පරාක්‍රම සමුද්‍රයේ දිය නෑමට ගිය මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ 14 හැවිරිදි පාසල් සිසුවකු දියේ ගිලි මියගොස් ඇතැයි පොළොන්නරුව පොලිසිය කියයි. තම ඥාතීන් සමග පොළොන්නරුව නැරඹීමට ගිය මොවුන් පරාක්‍රම සමුද්‍රයේ දෙකේ ඇළ සොරෝව්ව අසලදී දිය නාද්දි මෙම අනතුරට ලක්ව ඇත. සති හතරක් ඇතුළත මෙම ස්ථානයේ සිදු වූ සිව්වන මරණය මෙය බව පොළොන්නරු පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් තැන් අනතුරුදායකයි කියලා දන දැනත් ඇයි මේ දේවල් වලක්වගන්න උත්සාහා කරන්නේ නැත්තේ.(දිල්)
දැන් මේ අපිට ආරංචි වුන කීවෙනි මරණයද ? නිවාඩු කාලයේ දුර පලාත්වල විනෝද චාරිකා ගිහිල්ල දරුවන් කීදෙනෙක් ඒ දෙසතිය තුල නැතිවුනාද ? දෙමව්පියන් ගේ සැලකිල්ල මීට වඩා තිබුනා නම් කියල මට හිතෙනවා. විශේෂයෙන් වැව් මුහුදු ජලාශ ආසන්නයේ දරුවන් ගැන ඇහැ ගහගෙන ඉන්න ඕනා. අවුරුදු 10 -15 අතර දරුවන් දැන් එයාල ලොකුයි කියල අත ඇරලා පොඩි දරුවන් ගැන විතරක් මේ වගේ ගමන් වලදී බලාලා මදි. දැන් මේ අකාලයේ නැතිවුණ ළමයින් ඔක්කොම මේ වයස් කාණ්ඩයේ උදවිය නේද ? (නදී)
දයාජ,"ජීවිතාරක්ෂක කබා පැළඳගෙන සිටියානම් මේ ජීවිතය බේර ගන්න තිබූනා", මට හිතාගන්න බැහැ ජීවිතාරක්ෂක කබා පැළඳගෙන නාන්නෙ කොහොමද කියලා. (නදී)
සති හතරට 4 දෙනෙක් මැරුනා නම් ඔතන අනතුරුදායක බව ලියලා බෝඩ් එකක් ගහන්න කව්රුත් හිටියේ නැද්ද ? (නදී)
ලියනගේ, මට අවශ්‍ය උනේ ඒ දරුවාගේ ජීවිතය බේරා ගැනීමට තිබුණු විදියක් ගැන. මගේ අදහස ලියන්නයි. සමහර විට ඔබ හරි වෙන්නත් පුළුවන්. එ්ත් ජීවිතය ඊට වඩා වටිනවා. (නදී)
ජීවිතාරක්ෂක කබා පැළඳගෙන සිටියානම් මේ ජීවිතය බේර ගන්න තිබූනා. හරිම කණගාටුදායක පුවතක්. මේ දරුවාට නිවන් සුව! (නදී)
පොළොන්නරුවට තවම නියගයක් ඇති වගයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් අනතුරු ස්ථානවල දිය නෑමෙන් වලකින ලෙස දැන්වීම් පුවරු යෙදීම පිහිණීමට නොහැකි අයවලුන්ට ඉතාමත් වැදගත් (නදී)
මෙච්චර අනතුරු සිදු වෙද්දීත් ඔතන අනතුරුදායකයි කියල බෝර්ඩ් එකක් ගහන කෙනෙක් නැද්ද ? (නදී)
ඔබ මෙහි ජීවත් උනත් ඔබේ අනාගතය ගැන නම් මට වැඩි විශ්වාසයක් නැත්තේ තාරුණ්‍යයට හෙට හෝ දැයට කිරුළු යන ඒවා හුදු ජනතාව රවට්ටන උප්පරවැට්ටි පමණක් වන නිසා. එහෙත් ඔබ මිය යායුතුව තිබුනේ නැහැ. ඔබ නැති වේදනාව පවුලේ අයටත්, පාළුව ඔබ ගේ මිතුරන්ටත් සැමදා දැනේවි. (නදී)