දිනෙන් දින ඉහළ යන සහල් මිල පහළ දැමිම සදහා රජය සතු වී තොග මහා පරිමාණ මෝල් හිමියන්ටත් කුඩා මෝල් හිමියන්ටත් පසුගියදා ලබාදුන්න ද සහල් මිලෙහි කිසිදු වෙනසක් නොවීමට හේතුව එම සහල් තැරැව්කරුවන් අතට යාම නිසා බව පොළොන්නරුව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා කියයි.
මේ පිළිබඳව කළ විමසීමකදී පොළොන්නරුව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේ පොළොන්නරුවේ වී අලෙවි මණ්ඩලය සතු වි තොග නිකුත් කිරිමේ දි තම සංගමයේ මෝල් හිමියන් 52 කගේ නාම ලේඛනයක් ලබා දුන්නත් ඒ කිසිවකුට වී තොග නොලැබුණු බවයි.
ග්‍රාමිය ආර්ථික සංවර්ධන ඇමැති පී.හැරිසන් මහතා නිර්දේශ කළ මෝල් හිමියන් 22 දෙනකුට ලබා දුන්නද ඔවුන් මෝල් හිමියන් නොව ඇමැතිවරයාගේත්, වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාගේ සහ පොළොන්නරු කලාප කළමනාකරුගේ තැරැව්කරුවන් බවයි.
මේ සම්බන්ධයෙන් විමසීමට වි අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනිමට උත්සාහ කළත් එය අසාර්ථක වූ අතර වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරුව කලාප කළමනාකරු ඒ. ජි. නිමල් ඒකනායක මහතා කියා සිටියේ නාම ලේඛනයට පිටින් කිසිදු මෝල් හිමියෙකුට වි නිකුත් කර නැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොරතුරු දැනගැනීමේ පනත අනුව මේ වී ලබාගත් මෝල් හිමියෝ කවුද , තැරැව්කරුවෝ කවුද කියා හෙළිදරව් කර ගැනීමටත්, වී තොග ප්‍රමාණය කොපමණද කියාත් බලධාරීන්ගෙන් විමසා බැලීමට මහජනතාවට පෙබරවාරි 03 වැනිදාට පසු අයිතිවාසිකම ලැබෙනවා නේද ? (ර)
රජයෙන් කොච්චර වී දුන්නත් වැඩක් නැහැ . ඒවා නියම කළමනාකාරීත්වයකින් බෙදී යන්නනේ නැහැ. කඩේ ගියහම තමා දෙවියෝ සිහිවෙන්නේ. (ර)
මෙයට හොඳම විසදුම තමයි සහල් පරිභෝජනය අඩුකර වෙනත් ආදේශන ආහාරයට ගැනීම ටික කලකට. සහල්වලට තියන ඉල්ලුම අඩුවුවහම සහල් මිල පහත හෙලන්ට සිද්දවෙනවා. (ර)
දැන් ඉතින් කියමු ප්‍රන්සේ වගේ "පාන් නැතිනම් කේක් කන්න කියාලා" ඒ වගේ හාල් නැතිනම් රොටි කමු. (ර)
ඩීබී, වෙනත් ආදේශන කිව්වේ කොස්කොල, ක්‍රෝටන් කොළ වගේ දේද? (ර)
ජනාධිපති තුමා මේ ගැන නිහඬව ඉන්නේ ඇයි? (ර)
රටේ කුබුරු අක්කර කි දාහක් පුරන් වෙලා ගිහින්ද ? වැව අමුණු නිසි නඩත්තුවක් තිබේද ? කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ කි දෙනෙක් පිං පඩි ගනවද ? රටක් නිසි තැනට ගේන්න වැඩ කරන්න ඕනි නිසි කළමනාකාරණයක් තිබිය යුතුයි. (ර)
වී ගොවියාට අස් වැන්න නෙලපු ගමන් එක පාරටම විකුණන්න නැතුව ඉන්න පුලුවන් නං, පහු වෙලා හොඳ මිලකට දෙන්න පුලුවන් . හැම පාරම මේ සිද්ධිය වෙනවා . හැබැයි බැංකු උදව් කරන්න ඕන . (ර)
මේ ආණ්ඩුවේ නොහැකියාව පෙන්වන තවත් සිදුවීමක් මේක. පහුගිය ආණ්ඩුවේ කාලේ වී අතිරික්තයක් තිබුන. ගබඩා කරන්න ඉඩ නැතිව මත්තල ගුවන් තොටුපලෙත් වී ගබඩා කළා. කෘෂිකර්ම ඇමති කෝටි ගාණක ගොඩනැගිල්ලක් කුලියට ගත්තට වැඩිය දෙයක් තාම සිද්ධ වෙලා නෑ (බ)
අංගොඩ ලාල්, ජනාධිපති මොකුත් නොකරන හේතුව සරලව හිතාගන්න බැරිනම් ඉතින් ක්‍රෝටන්, කොස්කොල තමා කෑමට සුදුසු! (බ)
මේ රජය බලයට එනකොට රටේ වී නිෂ්පාදන අතිරික්තයක් තිබුනා. මත්තල ගුවන්තොටේ පවා වී ගබඩා කළා. අලුත් ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමති, මුදල් ඇමති කිවුවා රටේ වී වැඩියි, වී වවන්න එපා කියලා. දැන් රටේ වී නැහැ. හැබැයි කෘෂිකර්ම අමාත්‍යංශයට කෝටි ගණනක වියදමට විශාල ගොඩනැගිල්ලක් කුලියට අරන් තියනවා. තනිකර සුදු අලියෙක්. අැමතිලට සුපිරි වාහන, සුපිරි පහසුකම් ඇතුළුව. (නි)
පරාක්‍රම, බලා ඉන්න ඉල්ලු ගමන්ම තොරතුරු දේවි! පනතේ විස්තර නොදෙන්න තියන විධිවිධාන දැක්කා නම් ඔබට දෙවියෝ සිහිවේවි. විස්තර දෙන පනතක් කිවුවට එ්ක තනිකරම විස්තර නොදෙන පනතක්! ඉස්සර දුන් විස්තරත් දැන් ගන්න වෙන්නේ නැහැ ඔය පනතෙන්. එහෙමයි යහපාලන සුපිරි ප්රජාතන්ත්රවාදය! (නි)