2016-12-29-ent-81

සදාදරණීය ගායන ශිල්පී මිල්ටන් මල්ලවආරච්චි ජීවිතයෙන් නික්ම ගොස් වසර ගණනාවක් ගෙවී අවසන්ය. මිල්ටන්ගෙන් පසුව යම්තාක් දුරකට ඒ හඬ ඉදිරියට ගෙන යමින් ගායන ලොවට පිවිසියේ ඔහුගේ පුත් රනිල් මල්ලවආරච්චිය. දැන් ඒ දෙවැනි පරම්පරාවෙන් පසුව තෙවැනි පරම්පරාව නියෝජනය කරමින් රනිල්ගේ පුතු, පවන් මල්ලවආරච්චි ද ගායන ලොවට පිවිස සිටී. ඒ තම සීයාගේ ගීත උරුමය රැගෙනය. එලෙසින් පරම්පරාවේ ගායන රිද්මයේ උරුමය රැුගෙන ප‍්‍රසංග වේදිකාව හැඩකරන ”රනිල් - පවන්” පිය පුතු වෙසෙන්නේ ඔස්ටේ‍්‍රලියාවේය. නමුත් ඒ පවුලේ සියලූ දෙනා මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටිති. රනිල් සහ පවන් එක්ව ”සඳ ඔබයි පියාණෙනි” ප‍්‍රසංගය ඉදිරිපත් කිරීම ඊට හේතුවයි. ”සඳ ඔබයි පියාණෙනි” ප‍්‍රසංගය පැවැත්වෙන්නේ මෙම 7 වැනිදා රාත‍්‍රී 7ට කොළඹ බන්ඩාරනායක ජාත්‍යන්තර සමරු රඟහලේදීය. ඒ වෙනුවෙන් ගීත පුහුණුවීම්වල යෙදෙමින් සිටියදී රනිල් - පවන් පිය පුතු දෙදෙනා සඳැල්ල සමග එක්වූයේ මෙලෙසිනි.

 

රනිල්

2016-12-29-ent-82රනිල් ගිය වසරේදිත් ”සඳ ඔබයි පියාණෙනි” ප‍්‍රසංගය කළා නේද? ඉතින් ඇයි මෙවරත්?

මුලින්ම කියන්න ඕනෑ අපි සෑම වසරකම මේ විදියට ලංකාවට එන්නෙ ප‍්‍රසංගයක් කිරීමේ අරමුණ නිසාම නෙවෙයි. ග‍්‍රීෂ්ම නිවාඩුව ටිකක් දීර්ඝයි. මගේ පවුලේ ඔක්කෝමලා වගේ දැන් පදිංචිය ඕස්ටේ‍්‍රලියාවේ. නමුත් මගේ බිරිඳ නිරාශාගේ අම්මා සහ අක්කා සිටින්නෙ ලංකාවේ. ඉතින් මේ නිවාඩුව ලැබුණාම ඒ අය සහ ඥාතීන් හිත මිතුරන් හමුවීම අපේක්ෂාවයි. ප‍්‍රසංගය ගැන කතා කළොත් මගේ බිරිඳ නිරාශාට විශේෂ ස්තුතිය පුදන්න ඕනෑ. ඇය තමයි මේ එන ගමනේදී කලින්ම ඇවිත් ඒ සියල්ල සංවිධානය කරන්නෙ. කොහොමටත් ගෙවී ගිය මගේ ජීවිතයේදී නිරාශා තමයි මාව බොහෝ දේ වෙනුවෙන් උනන්දු කළේ.

 

ගිය අවුරුද්දෙ ප‍්‍රසංගයේදී ගැයූ ගීතම ද මෙවරත් ගයන්නෙ? මෙවර වෙනස මොකක් ද?

ගිය සැරේ පැවැත්වූ ප‍්‍රසංගයට වඩා බොහෝ වෙනස්කම් මේ ප‍්‍රසංගයේදී දකින්න පුළුවන් වේවි. ගියවර නොගැයූ තාත්තාගෙ ගීත රැසක් මෙවර පෙළ ගස්වා තිබෙනවා. ඒ වගේම මම වැඩිපුර ගීත නොගයා, පුතු පවන් වෙත ගීත වැඩි ප‍්‍රමාණයක් යොමු කොට තිබෙනවා. තාත්තාගෙ සමකාලීන ප‍්‍රවීණ ගායන ශිල්පිණියන් සහ ගායන ශිල්පී පරපුරක තවත් පුතෙක් මේ ප‍්‍රසංගයේදී ගී ගැයුමට එක්ව සිටිනවා. ප‍්‍රසංගය ගැන ඔක්කෝම කියනවාට වඩා එය නරඹන්න 7 වැනිදා රාත‍්‍රී 7ට ඊඵෂක්‍්‍ය එකට එන්න කියලා මම අපේ ආදරණීය රසික රසිකාවියන්ට ආරාධනා කර සිටිනවා.

 

රනිල් ඕස්ටේලියාවේ ගෙවන ජීවිතය ගැනත් යමක් කිව්වොත්?

සුපුරුදු පරිදි රැකියාවට යනවා. උදේ 5 ඉඳලා දහවල් එකහමාර වෙනකල් වැඩ. ඉන් පස්සෙ පුතා සහ දුව ගන්න පාසලට යනවා. ඒ අය අරගෙන ඇවිත්, ගෙදර වැඩක් තිබුණොත් ඒවා කරනවා. ජීවිතය සංකීර්ණ නැහැ.

 

ඔබ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක්නෙ. තවමත් ක‍්‍රිකට් ක‍්‍රීඩා කරනව ද?

අපොයි ඔව්. කොළඹ නාලන්දාවෙදි මාත් එක්ක ක‍්‍රිකට් ගහපු යාළුවෝ වගේම ශ්‍රී ලංකා පිල නියෝජනය කළ ගුරුසිංහ වැනි ප‍්‍රවීණයින් පවා හමුවෙනවා. තවම මම ක‍්‍රිකට් අත්හැරලා නැහැ. ව්‍යායාම් අත් හැරලත් නැහැ.

 

ප‍්‍රසංගවලටත් ඉල්ලූම ඇති?

ගායන ක්ෂේත‍්‍රයේ පුතාලගෙ ප‍්‍රසංගයක් එහෙම සංවිධානය වුණාම අනිවාර්යයෙන්ම ඒවාට යනවා. අමතරව පැවැත්වෙන ප‍්‍රසංගවලටත් සහභාගි වෙනවා. ඒ වගේම විදෙස් රටවල පැවැත්වෙන ප‍්‍රසංගවලටත් යනවා. නවසීලන්තයට කීප වතාවක්ම ගියා. කැනඩාවට, එංගලන්තයට සහ තවත් රටවලටත් ප‍්‍රසංග සඳහා ගියා. ලංකාවේදී වගේම ඒ සියලූ කටයුතු සඳහා ආරාධනා ලැබෙනවා.

 

නිරාශා වෙනුවෙනුත් ඔබ ගීතයක් ගයලා තියෙනවා නේද?

”සඳට කියමි

තරු සමග මා

ගීයක් සේ ගයමි

ඔබේ ඇස් වැනි

තරුවලින් නිලි

අම්බරේ ලියමී”

ඒ ගීතය නිරාශා වෙනුවෙන්ම ගැයුවෙ විවාහයටත් පෙරදීයි.

 

 

පවන්

 

පවන් ඇයි ඔබ සහ ඔබගෙ පියා එක් වී ඔස්ටේ‍්‍රලියාවේදී ප‍්‍රසංගයක් නොකරන්නේ?

තවම ඒ ගැන අපි හිතුවෙ නෑ. නමුත් අනාගතයේදී ඔස්ටේ‍්‍රලියාවේදීත් ප‍්‍රසංගයක් පැවැත්වේවි.

 

මෙම ප‍්‍රසංගයේදී ඔබගෙ රිද්මය සහ තාත්තා ගයන ගීත ගැන වෙනස මොන වගේ ද?

තාත්තා තෝරා ගත්තෙ සීයා ගැයූයේ රිද්මයේ, පෙරදිග ආරට සංගීතය නිර්මාණය වූ ගීතයි. මම ගයන්නෙ සීයා වෙනුවෙන් ක්ලැරන්ස් විජයවර්ධන වැනි සංගීතඥයින් බටහිර ආරෙට සංගීතවත් කළ ගීතයි. ඉතින් මේ ප‍්‍රසංගය නරඹන්න ආවොත් ඒ වෙනස බලන්න පුළුවනි.

 

ඔබගෙ පුද්ගලික විස්තර කිව්වොත්?

මගේ පාසල් ජීවිතයේ අන්තිම අවුරුද්දෙ දැන් සිටින්නෙ. ඊළඟට සරසවි ගිහින් අවසාන ගුවන් නියමු ඉලක්කය සපුරා ගැනීම තමයි අරමුණ. මේ අරමුණු අතරේ අතිරේක රැකියාවකුත් කරනවා.

 

සටහන / ඡායාරූප - සඳුන් ගමගේ

 

2016-12-29-ent-80