ශ්රී ලංකාවේ බුද්ධි බලකායේ දිගු දුර මෙහෙයුම් අංශයේ නිලධාරීන් රැඳී සිටි මිලේනියම් සිටි නිවාස සංකීර්ණය ගැන තොරතුරු එළිකළ බවට චෝදනා කරමින් මහනුවර පොලිස් නිල සුනඛ අංශය භාරව සිටි හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහිව නීතිපතිවරයා මහාධිකරණයේ නඩු පවරා ඇත.
නඩුව ලබන ජූලි 13 වැනිදා කැඳවීමට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවන් 10 දෙනකුට නියම කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2001-2004 පාවාදීම්, 2015, පාවාදීම්, රනිල් (අගමැති) ඇයි මේ? (ස)
මේක දේශපාලන එදිරිවාදිකම් නිසා රටේ ආරක්ෂාව පාවාදීමට හොඳම උදාහරණයක්. (ස)
කව්රු මොනවා කිවත් මෙවන් අපරාධ ගැන උසාවි යන්න හරි පරීක්ෂණයක් පවත්වන්න හරි වාතාවරණයක් තියෙන්නේ දැන් නේද? (ස)
මේ වගේම අනෙක් සියළු වැරදි ගැනත් හොයන්න ඕනෑ (නි)
පිවිතුරු යහපාල වෙලේ සුදා ඇල්ලුවට එයාගේ නායකයා අල්ලන්නේ නැහැ වගේ (නදී)
මේවලට නීතිය ක්‍රියාත්මක කරන්න තිබුනේ පසුගිය රජයෙන්. දැන් ඒවලට සම්බන්ද පුද්ගලයෝ පසුගිය රජයේ අයට දඬුවම් කරන්න යනවා. (ස)
ලංකා ඉතිහාසයේ විශාලතම පාවාදීමක් යනුවෙන් නම් කරන්න පුළුවන් සිද්ධියක් ගැන දැන්වත් සොයා බැලීම ගැන සන්තෝෂය. (නි)
ලුසේනා, ඔයාට වැරදිලා (නි)
ලුසේනා මේ කියන උඩුගම්පොලයි 87-88 භීෂන කාලයේ දකුණේ හිටපු උඩුගම්පොලයි දෙන්නෙක්. ශාක්ෂි වැඩක් නෑ දන්න කෙනෙක්ගෙන් අහල බලන්න. (නදී)
මෙතන කවුරු හරි අලුතෙන් ලියන කෙනෙක් ඉන්නවා ඉඳහිට ලියන පාඨකයන් හතර පස් දෙනෙක් ගේ නම් වලින් ලියනවා. මගේ නමිනුත් ලියලා . මොන කැත වැඩක්ද ඔය ඕන තරම් නම් තියෙන්නේ තමන්ට තෝරා ගන්න. (නදී)
සමහරු වලිගය පාගාගෙන කියලා අදහස් වලින් පෙනෙනවා (නි)
ලුසේනා, ඒ එයා නෙමෙයි (නි)
සඳුන් දැන් තේරෙනවද දෙන්න ඉන්න හැටි බැලුවම ඒ නඩුවත් කොහොම යන්න ඇතිද කියල. (ස)
පෙර වැරදි ඇති දේශපාලුවන්ටත් නඩු දාන්න (නි)
මදැයි දැන්වත් හොයන්න හිතුනා.... (නි)
උඩුගම්පොළලා ගැන අපි දන්නවා (නි)
වතු, චන්ද්‍රිකාගේ කාලේ බටලන්ද ගැන නඩුවක් තිබුනා. ඒකට රනිලුත් නීතියට ගරුකරමින් පෙනීසිටියා. "පළිගන්නවෝ පළිගන්නවෝ"කිය කියා හිටියේ නැහැ. ඒකෙන් තීන්දුවක් ලැබුනා. ඊට පස්සේ කළේ ඒක කිය කියා මඩ ගහපු එක විතරයි. ඔයාලා දන්නේ අන්න ඒ මඩ ටික. (නි)
අපි බලමුකෝ වෙන දේ... (නි)
පාලිත පෙරේරා, ඔබ සින්දු වලින්ද දේශපාලන තත්වය තේරුම් ගන්නේ? හරිම දුකයි. නන්දා මාලනී ඔය සින්දු කිව්ව කාලේ අපි ලාබාල තරුණයෝ. ඒ ගැන මතක වගේම හොඳට දන්නවා. සින්දු ලිව්ව අයත් දන්නවා. (නි)
ලුසේනා, නම තිබුනාට ඔයාට වැරදිලා? චතු, බටලන්ද කොමිසමක් දැම්මනේ. ඕකේ ජවනිකා රූප පෙට්ටියෙනුත් පෙන්නුවානේ.කොමිසමට බය නැතුව සාක්කිත් දුන්නනේ.තව මොනවද? (නි)
විජයබාහු, දැන් ඔය නඩුව ආයේ ආවත් මොන තීන්දුව දුන්නත් ඔබලා කියන්නේ පක්ෂපාති කියලා. හේතුව බලය තියෙන්නේ යු එන් පි එකට නිසා. මේ නිසා තමයි රටකට අපක්ෂපාති නීති පද්ධතියක් ඕන. අපිට ඒකට තවම ගොඩක් දුරයි. (ම)
පාවෙන අවි ගබඩාව පිළිබඳ සිද්ධියත් මිලේනියම් සිටි වැඩේට දෙවෙනි නැහැ කියලයි මට හිතෙන්නේ. (නි)
මේ දේශපාලන ධාරාවේ සිටින වෙනත් දේශපාලනඥයෙකුට යමෙකු සුදුහුණු ගානවා නම් ඔහු දේශපාලනය පිළිබඳව කිසිදු අවබෝධයක් නැති අයෙක්. මේ සියළුම දේශපාලුවන් කම්බා හොරු. (නි)
ලසන්තට වැරදිලා. මේ එයා නෙමෙයි (නි)
නිමාෂා, යමක් දැනගෙන කතාකරන්න.ඇවන්ගාඩ් රටට ආදායම ගෙනා ව්‍යාපෘතියක්.ඒක මේ රජයත් හොඳින් දන්නවා.මිලේනියම් මහා පාවාදීමෙන් කළේ මේ රටේ තිබූ විශිෂ්ඨතම බුද්ධි අංශය සහිත දිගුදුර මෙහෙයුම් බලකාය අමුඅමුවේ කොටින්ට පාවාදීමක්. (නි)
රනිල් කිසිම බයක් නැතුව ඔය සේරම මඩ වලට මුහුණ දුන්නා නේද? කිසිම දවසක පන්සල් ගානේ ගිහින් මගෙන් පළිගන්නවෝ කියලා කිව්වද? කරන කලට පව් මිහිරිය මී සේ- විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ කියලා ගමේ කියන්නේ මේවට තමා. (නි)
ලුසේන වලිගෙ පාගාගෙන. ඔය කියන්නේ ප්‍රේමදාස උඩුගම්පොල ගැනයි. මේ අරයගේ කුලී හේවායෙක් (නදී)
මෙවන් දේවල් සොයාබලන එක හොඳයි (නි)
වැරදි කළ සියලු දෙනා දඬුවම් ලැබිය යුතුයි. (නි)
බටලන්ද වදකාගාරය ගැන පරීක්ෂණ කලානම් දැන් ලොකුවට කතාකරන අය ඇතුලේ. 1996 සිට ආණ්ඩු කල රජයන් පලිගැනීම් කළේ නැහැ. (නදී)
හොදම අංශයක් උඩුගම්පොලට භර දිලා තිබුනෙ (නදී)
ප්‍රේමදාස උඩුගම්පොලගේ මල්ලි. ඔය වැඩේ පටන්ගත්තේ රනිල්, උඩුගම්පොල කළාට (ම)
අත්කොට 86 / 90 පාරවල් පුරාම තිබුනේ මඩද තරුණ මල මිනීද? උසාවියෙන් ගැලවුනාම හරිද? (බ)
අපි නොදන්නා අලුගෝසුවෝ (නදී)
තිලක් -ඩුබායි , ප්‍රේමදාස උඩුගම්පොල ගැන ලිපියක් ගියා පත්තරේ (නදී)
බටලන්ද ගැන අහලවත් නැතිලු (නදී)
රට පවා නොදුන්න දෙන්නෙක් තමයි මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මැතිදුන් . මොන තරම් සුළි කුණාටු මැද ද අපිව ඔවුන් ආරක්ෂා කළේ? (බ)
කවුද කියන්නේ බටලන්ද ගැන පුර්ණ පරීක්ෂණයක් කළා කියලා , එහෙම කළා නම් අද මේ කෑගහන උදවිය 75% හිරේ නායකයා ද ඇතුළුව , ඒ වගේම අනෙක් පැත්තෙන් ජේ වී පි එක ගැන හෙව්වා නම් 100% විතර හිරේ ( අලුතෙන් ආපු කට්ටිය ඇරෙන්න ) , මේ නිකන් තවත් මාධ්‍ය සංදර්ශනයක් බව කාටවත් නොතේරෙන වගයි , මේ උඩුගම්පොල මහතා හෝ කොයි උඩුගම්පොල වත් තමා ගේ තීරණ වලට වැරදි කලේ නැහැ , හැමදාම හැමතැනම කලේ පවතින ආණ්ඩු වල තීරණ අඩු වැඩියෙන් ක්‍රියාවට නැගීමයි , කවුද මිලේනියම් සිටි කාලේ හිටියේ මහින්ද ද ? ගෝටා ද ? මේ දැන් කරන දේවල් වලට කපා හරින්න පොඩි ඩීල් එකක් පමණයි , පිලි ගත්තත් නැතත් ඇත්ත එකයි , රවී රාජ් මරුවා කියලා නේවි නිලධාරි 4 ක් ඇල්ලුවා , මහේෂ්වරන් මරුවා කියලා තව ඇල්ලුවා , ඒවා පොඩ්ඩක් යට ගහලා පොඩ්ඩක් බැලන්ස් කරන්න තමා මේ යන්නේ , අද කාලේ විතරක් නොවේ ඒ කාලේ ඒවත් අල්ලනවා කියලා පොඩි මාධ්‍ය සංදර්ශනයක් පෙන්වන්න (ස)
2002 තිබුන ආණ්ඩුවත් එ්කේ හිටිය අයත් මේ වැඩේට දඩුවම් දෙන්න ඕනා. එහෙම කරන්නත් පුළුවන් මොකද දැන් යහපාලනේනේ ක්‍රියාත්මක වෙන්නේ. අනික අගමැතිට මුක්තියක් තියෙනවා කියල ව්‍යවස්ථාවේ කොහෙවත් නැහැනේ. ඒ නිසා කරුණාකරලා දඩුවම් දෙන්න එතකොට යහපාලනෙන් කාටත් සාදාරණයි කියා කියන්න පුලුවන් (නදී)
කවුද කියන්නේ බටලන්ද ගැන අද වගේ එලෝ එලෝ හෙව්වා කියලා ,දෙවන වසර කොළඹ වෛද්‍ය පීඨයේ සිසුවෙක් ආගිය අතක් නැහැ 1988 සිට. ( අඩුම ගානේ මිනිය වත් නැහැ ) පුළුවන් නම් මේ අදුරදර්ශී ආණ්ඩුව වෙනුවෙන් කතා කරන උදවිය හොයා බලන්න . ඔය අලුතෙන් ෆේස් බුක් හරහා දේශපාලනය කරන උදවිය නන්දා මාලිනි මහත්මියගේ එවකට පිට කරපු කැසට් පට අසා රස විදින්න , (ස)
ඔය 88/89 ගැන කතා කරන අය මැතිනිගේ කාලේ උන දේවල් ගැන ඇයි කතා නොකරන්නේ? අමතක වෙලාද එක්කෝ දන්නේ නෑ වගේ ඉන්නවද? (බ)
ඔය හදන්නේ ඡන්දෙට කලින් මේ ආණ්ඩුවෙන් උඩුගම්පොළව නිදොස් කොට නිදහස් කරන්න (බ)
රනිල්ගේ වධකයා. මම බේරුනේ 99 න්. ගෝඨා ට මිනිස්සු බැන්නට සුදු වැන් නිර්මාතෘ රනිල්. රාජපක්ෂලාට මම විරුද්ධ වුනත් ඇත්ත එ්කයි. (බ)
අර දෙරණ මගින් විකාශනය කෙරුණා අතරමගදී නතර කරන්න සිද්ද වුන විසිත්ටතම "ගිනි කෙලි සහ ගිනි අවි"නාට්‍යයේ ඉන්න කනට පෑන තියල තරුණයන්ට දස වැඩ දුන්නු ඒ "උඩුගම්පොල" තවමත් ජිවතුන් අත්තර ඉන්නවද? (ම)
මිලේනියම් සිටි පාවලා දීපු එකා විතරක් නෙමේ එකට අණ දීපු දේශපාලන නායකයත් එල්ලන්න ඕනේ , 88/89 කාලේ බටලන්ද වගේ වදකාගාර මෙහෙවපු දේශපාලන නායකයත් එල්ලන්න ඕනේ.සමහරුන්ට මේවා මතක නෑ. (ම)
ලංකා ඉතිහායේ පවාදීම ගැන සෙවීම සතුටුයි (ම)
පාවෙන අවි ගබඩාව ගැන තොරතුරු හෙළි කරේ දේශපාලන වාසි ලබාගැනීමට ලාංකීය ජාතීන්ගේ ආරක්ෂාව ගැන නොසිතමිනි .,මෙම මෝඩ ජාතිය පාවාදීමේ ප්‍රතිපල නුදුරු අනාගතයදී අප සැමට දැකගත හැක. (ම)
නිමාෂා නගා වලිගෙ පාගාගෙන, පාවෙන අවි ගබඩාවේ තිබුනේ මුහුදු මන්කොල්ලකරයනට විකුනන්න තිබුණ ඒවා. (ම)
මේ අයට 1971 අප්‍රේල් වල සිදු වුණ දේවල් දන්නේ නැතිව ඇති. (ම)
ඔය මිනිහ තමයි 89 කොල්ලන්ගේ කන් ඇතුලට පෑන් ඇතුළු කරලා මැරුවේ. ඕන නම් අපි සාක්කි පෙන්වන්නම් (බ)
අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
ලංකා ඉතිහාසයේ විශාලතම පාවාදීමක් යනුවෙන් නම් කරන්න පුළුවන් සිද්ධියක් ගැන දැන්වත් සොයා බැලීම ගැන සන්තෝසය. (බ)
පාවාදීම අපේ මනුස්සයන්ගේ ගතියක්නෙ පුරාණයේ සිටම.. (ර)
එල එල.. ඒ එක්ක ඒ සිදුවීමට වගකිවයුතු දේශපාලන උපදෙස් ලබාදුන් දේශපාලකයින්ටත් එරෙහිව නඩු දාන්න.උඩුගම්පොල කියන්නේ බළල් අතක් පමණයි..කොස් ඇට බාවපු එව්වන්වත් හෙළිදරව් කරලා එලියට ගන්න..යහපාලන අගමැති තුමා ඇරෙන්න..(බ)
බටලන්ද වධකාගාරය ගැන හොයා බැලුවොත් නරකද ? ඒ නැති වුනෙත් මේ රටේ අහිංසක ජිවිත (බ)
නිල සුනඛ අංශය කියන්නේ සුදු වෑන් අංශයටද? (ස)
උඩුගම්පොලලා දෙන්නෙක් හිටිය. දෙන්න සහෝදරයෝ මම දන්නා විදියට. දෙන්නම ක්‍රියාත්මක උනේ මේ යහපාලනය ගැන දොඩවන බෝධිසත්ව එකසත් ජාතික පක්ෂ රජයන් යටතේ.අදටත් ප්‍රේමදාස උඩුගම්පොල කිව්වම ඔය පරණ ජේ වී පි කාරයින්ට උන් හිටි තැන් වල මල මුත්‍ර පහ වෙනවා.ඒ තරමටම දරුණු පුද්ගලයෙක්..ඔහුව වියුරු වැට්ටුවෙත් අද බෝ පැල වගේ ඉන්න හතර පෝයට සිල් ගන්න ජේ වී පි එකෙන් මුළු පවුලම අමු අමුවේ මරා දැම්මට පස්සේ. (ස)
චතුරි, ඔයා දන්න දෙයක් ගැන කතාකරන්න (නි)
ලුසේනා,දැන් සාක්කි පෙන්නලා වැඩක් නැහැ (නි)
හොයන්න එයාගේ පවුලේ අය මරල දාපු විදිය ,ඊට පස්සේ තමයි උඩුගම්පොල උමතු වුණේ. ජ.වී. පෙ . අය මිනිසුන් මරපුව අපි අත් විඳලා තියෙනවා .මරණ එක සාධාරණ කරනවා නෙවෙයි ,ප්‍රශ්නේ දෙපැත්තක් තියෙනවා (ම)
මේ විදියට හැමදේම හොයනවා නම් බොහොම හොඳයි (නි)
උඩුගමිපොල කියන්නේ ඒ දවස් වල දේශපාලකයන්ගෙන් වෙිගයෙන් ලකුනු රැස්කල අයෙක්. ඔහු ලකුණ රැස්කිරිදෙි ඔහුගේ අමිමා තාත්තා උනත් කමි නැත කෘෘර අයුරින් කටයුතු කලේ. මෙි සමගම බටලන්දටත් සමුහ මිනිවලවල් වල සිටින්නන් කවුරුද ? ඒවා සිදුකලේ කවුරුන්ද යන්නත් සොයා බැලිම වටී. පොලිස්කාරයෙකුට පමණක් දඩුවමි පමුණවලා මදි ඔහු මෙහෙය වු ජඩ දේශපාලකයාද වගකිවයුතුයි (නදී)
පාලිත පෙරේරා, මිනිසුන් දිනපතාම අතුරුදහන් වෙනවා. වසරකට කියක්දැයි පොලිස් වාර්තා සොයා බලන්න. (බ)
අපිට මතකයි 88/89 කාල වල උන දේ (නදී)
දේශපාලුවන්ගේ වැරදි වලට තවත් රජයේ සේවකයෙක්උසාවි (නදී)
මොකද හිතන්නේ බටලන්දේ වදකාගාරය ගැන කට්ටියට? අපේ අහිංසක කොල්ලෝ කීදෙනෙක් නම් මැරුවද? කව්ද මේවට වගකියන්නේ? මිලේනියම් සිටි පාවාදීම කළේ කව්ද ? මේවා බරපතල චෝදනා. (නදී)