
(අංජුල මහික වීරරත්න)
මිරිහාන පැඟිරිවත්තේ වූ සිද්ධිය ජාතිවාදී හෝ ත්‍රස්තවාදී සිද්ධියක් නොවන හෙයින් එවැනි ප්‍රකාශ කිරීමෙන් පවතින තත්ත්වය තවත් උග්‍රවිය හැකි බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (1) පැවසීය.
පීඩාවට පත් ජනතාවට පිළිගත හැකි විසඳුමක් ලබන පාර්ලිමේන්තු සතියේදීම ඉදිරිපත් කළ යුතු අතර ප්‍රශ්න ප්‍රචණ්ඩ ප්‍රචණ්ඩකාරී නොවන ලෙස සාමකාමීව විසඳා ගන්නට හැකි වේවායි ප්‍රාර්ථනා කරන බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක් වූ රනිල් වික්‍රමසිංහ මහතා:-
පීඩාවට පත් ජනතාවගේ ගැටලු වලට විසඳුම් නොතිබුණු නිසා මිරිහාන පැඟිරි වත්තේ දී ඊයේ (31)රාත්‍රී සමාජ පිපිරුමක් ඇති වුණා.එයින් මෙතෙක් පැවති ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත්වුණා.මෙම පිපිරීම වර්තමාන දේශපාලන ක්‍රමයේ කඩාවැටීමක් ලෙස හැඳින්විය හැකියි.පීඩාවට පත් ජනතාවගේ ගැටළු විසඳීමට ආණ්ඩුව අසමත් වුණා.එලෙසම විපක්ෂයත් අසාර්ථක වී තිබෙනවා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුව විවිධ කණ්ඩායම් ඉලක්ක කරගනිමින් චෝදනා කරන අතර එසේනම් ඒ සම්බන්ධව සාක්කි සහ තොරතුරු ඉදිරිපත් කර මීට සම්බන්ධ කවුදැයි හෙළි කළ යුතුයි.
මේ සිද්ධියේදී ජාතිවාදී ප්‍රකාශ කිරීමෙන් වැළකිය යුතුව තිබෙනවා.මෙි ජාතිවාදී සිද්ධියක් නොවේ.එමෙන්ම මෙය ත්‍රස්තවාදී සිද්ධියක් ද නොවේ.එවැනි ප්‍රකාශ කිරීමෙන් පවතින තත්ත්වය තවත් උග්‍රවිය හැකියි.
ජුබිලි කණුවෙි පැවති උද්ඝෝෂණය සාමකාමී ලෙස පැවැත්වුණා.නමුත් පැඟිරි වත්තේදී ඒ ස්වරූපය වෙනස් වුණා.එය අවාසනාවන්ත සිද්ධියක්.
මේ පිළිබඳව විවිධ මත ප්‍රකාශ කෙරෙමින් තිබෙනවා.අප එක කාරණයක් මතක තබා ගත යුතුයි.සාමකාමී උද්ඝෝෂණයකදී කිසිම පුද්ගලයෙකුට හානියක් සිදු නොවිය යුතුයි.එමෙන්ම ප්‍රචණ්ඩත්වයටත් ඉඩ නොදිය යුතුයි.ජනතාවට සාමකාමීව තමන්ගේ විරෝධය ප්‍රකාශ කිරීමට උද්ඝෝෂණය කිරීමට අයිතියක් තිබෙනවා.ජනතාවගේ එම උද්ඝෝෂණ වලට දේශපාලන පක්ෂ සහභාගී නොවිය යුතුයි.එමෙන්ම දේශපාලන පක්ෂ වලට තමන්ගේ රැස්වීම් සහ උද්ඝෝෂණ පැවැත්වීමේ අයිතිය ද තිබෙනවා.
ප්‍රමාද වුවත් පාර්ලිමේන්තුවටත් දැන් වගකීමක් තිබෙනවා.පීඩාවට පත් ජනතාවට පිළිගත හැකි විසඳුම් පාර්ලිමේන්තුවෙන් ඉදිරිපත් කළ යුතුයි.එය පක්ෂ භේදයෙන් තොරව ජාතික එකඟත්වයක් ඇතිව ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා.ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වූ විට අප මේ යුතුකම ඉටු කළ යුතුව තිබෙනවා.අපේ ප්‍රශ්න ප්‍රචණ්ඩ ප්‍රචණ්ඩකාරී නොවන ලෙස සාමකාමීව විසඳා ගන්නට හැකි වේවායි මා ප්‍රාර්ථනා කරනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උද්ඝෝෂණය කිරීමට අයිතිය ආරක්ෂා කරගනිමින් කිසිදු ජිවිත හානියක් නොවන ආකාරයට ප්‍රජතන්ට්‍රවාදී රටක ජනතාවට සාමකාමීව තමන්ගේ විරෝධය ප්‍රකාශ කිරීමට අවස්ත්වා තිබිය යුතුවේ . රටක පුරවසියන්ගේ ආර්ථික සමාජීය සහ එදිනෙද ගැටළු රජය/ආණ්ඩුව මැදිහත්ව විසදිය නොහැකි බව මේවන පෙනෙන්නට තිබේ. වර්තමනයේ පවතිනාවූ සියලු ගැටළු විසදිය හැකි විසදුම් තිබේ.මේවනවිට ජනතවගේ සියලු බලාපොරොතු රජයට විසදිය හැකි උවත් එසේ නොවීම නිසා මේවන විට සියලු අර්බුද සිමාවන් ඉක්මවා ගොස් තිබේ. පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂයේ වගකීම සහ වගවීම ඔවුන් විසින් ඉටු නොකිරීම නිසා සහ විපක්ෂය අර්බුද විසදීමට කිසිදු විසදුමක් ඉදිරිපත් නොකිරීම මත ජනතවගේ අප්‍රසාදය මේවන විට වැඩිවෙමින් තිබේ. එවැනි අර්බුදකාරී පරිසරයක් තුල කලකිරුණු ජනතවට විකල්පයක් නොමැති අවස්ථවන් හිදී මෙවැනි උද්ඝෝෂණය අරගල දියත් කිරීම මගින් රජයට, විපක්ෂයට පමණක් නොව රට තුල පවතින අර්බුදය විදෙස් තානාපති අංශ ඔස්සේ සහ විදෙස් ජනමාධ්‍ය මගින් ජාත්‍යන්තරය වෙත මේවන විට ගෙන ගොස් තිබේ. රටට වෙනසක් ලබාදීමට නම් රටේ පුරවැසියන්ගේ සම්ප්‍රදායික දේශපාලන චින්තනයේ වෙනසක් සමග අලුත් අවංක කණ්ඩායමකට අවස්ථව ලබාදිය යුතුවේ
මේ පිපියොන්ට හමුදාව කදුළු ගෑස් බැටන් ප්‍රහාර ඇරෙන්න මොන විසදුම්ද ?තාම බැරිවෙලා තටබනවා ,දැන් විදුලි ප්‍රශ්නේ ඇවිල්ල කොච්චර කල්ද තාම බැරිවෙලා ඉන්නවා එක MW එකක් නිපදවන්න වැඩපිළිවෙලක් හදන්න .මේවා බල බල තවත් ඇස් කන් පියාගෙන ඉන්නද කියන්නේ
ඒ කියන්නේ ඔබතුමා අන්තවාදීන් හා ජාතිවාදීන් වෙනුවෙන් පෙනී සිටින බව නේද?
පසුගිය මාර්තු 2, 2022 IMF විසින් නිකුත් කරනලද වාර්තාව ශ්‍රී ලාංකිකයන් හට කියවීම පිණිස එහි සම්පුර්ණ පරිවර්තනයක් ලංකාදීප පුවත්පතෙහි පලකල හැකිනම් වැදගත්වේ IMF විධායක මණ්ඩලය ශ්රීු ලංකාව සමඟ 2021 IV වන උපදේශනය අවසන් කරයි මාර්තු 2, 2022 Washington, DC: ජාත්යවන්තර මූල්යප අරමුදලේ (IMF) විධායක මණ්ඩලය 2022 පෙබරවාරි 25 වැනි දින ශ්රීත ලංකාව සමඟ IV වන වගන්තියේ උපදේශනය [1] අවසන් කරන ලදී.