
(අංජුල මහික වීරරත්න)
ගොවීන් මිලදී ගත් රසායනික පොහොර සඳහා ද සහනාධාර මුදලක් ගෙවීමට රජය තීරණය කර තිබේ.
ගොවි ජනතාවගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බලා ජනාධිපතිවරයා මේ තීරණය ගත් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩී.එම්.එල්.බණ්ඩාරනායක මහතා පැවසීය.
ගොවීන් රසායනික පොහොර මිලදී ගත් බිල්පත ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම සහනාධාර මුදල ගෙවන බව අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කරයි.
වත්මන් රජයේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය යටතේ මෙතෙක් ගොවීන්ට ලබා දුන්නේ කාබනික පොහොර සහනාධාර පමණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර බිල් ඉදිරිපත් කරලා රජයෙන් සල්ලි අරගන්න අවස්ථාවක්
දැන් ආණ්ඩුවක් නැහැ.. ලංකාවේ සර්ටත් යන්න වෙලාව හරි දැන්...
25000 ක බිලක් විතරක් දෙන්න මුදලාලි... මුදලාලිට භාගයයි, මට භාගයයි.
සර් ගමට ගිහින් පිළිසඳරේ යෙදිලා, සර්ගෙ අතින්ම මෙම මුදල් බෙදලා දෙන්න...
වී විකුනන්නේ මෝල් කාරයාට නම් වක්‍රව සහනාදාරය යන්නේ මොළ හිමියාටයි එම නිසා අපේ බදු සල්ලිවලින් සහනාදාර දෙන්න එපා.