙස් ගත වෙලා ඉන්නවද කියල අහනවනේ.හරි කීදෙක් විදෙස් ගත නොවී ඉන්නවද කියල ඔබතුම දන්නවද.ඔය පාරට බැහැල කෑගහන ළමයි ඉගෙන ගන්න ගමන් රටේ අධ්‍යාපනෙන් අසාධාරණයට ලක් වෙච්ච් දුෂ්කර පාසල් වල ළමුන්ට කරන සමාජ සත්කර ගැන අහල තියනවද ඔබ තුමා.පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ළමයි කරන 'අරුණැල්ල' වගේ සමාජ ව්‍යාපෘති ගැන අහලවත් තියනවද. අනික තමා ඔය සමහරු කියල තියනවා මේවට විරුද්ද වෙන්නේ හීනමානෙට කුහක කමට කියල.ඔය කෑ ගහන්නේ මේ ලෝකේ දෙයක් නැති පිරිසක් නෙමේ.ඔය කෑ ගහන්නේ මේ රටේ බුද්දිමත් මිනිස්සු ටික.ඒ මිනිස්සු සමාජේ යන්න පුළුවන් උසස් තැන් වලට ගිහිල්ල ඉන්නේ.ඒ මිනිස්සුන්ට හීනමානයක් එන්න අහවල් හේතුවකටද?(දී)
ඒ කතාවට මම එකඟයි. ඉතින් එක වැරදියි නේ දරුවෝ. කවුරු පටන් ගත්ත උනත්, වැරැද්ද වැරද්දමයි. පිටරට ඉගෙනගෙන මෙහෙ එන වෛද්‍යවරු ගොඩක් අපේ රටේ පුද්ගලික රෝහල් වල වැඩ කරනවා. එයාලට මෙහෙ වැඩ කරන්න බලපත්රයකුත් නැතුව. මොකද, මෙහෙ විශ්වවිද්‍යාල වල අවසන් විභාගේ සමත් වෙන්න එයාලට බැරි හින්ද. ඉතින් හිතන්න එයාල හින්ද අපේ මිනිස්සුන්ගේ ජීවිත කොච්චර අනතුරක ද තියෙන්නේ? (ස)
ඉතින් එතෙන්ට වැටෙන්න එපා දරුවෝ. ඔයාලට වෛද්‍යවරු වෙන්න ආසයි නම්, හොඳට උසස් පෙළ සමත් වෙලා, අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කරගෙන එන්නකෝ. අවස්ථා තුනකුත් තියෙනවා නේ? එතකොට හැමෝටම සන්තෝසයි නේ. (ස)
හැමදේකම ගුණාත්මක බව නැතිඋනා වගේම ජනතාවගේ ජීවිතවලත් වටිනාකම අවතක්සේරු කරලා වෛද්‍ය සේවය ගුණාත්මක භාවයෙන් අඩු කරන්න කරන උත්සාහයට ජනතාවම සහය දක්වන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක් . මේ ක්‍රමයයට ඉඩදුන්නොත් අනාගතයේ වෛද්‍ය වරයෙකුගෙන් සේවය ලබාගැනීමේ සහ අමතර කරුණක් අසා දැනගැනීමේ අයිතියත් මහජනතාවට නැති වෙනබව මතක්කර දෙමි . කෙසේ වෙතත් තම අතින් තම ගෙලම සිරකර ගැනීමට පෙර තවත් වරක් සිත බලන්න . අපේ විශ්ව විද්‍යාල සිසුන්ට අනාගත ව්‍යසනයන් ගැන ඉව තිබෙනබ දන ගන්න .(දී)
ඕනේ කෙනෙකුට තමුන්ට ඕනේ රැකියාවක් කිරීමේ නිදහස අපේ රටේ තියෙනවා. හැබැයි, වගකීම් වැඩි රැකියාවකට යන්න කලින්, තමුන් එ්කට සුදුසුද කියල ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. සල්ලි වියදම් කරන්න ඕනෙත් නෑ. බලන්න. කොච්චර හොඳ ක්‍රියා පිළිවෙලක් ද? ඉතින් ඇයි මේ එ්කට පරිබාහිරව විකල්ප පාරවල් හදාගෙන, එතෙන්ට යන්න හදන්නේ? හරි පාරෙන් යන්න කෝ. (නදී)
මේකට කියන්නේ කුහක කම. හොදට සල්ලි තියනවනම් බන්ගලිදේශ් හරි රුසියාවට හරි ගිහිල්ල ඉගෙන ගෙන ලංකාවට ඇවිත් ආණ්ඩුවේ රෝහල් වල වැඩ කරන්න දෙනවා. ටිකක් සල්ලි තිබිල ලංකාවෙන් කරන්න බෑ. (දී)
කාගේවත් ඒකාධිකාරය බිඳින්න උත්සාහ කරනවට වඩා නරකද, රටේ දියුණුවට මොනවා හරි කළොත්? මාලඹේ ඉන්නෙත් රටේ දරුවෝනේ. එයාලට හරි මඟ පෙන්නා දී, වෙනයම් රැකියාවක් පුරුදු කර රටේ සංවර්ධනයට දායක කරගන්න එක ආණ්ඩුවේ යුතුකමක් කියලයි මට හිතෙන්නේ. (නි)
මේකට කියන්නේ ඉරිසියාව අනිත් රටවල් අපිට වඩා ගොඩාක් දුරින් ඉන්නේ (දී)
මේ කෑගහන අයත් රජයේ මහජන මුදලින් ඉගෙනෙගෙන රජයෙන් වැටුප් ලබමින් පෞද්ගලික සේවය කරලා සල්ලි හම්බ කරනවා. මෙතන තියෙන්නේ වෘතියම ඉරිසියාව. රට ගැන හිතනවා නොවේ. (දී)
එ්ක තමයි විශාකා, එතකම් නිකම් බොරුවට පාරවල් ගානේ අව්වේ කර වෙන්නේ නැතුව, ආණ්ඩුවෙන් තමුන්ට වියදම් කරන රටේ මිනිසුන්ගේ සල්ලි නාස්ති නොකර, තමන්ගේ වැඩක් හරියට කරගෙන, පුළුවන් තරම් ඉක්මනට ගත්ත මුදලට හරියන සේවයක් රටට කරන්න මේ හැමෝම හිතට ගන්න. (නදී)
මාළඹේ ගැන කියන කථා 1. සී තුනට යන්න පුලුවන්. අනේ ඉතින් නුවර එළියෙන් ලියන අයත් රජයේ ඒවට යන්නෙ සී තුනට තමයි......................... 2. නිදහස් අධ්‍යාපනේ විනාසයි. ඉගෙන ගන්න ආස ලමයට ඉගෙන ගන්න විදියක් හදල දෙන එක නිදහස් අධ්‍යාපනේ නෙමෙයිද?.................. 3. දුප්පත් ලමයට අසාධාරනයි. ඉතින් සල්ලි තියන එවුන් ප්‍රයිවට් ඒවට ගියාම සල්ලි නැති එවුන්ට රජයේ ඒවගෙ ඉඩ හැදෙනවනෙ................ 4. තත්වෙ බාලයි. ඉතින් බාල කරන්න හදන්නෙ රජයෙ ශිෂ්‍යයොමනෙ පුහුණුවීම් දෙන්න එපා කියල................. මට කියන්න තියෙන්නෙ මෙච්චරයි, සල්ලි තියන එකා රට ගිහින් ඉගෙන ඇවිත් මෙහෙ බෙහෙත් දුන්නට අවුලක් නෑ හැබැයි රටින් පිට යන සල්ලි ටික ඉතුරු කරල මෙහේ ඉගෙන ගත්තම වැරදියි. අනේ මෙහෙමත් අය . වෙන මුකුත් නෙමෙයි, කුහකකම (දී)
අද නිදහස් අධ්‍යාපනයේ ඵල ලබන බොහොම දෙනෙක් නිදහස් අධ්‍යාපනය සුරකිමු කියලා කියනවා. ඒ වගේම නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් උපාධි කඩ වහමු කියලත් කියනවා. නමුත් කණගාටුවට කාරණය, අපේ නිදහස් අධ්‍යාපනයේ ඵල ලබන නංගිලා මල්ලිලාවත් නිදහස් අධ්‍යාපනය කියන්නේ මොකක්ද කියලා නොදන්නා එක. (නි)
දිල්රුක්ෂි - බාගෙට හරි. ලෝකේ හෝ ලංකාවේ කොහේ හෝ වේවා, අඩු ප්‍රතිපල සහිත දරුවෝ දොස්තර කමට සුදුසු නෑ. (ස)
අපිට මොකටද මේවා මගේ කවුරුවත් වෛද්‍ය විද්‍යාලේ නැහැ (දී)
ජයවේවා..................(දී)
ඉගෙන ගන්න අයට අත දෙන්න. මේ ලමයි අපේ රටේ අය. දොස්තරලා වුනාම සේවය කරන්නේ අපිටමයි . ඉර්ශියාවෙන් අපි ඉවත් වෙන්න ඕනේ. (දී)
5 ශිෂ්‍යත්වෙ පාස් වෙලා කොළඹ හොඳ ඉස්කෝලෙකට ආපු වරදටද අනිත් අය වෛද්‍ය විද්‍යාලෙට යන්න අරන් තියෙන ප්‍රතිපලම අරන් ඊට පහල එකකට යන්න ඕනි? සල්ලි දීල හරි වෛද්‍ය විද්‍යාලෙකට යන එක තමා එහෙම කෙනෙක්ට තියෙන විකල්පෙ. (දී)
අරුණ ශාන්ත මහත්තයාගේ තියරිය වලංගු 70/80 දශක වලට. දැන් ඕනෑම පළාතක කොලඹට අභියෝග කරන්න පුළුවන් පහසුකම් තියෙන පාසල් ඕන තරම් තියෙනවා. අධ්‍යාපන කඩ ඕන තරම් තියෙනවා. මේ දිස්ත්‍රික් ක්‍රමය දැන් අනිවාර්යයෙන් සංශෝධනය විය යුතුයි. කොලඹ සිසුන්ට ලොකු අසාධාරණයක් එයින් සිද්ධ වෙනවා. අනෙක් කාරණයට දෙන්න අවශ්‍ය පිළිතුර එසැන පුවත් වලම පළවුණු ලිපියක තියෙනවා.. "මහපොළ වැඩියෙන් ඉල්ලති 2014 සැප්තැම්බර් මස 22 16:05:14 | . , රොමේෂ් ධනුෂ්ක සිල්වා " කරුණාකරලා මහත්තය ඒක බලන්න ..තමන් තමන්ගේ යුතුකම් ඉටු කලානම් ඒ අදහස් ඒ ලිපියට ඒ විදියට වැටෙන්න විදියක් නැහැ. (නදී)
අනේ මන්ද මේ ළමයි අපේ සල්ලි වලින්ම ඉගෙනෙන ගෙන රජයේ රෝහල් වලට ගියත් එතැන් පටන්ම පුද්ගලික සේවා කරලා අපේම සල්ලි කඩා ගන්න තමයි හදන්නේ. නැතැයි කියල කියන්න තමාගේම හදවතට. මේ සටන අවංකවම අසරණ රෝගීන් වෙනුවෙන් නම් ඔවුන් කල යුත්තේ පුද්ගලිකව ඉගෙන ගත වෛද්‍ය වරුන් සමග සහයෝගයෙන් වැඩ කරලා මේ චැනල් සේවා මගින් මුදලාලිලා වෙන ක්‍රමය ට විරුද්දව පාරට බහින්න. (දී)
ලංකාවෙ විශ්ව විද්‍යාලෙකින් උපාධි අරං වැඩ වර්ජන කරන්න හිතං ඉන්න දොස්තරලට හොඳ වැඩේ.(දී)
මෝඩ වුණාට ඒ මෝඩකම මේ වගේ ප්‍රසිද්ධ තැන්වල පෙන්වන්න එපා කියලා මම සමහරුන්ගෙන් ඉල්ලනවා (නි)
උසස් පෙළ ලකුණු කිහිපයක් අඩු උනා කියල බුද්ධි මට්ටම අඩුයි කියනවා නම් ඒ තරම් මෝඩ කතාවක් ලෝකේ වත් නැහැ. මේ කෑගහන අයත් ඉගෙන ගන්නේ නොමිලේ නෙවි. . මහජනතාව ඔය ගොල්ලන්ට ගෙවනවා. ඒ විතරක් නෙවි මාලබේ දරුවන් ගේ දෙමාපියනුත් ඔය ගොල්ලන්ට ඉගෙන ගන්න බදු ගෙවනවා. මෙතන තියෙන්නේ ඉරිසියාව හා බය. තමන්ට වැඩිය මාලබේ ළමයි දක්ෂ උනොත් ? (දී)
නුවන් කටාර්, මාතෘකාවෙන් පිට ගිහිල්ලා මොනවද මේ කියවන්නේ? මෙතන මාතෘකාව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුන්ට රජයේ රෝහල්වල සායන පුහුණුව දීම පිලිබදවයි. මේ දෙගොල්ලෝ ඉස්පිරිතාල ඇතුලේ කුලල් කා ගන්නකොට අසරණ රෝගීන්ට දෙයියන්ගේම පිහිටයි. මේ සිසුන්ට පෞද්ගලික ශික්ෂණ රෝහල් ඇරලා තරඟකාරී වෙළඳපලට අවතීර්ණ උනා නම් මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි. (ස)
එහෙම එනවා නම් ඒකත් වැරදියි. තව කවුරුවත් කරන වැරදි වැඩක්, තමුන්ටත් ඒ දේ කරන්න අවසරයක් විදිහට භාවිත කිරීම කොච්චර දුරකට සදාචාර සම්පන්න ද? (හේ)
හොදයි (දී)
පිටරටින් හෝ ලංකාවෙන් කියලා වෙනසක් නෑ. කොහෙන් ආවත් අඩු ප්‍රතිපල තියෙන අය වෛද්‍යවරුන් බවට පත්වෙන එක, අපේ ශරීර සෞඛ්‍යය ට හොඳ මදි නේද?(හේ)
ඔය මොනවා කිවුවත් වෙද සිසුන්ට පුහුණුවක් ලබාදීම හොඳ දෙයක් බව මම කියනවා. අනික ඒත් අපේම දරුවෝනේ (නි)
මේ මිනිස්සු නිසා පාරේ යන්නත් නැහැ (දී)
හොඳට තියෙයි ලෙඩ්ඩු මැරෙනකොට (දී)
කෑ ගහන වෛද්‍ය ශිෂ්‍යයෝ කීප දෙනයි නේ මෙතන ඉන්නේ. අනිත් ඔක්කොම බෝර්ඩ් අල්ලාගෙන හිටගෙන ඉන්නවා.(හේ)
ඉරිසියාව නෙවෙයි. සැත්කමකදී උණ්ඩුක පුච්චය වෙනුවට මහා බඩවැල කැපුවාම, රුධිර පීඩනයට අතීසාරයට දෙන බෙහෙත ගන්න කිව්වම තේරේවි. කුසලතා අඩු කෙනා , දැනුම් අඩු කෙනා අතට ජීවිත භාර දෙනවා.(දී)
බුද්ධිමත් ළමයි කීප දෙනෙකුටත් අවස්තාව දෙන එක හොඳයි. එ්ත් ඒ කතාවෙන්ම කියවෙනවා නේද අනිත් දරුවන්ගේ මට්ටම? රජයට ඕක කරන්න බැරි නෑ. රජයේ සිද්ධවෙන අක්‍රමිකතා එක්ක බලද්දී අධ්‍යාපනයට අවස්ථාව දෙන එක රජයේ වගකීමක්. එතෙන්ට සුදුසුකම් තියෙන අයව විතරක් යවන එකත් රජයේ වගකීමක්. රජය කරන්නේ නෑ කියල එ්ක සල්ලි වලට විකුණන එක වැරදියි නේද? දියුණු රටවල තත්වේ මීට වඩා හුඟාක් වෙනස්. ඒවා මෙහෙ එ් විදිහටම කරන්න හදන එක වැරදියි. (නදී)
විහිලුම දේ තමයි මේ රජයේ වෛද්‍ය විද්‍යාලේ ළමයින් ට උගන් වන සමහර දොස්තර මහත්වරු පුද්ගලික විශ්ව විද්‍යාල වල ඉගෙන ගත්ත ය. ඒ අයගෙන් ඉගෙන ගන්න හොඳයි. ! ලජ්ජා නැති අය. .(දී)
දැන් ඒපාර රජයේ සායනයේදී කෙහෙවලු අල්ල ගනීද දන්නේ නැහැ දෙපාර්ශවය. මතකනේ අර හෙදි වින්නඹු ප්‍රශ්නය. ! (දී)
මගේ අදහස නම් මාලඹේ වේවා වෙන කොහෙන් ආවත් ප්‍රමිතිය සහ පාලනය හා අධීක්ෂණය එකම ආයතනයක් යටතේ තියෙන්න ඕන . ලකුණකින් දෙකකින් ඒ ලෙවෙල් අසමත් වෙලා , ළමයෙක් මේකට ගිහින් වෛද්‍යවරයෙක් වෙලා කරන බෙහෙත් වැරදිලා රෝගීන් මැරෙයි කියල කාටවත් කියන්න බැහැ. මම කියන්නේ රජයේ රෝහල් හි සායනික පුහුණුව දෙන තරමට හොඳයි .මොකද ඒවායින් ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබෙන නිසා ඒ අයට . (ස)
ලංකාවේ දොස්තරලගේ විනය එච්චර යහපත් මට්ටමක නෑ. වර්ජන කරනවා. දැන් පුද්ගලික අධ්‍යාපනෙන් එ්ක හදන්න පුලුවන්ද? දොස්තරලගේ වැරදීම කිය කියා ඇයි එහෙනම් එතෙන්ටම යන්න පොරකන්නේ? ඔයාල අපිට නිකම් බෙහෙත් දෙනවද? ඔයාලත් කවදාහරි අපිට ඕකම තමයි කරන්නේ. (නදී)
අපෝ !ලෙඩක් සනීප කරගෙන හමාරයි. දැන් අපේ කකුලේ අමාරුවට අතීසාරයට බොන බෙහෙත් නියම වේවිද දන්නේ නැහැ. (නි)
මේ පාරේ දඟලන නංගිලා මල්ලිලා කෑ ගහන්නේ අනාගතයේදී නිකන් බේත් දෙන්න වගෙයිනේ (නි)
මේ කෑ ගහන අය ඔය දොස්තර පට්ටම ගත්තට පස්සේ ජනතාව ගැන හිතනවද? නිදහස් අධ්‍යාපනෙන් රජයේ පහසුකම් වලින් මේ රටේ ම්නිස්සුන්ගේ බදු මුදලින් ඉගෙන ගත්ත කියල කවදාවත් දුප්පත් අසරණ ලෙඩුන් වෙනුවෙන් පොදු අරමුණකින් වැඩ කරලා තියෙනවද..අර සංගම් මේ සංගම් අටවාගෙන වාතයක් ගියත් වර්ජනය ඉස්සරහට දාන පඩි පත වෙනුවෙන් වරප්‍රසාද වෙනුවෙන් තමන්ගේ ඉහල තත්වය වෙනුවෙන් රෝගීන් ප්‍රාණ ඇපයට ගත්තු අවස්ථා අනන්ත දැකල නැද්ද? මෙයලගෙයි පුද්ගලිකව එන අයගෙයි වෙනස මොකක්ද? මේ රටේ වසරකට කි දාහක් විශ්ව විද්යාතල වලින් පිට වෙනවද? මෙතුවක් පිට වෙලා තියෙනවද? නිදහස් අධ්‍යාපනේ පිහිටෙන් ඉගෙන ගෙන අද ලක්ෂ ගානින් පඩි ගන්න අය කි දාහක් දෙස් විදෙස් සේවය කරනවද? ඔවුන් මොනවද විශ්ව විද්යාහල වල ඉගෙන ගන්න දුප්පත් ආර්ථික අපහසුතා ඇති සිසුන් වෙනුවෙන් කරල තියෙන්නේ.. ඔවුන්ට මොනතරම් දෙයක් ඔවුන් වෙනුවෙන් කරන්න පුලුවන්ද.. මේ තමන් ඒ තැනට ආපු නිදහස් අධ්‍යානපනය වෙනුවෙන් මාසෙකට සුළු මුදලක් වෙන්කලානම් අද විශ්වවිද්‍යාල වල ආර්ථික අපහසුතා මැද්දේ ඉගෙන ගන්න අයගේ ආර්ථික අපහසුතා පහසුවෙන්ම අවම කරන්න තිබුණා..කවුද ඒවගේ වැඩ පිලිවෙලකට ඉදිරිපත් වෙන්නේ.. වෙලා තියෙන්නේ.. හැම කෙනාම ඔතනින් එලියට ගියාම තමන් ගැන පමණයි.. විශේෂයෙන් මේ දොස්තර පුත්තු.. අපි මොකටද එයාල ගැන තැවෙන්නේ.. (ස)
මේ හොර උපාධි කඩ අහෝසි කරනතුරු ශිෂ්‍යයින් විදියට අපි දිගටම සටන් කරනවා. මේක අහෝසි වෙනවා, ඒක අනිවාර්යයි. (නි)
විකාර නේ (දී)
මේ කෑගහන උද්ගෝෂණ කරන වෛද්‍ය ශිෂ්‍යයෝ තව ටික කාලෙකින් දොස්තරලා ,එයාල එයාලගේ අනාගතය හදාගෙන ඉවරයි. ඕනේ නම් තමන්ගේ ළමයින්ව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට දාගන්න පුළුවන් තත්වයට එයාල එනවා කොහොමත්, එහෙමත් වෙලා තමුන්ගේ වටින කාලය නාස්ති කරගෙන ඒ ළමයි කෑගහන්නේ මොකද කියල හොයල බැලුවොත් නරකද මේ අදහස් දක්වල තියෙන මහත්වරු ? දැනටමත් රජයේ වෛද්‍ය පීට වල හොදම දේශකයෝ දෙතුන් දෙනෙක්ම අරන් තියෙනවා මේ පෞද්ගලික විද්‍යාලයට වැඩි පඩියට. අනිත් හැම තාක්ෂණික ශිල්පියෝනුත් හැම දෙයක්ම, සායනික පුහුණුවත් සල්ලි වලට අර ගනියි එයාල, එකක් පටන් ගත්ත කියන්නේ තව ටික කාලෙකින් තුන හතර වෙයි . ඒවගේ වැඩි පඩි වලට කොහොමත් රජයේ වෛද්‍ය විද්‍යාල වල දෙන සොච්චම් පඩියට වඩා හොඳ නිසා හොඳ දේශකයෝ රජයේ වෛද්‍ය පීට වල ඉතුරු වෙන එකක් නෑ. එතකොට රජයේ වෛද්‍ය පීට වැහිලා යයි තිබුනත් පිළිගැනීමක් නැති වෙයි ජාත්‍යන්තරව. දැනට අපේ දුප්පත් මිනිහට පොඩි හරි හීනයක් තියා ගන්න පුළුවන් තමුන්ගේ ළමය කවද හරි හොඳට ඉගෙන ගෙන දොස්තර කෙනෙක් වෙයි කියල. එත් ටික කාලෙකින් එහෙම හීනයක් වත් දකින්න බැරි වෙයි. ඒ කලේ වෙනකොට මෙඩිකල් කොලෙජ් ගිහින් දොස්තරලා වෙන්න පුළුවන් වෙන්නේ ඇමති මැති වරුන්ගේ දරුවන්ටයි , මේ කෑගහන වෛද්‍ය ශිෂ්‍යයන්ගේ දරුවන්ටයි මේ කමෙන්ට් කරලා තියෙන මගේ ඔයාගේ දරුවන්ටයි විතරක් වෙයි. එහෙව් එකේ අපිට මොකෝ නේද ? (අ)
හොඳ තීරණයක්. (නි)
එකඟයි... දොස්තරලා මදි නම් කරන්න ඕනේ කොන්දොස්තරලව දොස්තරලා කරන එක නෙවෙයි නේ. (ස)
අත් වැරදීමකින් ලෙඩෙක්ගෙ අතක් කැපුනත්, අත් වැරදීමකින් ලෙඩෙක්ව මැරුණත් වගකීමක් නොගන්න තියෙන සුපිරි බලය(ලංකාවෙ විතරයි) නැතිවෙයි කියන තත්වය නැතිවෙයි කියන බයටයි මේ කුහක උද්ඝෝෂණ කරන්නෙ. නැතුව මේ අහිංසක ලෙඩ්ඩුන්ට තියෙන ආදරේට නෙමෙයි. (දී)
බොරු කියන්න එපා. ලංකාවේ දොස්තරලා හිඟයක් නෑ.. ඕනේ තරම් ඉන්නවා. හන්දියක් හන්දියක් ගානේ දොස්තර ලා. ඔයාල අපේ සල්ලි වලින් පඩි සහ වාහන බලපත්‍ර ගන්නේ. ඒ පහසුකම් සහ දොස්තරලට තියෙන සමාජ තත්වයට ආසාවට තමයි හොර පාරවල් හදාගෙන මෙච්චර පොරකන්නේ. නැතුව අපිට ආදරේට, අපේ ලෙඩ හොඳ කරන්න නෙවෙයි. අවුරුද්දකට දොස්තරලා 895ක් එලියට එන එක හොඳටම ප්‍රමාණවත්. ඊට වඩා අපේ රටේ ජනතාවට දරන්න අමාරුයි. (නදී)
විශාඛා, නිදහස් අධ්‍යාපනය නිසා දුප්පත් ළමයි ඉගෙන ගන්නවා. වෙන කිසිම රටක නැති ඒ වරම අපේ දුප්පත් ළමයිට තියෙනවා. පෝසත් ළමයිත් සෑහෙන්න ඒ වරම ගන්නවා. නමුත් අනිත් අංශ කෙසේ වෙතත් දොස්තරලා මේ රටට අඩුයි. අපි මේ කතා කරන්නේ රජයේ දොස්තරලා ගැන. අපේ රටේ ජිවිත එක්ක සෙල්ලම් කරන්නේ ඒ මිනිස්සුන්ගෙම සල්ලි වලින් ඉගෙන ගත්ත දොස්තරලා නේද? වැඩ වර්ජන කරලා කොච්චර ලෙඩ්ඩු අමාරුවේ දානවද? පෝසත් ලෙඩ්ඩුනට ඒවා ප්‍රශ්න නෙමෙයි. දුප්පත් අසරණ ලෙඩ්ඩු තමයි රජයේ රෝහල් වල ඉන්නේ. රටේ සල්ලි වලින් ඉගෙන ගෙන ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරලා ගිනි ගණන් ගන්න දොස්තරලා සෙල්ලමක් නෙමෙයිද කරන්නේ? මේ සේරම සෙල්ලම් කරන්නේ ඇති වෙන්න දොස්තරලා නැති නිසා. ඉල්ලුමට වඩා සැපයුම අඩු නිසා තමයි ඕනෙම බඩුවක් ගණන් යන්නේ. සමහරු රුපියල් 1500ක් අරන් විනාඩි 5ක් වත් ලෙඩෙක් බලන්නේ නෑ. (නදී)
රට ගිහිල්ලා ළමයින් ඉගෙන ගන්න එක නවත්ටන්න එහෙනම් (දී)
කෝටි 20ක් වියදම් කරලා මේ උපාධිය කරන්නේ පොඩි ලාභයක් බලාගෙන නෙවෙයි. ඊට පස්සේ අහිංසක මිනිස්සුන්ට දෙන බෙහෙත් පෙති 2න් 1ක් රෝගය සුව වීමටත් අනිත් පෙත්ත ඊට වඩා ප්‍රතිකාර කිරීමට අපහසු වියදම් වැඩි රෝගයක් වැලදිමටත් දීමට හැක..අනිත් කරුණ නම් මේ වගේ උපාදි හදාරන්න යොමු වන්නේ එස් තුනක් අරන් නිකම් වත් විශ්ව විද්‍යාලයකට යන්න නොහැකි පිරිසක්. මේ වගේ අනිත් උපාධි විකිනුවද ජීවිතත් එක්ක සෙල්ලම් කිරීමට දීම තරයේ හෙලා දකිනවා. (ස)
විශාඛා, පොදු මාධ්‍යකට අදහස් ප්‍රකාශ කරනකොට හිතුමතේට බොරු කියන්න එපා. ලංකාවේ දොස්තරලා 50000 ක් නෑ. ලෝක සෞඛය සංවිධානය කියන විදිහට ලංකාවේ 2012 වෙනකොටත් දොස්තරලා හිටියේ මිනිස්සු 1000 කට දොස්තරලා දශම 7 යි. දාහකට එක්කෙනෙක් වත් නෑ. ඒ කියන්නේ සේරම 14000 ක් විතර. අඩුම ගානේ 1000 කට එක්කෙනෙක්වත් ඉන්න එක දියුණුව මනින සාධකයක්. මේක රජයට තනියම කරන්න බෑ. දියුණු රට වල පුද්ගලික අධ්‍යාපනය තුලින් ඒ තැනට ඇවිත් ඉන්නේ. (නදී)
මේ ළමයි ඉගන ගන්නවට වඩා ඉන්නේ පරේනේ තමගේ වැඩේ හරිය කරන්නේ නැතිව පරිපාලනයට ඇගිලි ගහන්න යන්නේ මොකටද ??? නිදහස් අද්‍යාපනය ලැබුවා බව තව වසර 10 කින් මතක් කරන්න මුදලට වහල් නොවී.(දී)
අහෝ ත්‍රිමා විතාරණ ! (දී)
2010 උසස් පෙළ සමත් සිසුන්ට විශ්ව විද්‍යාල වලට අයදුම් කිරීම සදහා නිකුත් කල අයදුම් පත්‍ර සහිත පොත බලන්න. එහි අවසාන 101,102,103,104 පිටු වල තියෙන්නේ 2009 වර්ෂය සදහා විශ්ව විද්‍යාල වලට සිසුන් ඇතුලත් කර ගත්ත ඉසෙඩ් ස්කෝර් ටික. එහි 101 පිටුවේ පලවෙනි කොලමය ඉහල සිට පහලට තියෙන්නේ වෛද්‍ය විද්‍යාල සදහා දිස්ත්‍රික්ක වලින් ළමයි තොර ගත් ලකුණු. ඒ අනුව කොළඹින් 1.9671, නුවර 1.9084, ගම්පහ 1.7684 යනාදී වශයෙන් ගිහින් මුලතිව් 0.3593, කිලිනොච්චි 0.1149 කියල පැහැදිලිව ඇති. (හේ)
ඕක බාල වැඩක් වෙන්නේ මෙන්න මේ නිසයි. අපේ රටේ ඉගෙන ගන්න නිදහස් අධ්‍යාපනයක් තියෙනව නේ? හොඳම මොළ ටික එ්කෙන් ඉගෙනගද්දී, ඊට වඩා බුද්ධි මට්ටමෙන් අඩු පිරිසක් සල්ලි දීල ඉගෙන ගන්න හදනවා. ඒක බාල වැඩක් තමයි. ඔයාල කරන්නේ ව්‍යාපාරික ගනුදෙනුවක්. පුද්ගලික වෛද්‍ය විද්‍යාලෙට සල්ලි දුන්නම එයාල ඔයාලට උපාධියක් දෙනවා. ඒ ලක්ෂ එකසිය විස්ස අපිට ආදරේට බෙහෙත් කරලා අපේ ලෙඩ සනීප කරන්න වියදම් කළා නෙවෙයි නේ? ඕක කවදා හරි අපේ සාක්කුවෙන්ම ගන්න බලාගෙන නේ දෙන්නේ? කාටද මේ බොරු කරන්නේ? (නදී)
සහන්- ඔබගේ මස් නැති ඇට පමණක් ඇති සේ පෙනෙන මොලය පාවිච්චි කර උත්තර දෙන්න. නිදහස් අධ්‍යාපනයෙන් රටේ බදු ගෙවන්නන්ගේ මුදලින් ඉගෙනගෙන රටේ සියලුම ජනයට වෙද කම් කරන දොස්තරලා රුපියල් 2500 - 3000 අරගෙන විනාඩියක්වත් ලෙඩාව බලන්නේ නැහැ මේකද නිදහස් කියල කියන අධ්‍යාපනයේ ප්‍රතිපල? (දී)
පිටරටකට ගිහිල්ලා මේවා කියුවොත් හු කියා කියා හිනාවෙයි (දී)
ධම්ම, මම මාතෘකාවෙන් පිටගියේ නැහැ. ඉගෙනගන්න එකා කොහොම හරි ඉගෙනගන්නවා. සල්ලි දීල ඉගෙනගත්තත්, පිනට ඉගෙන ගත්තත් අවසාන ප්‍රතිඵලය එකනම්, හැමෝම එකම තැනකින් පුහුණුවක් ලැබුවම මොකද වෙන්නේ. (නි)
විශ්‍රාම යන්නේ 895 ට අඩු ගානක් වෙන්න පුළුවන්. ඇයි රට යන අය,මැරෙන අය, අස්වෙලා පුද්ගලික සායන දා ගන්න අය. පශ්තාත් උපාධි කරන අය උනත් ඉන් පස්සේ රෝහල් වාට්ටු දොස්තරලා විදිහට සේවය කරන්නේ නැහැනේ. (නදී)
අධ්‍යාපනය දියුණු කරන්න පුළුවන් එකම ක්‍රමය පුද්ගලික විශ්ව විද්‍යාල දැමීම පමණි (දී)
මුන්ට උපාධියට මිලියන ගානක් වියදම් කරන්න පුලුවන්නම් පුහුණුවටත් මුදල් අය කල යුතුයි. ඒවායින් අහිංසක රෝගීන්ට ප්‍රතිකාර කරන්න . නව රෝහල් ඉදිකරන්න . මේක තමයි මේ ආණ්ඩුවේ අද්‍යාපනය විකිණීමේ ප්‍රතිපත්තිය. (දී)
මාලඹේ ශික්ෂණ රෝහලක් හැදුවේ මේ පෞද්ගලික වෛද්‍ය සිසුන්ටයි. ඒකට ලෙඩ්ඩු යන්නේ නැහැ මේ සිසුන් ගැන මිනිසුන්ගේ විස්වාසය මදකම නිසා. දැන් ඉතින් මොවුන් මෙහෙම රජයේ රෝහල් වලට රිංගා ගත්තාම අසරණ රෝගීන්ට දෙයියන්ගේම පිහිටයි! (දී)
රජයේ ඒවාට දක්ෂ කම අනුව ගන්නේ සියයට හතළිහක් විතරනේ. දිස්ත්‍රික්ක ජනගහන අනුපාතයට සහ දුෂ්කරතා අනුව ගන්න සියයට හැටට වඩා හොඳ දක්ෂ අය කොළඹ නුවර වගේ පැති වල ඉතුරු වෙනවා. ඒ අය කොටසකුත් ඔය මාලබේ ඉන්නවා. එතකොට ජාත්‍යන්තර පාසල් වල හොඳට ලන්ඩන් ඒ ලෙවල් කරපු අයත් ඉන්නවා. ඉතින් ඒ අය හොද දොස්තරලා වෙයිනෙ. (නදී)
ලංකාවේ ළමයින්ට කැම්පස් යන්න බැරි වෙන්නේ උන්ගේ මෝඩක හින්ද කියල හිතන අය පර පුරා උද්ගෝෂණ කරකර ඉන්නවා වෛද සිසුන්ට මෙහෙම තරගයක් ඇති වෙලා තියෙන්නේ ආණ්ඩුවට ඒ සදහා වියදම් කිරීමට නොහැකියාව නිසාය මේ පැහැදිලිවම කුහකකම දොස්තරලාටත් මෙරටේ එකම නීතියක් ක්‍රියාත්මක කලයුතුයි. (දී)
දිනුව නම් මොකටද නඩුව අයින් කරගන්නේ? තවම දිනලා නෑ. දිනන්න අපි ඉඩ තියන්නෙත් නෑ. කවුරු හරි උන්ගෙන් බෙහෙත් අරන් මරුන දවසට අපි කියන දේ තේරෙයි. (ස)
ඔඅවුන් ජය ගත්තා කියන්නේ ලංකාව දියුණුවේ ආපස්සට ගියා කියන එකයි (දී)
මමත් මාලබේ පැත්තේ (දී)
ඉරිසියාවේ මැරෙන්න හදනවා(දී)
අනෙක් අතට දුෂ්කරයි කියා පිළිගත් දිස්ත්‍රික්ක දාසයක් තියෙනවා. ඒවායින් අවම ඉසෙඩ් ස්කෝර් එක 0.1ක් ලබපු ළමයිත් රජයේ ඒවාට ඇතුළත් කරගන තියෙනවා. ඒ කොළඹ ළමයිගෙන් 1.9ක් බලාපොරොත්තු වෙද්දී. (2009 විශ්ව විද්‍යාල ඇතුළත් කිරීම් අනුව කවුරුවත් හිතනවද අර 0.1 ගත් ළමයි මෝඩයින්, ඒ අයට හොඳ දොස්තරලා වෙන්න බැහැ කියලා) (නි)
අපෝ මාලබේ උදවියට අත් වැරදීම් ගැන බය වෙන්න ඕන නැහැ. මොනවා හරි වුනොත් පසුවදාටම එංගලන්තයට, ඇමෙරිකාවට එහෙම නැති නම් ඔස්ට්‍රේලියාවට පැනලා යන්න සල්ලි තියනවානේ. වෘත්තීය අත් වැරදීම් වලට බය වෙන්න ඕන අනෙත් කට්ටිය. (දී)
ඒක හොඳයි (දී)
පුද්ගලික වෙද විදුහලේ ශිෂ්‍යයින්ට, රජයේ වෛද්‍ය විභාග කරන්න දෙන්නේ නෑ. ඒවා තියෙන්නේ නිසි ප්‍රමිතියකට උසස් පෙළ සමත් වෙලා, රජයේ වෛද්‍ය විද්‍යාල තුළ තමුන්ගේ අධ්‍යාපනය ඉහලින් සම්පූර්ණ කරගත්, බුද්ධිමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමණයි.(අ)
සුදුසුකම් නිසි පරිදි සපුරා ඇත්නම් සියලු සමත් සිසුන් වෛද්‍යවරුන් කරන්නට කුමන රජයකටවත් බැරිනම් මුදල් ගෙවා ඉගෙන ගත්තට මොකද වෙන්නේ.?ඉසෙඩ් ස්කෝර් එක පොඩ්ඩක් අඩු වුනත් අපේම ළමයිනේ.මුදලට ඉගෙන ගැනීම වැරදිනම් සියලු ටියුෂන් තහනම් කල යුතුනේ.ලෝකේ බොහෝ රටවල වෛද්‍ය විද්‍යාව පමණක් නොව සියලු විෂයන් උගන්වන්නේ මුදලට.හැබැයි මේ කාර්යය නිසි ප්‍රමිතියකින් රජයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ අධීක්ෂණයෙන් සිදු කල යුතුයි.දොස්තරලට වැරදුනොත් අපිට ඉන්න වෙන්නේ අඩි 6ක් පොලොව යට. (දී)
අනික බුද්ධි මට්ටම ගැන කියන මෙතන ඉන්න මහාචාර්යවරුන්ගෙන් මම අහන්නෙ මෙන්න මේක. එකම ප්‍රශ්න පත්තරේට උත්තර ලියල නුවරඑළියෙ ඉන්න ළමයා සී 3ක් දාල මෙඩිකල් යනව, ඒ 3ක් දාපු කොළඹ ඉන්න ළමයා මෙඩිකල් යන්න බැරුව දුක් විඳිනව. දැන් එතකොට ඒ 3ක් දාපු එකා මැට්ටෙක්ද? ඉගෙන ගන්න බැරි එකෙක්ද? ඌ දොස්තර කෙනෙක් වෙන්න නුසුදුසුද? මේව සේරම කුහකමට තමන්ගෙ වාසියට හදාගත්තු කතා. (දී)
මම හිතන්නේ අර "ලෙඩා මලත් බඩ සුද්දයි කියල " පැරැන්නෝ කියල තියෙන්නේ මාලබේ දොස්තර මහත්තුරු අරභයා වෙන්න ඇති. (දී)
රජය ගත හොඳ තීරණයක් මාලබේ සිසුන්ට ජය වේවා (දී)
කවුරු කොහොම මොනවා කිව්වත් මට කියන්න තියෙන්න මෙච්චරයි. තුසිත පිරිස්, සල්ලි තියෙන ඕනෑම කෙනෙකුට දොස්තර කෙනෙක් වීමේ අවස්ථාව උදා වුනේ පිටරට ගිහින් දොස්තරලා වෙලා මෙහෙ එන්න ලංකාවේ අයට වරම් ලැබුණු දා ඉදල. ධර්මතිලක, අඩු සුදුසුකම් තියෙන අය පිටරට ගිහින් දොස්තරලා වෙලා එන එක විකල්ප මාර්ගයක් නෙමෙයිද?චීනයට යන්නේ සී 3යි එස් 2න්, නේපාලයට සී 3යි. අහලවත් තියෙනවද බෙලාරුස් කියල රටක්. දැන් ඔන්න ඒ රටේ වෛද්‍ය විද්‍යාලයකටත් යනවා සී 2යි එස් 1න් . ඒකත් මේ රටේ වෛද්‍ය සංගමය පිළිගත් එකක්ලු. එතකොට හරේන් මාලබේ ඉන්න සී තුනේ ළමය කොන්දොස්තර වෙන්නයි සුදුසු . චීනෙට,බෙලාරුස් වලට යන සී 2යි එස් 1 ගත්ත ළමය දොස්තර කමට සුදුසුයි. (ස)
රෝහණ ,රත්නසිරි, අතුල , ඔබල සමග මම එකගය. නොමිලේ. ඉගෙනගෙන පුද්ගලිකවත් රජයේනුත් මිනිසුන්ගෙනුත් සල්ලි බොනවා. (දී)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
ඇයි එයාල ලංකාවේ ළමයි නෙමේද? කාට උනත් ඉගන ගන්න තියන අවස්ථාව නැති කරන්න එපා. ඉගනගන්න ආසාව තියන කාටත් අවස්ථාවක් තිබිය යුතුමයි. පළවෙනියටම එහෙනම් පුද්ගලික ටියුසන් පන්ති නැති කරන්න ඕනේ. එතනත් සල්ලි තියන අය හොඳ පන්ති වලට යයි. නැති අය නිකන් ඉඳියි. ලොකු ඉස්කෝල , පොඩි ඉස්කෝල බේදයත් අයින් කරන්න ඕනේ. කොහොම උනත් ඉගනගන්න ආසාව තියන කාටත් එය ඉස්ට කරගන්න පුළුවන් ආයතන පද්දතියක් හැදෙන එක හොඳය. එය හරියට නියාමනය කිරීම ආණ්ඩුවේ වගකීම (දී)
මම කොළඹින් උසස් පෙළ කරලා වෛද්‍ය විද්‍යාලයට යන්න මදි වුනේ ලකුණු 4යි. මාත් එක්ක කොළඹ උපකාරක පන්තියේ ඉගෙන ගත්ත නුවර එළියේ සිසුවෙකු මට වඩා ලකුණු 52 ක් අඩු වෙලා අද අවසන් වසරේ වෛද්‍ය ශිෂ්‍යයෙක්. මම දැන් මුල්‍ය කලමනාකරනය හදාරලා පුද්ගලික ආයතනයක දොස්තර කෙනෙකු වගේ තුන් ගුණයක් පඩියක් ගන්නවා. මගෙන් වෛද්‍ය වරයෙකු ලෙස රටට සේවයක් අවශ්‍ය නැති නම් තමන්ගේ මට්ටම් තම්මට්ටම් කියනවා ඇරෙන්න වෙන මොනවද ? (දී)
ඇන්ටන්, එතකොට දෙමවුපියන්ගේ සල්ලි වලට පුළුවන් ද කෙනෙකුගේ කුසලතාවය මනින්න?(අ)
සමාජෙ ඇත්තටම වෙන්නෙ මොකද්ද කියලා ගොඩක් අයට තේරෙන්නෙ නෑ. ගෙදර ඉදෙන බත ගැන දන්නෙ ගෙදර මිනිස්සු මිසක් අල්ලපු ගමේ එවුන් නෙවෙයි. ඒ වගේ මේ නිදහස් අධ්‍යාපනයට කණකොකා අඬන කාලය වැඩි ඈතක නෙවේ කියලා කියන්නෙ , නොමිලේ ලැබෙන රෝහල් සේවය ලඟදිම නැති වෙනවා කියන්නේ කට කහනවට නෙවෙයි අපි. අපි ඒ තුළ ජීවත් වෙන නිසයි අපිට තේරෙන්නේ. ඒකයි අපි මෙච්චර සමාජෙට කියන්නේ. මේකෙන් දුක් විඳින්න වෙන්නෙ අපිටමයි. මේකයි අපි මෙච්චර කෑගහන්නේ. මාසෙකට විසි තිස්දාහක් දීලා ඉස්කෝලෙ යවන්න වෙනකොට, දවස් දෙකක් උන හැදිලා ඉඳලා ඉස්පිරිතාලෙ ඉඳලා ලක්ෂ ගනන් බිල දානකොට දැන් ඔය කෑ ගහන වීරයන්ට තේරෙයි අපි දැන් මේ කියන්න හදන්නේ මොකද්ද කියලා... පොඩ්ඩක් තේරුම් ගන්න , ලංකාවෙ දක්ෂයන්ගෙන් ලොකු පිරිසක් කැම්පස් යනවා. එයින් පිරිසක් තමා මෙඩිසින් යන්නෙත්. ඒ යන්නෙ දක්ෂකමෙන් මිසක් සල්ලි දීල නෙවෙයි. එහෙම දක්ෂ පිරිසක් ගන්න ලොකුම හේතුව තමා දොස්තර කෙනෙක් කියන්නෙ ජීවිත වල වගකීම අතට අරගෙන වැඩ කරන කෙනෙක් වීම. පොඩි වැරදීමකින් ජීවිත එකක් දෙකක් නෙවෙයි සිය දහස් ගනන් වලින් තමයි වන්දි ගෙවන්න වෙන්නේ.හරියට සාමාන්‍ය පෙළවත් සමත් නැති , සල්ලි වලින් විතරක් බලේ පෙන්නන මිනිස්සුන්ට ජීවිත බාරදෙන්න කවුද කැමති ??? ඇස් ඇරලා බලන්න මොකද්ද වෙන්නෙ කියලා. උසස් පෙළ ඉහලින් සමත් වෙලා කැම්පස් ගිය අපි නිකන් පාරක් පාරක් ගානේ රස්තියදු වෙන්නෙ නෑ සාධාරන හේතුවක් නැතිව. අන්න ඒක තෙරුම් ගන්න. (දී)
මේක ඉරිසියාවෙන් පෙලෙන යුගයක්. මේ අහිංසක ළමයින්ගේ දෙමව්පියන් බොහොම අමාරුවෙන් වියදම් කර උගන්වන්නේ. මේ අය මාලබේ එකට විරුද්ද වෙන්න හේතුව කුමක්ද? එතකොට බංගලාදේශය වැනි රටක උපාදිය පිළිගන්නවද? බන්ග්ලාදෙසය කියන්නේ අපේ රටට වැඩිය ඉතාමත් ජරා රටක්. මේවා අපේ මිනිස්සු තේරුම් ගන්න ඕනා. අද ලංකාවේ වැසිකිලියට යන්න බැරි උනත් පාරට බහින යුගයක් වෙලා තියෙන්නේ. (දී)
මේ මොන විනාසයක් ද..? අනේ පව් අසරණ රෝගීන්.. මාලබේ අයට රජයේ රෝහල් ඉල්ලන්න අයිතියක් නෑ .. ආණ්ඩුව හෝ රජය ඒවාකරන්න බැදිලත් නෑ ...(දී)
මමනම් කියන්නේ දොස්තර මහත්තුරු සෞඛ්‍ය සේවයට අදාළ අනෙත් අයගේ ඉගනීමට බාදා කිරීම නැවැත්විය යුතුයි , සම සෞඛ්‍ය කරන ළමයෙන්ට එක සැරයක් කරදරකාලා , ඊළඟට හෙදියන්ට කරදර කරා, මේ අය උසස්පෙළ හොදට පාස් කළා කියලා අනෙත් උදවිය මෝඩයෝ වගේ ජීවත්වෙලා මෝඩයෝ වගේ මැරෙන්න ඕනද? (දී)
මෙහි සඳහන් සමහර අදහස් දකිනවිට මිනිස්සු තුල රාජ්‍ය විශ්ව විද්‍යාලවල ඉන්න ළමුන් පිළිබඳව තියෙන වෛරී බව හොඳහැටි තේරුම් ගන්න පුළුවන්,අපිට තව පිරිසක් වෛද්‍ය උපධිය හදාරනවට කිසිම ඉරිසියාවක් නැහැ,එහෙනං අපි කියන්න ඕනේ ලංකාවේ වෛද්‍ය විද්‍යාල ඇති කරන්න එපා,වෛද්‍ය විද්‍යාලවලට ගන්න ළමුන් ගාන අඩු කරන්න කියල,අපි එහෙම කියන්නේ නැහැ,අපි කියන්නේ යන්නේ සල්ලි වලට පමණක් යටවෙලා මෙහෙම අධ්‍යාපනේ විකුණන් කන එක හොද නැහැ කියල.මේකෙන් වෙන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල වලට දෙන සොච්චම් සල්ලි ටිකත් නැති කරලා,මේ කඩ වලින් සල්ලි වලට විභාග පස්ස කරලා සුදුසුකම් නැති දොස්තරලා බිහිවෙන එක විතරයි. (අ)
අපේ රටේ මිනිස්සු එදා ඉඳන් කලේ සල්ලි තියෙන මිනිස්සුන්ට ඉර්ශ්‍යා කරපු එක., දුප්පත් මිනිහා ට අනේ පව් කියලා සල්ලි තියෙන මිනිහගෙන් බදු අරන් කන්න දීපු එකයි හෙනේට හිටියේ,. දුප්පතුන්ට දුප්පත්කමෙන් ගොඩ එන්න මාර්ගයක් කවුරුවත් හදලා දෙන්න උනන්දු වුනේ නැ.(දී)
අවුරුද්දකට 50000ක් දොස්තරලා එංගලන්තෙටවත් ඕනෑ නැහැ. මම කිව්වේ ලංකාවේ සියලුම අංශ වලින් ලක්ෂ 2 ක් උසස් පෙළට පෙනීසිට ලක්ෂයක් සමත් වී, එයිනුත් 50000 ක් විතර හොඳටම සමත්වෙන බවයි. නමුත් මේ සියලුම අංශ වලින් ලංකාවේ විශ්ව විද්‍යාල වලට ගන්නේ 20000 ක් පමණයි. ලංකාවේ වෛද්‍ය විද්‍යාල 7ක් තිබෙනවා. ඒ හතේම ඉඩතියෙන්නේ වෛද්‍ය සිසුන් 895 කට පමණයි. ඒ කියන්නේ අවුරුද්දකට දොස්තරලා 895යි මුළු ලංකාවටම. දැන් තේරෙනවද ලංකාවේ දොස්තර හිඟය ගැන? (නි)
මේ තීරණය ගත් සියලු දෙනාට මම සුභපතනවා (දී)
නිදහස් අධ්‍යාපනය සුරකිමු (නි)
මමත් පුද්ගලිකව සතුටු වෙනවා ඒ තීරණයට (දී)
තුසිත පිරිස් ඉස්සෙල්ල රජයට කියන්න දෙවෙනි පෙලට උසස් පෙළ සුදුසුකම් තියෙන අය මායිමේම ඉන්න අය විතරක් පිටරට ගිහින් ආවම බාරගන්න, අඩු සුදුසුකම් තියෙන අය බාරගන්න එපා කියල. ඒ අය මෙහෙ ආවම ඇක්ට් 16 කරලා රජයට ගන්නවා. සමහරු අවුරුදු 5ක් 6ක් ෆේල් වේවි ඉන්නවා. එත් අන්තිමට යන්තම් පාස් උනාම බාර ගන්නවා. මාලබේ ළමයිත් අන්තිමට රජයේ වෛද්‍ය සිසුන් එක්කම කොමන්(පොදු) විභාගයට ලියන්න ඕනේ කියල දන්නවද? (දී)
සහන් සන්නස්ගල ගේ පැහැදිලිකිරීම අගය කරමු (දී)
අසනීප උනාම මම නම් අහන්නේ නැහැ ඔයා මාලබේද කියලා දොස්තරගෙන් ඔයගොල්ලෝ අහනවද (දී)
පුදුම වැඩක් තමයි මේ වෙලා තියෙන්නේ. (නි)
දොස්තරලා නම් මදි තමයි. රටේ වෛද්‍යවරු හිඟයක් තිබෙනවා. දැන් කරන්න ඕනෑ උසස් පෙළ ඉහළින්ම සමත්වෙලා වෛද්‍ය විද්‍යාල වලට යන්න බැරි වුණ, දැනට දන්ත වෛද්‍ය සහ පශු වෛද්‍ය පීඨ වල ඉගෙනගන්න ළමයින්ට යන්න තව වෛද්‍ය පීඨයක් හදන එක නේද? එයාලා නේද බුද්ධි මට්ටමින් ඊළඟට වැඩිම පිරිස? එහෙම නැතුව සල්ලි වලට උපාධි දීලා දොස්තරලා රටට දෙන එක නෙමෙයි නේද කරන්න ඕනෑ (නි)
මේකට කරන්න ඕන උපාධි පිටින් දෙන එක නතර කරන එක නෙවේ, නියමිත තත්ත්ව පාලනයක් හදන එකයි. (දී)
තුසිත, පිටරට යන ළමයි මෙහෙ විශ්ව විද්‍යාල අවසන් විභාගෙට ලියන්නේ නෑ. ඇක්ට් 16 විභාගේ කියන්නේ ඒ අයට තියන වෙනම විභාගයක්. හැබැයි මාලබේ ළමයිට නම් මෙහෙ රජයේ වෛද්‍ය විද්‍යාල වල සිසුන් එක්කම එකම විභාගෙකට අන්තිමට පෙනී ඉදල සමත් වෙන්න වෙනවා. ඉතින් මෝඩයෝ රැලක් නම් එතන ඉන්න අය ෆේල් වෙයිනෙ. කලබල නැතුව අපි ඉදල බලමු මොකද වෙන්නේ කියලා. (නදී)
ඒ 3 දරුවන්ගේ බුද්ධි මට්ටමයි, සී 3 දරුවන්ගේ බුද්ධි මට්ටමයි, ඉඳුරාම වෙනස් නේ? වෛද්‍ය වෘත්තීය වගේ වගකීම් සහගත් තැනකට යවන්න සුදුසු වෙන්නේ මේ දෙගොල්ල අතරින් ඉහල බුද්ධිමතුන් පිරිසයි. සී 3 ප්‍රතිපල ගත්ත දරුවෝ වෛද්‍යවරුන් වෙන එක, රටක් හැටියට අපිට එච්චර හොඳ නෑ. අපේ සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක භාවය අඩු වෙනවා ඒ වැඩෙන්. (අ)
මම අහනව උසාවි ස්වාධීනද කියල. ඉදිරියේදී සැමදා මොරටුවෙ ඉංජිනේරු එන් ඩී ටී වගේ මරා ගනීවි.(දී)
මමත් කැමති පුද්ගලි කරණයට (දී)
මිනිස්සුන්ට දොස්තරලා කොච්චර එපා වෙලාද කියලා මේ අදහස් දැක්කාම පේනවා .(දී)
මෙන්න හොඳ අවස්ථාවක්. මුදල් තිබේනම් වහාම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරන්න (නි)
දැන් ඔය අයම නේද හෙදියන්, රසායනාගාර තාක්ෂණ ශිල්පින්ට සම සෞඛය උපාධිය දෙන්න යනකොට පේරාදෙණියේ ඉඩ නෑ කියලා පාරට බැස්සෙත්. මෙතන තියෙන්නේ ඉර්සියාව විතරයි. දැනටමත් රජයේ රෝහල් වල කොච්චර විදේශ සිසුන් ඉගෙන ගන්නවද. ඒ අයටත් එන්න එපා කියන්නකෝ. කොහේ ඉගෙන ගත්තත් අන්තිමට සුදුසුකම් බලන අවසන් විභාගයෙන් සමත් වෙනවානම් මොකක්ද මෙතන තියෙන ප්‍රශ්නේ ඉර්සියාව මිසක්. (දී)
මෙතන ප්‍රශ්නය තියෙන්නේ සී 3 ට වෛද්‍ය උපාධිය ගැනීම ගැන. බෙහෙත් කරද්දී ලෙඩුන්ට වගකියන්නේ කවුද? (නි)
සමිරු සංජිව 2014-09-30 04:34:00 "ඒ 3ක් දාපු කොළඹ ඉන්න ළමයා මෙඩිකල් යන්න බැරුව දුක් විඳිනව".. සමිරු සංජීව මොන රටේද ඒ 3ක් දාලා මෙඩිකල් යන්න බැරි.. ඔබ වානිජ්‍ය අංශයෙන් උසස් පෙළ කර පුද්ගලයෙක් ද?? හා හා හා හා ....... (දී)
දැන් ඉතින් ඔය ආණ්ඩුවේ වේද විදුහල් වල යන කට්ටියගෙනුත් කීයක්හරි සල්ලි ගත්තම්නම් තමයි හොඳ නිකන්න්ම උගන්නන්න්න හොඳ නැහැ (දී)
මමත් රජයේ වෛද්‍යය විද්‍යාලයක ශිෂ්‍යයයෙක්. මේකෙ තියන එ්ව දැක්කම පොඩ්ඩක් ඇත්ත නැත්ත දාන්න හිතුනා. 1.ඉස්සල්ලම කියන්න ඕන හරිනම් ඔය මාලඹේ ඉන්න ළමයිමයි ඕක හදල ඒ අයව අනාථ කරාට නඩු දාන්න ඕන.වෛද්‍යය විද්‍යාලයක් කියන්නෙ තේ කඩයක් නෙවේ. එහෙම හිතෙන හිතෙන හැටියට ඒවා හදන්න බෑ කියල ඕන කෙනෙක්ට තේරෙනවා. ඒ ළමයින්ව නිසි සුදුසුකම් නැතුව හරියට පුහුණුව දෙන්න පහසුකම් නැතුව බඳවාගෙන රැවැට්ටුවෙ ඒ අයමනෙ? අපිට නම් ආරංචි විදියට ඕකේ ඒ ලෙවල් වලට ආට් කරපු අයත් ඉන්නවලුනෙ. මං හිතන්නෙ නෑ ලෝකෙ පිළිගත් කිසිම වෙද විදුහලක එහෙම අයට උපාධි ගන්න පුලුවන් කියල. (ඒකයි එහෙම අය ලංකාවෙම නතර වෙන්ට ඇත්තේ ඔය ලකුණු ගත්ත ළමයි ටිකකට ශිෂ්‍යත්ව දීලා ඒ ළමයි ටිකත් ඒ වගේ කිසි පිළිවෙලක් නැති එකකට බඳවාගෙන අනාථ කරලයි තියන්නෙ. 2.අපි කෑගහන්නෙ පුද්ගලික අධ්‍යාපනය එපා කියල නෙවේ. ඒක නවතන්න බෑ එත් තියන එක ප්‍රමිතියකට තියෙන්න ඕන. නැත්තන් වෙන්නෙ ලංකාවෙ තියන ගුනාත්මක සෞඛ්‍යය වැඩසටහන් නැති වෙලා යන එක. කවුරුත් අමතක කරන්න එපා අපෙ රට දුප්පත් රටක් වුණත් මේ රටේ සෞඛ්‍යය හා අධ්‍යාපනය ඉහල මට්ටමක තියන්නෙ නිදහස් අධ්‍යාපනය නිසා කියල. අපේ මිනිස්සුන්ට ඒ දේ තෙරෙන්නෙ නෑ, ප්‍රයිවට් හොස්පිටල් වලට යන මිනිස්සුත් අන්තිමට අමාරුවෙ වැටුනම රජයේ රෝහල් වලට එනවා. ඒත් මේ යන විදිහට වෙන්නෙ මේ පද්ධතියම විනාශ කරන එක. 3.නුවර එලියෙන් C3 ට මෙඩිකල් ෆැකල්ටි එන්න පුලුවන් කියන කතාව අමූලික බොරුවක්. මාලඹේට එහෙම පුලුවන් ඇති. 4.කවුරුත් කියන්නෙ නෑ රජයේ විශ්වවිද්‍යාල වලට යන්න බැරි වුන අය සදාකාලිකව මෝඩයො වගේ ඉන්න ඕන කියල, ඒ අයත් ඉගෙන ගන්න ඕන. ඒත් හැමෝටම හැමදේම කරන්න බෑ. ඒකයි ලෝකෙ හැමතැනම විභාග කියල ජාතියක් තියන්නෙ, ඒ අපේ රටේ විතරක් නෙවේනෙ තියන්නෙ දියුණුම රටවල් වලත් තියනවනෙ. 5.සල්ලි ටිකක් තියන අය මේකට යනව කියන එකත් ටොන් පචයක්, ලක්ෂ 60ක් කියන්නෙ පොඩි ගානක් කියල මට නම් හිතෙන්නෙ නෑ. අනික ඕකෙ ඉන්න එක්කනෙක්වත් ඔය කියන විදියට ඉඩම් කඩම් විකුනල ඕකට ගියා කියන එක බොරුවක් කියල ටිකක් හරි මොලේ තියනව නම් තේරෙනව. *අන්තිම වශයෙන් කියන්න තියන්නෙ සල්ලි තියන නිදහස් අධ්‍යාපනයෙන් ඉහල තැනකට ගිය දෙමවුපියො තමන්ගෙ අතීතය අමතක කරන්න එපා. තමන්ගෙ ළමයිනුත් හොඳට ඒ ලෙවල් පාස් කරන්න මහන්සි ගන්න. නිදහස් අධ්‍යාපනය නැති කරන්න අනුබල දෙන්න එපා. අනික සමහරු කියන විදියට රජයේ විශ්වවිද්‍යාල වලට එන්නෙ දුප්පත් මිනිස්සුම නෙවේ, ඒවගෙත් ඉන්නවා සල්ලි තියන දෙමවුපියන්ගෙ සහ උගත් දෙමවුපියන්ගෙ දරුවො. මේ වගේ පුහු වෙද විදුහල් හැදුනම ඒ වගේ ළමයි මුල ඉන්දලම හිතයි මේවට යන්න, ඉතින් ඒ අය ඉගෙන නොගනීවි. (අ)
මේ ළමයින්ගේ ඉදිරි අනාගතය සාර්ථක වේවා.(හේ)
ඉතින් ගමරාල, ඔයා මේ කියන්නේ අනාගතයේ වෙන දෙයක් ගැනනේ. ඒ වෙනකොට කොහොමත් මේ හොඳ දේශකයෝ විශ්‍රාමිකයි. දැන් ඔය කෑ ගහන ළමයි තමයි ඒ කාලෙට දොස්තරලා වෙලා, ඊළඟට පශ්චාත් උපාධි කරලා දේශකයෝ වෙන්නෙත්. මේ තියෙන කැක්කුමේ හැටියට මේ අයට පුළුවන්නේ රජයේ වෛද්‍ය විද්‍යාල වල අඩු පඩියට දේශන පවත්වන්න. බැරිද මං අහන්නේ? (නි)
කවදාද අපේ රටේ අහිංසක මිනිසෙකුගේ ජීවිතයක් අනතුරට වැටුනේ එවැනි දොස්තර කෙනෙක් නිසා? අනික් අතට රජයේ වෛද්‍ය විද්‍යාල වලින් එළියට එන දොස්තරලා අතින් ජීවිත අනතුරට වැටුන අවස්ථා නැද්ද? (නි)
බුද්දි මට්ටම් කතාවනම් අමුලික බොරුවක්, උදාහරණයක් හැටියට කිව්වොත් 1975 - 76 තිබ්බ විභාගේ දෙවෙනි සැරේට පාස් වෙලා උසස් පෙලට යන්තම් එස් 4 අරගෙන රුසියාවට ගිහින් ආපු දොස්තර මහත්තයෙක් මුළු පහුගිය කාලය පුරාම ඉතාමත් හොදින් රස්සාව කරනවා ඊට අමතරව කොළඹට කිට්ටුව ඉතාමත සාර්ථක පුද්ගලික රෝහලක් පවත්වාගෙන යනවා. (දී)
සුදුසුකම් සපුරපු අයගෙනුත් සීමිත පිරිසක් ගන්නේ ඉඩ නැති නිසා. ගන්නෙත් ලොකුම මොළ වලින් 40%යි. (නි)
සමිරු සංජීව හරියටම හරි. අනික උසස්පෙළ විභාගයෙන් බලන්නේ දැනුම මිසක් බුද්ධිය නෙමෙ. අවාසනාවට විවිධ හේතු නිසා අසමත් උන බුද්ධිමත් අය කොච්චර ඉන්නවද? ඒ අයට මුදලුත් තියනවනම් අපිට මොකද? නේද? (දී)
ලංකාවේ දහස් ගණනක් ළමයි අමාරුවේ වැටුනා කියන එකනේ එකෙන් කියන්නේ (දී)
උපාධි කඩේ උන්දැලා ජය ගත්තම හරිද? නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ උවමනාවේ එක් රංගනයක් තමයි මේ... (දී)
මම නම් බෙහෙත් ගන්නේ පුද්ගලික රෝහල් වලින් පමණයි (දී)
අනේ හොඳයි! (නි)
බුද්ධිය කියන දේ සල්ලි දීල ගන්න බෑ.(දිල්)
නිදහස් අධ්‍යාපනයට ජයවේවා (දී)
අදහස් දැක්කහම පුදුම හිතෙනවා. පුද්ගලික විශ්ව විද්‍යාල වලට අපේ රටේ ඉඩදෙන්නේ සාමාන්‍ය මිනිසුන් ගැන හිතලද? අන්තිමට වෙන්නේ සල්ලි තියන ව්‍යාපාරිකයන්ගේත්, දේශපාලකයන්ගේත් සෙල්ලක්කාර දරුවන්ට අවශ්‍ය දේ ලබා ගැනීම. සාමාන්‍ය මිනිස්සු වන අපි එකිනෙකා වාද කර ගන්නවා පිටු පිරෙන්න. මතක තබාගන්න, නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍යය තව දුරටත් අපේ රටේ පවතින එක පිළිබඳව අපි සතුටු වෙන්න ඕනෑ. එය අපි දිවි හිමියෙන් රැකගන්න ඕනෑ. (නි)
@නදිනි...මේ රටේ මම දන්න කොළඹින් ඒ ලෙවල් කරපු අය හිටිය ඒ 3 අරන් ඉසෙඩ් කොර් එක මදිවෙලා මෙඩිකල් යන්න බැරි වුණ අය. ඔයාගෙ නොදන්නකමට මට කරන්න දෙයක් නෑ. (දී)
සුභ පැතුම් රට වෙනුවෙන් හඬක් නැගුවට (දී)
මේ ගත තීරණය 100% වැරදියි ලංකාවට පුද්ගලික අධ්‍යාපනය අවශ්‍ය නැහැ (දී)
බන්දුල මහත්මයා ලංකාවෙ සමහර මාධ්‍යය කියන රාමු වලට කොටු වෙලයි මේ ප්‍රශ්ණෙ දිහා බලන්නෙ. ඔබතුමා නිකමටවත් ඉස්පිරිතාලෙකට ගිහින් තියෙනවද ඔහොම කතා කරන්නේ. අපි අපේ ලෙඩ්ඩුන්ට සලකන හැටි බලන්න එන්න ඉස්පිරිතාලෙකට. ඇවිත් බලන්න. දුප්පත් ඉස්කෝල වලට සලකන හැටි දැන ගන්න ඕන නම් කොළඹ වෛද්‍යය පීඨයේ වස්සාන දියවර ව්‍යාපෘතිය කියන්නෙ මොකද්ද, නින්නාද අරමුදල කියන්නෙ මොකද්ද, ජයවර්ධනපුර වෛද්‍යය පීඨයේ දිවිය අරුණ ව්‍යාපෘතිය කියන්නේ මොකද්ද කියලා හොයලා බලන්න. . කරුණාකරලා නොදන්න දේවල් ගැන බොරුවට කෑ ගහන්නෙපා. නිකමටවත් ඔයාල හිතනවද කැම්පස් ගිය, මොලේ තියෙන අය මෙච්චර කියන්න හදන්නේ මොකද්ද කියලා. ඔයාලා රජයේ පාසලකින් ඉගෙන ගත්ත නම් රජයේ ඉස්පිරිතාලෙකින් බෙහෙත් අරන් තියෙනවනම්, ඒ නිදහස අනාගතේටත් උරුම කරලා දෙන්න ඕනනම් ඔයාලා බලන ඔය පටු රාමුවෙන් මිදිලා අපි කියන්න හදන්නේ මොකද්ද කියලා 'අවබෝධෙන්' තෙරුම් ගන්න උත්සහ කරන්න. පිටරට ගිහින් උපාධි අරන් එන අය මෙහෙ ඇවිත් දැනුම නැතුව ලෙඩ්ඩු ඉස්සරහ හොල්මන් වෙන හැටි දැකලා තියෙනවද ඔයාලා කවුරු හරි. ඒ ලෙඩ්ඩු අන්තිමට අපි ගාවට ඇවිත් කියන කතා දන්නවද ඔයාල කවුරු හරි. කොටින්ම ඒ මිනිස්සු අසරණ වෙන හැටි දන්නවද ඔබතුමන්ලා. මං කියන්නෙ බහුතරේ ගැන. මෙහෙ කැම්පස් යන්න ලකුණු එකක් දෙකක් මදිවෙලා පිටරට ගිහින් උපාධි අරන් ලංකාවෙ බෙහෙත් දෙන හොඳ වැදගත් දොස්තර මහත්තුරු නෝනලා ඉන්නවා. ඒත් සල්ලි බලේ පෙරට දාලා, උසස් පෙළ විෂයයන් දෙකක්වත් සමත් නැතිව මාළඹේ ගිය අය ඉන්නවා කියලා දන්නවද ඔබතුමන්ලා. ඉතින් එයාලට ඔයාලගෙ ජීවිතේ බාර කරන්න, ඔයාලගෙ දරුවන්ගෙ ජීවිතේ බාර කරන්න සූදානම්ද ? (නදී)
අපි විතරක් ඉගෙන ගත්තහම ඇති කියලා තමයි කියන්නේ (දී)
සත්‍ය ජය ගන්නවා (දී)
ලංකාවේ හැමදාම මොකාක් හරි ප්‍රශ්නයක් එපා වෙනවා මෙහෙම වෙනකොට (දී)
මම ලංකාදීප පාඨකයෙක්. කාලාන්තරයක් තිස්සේ විවිධ පුද්ගලයින්ගේ අදහස් ඉඩලද හැම අවස්ථාවේම කියවනවා. බොහොමයක් අදහස් මධ්‍යස්තව ඉදිරිපත් කර තිබෙනවා. නමුත් බන්දුල පෙරේරා කියන මහත්මයා තමන්ගේ පක්ෂයේ පාට කණ්ණාඩිය දමාගෙන නිරතුරුවම අදහස් දැක්වීම ඉතාමත් ජුගුප්සාජනකයි. (නි)
අපිට ජයවේවා! (නි)
ලංකාවේ විශ්ව විද්‍යාල ගිය අයගෙන් මිනිස්සු මැරෙන්නේ නැද්ද? අම්මල තාත්තල වියදම් කරලා උගන්නනවානම් මේඅයට තියෙන අමාරුව මොකද්ද? අපේම එකෙක් උඩට එනවට තියෙන ඉරිසියාව..... (දී)
රජයේ විශ්ව විද්‍යාල සිසුන් නිදහස් සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන් සටන්කරන අය නොවේ. ඒ අය සටන් කරන්නේ තමන් වෙනුවෙන්. විශ්ව විද්‍යාල වලින් පිටවුණාට පස්සෙ රජයේ විශ්ව විද්‍යාල වලින් හා පුද්ගලික විශ්ව විද්‍යාල වලින් පිට වූ අය අතර වෙනසක් නැහැ. ජනතාව සූරාකන්න, චැනල් කිරීම ගැන උනන්දු වෙනවා මිසක් ජනතාවට සේවයක් කරන්නෙ නැහැ. ඒ නිසා අපි මේ අයට උදව් කරන්නෙ මොකටද? (නි)
මේකේ දෙපැත්තක් තියෙනවා. කැම්පස් යන්න ලකුණු 1ක් 2ක් මදි වෙදිවෙච්ච පුතෙකුගේ දුප්පත් තාත්තෙකුට මාලබේ යවල ලක්ෂ ගණන් දීල පුතාව දොස්තර කෙනෙක් කරන්න බැ. එත් සල්ලි තියෙනවනම් යන්තම් විභාගය පාස් උන ඉහල මධ්‍යම පන්තිත පුතෙකුට දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්. එතන අසාදාරනයක් තියෙනවා වගේ නේද? තව පැත්තක් තියෙනවා. සල්ලිකාර තාත්තෙකුට තමන්ගේ මෝඩ පුතෙක් උනත් අමරෙකාවේ යවල දොස්තර කෙනෙක් කරන්න බැරි කමක් නෑ. එත් මධ්‍යම පන්තික තාත්තෙකුට එක කරන්න අමාරුය. එතකොට මධ්‍යම පන්තික පුතාටත් අසාදාරනයක් වෙනවා. (දී)
මෙතන තියෙන්නේ පැහැදිලි ඉරිසියාව සහ කුහක කම. ඒ වගේම ලෝකය ගැන අවබෝධයක් නැති කම. දැන් මේ කට්ටිය කියන විදියට ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් ලබා ගන්නා උපාධි විතරයි වලංගු. අනිත් ඔක්කොම උපාධි වැඩකට නැති ඒවා. එතකොට මේ ලෝකේ ඉන්න අනිත් ඔක්කොම දොස්තරලා මැට්ටෝ. එයාලගෙත් බෙහෙත් ගත්තොත් හැමෝම මැරෙනවා. එකනම් මේ ගොල්ලන්ගේ මතය, මේ වෙනකොට ඉතිරිවෙලා ඉන්න ඕනේ ලංකාවේ මිනිස්සු විතරයි. අනිත් ඔක්කොම මැරිලා. මේ ගොල්ලන් බුද්ධි මට්ටම මනින්නේ ලකුණු වලින්. එතොකොට එක ලකුණක් මැදිවෙලා වෛද්‍ය විද්‍යාලයට යන්න බැරිවුන ළමයා මැට්ටෙක්. ඔය පාරේ හිටගෙන ඉන්න ළමයි පුලුවන්නම් ඔය පුංචි ලස්සන රටෙන් පොඩ්ඩක් එලියට ගිහින් බලන්න ඔයගොල්ලන්ට ලැබෙන තැන මොකක්ද කියල. මම මේ කියන්නේ අපේ උපාධි හොඳ නැහැ කියන එක නෙමයි. අපේ උපාධි ගොඩක් උසස්. හැබැයි ඒවා ලෝකේ එකම සහ උසස්ම උපාධි නෙමෙයි. කරුණා කරලා අනිත් අයට ඉරිසියා සහ කුහක කම් කරන එක නවත්තල ජීවිතේ නියම අභියෝග වලට මුහුණ දීල ජීවිතේ ජයගන්න බලන්න. චාල්ස් ඩාවින්ගේ සිද්ධාන්තය මෙතනටත් වලංගුයි. මොනවා කලත් සුදුස්සා ජීවිතය ජය ගනු ඇත. (දී)
ඕගොල්ලෝ ලෙඩ්ඩු ගැන කතා කරේ කවදද. ඕගොල්ලන්ගේ අරමුණ වෘතීය ගෞරවේ රැකගන්න එක. නැතුව ලෙඩ්ඩු රැකගන්න එක නෙමෙයි. මම නම් කියන්නේ හැමෝටම අවස්ථාව දෙන්න ඕනා. අවශ්‍ය දැනුම බුද්දිය තියෙනවා නම් සල්ලි දීලද නැද්ද කියන එක වැදගත් නැහැ. (නදී)
පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සී 3 ට දෙන්න වෙනවා. මොකද, ඒ 3ක් ගන්න දරුවෝ ඒවාට ඉල්ලන්නේ නැතිහින්දා. එතන වෙන්නේ මූල්‍යමය ගනුදෙනුවක්. එහෙම නැතුව ඒකේ තේරුම ඒ ප්‍රතිඵලය වෛද්‍යවරයෙක් වෙන්න ප්‍රමාණවත් කියන එක නෙමෙයි. ලෝකේ අනිත් රටවල නිදහස් අධ්‍යාපනයක් නැහැනේ. ඔය පුද්ගලිකකරණය ඒ රටවල් වලට ගැළපෙන්නේ ඒ නිසයි. අපේ රටේ මෙච්චර හොඳ නිදහස් අධ්‍යාපනයක් තියෙද්දී, මොකටද පුද්ගලික වෛද්‍ය ආයතන? අනිත් රටවල තිබුන පලියට, හැම දෙයක්ම ගැළපෙන්නේ නැහැ අපිට. (නි)
අරුණ සාන්ත මහත්තයෝ.. ඔතන තියෙන්නේ හීන මානේ නෙමෙයි.. තමන්ගේ තැනට තව කෙනෙක් එනවට තියෙන ඉරිසියාව. වෛද්‍ය විද්‍යාලෙකට යන්න උසස්පෙළ ඉහලම ලකුණු අවශ්‍යයි. ඒක සත්‍යයක්. නමුත් ඒකෙ අදහස ඊට පහලින් ඉන්නේ මැට්ටෝ කියන එක නෙමෙයි. අද තියෙන්නේ එදා තිබුණු සමාජ වටපිටාවක්වත් එදා තිබුණු දුෂ්කරයි කියල කියන පළාත් භේදයකුත් නෙමෙයි. හැම පළාතකම ඉහලම පහසුකම් තියෙන පාසල් පුද්ගලික අධ්‍යාපන ආයතන තියෙනවා ඔබ තුමාගේ තියරිය වලංගු වෙන්නේ 70/80 දශක වලට.... ඔබ තුමාගේ අම්පාරේ තියරිය අදට වලංගු නැහැ.. කොලඹට වගේම දැන් ගමටත් තියෙන්නේ කිරි.. කැකිරි නෙමෙයි. සෑම ජාතික විභාගයකින්ම උසස් ප්‍රතිපල දැන් තියෙන්නේ කොලඹ්න් පිට.. මේ දිස්ත්‍රික් ලකුණු ක්‍රමය දැන් කොලඹ සිසුන්ට කරන විශාල අසාධාරණයක්..(නදී)
මේවාට කියන්නේ විහිලු (දී)
අඩුමගානේ මාලබේ සිසුන් තමන්ගේ සල්ලි වලින් ඉගෙනගන්නේ. ඔයාලගේ සහ අපේ සල්ලි වලින් නෙමෙයි. රජයේ සිසුන්ට මාලබේ සිසුන්ගේ දෙමාපියොත් වියදම් කරනවා. (නි)
මාලඹේ ළමයින්ට අපේ වෛද්‍ය විද්‍යාල වල විභාග ලියන්න දෙන්නේ ඇයි? එයාල හුඟ දෙනෙකු ගේ උසස්පෙළ ප්‍රථිඵල, අපේ රටේ විශ්ව විද්‍යාල වලට යන්නත් බැරි ළමයින්ගේ ප්‍රථිඵලවලට සමානයි නේද? (බ)
හරි බන්දුල පෙරේරා මොනවද අසරණ සිසුන් වෙනුවෙන් කරලා තියෙන්නේ ? නිකම් කෑගැහුවට වැඩක් නැහැ. තමනුත් ආදර්ශයෙන් පෙන්නන්න. මිනිස්සු අඬ බෙර ගහ ගහ සමාජ සේවය කරන්නේ නැහැ. ඔයා කඩේ යන තැන එහෙමද දන්නේ නැහැ. (දී)
මොනම අසාධාරනයක් වුනත් අධිකරණයේ පිහිතපතා වැඩක් නැහැ කියලයි මම නම් කියන්නේ.හැම දෙයක්ම දේශපාලනීකරණය වෙලා.හිතට දුකයි.ඒත් මොනවා කරන්නද? (නි)
රටේ අධ්‍යාපන විනාශ කරනවා කියන්නේ අහස පොළොව නුහුලන අපරාධ. රටක අනාගතය නේද මේ විනාශ වෙන්නේ? (නි)
මේ යන ක්‍රමයට ඉදිරියේදී දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ට වහකන්න තමයි සිද්ධ වෙන්නේ. (නි)
අපිට නම් අපේ එක දරුවෙක් වෙනුවෙන් ලක්ෂ 65ක් වියදම් කරනවා තියා දවසට වේලක් කන්න දෙන්නෙත් බොහොම අමාරුවෙන්. (නි)
මාලබේ ළමයින්ට රජයේ වෛද්‍ය විද්‍යාලේ අවසන් විභාගේ කරන්න ඉල්ලනවා. මේක කොච්චර අසාධාරණයි ද? හිතල බලන්නකෝ, මෙයාල උසස් පෙලිනුත් රජයේ වෛද්‍යවරයෙක් වෙන්න ප්‍රමාණවත් නොවන ප්‍රතිපල තියාගෙන, කොච්චර ලොකු දේවල්ද ඉල්ලන්නේ කියල? (දී)
මේ සියල්ලටම සමස්ත ජනතාවම දඬුවම් විඳිය යුතුමය (නි)
ඉතින් හරිනේ මුලතිව් කිලිනොච්චි වලින් ගිහින් හරි ඉසෙඩ් ස්කෝර් එක දශම එකක් ගත්ත ළමයාත් දොස්තර වෙනවනේ. ඉතින් මාලබේ ඉන්න සී 3 ක් ගත්ත ළමයාට ඇයි බැරි? කිලිනොච්චියෙන් ගිහින් දොස්තර වෙන කෙනා ලෙඩ්ඩු මරනවද? එකම දේ කියා කියා තම මතේම ඉන්න එපා. දැන් වත් ඇත්ත තේරුම් ගන්න.(හේ)
මේ යන ක්‍රමයට රටේ මිනිසුන්වත් විකුණාගෙන කන කාලයක් ඉදිරියේදී ඒවි කියලයි මට බය (නි)
මම රසායනවිද්‍යාඥයෙක්, ඒ නිසා මම දන්නවා බටහිර වෙදකමේ හා බෙහෙත්වල කැරැට්ටුව. මම නම් කොහොමත් මොනම ලෙඩකටවත් බටහිර වෙදකමේ පිහිට පතන්නේ නෑ. මම යන්නේ ආයුර්වේද වෙද මහත්තයෙකුගෙන් බෙහෙත් ගන්න.ලංකාවේ ෆාමසියකින් කවදාවත් සාමාන්‍ය කෙනෙකුට නියම ප්‍රමිතියෙන් යුතු බෙහෙත් ගන්න බෑ.ඒවායේ 50%කට වැඩිය අපද්‍රව්‍ය තියෙනවා.මේ බෙහෙත් අනුමත කරන්නේ මේ කෑගහන වෛද්‍යවරුම තමයි.අනික ඉහල ප්‍රමිතියෙන් යුතු බෙහෙත් ඉතාම මිල අධිකයි.අතුරු ආබාධ අඩුයි.ලංකාවේ හැමතැනම එහෙම බෙහෙත් නැත. ඒ නිසා ආයුර්වේදය හොඳයි. (ස)
ඉස්සර නම් රටට,රටේ අනාගතයට විනාශයක් වෙද්දී ඉදිරියෙන්ම හිටියේ අපේ ගෞරවනීය සංඝයා වහන්සේලායි. ඒකට අද? (නි)
ලක්ෂ 2ක් උසස් පෙළ කලාම ලක්ෂයක් පාස් වෙනවා. පනස්දාහක් විතර හොදටම පාස් වෙනවා. නමුත් විශ්ව විද්‍යාල වල ඉඩ තියෙන්නේ විසිදහකට විතරයි. අපරාදේ නේද අර මොළ ටික?(හේ)
මම හිතන්නේ අරුණ ශාන්ත මහත්තයට සහ බොහෝ දෙනෙකුට අවශ්‍ය පිළිතුර එසැන පුවත් වලම පළවූ පුවතක ප්‍රතිචාර වල තියෙනවා. මගේ අදහසටත් පාදක උනේ ඒ ප්‍රතිචාර. කරුණාකරලා ඒක බලන්න.. ."මහපොළ වැඩියෙන් ඉල්ලති 2014 සැප්තැම්බර් මස 22 16:05:14 | . , රොමේෂ් ධනුෂ්ක සිල්වා " .... නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන ඉහල තත්වයකට ආවට පස්සේ මුල අමතක නොකළ මිනිස්සු යුතුකම් දන්නා මිනිස්සු හිටියනම් මම හිතන්නේ ඒ අදෝනා අපිට අහන්න බලන්න වෙන්නේ නැහැ. (නදී)
රටක නීතියේ අදිපත්‍ය විනාස වෙනකොට අනිකුත් සියල්ලම විනාස වෙනවා.(දී)
ගයාන් මතක තියා ගන්න ලංකාවෙත් බොහෝ ආයතන වලින් වැඩට ගන්නෙත් ඔයා ඔය කියන පුද්ගලික අධ්‍යාපන කඩ වලින් එලියට එන කොල්ලෝ කෙල්ලෝම තමයි . මොකද ඒ ළමයින්ටම ඉල්ලුමක් තියෙන්නේ . ආණ්ඩුවේ සල්ලිවලින් ඉගෙන ගත්තු ළමයින්ගේ ප්‍රයෝගික දැනුම 0යි. ආයතනයක් සේවකයෙක් වැඩට ගන්නේ රස්සා ප්‍රශ්නෙට විසදුමක් දෙන්න නොවෙයි. ආදායම් ලබන්න (දී)
මට නම් මේ උද්ගෝෂණ එපා වෙලා තියෙන්නේ (දී)
කනගාටුවකුත් තියෙනවා මේ ළමයි අව්වේ වෙළුන වෙලිල්ලට (දී)
අධ්‍යාපනය විකුනන්න එපා (දී)
හැම දෙයක්ම සල්ලි වලට කරන්න බැහැ කියලා කීවට සල්ලි වලට කරන්න පුළුවන් හරිය බොහෝයි. සල්ලි තියන කෙනා සහතිකය මිලදී ගන්නව. බැරි කෙනා කකුල් දෙක බේසම් වල දාගෙන මහන්සි වෙලා ඉගෙන ගෙන සහතිකය ගන්නව. ලකුණු දෙක තුනක් අඩුවුණ සල්ලි නැති කෙනා හූල්ල හූල්ල පොඩි රස්සාවක් හොය හොය ඇවිදිනව. (දී)
නුවන්- කටාර් ගේ කීම 100% ක් හරි. (දී)
මදුසංක, නදිනි, ලකුණු එකක් දෙකක් අඩු වෙලා සයිටම් ආපු අය ඉන්නවනම් පෙන්නන්න කිව්වා නේද? කොයි රටේද A 3ක්ම අරන් මෙඩිකල් කොලේජ් යන්න බැරි කිව්වා නේද? සයිටම් එකට ගිහින් බලන්න. A 3ක් අරන් රජයේ මෙඩිකල් කොලේජ් යන්න බැරි උන ළමයි 10 දෙනෙකුට ජනාදිපතිතුමාගේ ඉල්ලීම මත එතුමා අතින්ම සයිටම් එකේ ශිෂ්‍යත්ව දීල දැන් ඒ ළමයි එතන ඉගෙන ගන්නවා. මේක උනේ 2012.ප්‍රවෘත්ති වලත් පෙන්නුවා. මීට අමතරව ඉතා හොඳ ප්‍රතිපල තියෙන ළමයි තව හුගක් ඉන්නවා. මෙතන අවම සුදුසුකම C 2යි එස් 1 උනාට විශාකා, ආනන්ද, රෝයල්, නුවර මහමායා, ධර්මරාජ වගේ ඉස්කෝල වල ලකුණු කීපයක් අඩු වීම නිසා එලියට විසි වුන ළමයි ගොඩක් ඉන්නවා. සමහරු හිතනවා වගේ සල්ලි තියෙන පවුල් වල ළමයි හැමෝම මෝඩයෝ නෙමෙයි. ඉතින් හොඳටම පෝසත් ළමයි පිටරට යනවා. එච්චර සල්ලි නැති මොලේ තියෙන ළමයිට මොකද කරන්නේ.අපරාදේනේ. අනික සයිටම් එකට එන හැම ළමයම මහා පොසතුන්ගේ ළමයි නෙමෙයි. සමහර දෙමව්පියෝ බැංකු ණය පවා අරන් ළමයි මෙතනට එවනවා. නිදහස් අධ්‍යාපනය මේ ළමයිටත් අයිතියි. නිදහස් අධ්‍යාපනය කියන්නේ ආණ්ඩුවේ මුදලින් පිනට ඉගෙන ගැනීමම නෙමෙයි. තමුන් කැමති අධ්‍යාපනයක් ලැබීමේ නිදහස කාගෙන්වත් බාධාවක් නැතිව. උසස් පෙළ අවශ්‍ය සුදුසුකමුත් තියෙනවනම් රජයේ විශ්ව විද්‍යාල වල ඉඩත් නැත්නම් සල්ලි ගෙවල ඉගෙන ගන්න එකේ වැරැද්ද මොකක්ද? රජයේ විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න ළමයින්ගේ අධ්‍යාපනය වෙනුවෙන් රටේ හැමෝම බදු වලින් දායක වෙනවා. සයිටම් එකේ ළමයින්ගේ දෙමව්පියොත් ඇතුළුව. ඉතින් මේ ළමයිට තියෙන්නේ අනිත් අයට බාධා නොකර, ඊර්ෂ්‍යා නොකර ඉගෙන ගන්න. ප්‍රයිවට් විශ්වවිද්‍යාල නිසා නිදහස් අධ්‍යාපනය නැතිවෙන්නේ නැහැ. පුද්ගලික රෝහල් නිසා රජයේ රෝහල් වැහුනද? පුද්ගලික පාසල් නිසා රජයේ පාසල් වැහුනද? ජාත්‍යන්තර පාසල් නිසා වත් රජයේ පාසල් වැහුනද? පුද්ගලික කලමනාකරණ උපාධි ආයතන, ඉංජිනේරු උපාධි ආයතන නිසා ජපුර, කටුබැද්ද විශ්වවිද්‍යාල වලට හානි උනාද? සහන සන්නස්ගල කියනවා දොස්තරලා ප්‍රයිවට් ප්‍රක්ටිස් නොකර ලංකාව වගේ රටක සෞඛ්‍ය අවශ්‍යතා සපුරන්න බෑ කියල. මම කියනවා පුද්ගලික මෙඩිකල් කොලේජ් නැතුව දොස්තර හිඟය මකන්නත් බෑ කියල. මොකද රජයට මුදල් නෑ ඇති තරම් මෙඩිකල් කොලේජ් හදන්න.තියෙන මෙඩිකල් කොලේජ් වල ඉඩ නෑ පාස් වෙන හැමෝම ගන්න. ඉතින් මේකත් පිලියමක් නෙම්යිද? ප්‍රමිතිය රකින්න ඕනේ. ඉතින් එකට කරන්න තියෙන්නේ කරන කරන එකට බාධා නොකර උදව් කරන්න. මේ ළමයි එන්නේ ශික්ෂණ රෝහල් වලට නෙමෙයි. ඒ නිසා රජයේ ළමයිට බාධා වෙන්නේ නෑ. මේ ලමයිටත් අර පොඩි රෝහල් වලින් හරි යමක් ගන්න ඉඩ හරින්න.මේ ළමයිත් නිදි මරාගෙන පාඩම් කරනවා. සමහරු විබාගේ අසමත් වෙනවා. එතකොට ආපහු කරනවා. රජයේ ළමයි වගේම තමයි. එකම වෙනස රජයේ ළමයි අවුරුදු 4, 5 හරි නැවත නැවත විභාගේ කරනවා , මොකද රජයේ සල්ලි නේ. නමුත් සයිටම් ළමයි හැම අවුරුද්දකම ගාස්තු ගෙවන්න ඕනේ. ඒ නිසා අවුරුදු ගණන් පල් වෙන්න බෑ. ඉතින් මහන්සි වෙනවා. පාරවල් ගානෙ පෙළපාලි යන්නවත් කලේ නාස්ති කරන්න බෑ. පුද්ගලික ඉස්කෝල වල ළමයි සල්ලි ගෙවල ඉගෙන ගන්නේ. නමුත් සාමාන්‍ය පෙළ , උසස් පෙළ සල්ලි ගෙවල පාස් වෙන්න බෑ. ඒවගේ මේ ළමයිත් ගෙවල ඉගෙන ගන්නවා. සල්ලි ගෙවල විබාගේ පාස් කරවන්නේ නෑ. කරුණු විකෘති කරන්න එපා. එත් කාගේ හරි දරුවොනේ. අධ්‍යාපනයක් ලබල තැනකට යන්න මහන්සි වෙන දරුවොනේ. (ස)
ලංකාවේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කරන වියදම් කපා දමා ලංකාවේ පෞද්ගලික පාසල් ඇතිකර , සල්ලි තියෙන ළමයින්ට ඉගෙන ගත හැකි පරිසරයක් නිර්මාණය කිරීමේ තවත් එක උත්සහයක්. දැනටමත් ලංකාවේ පෞද්ගලික පෙට්ටි කඩ වගේ අධ්‍යාපනික ආයතන වලින් දෙන උපාධියට ඉහල පිළිගැනීමක් බහුතරයක් ආයතන විසින් ලබාදෙනු ලබයි. සමහරු ජීවිතේට අහල නැති විශ්වවිද්‍යාල වලින් උපාධි අරගෙන ඉහල රැකියා කරනවා අපේ අය අවුරුදු ගානක් ඉගෙන ගෙන නිකන් තැම්බෙනව. මේවට සියලුම දේශපාලන පක්ෂ වගකිව යුතුයි (දී)
රාජ්‍ය විශ්ව විද්‍යාල වල ඉන්න අය හිතන්නේ උසස් අධ්‍යාපනය ලබන්න සුදුසු එම අය පමණයි කියලා (නි)
සල්ලි දීල ඉගෙන ගන්න එක හොර පාරක්ද? ඒ ළමයිත් තමන්ගේ තරුණ ජීවිතේ අවුරුදු 5 ක්, 6 ක් මේකට කැප කරනවා. හොර උපාධි නම් එහෙම නොකර බැරිය කෙලින්ම සල්ලි දීල අවුරුදු 2න් 3න් දොස්තර වෙන්න.(හේ)
පෞද්ගලික විශ්ව විද්‍යාලයකට යන්න තියෙන අවම සුදුසුකම සි 3. තුන් පාරක් කරලා සි 3 ගන්න සල්ලි තියෙන මිනිස්සුන්ගේ පුතාලව දොස්තරලා කරනවා.. බි 3ක් තියෙන දුප්පත් මිනිස්සුන්ගේ පුතාල කුලී වැඩ. (දී)
මෙතන තියෙන්නේ කුහකකම නෙවෙයි මනුස්සයෝ. පොඩ්ඩක් හිතනවලා , මෙතන උද්ඝෝෂණය කරන ඔක්කොම පොහොසත් වෙනවා දවසක.. ඉතින් උද්ඝෝෂණය කරන්නේ අනාගතයටත් නිදහස් අධ්‍යාපනය උරුම කරන්ඩ....(දී)
මේකෙන් පැරදුන ලැයිස්තුවට ජනතාවත් එක්වෙනවා. (නි)
ඉතින් දරුවෝ, ඔයාලා ඉන්නේ මතයන් දෙකක නේ? උස්ස පෙළ සමත්වෙන අය විශ්ව විද්‍යාලයේ ගිහින් දොස්තරලා වෙනකොට ඔයාලත් අසමත්වෙලා ගිහින් එතෙන්ටම යනවා සල්ලි වලින්. ඔයාලටත් රටට සේවය කරන්න ඕනෑම නම් ගිහින් හෙදියන් වෙන්න පුළුවන්නේ? රටට මෙච්චර මොකටද දොස්තරලා? (නි)
මේක හොඳ දෙයක්.මෙතන තියෙන්නේ ඊර්ෂ්‍යාව තව කෙනෙක් ඉදිරියට එනවට (නි)
නිදහස් අධ්‍යාපනය ට නිග්‍රහ කරන්න එපා. අධ්‍යාපනයේ නිදහස කියන්නේ ඕනේ පොහොසත් කෙනෙකුට සල්ලි දීල මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න දුන්න අවස්තාවක් නෙවෙයි. රටේ දුප්පත් දරුවොන්ට රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන, ඒ මිනිස්සුන්ට සේවය කරන්න දීපු අවස්තාවක්. එතෙන්ට යන්න සුදුසුකම් තියෙන්න ඕනේ. සල්ලි තියෙන හැම දරුවම දොස්තර කෙනෙක් වෙලා නතර වුනොත් මොකද්ද රටට යන කල? ඔය වැඩෙන් වෙන්නේ පාරක් පාරක් ගානේ දොස්තරලා බිහිවෙන එක. ලෙඩ්ඩුන්ටත් වඩා දොස්තරලා මොකටද අපිට? අපිට ඕනේ හොඳ උගත් සුදුසුකම් තියෙන දොස්තරලා විතරයි. අනික, මේ වෙද්දී රටේ දොස්තරලා 50 000ක් විතර සේවය කරනවා. අවුරුද්දකට එතෙන්ට 895ක් අලුතින් එකතු වෙනවා. ඉස්සර කාලේ එච්චර ගොඩක් හිටියේ නෑනේ. ඒ කියන්නේ විශ්‍රාම යන්නේ ඊට වඩා අඩු ගණනක්. මේ විදිහට තව ඉස්සරහට කොහොමත් දොස්තරලා ගණන වැඩි වෙනවා. කවදාවත් ඉස්පිරිතාලෙකට ගිහින් දොස්තරෙක් නෑ කියල හැරිලා ඇවිත් තියෙනවද? මේ ඉන්න තරම හොඳටම ඇති. ඒ ගණන මදි කියන්නේ තමුන්ටත් එතෙන්ට යන්න අවස්තාවක් ඇති කරගන්න මිසක්, රටේ මිනිස්සු ගැන අවංක කැක්කුමකින් නෙවෙයි. (නදී)
ලෙඩුන් තෝරා බේරා දොස්තර තෝර ගතයුතුය (දී)
බලන්නකෝ, හැම පෝස්ටරයේම අකුරු එකවගෙයි (නි)
සී තුනට වෛද්‍ය විද්‍යාව කරන්න පුළුවන් මාලබේ විතරයි. මුදල් ගෙවා ඉගෙනීම නිදහස් අධ්‍යාපනය නොවේ. එය එහෙම වෙනවා නම් හොඳයි. නමුත් ප්‍රායෝගිකව එහෙම වෙන්නේ නැහැ. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට පෞද්ගලික ශික්ෂණ රෝහල් හදාගන්න බැරිකමක් නැහැ .ඇයි මාලඹේ එකක් තියෙන්නේ. කඩ දාන එකා කොහේ ගියත් කඩ දානවා. ඒකට කවුරුත් විරුද්ධ වෙලා වැඩක් නැහැ. (නදී)
දැන් එතකොට අපි ඉදිරියේදී මේ අයගෙන්ද බෙහෙත් ගන්නේ? (නි)
අන්තිමේ සත්‍ය දිනනවා (දී)
අසමත් වෙලා නෙමෙයි අයිවන් පිරිස් මයා සමත් වෙලා. ඉඩ මදි නිසා. කොයි රට ගැනද මේ කතා කරන්නේ? අපේ රටට දොස්තරලා මදි. නමුත් වෛද්‍ය විද්‍යාල වල ඉඩ නෑ. රටේ සල්ලි වලින් ඉගෙන ගන්න අයත් සියට 25 ක් විතර රට දාල යනවා සල්ලි හොයාගෙන. ඒ නිසා තමයි රජය පිටරට ගිහින් ලක්ෂ 100ක් විතර වියදම් කරලා දොස්තරලා වෙලා එන අයවත් රජයේ රෝහල් වලට ගන්නේ. ඒ එන සමහරු උපාධිය ගන්නේ බංග්ලාදේශ් නේපාල වගේ අපිටත් වඩා පහසුකම් අඩු රටවලින්. ඊට වඩා හොද නැද්ද අපේ රට ඇතුලෙම සල්ලි වියදම් කරලා අපේම දොස්තරලගෙන් ඉගෙනගෙන රටට අවශ්‍ය දොස්තර හිගය පියවන එක. (නදී)
මේ අයගෙන්ද එතකොට අපිට ඉස්සරහට ප්‍රතිකාර ගන්න වෙන්නේ? (නි)
ඉසෙඩ් ස්කෝර් 0.1 ළමයි රජයේ වෛද්‍ය විද්‍යාලවල කොහෙද? ඒවාට යන්නේ උඩින්ම ඒ ලෙවල් පාස් වෙන කට්ටිය විතරයි නේ. දුෂ්කර පළාත්වලින් උනත් දැන් ලොකු ඉසෙඩ් කෝර් එකක් ඕනේ. දශම එකෙන් ඕනනම් යන්න පුළුවන් මාලබේ. (නදී)
පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉන්නවා හරියට උසස් පෙළ සමත් නැති සිසුන්. මම පුද්ගලිකව එවැනි කෙනෙක් ගැන දන්නවා. එහෙම උදවියට මහජනයාගේ ජීවිත භාරදුන්න එක හොඳ වැඩක්ද? (නි)
උසස් පෙළ අදාළ ලකුණු අරගෙන සමත්වෙන්න බැරි උදවියට ලෙඩුන් භාරදුන්නම මොකද වෙන්නේ? මේක නම් මහා ප්‍රශ්නයකට මුලක් කියලයි හිතෙන්නේ. (නි)
හරිම ෂෝක්! ඇඟේ අමාරුවට හිතේ අමාරුවට දෙන බෙහෙත් ටික ගන්න කියාවිද දන්නෙ නැහැ. සායන වලට යන ලෙඩුන්ට දෙවියන්ගේම පිහිටයි. (නි)
රටක තියෙන සියලුම දේවල් මිල කරන්න හොඳ නෑ... අධ්‍යාපනයත් එහෙම තමයි. අපේ කරුමෙට අධ්‍යාපනයක් නැති අපේ රටේ දේශපාලකයන් ට සහ ඇති හැකි අත්තොන්ට මේක බල්ලට ගියත් එකයි...(අ)