නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල නොමිලේ පැවැත් වු මුල් ළමා විය සංවර්ධනය පිළිබඳ එක් අවුරුදු ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව නිම කළ අභ්‍යාසලාභීහු හත්සිය දොළොස් දෙනෙක් සහ මනෝ උපදේශනය පිළිබඳ පාඨමාලාව නිම කළ අභ්‍යාසලාභීන් හැත්තෑ නම දෙනෙක් ඩිප්ලෝමා සහතික ලදහ.
ජාතික තරුණ සේවා සභා ශාලාවේදී උත්සවය පැවැත්විණි.
කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහාන් ලාල් ගේ‍්‍රරු මහතාගේ උපදේශකත්වයෙන් මෙම පාඨමාලාව ක්‍රියාත්මක විය.
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු කෝට්ටේ ශී‍්‍ර නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් සබරගමුව විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ පීඨාධිපති මහාචාර්ය සුනිල් ශාන්ත , සම්බන්ධීකරණ විදුහල්පතිනි කුමාරි ගේ‍්‍රරු ජාතික අධ්‍යාපන ආයතනයේ ප‍්‍රාථමික අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගේ‍්‍රෂන් කුලරත්න මහත්ම මහත්මීහු ආරාධිතයෝ වුහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ගුරුවරු බිහිකිරීම ලොකු පිනක් (නි)
මුල් ළමා විය යනු ඕනෑම දරුවෙකුගේ ඉතාම වැදගත් අවධියයි. එය නිසි ආකාරව පෝෂණය නොවුණහොත් එය මුළු ජිවිත කාලයටම බලපානු ලබයි. මේ නිසා මේ පිළිබදව ප්‍රමාණාත්මක අවධානය දැක්වීම ඉතාම වැදගත් කියලා මම හිතනවා. තෙරුවන් සරණයි !!!(දිල්)