IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මාලක ක්ලබ් යන්න අවසර ඉල්ලයි

සමාජ ශාලාවලට නොයන ලෙස පනවා ඇති තහනම ලිහිල් කරන්නැයි හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලකට එරෙහිව පවරා ඇති නඩුවකදී කොළඹ මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මියගෙන් අද (24) ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීම දිවුරුම් පෙත්සමක් මඟින් ඉදිරිපත් කරනලෙස ඔහුට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය නඩුව ලබන 23 වැනිදාට කල් තැබුවාය.

 

 



අදහස් (0)

මාලක ක්ලබ් යන්න අවසර ඉල්ලයි

රොෂේන් Tuesday, 24 February 2015 04:50 PM

මේ වගේ වැඩකරන අයට සමාව දෙනවා නම් අහිංසක අපි වගේ අයට කුමන කලක්ද? (නි)

:       0       0

දුමින්ද Tuesday, 24 February 2015 08:00 AM

දෙන්න.දෙන්න. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු (නි)

:       0       0

අරවින්ද Tuesday, 24 February 2015 08:11 AM

රටට කීර්තියක් ගෙනත් දෙන්න වෙන්න ඇති අායෙත් පාරක් (නදී)

:       0       0

නදීක Tuesday, 24 February 2015 08:14 AM

තාත්තට බැරි වුනානේ මෙයාට පොඩිවට හරි ක්ලබ් එකක් හදල දෙන්න (නදී)

:       0       0

ජෙහාන් Tuesday, 24 February 2015 08:14 AM

මෙයාට ක්ලබ් යන්නයි, සශි නෝනාට හැඳුනුම්පත් දෙකක් තියාගන්නයි ඉඩ දෙන්නකෝ. පොඩි අයගේ ආශාවනේ. (නදී)

:       0       0

දිනේෂ් Tuesday, 24 February 2015 08:15 AM

අලි මදිවට හරක් කිව්වලු. මේ ගමන කාටද ගහන්නේ? ඔය අවසරය දෙනවා නම් එයා ක්ලබ් යන දවස් කල් තියා මහ ජනතාවට දැනුම් දෙන්න කියල කොන්දේසියක් දාන්න. එතකොට අනිත් මිනිස්සුන්ට එ් තැන්වලට නොගිහින් හිටින්න පුළුවනි. (නදී)

:       0       0

රංජි Tuesday, 24 February 2015 08:16 AM

යන්න ඉඩ දෙන්න. මෙයා දැන් හැම තැනින්ම ගුටි පුජාවල් කාලා තියෙන්නේ. මට ආරංචි විදිහට අර සුද්දා මෙයාට මදි නොකියන්න බැස්ටිය දුන්නාලු. ආයෙත් දවසක මදි නොකියන්න කාවි. අපේ රටේ ජරා දේශපාලනයට පිවිසීමට සුදුසුකමක් තමා ගුටිකෑමත්. (නදී)

:       0       0

සිල්වා Tuesday, 24 February 2015 08:20 AM

ඇයි සමාජෙට වැඩක් කරන්න සමාජ ශාලාවලටම යන්න ඕනාද? (නදී)

:       0       0

ප්‍රියංකා Tuesday, 24 February 2015 08:21 AM

අනේ දේනන පව් අහංසක කොලු පොඩ්ඩා (නදී)

:       0       0

නලින් Tuesday, 24 February 2015 08:35 AM

යන්න දෙන්න, පෙත්ත විකුණා ගන්නේ කොහොමද?(නදී)

:       0       0

බුද්ධික Tuesday, 24 February 2015 08:43 AM

අනේ පවු අහිංසකය.ඔන්න ඔහේ දීලා දාල ආයිත් බාල්දියක් දාගත්තම බන්ධනාගාර රෝහලට යවන්න බැරිය.(හේ)

:       0       0

සාලිය Tuesday, 24 February 2015 08:56 AM

අවසර දෙන්න එපා.(හේ)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Tuesday, 24 February 2015 09:14 AM

ඕවට අවසර ගන්න තමයි තාත්තත් අර මැඩම්ගේ හොද කිය කියා පස්සෙන් යන්නේ. (නදී)

:       0       0

පද්මිණී Tuesday, 24 February 2015 09:15 AM

දැන් යන විදියට නඩු පොත් වහල ඔක්කොම නිදහස් කරන්න. අපේ ඔලු අවුල් නොකර.(නදී)

:       0       0

පුර්ණ Tuesday, 24 February 2015 09:23 AM

යන්ඩ බැරුව හරි අමාරු ඇති (නදී)

:       0       0

දිනේෂ් Tuesday, 24 February 2015 10:12 AM

පෙති ටිකක් විකුනන්න ඉඩදෙන්න (නදී)

:       0       0

සමන් Tuesday, 24 February 2015 10:32 AM

අවසර දෙන්න එපා තවත් ප්‍රශ්නයක් දා ගනියි.(හේ)

:       0       0

ඇසළ Tuesday, 24 February 2015 10:45 AM

යන්න දෙන්න තාම ඉගනගෙන මදි තාත්ත කියන්නේ මගේ පුතාව කොහොම හරි අනාගත අධ්‍යාපන ඇමති කරනවා කියලනේ. (නදී)

:       0       0

එරන්ද Tuesday, 24 February 2015 10:45 AM

ක්ලබ් ගියාට කමක් නෑ තාත්තවත් එක්ක යන්න (නදී)

:       0       0

නිහාල් සමරවික්‍රම Tuesday, 24 February 2015 11:03 AM

මේ වගේ මිනිස්සු තමන්ගේ පැවැත්මෙන් තමන්ගේ නැවැත්ම ඇතිකර ගන්නවා. අපි කලබල විය යුතු නැහැ. (නදී)

:       0       0

විරාජ් ඒකනායක Tuesday, 24 February 2015 11:33 AM

මාර පුතාලා (නදී)

:       0       0

ගයනි Tuesday, 24 February 2015 11:36 AM

ආචාර්ය මර්වින් සිල්වාගේ පුතුට නැවත ක්ලබ් යන්නට ඉඩ ලැබේවා.. (නදී)

:       0       0

ලංකා Wednesday, 25 February 2015 05:36 AM

මෙයා එනවට ක්ලබ්වල පාලකයෝ කැමතිද? (නි)

:       0       0

ඊවා Tuesday, 24 February 2015 12:53 PM

අවසර දෙන්න පව්නේ, දීල කාව හරි සෙට් කරලා දෙන්න (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site