ස්කොට්ලන්ත ජාතික ඉන්ජිනේරුවාට හා ඔහුගේ පෙම්වතියට කොළඹ සමාජ ශාලාවකදි

පහර දුන්නැයි අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි  මාලක සිල්වාට නඩුව අවසන් වන තුරු සමාජ හාලා තහනම් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහබ්දින් මාහතා ඔහුට අද ඇප දුන්නේය.

රුපියල් පනස් දහයක මුදල් ඇපයක් ද ලක්ෂ දහය බැගින් ශරීර ඇප දෙකක් ද නියම කළ මහේස්ත්‍රාත් මවත් පියාත් ඇපයට අත්සන් කළ යුතුයැයි ප්‍රකාශ කළේය.

හඳුනා ගැනිමේ පෙරෙට්ටුවේදි  ඉංජිනේරුවා මාලක හඳුනා ගත්තේය.

ඔහුගේ පෙම්වතියට ඔහු හඳුනා ගැනීමට නොහැකි විය

සෙසු සැකකරුවෝද ඇප ලැබුහ.