අරණායක අසුපිනි ඇල්ල ආසන්නයේ ජිවත් වෙන ‘මල් මාමා‘ හෙවත් රාජපක්ෂ ගෙදර අබේරත්න (71) නාසයෙන් බට නලා වාදනයට සමත් අයෙකි. ඔහුගේ දක්ෂතා නිසා අසුපිනි ඇල්ල නැරඹිමට යන බොහෝ පිරිස් ඔහුවද හමුවෙති.
දිය යට විනාඩි 8 කටත් වඩා සිටිය හැකි ඔහු ගොවිතැන් කටයුතු වලටද හපන්කම් ඇති ඔහු කෘෂිකර්ම අමාත්‍යංශය මගින් පැවත්වු තරග වලින් සම්මාන කිහිපයක් ද දිනා ගත් දක්ෂයෙකි. ‘‘විදේශිකයෝ මේ ඇල්ල බලන්න ඇවිල්ලා මගේ තියෙන දක්‍ෂතා දැකලා පුදුම වෙලා එයාලාගේ රටවලට ගිහිල්ලා ස`ගරා කිහිපයකම පළකරලත් තිබුණා. මම දැන ගත්තෙත් ඒවාගෙන් කිහිපයක් මට එවපු නිසා. ඒ දවස් වල මමයි මගේ බිරිදයි හිටියේ කටු මැටි ගහපු පුංචි පැල්පතක ඒ දවස් වල හරි ලස්සනට සරුවට අපි වගා කරලයි තිබුණේ මේ ඉන්න තැනට ආපු දවසේ ඉ`දලා වගා කටයුතු කරලා තමයි අපි ජිවත් වුනේ. මට ගොඩක් අය කියන්නේ ‘මල් මාමා‘ කියලා. මොකද මම මල් වගා කරන්න දක්ෂ කෙනෙක් නිසා මෙ මුළු වත්තේම මම ඉස්සර මල් හදලා තිබුණේ. පාසල් ගියේ 5 වසරට පාසල් යන කාලේ ඉදලා මම කලාවටත් හරි දක්‍ෂයි. අදත් මම මේ කලාවට ගොඩක් ආදරෙයි. මම තරුණ කාලයේ කෑගල්ල පැත්තේ මල් ශාලාවකට වැඩට ගියා මම මේකේ වැඩ හො`දට ඉගෙන ගත්තා. ඒ දවස් වල වන මලින් තමයි මල් වඩම් වාගේ දේවල් නිර්මාණය කළේ. වනමලින් කරන වැඩ කටයුතු ඒ හින්දම හොදට ඉගෙන ගත්තා. මෙහේ වැඩ කරන දවස් වල ලංකාවේ සතර දිග්භාගයේ යාලූවෝ හදුනාගත් හින්දා ටික කාලයක් මල් ශාලාවේ වැඩ කරපු මට යාපනේ යන්න උනේ යාළුවෙක් කරපු කන්නලව්ව හින්දා. එහේ ඉන්නකොට තමයි ඉන්දියාවෙන් ඇවිල්ලා යාපනයේ කඩයක් දා ගත්ත මලයාලම් කාරයෙක් හම්බෙන්නේ. මිනිහා හරි දක්‍ෂයා මලින් කරන වැඩ වලට මටත් තිබුණ කැමැත්ත හින්දම එයත් එක්ක වැඩ කළා. ඊට පස්සේ තමයි මලින් කරන ගොඩාක් නිර්මාණ පුරුදු වුනේ මලයාලම් කාරයාට හොදට බටනලා ගහන්න පුලූවන් හින්දා එයාගෙන් ඒ හුරුව මටත් ඒ ටික කාලෙදි ලැබුණා.‘‘
අසුපිනි ඇල්ලට නුදුරින් මහනුවර දිස්ත‍්‍රික් මායිමේ උඩුවැල්ල ඇපලාවත්ත පදිංචි ඔහු එහි මුල්ම පදිංචිකරු යැයිද ගැමියෝ කියති.
බටනලා දෙකක් වුවත් තම නාස් පුඩු දෙකේ තබා අලංකාරව පැහැදිලිව ස්වර නාද රටා මවන ඔහු සමහර අවස්ථා වල ගීත වෙනුවෙන් අනුවාදනයන් පවා ඉදිරිපත් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත් දිගට තනි සුදු ඇනදේ නැතුවාට මේ මල් මාමලගෙන් රටට දැයට නැත කිසි අයහපතක් යහපතක්ම මිස. තෙරුවන් සරණින් නිදුක් නිරෝගී දීර්ගායුෂ පතමු මල් මාමට. (අ)
මොන තරම් දක්ස කෙනෙක් ද මොහු? හැකිනම් ලිපිනය සහ දුරකථන අංකය හොයල දෙන්න. ජගත් බාලසුරිය - ලන්ඩන් ලංකා දීපයට ස්තුති (බ)
නිදුක් නිරෝගී දිර්ගායු ලැබේවා! (ස)
කලාවට ආදරය කරන ඔබගේ හැකියාව බොහොම අගෙයි.ඔබට ජය. (ස)
නිදුක් නීරෝගී දීර්ඝායුෂ පතමි. බුදු සරණයි මාමාට! (නි)
අදහාගන්නත් අමාරුයි. ඔබට නිදුක් නිරෝගී සුව පතමි! (නි)
ශා.. ආ.. ආ.. නියමයි , ඔබට දිගාසිරි මල් මාමේ ! (අ)
මේ වගේ දුප්පතෙකුට කොහෙන්දේ දුරකථන. පුළුවන් නම් ඔහුගේ ලිපිනය පල කරන්න .මල් මාමාට දීර්ඝායුෂ. (ස)
දීර්ඝායුෂ පතමි මමද ඔබට මල් මාමේ! (නි)