
(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මිරිහානේදී ඊයේ ඇතිවූ සිද්ධියෙන් .රජය දේපළවලට ගිනි ගිනිතැබීමෙන් සහ පහරදී අලාභානි කිරීමෙන් රුපියල් මිලියන 39ක අලාභයක් සිදුව ඇති බවට ගණන් බලා ඇති බව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ජේෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.
මෙම සිද්ධියේදී පොලිස් බස් රථයකට, පොලිස් ජීප් රථයකට, පොලිස් යතුරුපැදි දෙකකට තබා විනාශ කර ඇති අතර , පොලිස් බස්රථ දෙහෙකට, විශේෂ කාර්ය බළකායේ බස්රථ දෙයකට., ඇතුළු රජය රජයේ දේපළ වලට පහර දීමෙන් මෙම අලාභය සිදුව ඇති බවද රෝහණ මහතා කියා සිටියේය .
මෙම සිද්ධියෙන් සහකාර පොලිස් අධිකාරිවරයෙකු ඇතුළු වූ පොලිසියේත් 24 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, 18 දෙනෙකු විශේෂ කාර්ය බලකායේ බවද හෙතෙම කියා සිටියේය.
ගෙන තුවාල ලැබූ පොලිස් නිලධාරීන් නව දෙනකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද හෙතෙම සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුව, අපරාධ කොට්ඨාශය, දකුණු අපරාධ කොට්ඨාශය , පරික්ෂණ ආරම්භ කර ඇති බවත් ද එම සඳහන් කළේය. ,
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා මේ බව සඳහන් කළේය කළේ රජය රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදීය .
(ඡායාරූප: ළහිරු හර්ෂණ)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනය කරපු පාඩුව ගණන් බැලුවේ නැද්ද?
හැමෝම පැහැදිලිව දැක්කා කවුද ගිනි තිබ්බේ කියලා... පොලිස් ආරක්ෂාව මැද. ඔය 80 ගණන්වල ගහපු ගේම් එක දැන් ගහන්න බැහැ මහත්තයෝ... හැමෝගේම අතේ මොබයිල් තියන නිසා.. ගිනි තියපු කෙනාගෙන් අලාභය අය කරගන්න.
ඒ පාඩුව ඇතිකළේ ආණ්ඩුව. සම්පූර්ණ වගකීම ආණ්ඩුව බාරගත යුතුයි...
ඔන්න කට්ටිය ඇඟේ හයියෙන් රට රකින්න ගිහින්. කිසිම විකල්පයක් නැතිව, ඇත්ත තත්ත්වය තේරුම් ගන්නේ නැතිව ඔහේ රැල්ලට ගිහින් තියෙන හකුරත් නහගන්නවා. මේ මෝඩකම් ඇතැමුන් දකින්නේ වීර ක්‍රියා හැටියට. රට රැකගෙන කරන විරෝධයක් කළ යුතුයි...
අනේ ගිහින් කියන්නකෝ අරයට... කරපු අයනේ ගෙවන්න ඕනෑ. අහක ඉන්න අයට කියලා වැඩක් නැහැ..
පොලිසියට මේ අය හොරාකාපුවා නම් තාම ගණන් හදන්න තේරෙන්නේ නෑ.. මිනිසුන් ගල් ගහන තැනට තල්ලුකළ අය ගැන සොයා බලන්න... තරුපටි තියෙන කවුරුවත් නැහැ.
මෙච්චර කල් කොහෙද හිටියේ මහත්තයෝ...?
දවසට අලාභය ගණන් බලලත් ඉවරයි. වෙන දෙයක් නම් තමයි කල් අදින්නේ... මිනිස්සු ඉවසලා බැරි තැන තමයි පාරට බැස්සේ.. ආණ්ඩුවම ගිනිතියලා දැන් ගණන් බලලා කියන්න. එතකොට ලේසිනේ මහත්තයෝ නේද? වාරණ නියෝග ගන්න 3 වැනිදා තියන්න යන උද්ඝෝෂණවලට ලේසිනේ... අපි රැවටෙයි දැන් ඕවාට..
අරයා කවුද ශාම්...? පුතාණෝද? ලපයාද?
මේ රටට දේශපාලුවන් කළ විනාශය කීයද කියලා පළමුවෙන් සොයාබලා නිතිය ක්‍රියාත්මක කරන්න. ගහින් වැටුනු ජනතාවට ගොනා අනිනවා කියන්නේ මේවට...
ඊට වඩා විශාල පාඩු මේ පාලකයන්ගෙන් දිනපතාම සිදු වෙනවා. රාජ්‍ය ආයතවල් දිනපතාම අවුරුදු ගාණකින් පාඩු ලබනවා. ඇමති කෙහලිය සහ ඩග්ලස් විදුලිබල මන්ධලයට කෝටි ගණන් පොලු තියල. මේවා පාඩු නොවේද? දැන්වත් මධ්‍යස්ත වෙන්න.
අපේ සල්ලි වලින් අරුන්ට ගෙන්නපු වාහනයක් විකුණලා ඕක පියවගන්ඩ.
අපි දැක්කා වෙලේ සුදා හා කුඩු දුමියා ගැන ඔබතුමා ්ය ප්‍රකාශක වශයෙන් ප්‍රකාශ කරපු වීඩියෝ. මේ ප්‍රකාශයත් ඒවගේම එකක්ද?
රටේ ආර්ථිකය බිංදුවට වට්ටපු උන්ට සහන පිට සහන ඉදිරියටත් බලාපොරොත්තු වෙන්න.නිරුපමා ජරාපක්ෂගෙන් මිලියන 39 අරගන්න.
මෙච්චර හමුදාවක් ඉද්දී, ජනාධිපතිව ආරක්ෂා කරගන්න කියලා බස් එකක් අරන් ආපු තට්ටයෙක් සද්දෙට තප්පුලනවා අපි දැක්කා. අන්න ඒ තක්කඩියා තමයි ගිනිතැබීමේ මහා මොලකරු. ගේ අන ක්‍රියාත්මක කල දේශපාලන ගැත්තා. ඔය මහලොකු පොලිස් හා බුද්ධි අංශ වල අයට වඩා සාමාන්‍ය ජනතාවට බුද්ධිය තියනවනේ බලාගෙන ගියාම. පාලකයින්ගේ කීමට ශ්‍රී ලංකා පොලිසිය මේ විදිහට හෑල්ලුවට ලක් කරන්න එපා මහත්තයෝ. බලන් ඉන්න අපිටම ලජ්ජා හිතෙනවා. ජනතාවගේ ආරක්ෂාව තහවුරු කලයුතු පොලිසිය මෙවැනි දෙකයිපනහේ ප්‍රකාශ කලාම?
බස් එක අරන් ආපු එකාම කියනවා හොරෙන්ලු බස් එක අරන් ආවේ, එහෙනම් ඒකව තමා ඉස්සෙල්ලා අතඩන්ගුවට ගන්න ඕනේ බස් එකක් පැහැර ගෙන ආවාට.
පොලිසිය මිනිස්සුන්ගෙන් අවුරුද්දකට කොච්චර හොරා කනවාද ගනන් බැලුවේ නැද්ද?
මහ ලොකු රට රකින විරුවා ප්රමුඛ හමුදාවට, බස් එකක් ආරක්ෂා කරගන්න බැරි වුණාද?
බස් එක බී.එම්.ඩබ්ලිව්. ද? ලොක්කගේ ගණන්ම තමයි. ඒකනේ අද හැමතැනම පෝලිම්. අඹගෙඩිය කපලා කාලා ඇටේ ඉන්දියාවේ හරි බංගලිදේශයේ හරි හිටවපල්ලා...