යාපනය මිරුසුවිල්හිදී සාමාන්‍ය වැසියන් අට දෙනකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවමට නියමව සිටින ලාන්ස් කෝප්‍රල්වරයා ඉදිරිපත් කර තිබූ අභියාචන පෙත්සම විභාගයට ගැනීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් අද (1 වැනිදා) නියෝග කළේය.
ඒ අනුව මෙම පෙත්සම ලබන ජූනි 5, 6 ,7 ,12 13 සහ 14 යන දිනයන්හි විභාගයට ගැනීමට දින නියම කර ඇත. බුවනෙක අළුවිහාරේ ,සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන , උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.
2000 වසරේදී දෙසැම්බර් 19 වැනිදා මිරුසුවිල් හිදී පුද්ගලයින් අටදෙනෙකුට පහරදී , කපා කොටා මරා දැමීයැයි හය වැනි ගජබා රෙජිමේන්තුවේ යුද ලාන්ස් කෝප්රල් ආර්.එම් සුනිල් රත්නායකට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුමඩුල්ලක් විසින් 2015 මැයි 25 වැනිදා මරණ දඬුවම නියම කරන ලදි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරද කවුරු කළත් වරදක්මයි (නි)
මොහු වැනි සැබෑම වීරයන් නොවන්නට අපි තාමත් මඟතොටදී ත්රස්තවාදීන්ට බිලිවෙන පිරිසක් වන්නට තිබුනා. ජාතියේ අවාසනාවට එවන් වීරයන් දේශපාලනයේ බිලිදීමට ලක්වෙලා. නමුත් වීර සෙබළාණෙනි, ඔබ අපේ සිත්වල සදා අමරණීයයි (නි)
අනේ මේ සැරේවත් මේ මනුස්සයට සාධාරණය ඉෂ්ට වෙනවා නම් හොඳයි (නි)
රණවිරුවන් වෙනුවෙන් අපි කවදත් කතාකරනවා (නි)
අපි කලබල නොවී බලමුකෝ (නි)
රණවිරු ලේබලය ගහගන මිනිස් ඝාතන කරීමට ඉඩක් නැහැ. රණවිරුවා යනු , හොඳ විනයක් හා හික්මීමක් ඇති අයයි. (නි)
මේ වගේ අපරාධ සමහරු 88/89 කාලෙත් කළා. මේ අය කරන අපරාධ නිසා තමයි සැබෑ රණවිරුවන්ට යුද අපරාධ චෝදනා ඇතිවුණේ. අහිංසක මිනිස්සු මැරුවට දඩුවම් දෙන්නම ඕනෑ. ඒක රටේ කොහේ වුණත් ඉන්න අපරාධකාරයන්ට පාඩමක් වේවි. (නි)
එතකොට සිංහල ගම් පිටින් කපාකොටා සියගණන් මරපු අයට මොන දඬුවමක්වත් නැහැ. නඩුදම්මත් අධිකරණයෙන් තමයි සාක්කි නැහැ කියලා නිදහස් කරන්නේත්. (නි)
අපි සෙබළුන්ට ගෞරව කරනවා. නමුත් කාටවත් නිරායුධ මිනිසුන් මැරීමට අයිතියක් නැහැ. (නි)
අසංක, දේශප්‍රේමයෙන් ඔදවැඩී යුද්ධයට ගිය සෙබළුන් බොහෝ වෙලාවට ආවේගශීලීවයි ඉන්නේ. ඔවුන්ට තම හිත පාලනය කරගැනීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. උතුරේ යුද්ධය ගැන නොදන්නා දකුණේ ජීවත්වන ඔබවැන්නන් රටට අවමානයක්. (නි)
අසංක ඔබ නොදත් දේ ගැන නොකියා සිටීම හොදය මොකද ඔබ වන්නන්ගේ ප්‍රකාශ මෝඩයන්ට හොදය. (ර)
මේ රණවිරුවෝ නිසා තමයි අපි අද නිදහසේ ඉන්නේ. මොහු වරදක් කළාමද කියන්න මම දන්නේ නැහැ. එ්ත් අපේ රණවිරුවන්ට විරුද්ධව ක්‍රියාත්මක වෙන බලවේග ගොඩක් තියෙන බව අපි දන්නවා. මම නම් හිතන්නේ මේක ගොතපු සිද්ධියක් කියලා. තනි පුද්ගලයෙකුට පුලුවන්ද මෙහෙම දෙයක් කරන්න හමුදා කඳවුරේ උදවියට සහ වටපිටාවේ සිටින උදවියට හොරෙන්. (නි)
මේ රණවිරුවා වෙනුවෙන් කතාකරන, අදහස් දක්වන, ශෝක වෙන සැමට ස්තුතියි. මරණය අතට ගෙන රණබිමට යන රණවිරුවෙකුගේ මානසික තත්වය දන්නේ අඩුම වශයෙන් යුද බිමට ගිය කෙනෙක් මිස එදා කොටි කියනකොටත් ඇඳන් යට රිංගු අය නොවේ. මේ රණවිරුවා නිදහස් වේවා! ඔහු වෙනුවෙන් ඉදිරිපත්වෙන නීතිවේදින්ට ජය ලැබේවා! (නි)
පුදුම වෙන්න දෙයක් නැහැ සමහර අදහස් ගැන. මේක ශ්‍රී ලංකාවනේ! (නි)
ඔවුන් සටන්කළේ තමන්ගේ නමට පර්චස් කීපයක් අයිති කරගන්න නොවේ. මෙහි අදහස් දමන ඇතැම් අධම එහෙත් මහා මානව හිතවාදීන් සේ කතා කරන අයද ඇතුළු සමස්ත රටවැසියා වෙනුවනි. රණබිම බිහුසුණුකම දරාගෙන සටන් වැදි විරුවෙකු මිනීමරුවෙකු ලෙස දකින නුඹලා කොටි බෝම්බයෙන් බේරුනේ මොවුන් නිසාය (නි)
කපාකොටා මරා දැමුවේ සාමාන්‍ය වැසියන් යැයි කියන්නේ කෙසේද? යුද සමයේදී උතුරේ වැසියන් වැඩි දෙනෙකු ත්‍රස්තවාදී සංවිධානයට අනුබල දුන් සහ එයට ස්වේච්ඡාවෙන් ක්‍රියාකාරී වූ උදවිය නොවේද? මේ යුද විරුවාගේ පුද්ගලික තරහක් තුළ සිදුවූ දෙයක් නොවන බව දැනගත යුතුය. (නි)
මෙම රණවිරුවා යුධ හමුදාවේ ලාන්ස් කෝප්‍රල්වරයෙක්. ඉතින් මේ වගේ නිලයක් දරන අයෙකුට සමුල ඝාතනයක් කරන්න පුලුවන්ද කියලා හමුදාවේ අය දන්නවා. මෙතන කුමක් හෝ වරදක් වෙලා ඇති. උසස් නිලධාරීතුමන්ලා මේ ගැන සාධාරණ ලෙස සොයා බලා එයට සම්බන්ධ පුද්ගලයන්ට සාධාරණ දඬුවම් ලබාදෙන්න.මොහුව මරණ දඬුවමින් මුදවන්න. මොහු රටේ සාමය රැකීමට උරදුන්,රටේ ආරක්ෂාවට නිරතුරු දායකවූ ක්‍රියාකාරී හමුදා නිලධාරියෙකි. මොහු වෙඩිතැබුවේ ඔහුවත් ඔහුගේ පවුලේ අයවත් වෙනුවෙන් නොවේ. යුධ සමයේ අප සහ අප රටේ සාමය වෙනුවෙනි. අගතියට පත් අයටත් මෙතුමාගේ පවුලේ අයටත් සාධාරණයක් ඉටුවේවා. (නි)
මෙහි සාක්ෂි දෙස බැලීමේදී එය සැබෑ යුධ අපරාධයක් ලෙසයි පෙනෙන්නේ..මෙවන් සිද්ධි සැබෑ රණවිරුවන්ට අවමානයකි. (බ)
ගිය රජය විසින් නඩු පවරා හිර ගෙට යැවීමට පාර කැපුවා. මේ රජයෙන් ඔහුව බේරාගන්නවා. එක තමයි වෙන්නේ (ම)