IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මිලානෝ දීපවාලී සැමරුමෙන්

( ෂමින් පණ්ඩිතරත්න- මිලානෝ නගරයේ සිට )

ලොව පුරා වෙසෙන හින්දු භක්තිකයින් ඉමහත් හරසරින් සමරණ දීපවාලී උත්සවය නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් මිලානෝ කොන්සල් ජනරාල් ඩිලානී වීරකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන්  කොන්සෝල් ජෙනරාල් කර්යාලයේ දී පැවැත්විණි.

උතුරු ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික විවිධ ජාතින් සහ ආගම් අතර සංහිඳියාව හා සාමය ගොඩනැගීම අරමුණ කර ගනිමින් මෙම සැමරුම් උත්සවය හින්දු චාරිත්‍රවලට මුල්තැන දෙමින් ඉතාමත් අලංකාර ලෙස මිලානෝ කොන්සෝ ජෙනරාල් කාර්යාලයේ නිලධාරීන හා ලාංකිකයින් විසින් සංවිධානය කර තිබිණි.

විෂ්ණු දෙවිදුන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් හින්දු බැතුමතුන් දීපාවලී උත්සවය සමරණයි.

තමන් ආලෝකය ලබා ගත් අයුරින් ලොව සියළු දෙනාටද ආලෝකය දැකීමට ඉඩ සලසන්නැයි පරාජයට පත් නරගාසුරන් අසුරයා විෂ්ණු දෙවියන්ගෙන් කල ඉල්ලීමට අනුව මෙය සිහිපත් කරමින් හින්දු බැතුමතුන් පහන් දල්වා ආගමික වතාවත්වල නිරතව ඒ ආලෝකය පරිද්දෙන් සියල්ලන්ගේ සිත්වල ආලෝකය පැතිරේවයි ප්‍රාර්ථනය මුල් කරගෙන දිපාවලිය උත්සව දින ආලෝක පුජා පවත්වති .

පහන් දල්වා ආලෝකවත් කර තිබූ කොන්සෝල් ජෙනරාල් කර්යාලය හින්දු ආගමික පුද පූජා , හින්දු නර්තන, සම්ප්‍රදායි පොන්ගල් බතක් ද පිළියෙල කර තිබූ අතර හින්දු සංස්කෘතික ඇඳුමෙන් සැරසුණු හින්දු භක්තිකයන් විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගිවී තිබිණි.

ගරු සොමාසුන්දරම් පස්කරම් හින්දු පූජකතුමා විසින් මෙම ආගමික වතාවත් පැවැත්වීය.

තවද පැමිණි සිටි භක්තිකයන් සඳහා හින්දු ආහාර පාන වලින් සැදුනත්ත්‍ රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබාදීමට කොන්සල් ජනරාල් වීරකෝන් මහත්මිය අමතක කළේ ද නැත.



අදහස් (1)

මිලානෝ දීපවාලී සැමරුමෙන්

Bamunuarachchi Monday, 20 November 2023 07:08 PM

ආගමික උත්සව වලදී ගස්වල එල්ලාගෙන එළුවෝ, බැටළුවෝ, හරක් කපන පාදඩ සංස්කෘතියට වඩා මෙවන් සංස්කෘතියක්‌ ඇති ජාතියක් සමග ජීවත් වීම වටිනවා නේද? ඒ ආගමික වතාවත් කොතරම් සුන්දරද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site