හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වු මර්වින් සිල්වා මහතා මින් සුළු මෙහොතකට පෙර රහස් පොලිසියට පැමිණියේය.
සන්ඩේ ලීඩර් පුවත් පතෙහි කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු අද එහි කැඳවා තිබුණි.
ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතකයන් ගැන තමන් හොඳින් දන්නා බව මින් පෙර අවස්ථාවකදී ඔහු මාධ්‍යට හෙළි කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ !!!!! කට තිබිච්ච පලියට කයිවාරු ගැහුවට, දැන් එහේ ගිහිල්ලා දන්නා ඇත්ත කිවුවොත් ඇඟට ගුණයි, නේද මර්වින් සහෝදරයෝ ??? (ස)
අනේ තිලක්-ඩුබායි, ඔහෙත් එතන හිටියද එ්ක ඇහෙන්න. බොරු හද හදා කියන්න එපා. ඔහෙත් මර්වින් වගේමයි (නදී)
මුදලට බලයට ඕනෑම පහත් වැඩක් කරන්න පුළුවන් බව.ඔප්පුකරනවා කගේ උවමනාවටද?කව පෝරකයට දක්කන්න හදනවද කියා මහජනතාව කලින්ම දන්නවා (ස)
මට නම් හිතෙන්නේ මෙයාවත් ඇතුලට දාන්න ඕනි (දිල්) .
මෙයා ප්‍රභාකරන්ට වැඩිය භයානක කෙනෙක්. (ස)
ලසනතල දන් ගෙඩියට බෙල්ල තිබ්බේ රටේ අසරණ මිනිසුන්ගේ මහජන මුදල් ගසා කාපුවා හෙළි දරව් කරන්න ගිහින්නේ.රටේ ඉන්න "බත් කන හරක් " ගැන හිතනකොට අපරාදේ ජිවිතේ බිලි දුන්නේ කියලත් හිතෙනවා. (ස)
ලසන්තට වෙඩි තිබ්බ කියල පණිවිඩේ දෙනකොට "ඔලුවටමද" තිබ්බේ කියල ඇහැව්වලු? (ස)
මර්වින් සිල්වා මොනවා හරි දන්නවා අැති , ලසන්ත වික්‍රමසිංහගේ ගාතනය ගැන , එ්කනේ ඔහු දන්නවා කිව්වේ , අර ෆයිල් වගයක් දවසක් උස්සන් මාද්‍ය වේදීන් ඉදිරියේ කතා කලේ (ස)
මෙයා දැන් පිස්සු බල්ලෙක් වගේ.
ඔහු කෙළින් කතාකරන නියම මිනිසෙක් (නි)
හදවතට එකගව ඇත්ත කියයිද දන්නේ නැහැ (නදී)
මර්වින් සිල්වාට ඕනේ මොන නපුන්සක වැඩක් හරි කරලා ඇමතිකමක් ගන්නයි. එයාගේ පුතාට එන ඡන්දෙට නොමිනේෂන් ගන්නයි. ඉස්සෙල්ලාම එයා කරපු අපරාද සොයන්න ඕනේ (නදී)
අර පුතාගේ නහය කඩපු සුද්දට දඬුවම් කරන්නේ නැද්ද? (නි)
රටට කිසිම වැඩක් ඇති වැඩක් කළාද කියලා කියන්න බලන්න (නි)
මෙයා දැන් සුදනා වගේ කතාව. ඇයි මෙච්චර දවසක් ගියේ. දැන් එහෙම නම් මෙයා තමයි වැරදි. ඝාතනයක් පිලිබදව තොරතුරු වසන් කිරීම. නියම මිනිහෙක් නම් පහුවදාම සී.අයි.ඩී එකට යන්න තිබුනනේ. ඡන්දෙ දෙන ජනතාව දැන් තේරුම් අරන් තියනවා මිනිස්සු කවුද කියලා. (නදී)
ඔබ නිර්භීත මිනිහෙක්.මේ අපරාධය ගැන දන්නා ඇත්ත කියන්න (නි)
ඕවා දන්නවා නම් ඇයි මෙච්චර කල් නොකියා හිටියේ? (ත)
දැන් හැමතැනම දුවනවා වගේ. මොකද? කවුරුවත් බාරගන්නේ නැහැ. දැන් ජනතාවගේ අනුකම්පාව බලෙන් ලබාගන්න දුවන්න තිබෙන හැමතැනටම දුවයි. එයා එපමණ හරියක් දැනගෙන හිටියා නම් ඒ රහස් හංගාගෙන නීතිය නොමඟ යැව්වාට දඬුවම් විඳින්න ඕනෑ නේද? (නි)
මේ වගේ අය ගැන වචන නාස්ති කරන්නවත් වටින්නේ නැහැ. (නි)
මර්වින් දන්නා දේ කුමක්ද? කට තිබෙන පළියට කියවලා හරියන්නේ නැහැ (නි)
සමහරු දැන් එක එක දේවල් ඉදිරිපත් කරනවා මම සුදනා කියන්න (නි)
රෙදී ඇදගෙනද ආවේ? (ත)
ඔච්චරටම විස්තර දන්නේ කොහොමද? (නි)