(නිමන්ති රණසිංහ)
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක මනෝජ් සිල්වා යන අය විසින් බම්බලපිටිය රාත්‍රි සමාජ ශාලාවක් තුළදී බ්‍රිතාන්‍ය ජාතික යුවළකට පහර දුන් බව කියන සිද්ධි යෙ මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නැතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කළේය.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා කොළඹ අපරාධ කොට්ඨාසය මෙ බව සඳහන් කළේ සිද්ධිය ට අදාළ නඩුව කැඳවු අවස්ථාවේ දිය.
මෙහි සැකකාර මාලක සිල්වා ඇතුළු සැකකරුවන් අට දෙනෙකු අධිකරණයේ පෙනීසිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාධ කරුවන්ට නීතිමය පියවර ගැනීමට පසුබට වීම සමාජ පරිහානියට හේතු වේ.
මේ නඩුවට එංගලන්තේ ඉඳල එන සාක්ෂිකරු කියල තිබුණ හැමදාම නඩුව කල් යනවා, අතින් වියදම් කරගෙන එන එකේ තේරුමක් නැහැ කියල. අනේ අපේ යුක්තිය පසිඳලීම!
පහුගිය හා දැන් තිබෙන ආණ්ඩු දෙකෙන්ම කරන්නේ තමන්ගේ අය ආරක්ෂා කරන එකයි, ඔය නීති උපදෙස් ඉතින් තව අවුරුදු ගානකට එන එකක් නෑ.
යකෝ මොනා උනත් ලංකාව යටත් කරගෙන හිටපු සුද්දට (බ්‍රිතාන්‍ය නරුමයෝ ) උට ඕන විදිහට නටන්න නොදී අත උස්සපු අපේ කාලේ වීර පුරන් අප්පු කෙනෙක් මේ කොල්ලා
චමී, සුද්දා හිටියනම් ලංකාවට මෙහෙම වෙන්නේ නෑ. වහල්බව හා කිසිදු ජනබලයක් නැතිකම අදටත් තියෙනවා. සුද්දාගේ කාලෙත් ඒක තිබුණා. හැබැයි සුද්දා හිටියනම් මෙහෙම රටක් අරාජික වෙන්නේ නෑ. සුද්දට බැන බැන සුද්දා හැදුව කොච්චියක යන්න අපිට ලැජ්ජාවක් නෑ. සුද්දා ගියේ අපේ අවාසනාවට. මේ වගේ අයට රට බාරදීලා.