IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


මුල අමතක කළ ඇය

2016-11-25-ent-01මීට අවුරුදු දහයකට පමණ පෙර එක්තරා මාධ්‍ය ආයතනයකට අලුතින්ම කලාවට එක්වුණු තරුණියක් ආවෙ ඇගේ හිතවත් සොයුරියක් සමඟයි.

‘මේ මගේ නංගි කෙනෙක්. අලුත් සින්දුවක විෂුවල් එකක දැන් ඉන්නවා. කලාවට සම්බන්ධ වෙන්න මෙයාගෙ ලොකු ආසාවක් තියෙනවා. බැරිද මුකුත් පත්තරේ දාලා දෙන්න....’ ඇගේ ඉල්ලීම ඉටුකරමින් ඊට සති කීපයකට පසු මාධ්‍ය සොයුරියක් ඇය ගැන ලස්සන ලිපියක් පළ කළාය.

කාලයාගේ ඇවෑමෙන් ඇයට අලුත් කලා නිර්මාණවලට හා නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබුණා.

‘ඔයා මට දාලා දීපු පත්තරේ ආටිකල් එකේ වටිනාකම මම කවදාවත් අමතක කරන්නෙ නැහැ.’ ඇය අර මාධ්‍ය සොයුරියට කියා තිබෙනවා. තවත් කාලයක් ගතවුණා. ඇය ලංකාවෙ රෑපරාජනි තරගයකටත් සහභාගි වුණා. එයින් ජයග්‍රහණයත් ලැබුවා. පිටරට රෑ රුජනක් තේරීමේ තරගයකටත් ඇය ලංකාව නියෝජනය කළා.

මේ ගැන අවංකව සතුටු වූ අර මාධ්‍ය සොයුරිය, ඇගේ දුරකතනයට කතා කළේ ඒ පිළිබඳව පත්තරේ ලිපියක් දාන්න. ඒත් ඇගෙන් ප්‍රතිචාරයක් නැත. මාධ්‍ය සොයුරිය ඒ ගැන කියලා ඇයට SMS පණිවිඩයක් යැවුවා.

ඔන්න ඒ පාර නම් ඇයට SMS මගින් පිළිතුරක් ලැවුණා. ‘මේ සම්බන්ධව ඔබ මගේ කළමනාකරු සමඟ කතා කරන්න ඕනෙ....’ කියා ඇය කළමනාකරැගේ දුරකතන අංකය එවලා තිබුණලු.

ඇය මේ දිනවල නැවතත් එක්තරා වැඩසටහනක් හරහා ඔබ හමුවට පැමිණ සිටින නිසා මේ කෙටිසටහන තබන්නට මතක් වුණා.

 

DESHAYA

 

 



අදහස් (0)

මුල අමතක කළ ඇය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 45 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 651 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 347 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site