හර්ෂණ තුෂාර සිල්වා
මුලතිව් කේපාපිලව් ප්‍රදේශයේ පැවැති ඉඩම් ගැටළුවට විසඳුමක් ලෙස කේපාපිලව් සහ සීනියාමුඩෙයි ප්‍රදේශවලින් ඉඩම් අක්කර 279 ක් ඉඩම් අහිමි ජනතාවට ලබා දීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය එකඟ වී ඇතැයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම් ස්වාමිනාදන් මහතා සඳහන් කරයි. තමා සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අතර සාකච්ඡාවක් පැවැති බවත් එහිදි ඉහත තීරණය ගෙන ගත් බවත් ඇමැතිවරයා කියයි.
මේ අනුව කේපාපිලව් ගම්මානයේ රජය සතු ඉඩම් අක්කර 248 ක් සහ සීනියාමුඩෙයි ගම්මානයේ පෞද්ගලික ඉඩම් අක්කර 31 ක් ලබන මැයි 15 වැනිදාට පෙර නිදහස් කිරීමට නියමිතය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය රුපියල් මිලියන පහක මුදලක් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට ගෙවා තවත් පෞද්ගලික ඉඩම් අක්කර 189 ක් නිදහස් කරගැනීමට නියමිතව ඇත.
2025 ඔක්තෝබර් මස 08
1923
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මුලතිව් ඉඩම් අක්කර 279 ක් ජනතාවට