
(යොහාන් භාසුර)
කිරි ගොවීන්ට දියර කිරි ලීටරයකට ගෙවන මුදල රුපියල් 5 කින් ඉහළ දැමූ බව මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා ‘ලංකාදීප’යට පැවසීය.
මෙම මිල ලබන පෙබරවාරි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන බව කී ලසන්ත වික්‍රමසිංහ මහතා කිරි ගොවීන් දිරිමත් කිරීම සඳහා මෙම මිල වැඩිකිරීම කළ බව ද සඳහන් කළේය.
මෙම මිල ඉහළ දැමීමත් සමඟ ඉහළතම ප්‍රමිතියේ කිරි ලීටරයක් සඳහා ගොවීන්ට රුපියල් 100 කට ආසන්න මුදලක් ලැබෙන බවත් කිරිවල ප්‍රමිතිය අනුව ගෙවන මුදල තීරණය වන බවත් සභාපතිවරයා කීය.
කිරි ගොවීන් සපයන කිරි ප්‍රමාණය අනුව ද ලීටරයක් සඳහා ගෙවන මුදල වෙනස්වන බවත් ලීටර් ප්‍රමාණය වැඩිවෙන්න වැඩිවෙන්න ගොවියාට ලැබෙන ආදායම ඉහළ යන බවත් සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෞද්ගලික සමාගම් රුපියල් 120/- දෙනකොට, කිරි ගොවියෝ මිල්කෝ එකට රුපියල් 100/- ට දෙයිද? මෝඩ වැඩ . ඕක තමයි මිල්කෝ කිරිපිටි සහ බටර් හිඟයට හේතුව...
වැඩේ නම් හොඳයි. ඒත් කවුද හරියට සභාපති? ප්‍රසිද්ධ මාධ්‍යවල ඇවිත් ඊයේ කිව්වා නේද වෙන කෙනෙක් සභාපති කියලා... පත්වීමක් දීලා කියලා...!
මෙතුමා මාරු කරලාලු නේද? රේණුක කියලා කෙනෙක් නේද සභාපති කියන්නේ...?
එතකොට පාරිභෝගිකයාට කීයක්ද වැඩියෙන් ගෙවන්න වෙන්නේ..? නිකන් ෂෝ විතරයි... කිරි ගොවියා නැත්තටම නැතිවෙලා ගොඩක් කල්...