IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘මුලදී හිරිහැර කළා‘

පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජික කුමාර් ගුණරත්නම් (නොයෙල් මුදලිගේ) මහතා අද සවස ඕස්ට්‍රෙලියාවේ තම නිවසේ සිට මෙරට මාධ්‍ය ඇමැතීය. මාදිවෙල පිහිටි පෙරටුගාමි පක්ෂ මූලස්ථානයේ දී ‘ස්කයිප්‘ තාක්ෂණය ඔස්සේ ඔහු හොඳ සිංහලෙන් කථා කරමින් මාධ්‍ය හා එක්විය. කිරිබත්ගොඩ  ගැමුණු මාවතේ තමන් සිටි නිවසේ දොර කඩාගෙන පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් තමන් පැහැරගත් බවත් ඒ මොහොතේම දෑත්වලට මාංචු දමා දෑස් කළු රෙදිපටියකින් බැඳ ඔවුන් පැමිණි වාහනයට දමා ගත් බවත් ඔහු කීවේය. පැහැරගත් මුල්දිනයේ පහරදී වධහිංසා කළ බවත් ලිංගික හිංසා ඊට ඇතුළත් බවත් කුමාර් කීය. තමන් පැහැරගනු ලැබුවේ රාජ්‍ය ආරක්ෂක අංශ විසින් බව දැඩිසේ විශ්වාස කරන බවත් ජනතා විමුක්ති පෙරමුණ මෙම පැහැර ගැනීමට කිසිදු සම්බන්ධයක් නැතැයි සිතන බවත් මාධ්‍යවේදියකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේය.‘‘මම නීති විරෝධි ක්‍රියාවක් කළා නම්, මම ලංකාවේ ආගමන නීතිරීති උල්ලංඝනය කළා නම් මා අත්අඩංගුවට ගෙන නිසි නීති පියවර නොගෙන වහාම රටින් බැහැර කෙළේ මන්දැයි ඔහු ප්‍රශ්න කෙළේය. ජිවිතය තිබෙනතුරු සමාජවාදය නැමැති උසස් දේශපාලනයේ නිරත වන බවත් ඉදිරියේ දී නැවත ලංකාවට පැමිණීමටත් ඉඩ ඇති බවත් හේ පැවැසීය. ප්‍රශ්න කැර තොරතුරු ගැනීමෙන් පසුව තමා මරා දමතියි සිතූ නමුත් දෙවැනි දිනයේ සිට සැර බාල වී වදහිංසා ද අඩුවී යැයි කුමාර් කීවේය. කොළඹ හෝ ගම්පහ වැනි පෙදෙසකට තබාගෙන යන්නට ඇතැයි සිතන බව ද ඔහු සඳහන් කෙළේය. වෑන් රියකින් දෙමටගොඩ ගෙන ආ පිරිස එහි පොලිසියට යන ලෙස කියන තර්ජනය කළ බව ද ඔහු කීවේය.



අදහස් (0)

‘මුලදී හිරිහැර කළා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 330 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site