ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත තමන් කැලණිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරයෙන් තාවකාලිකව ඉවත් වන බව මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා කිරිබත්ගොඩ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයයේ පැවැති රැස්වීමක දී කීවේය.
කැලණිය ආසනයේ නව සංවිධායක ලෙස හිටපු පළාත් සභා මන්ත්‍රී හා ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ශාලිත විජේසුන්දර මහතා කටයුතු කරන බව ද සිල්වා මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ සහය පොදු අපෙක්ෂකයට එපා ! කැලණියේ ජනතාව තීරණය අරගෙන ඉවරයි.(හේ)
කැලණියට ඔය තරම් සේවයක් කළා නම් සටනින් පලා යන්නේ කිමද ? (නදී)
ගස්බඳිමුද (නදී)
ෆයිල් ඇති. නැත්නම් මේ වනවිට පැනලා (නදී)
ඕකට කියන්නේ දෙකොන අල්ලන් ඉන්නවා කියල. මෙයාට ෂුවර් නැ කවුරු දිනයි ද ? කියල. ඔය දැන්ම අයින් වුනේ, දිනන පැත්ත බලල මුක්කුව ගහන්න. ඔය දකුණේ හැලිය මදි මල්ලි අපිව තම්බන්න. (බ)
අපි නොදන්න මොනවා හරි තියෙනවා ඔතන (දී)
ඡන්දේ හින්දා ඡන්ද ගන්න විදියක් වෙන්න ඇති (දිල්)
සංවිධායකයෝ මාරු උනයි කියලා මහජනයාගේ මනස වෙනස් කරන්න බැහැ. ඔවුන් තීරණය අරගෙන ඉවරයි. (නදී)
කැලණියේ ජනතාවගේ ඡන්දය මේ පාර හොඳ සිහිබුද්ධියකින් පාවිච්චි කරන බව ඒකාන්තයි. ජනතාවගේ ප්‍රතිචාරය අට වෙනිදාට තේරේවි. (නි)
ලොකු අවුලක් තියෙනවා වගේ මෙතැන (දිල්)
ඇමති තුමෝ, නරකද මේ ආන්ඩුවේන් ඉවත් වෙලා, පොදු අපෙක්ෂකයට සහය දුන්නොත්? (නදී)
ඇයි ඔබතුමාට හදිසියේම මෙහෙම වුණේ? (නි)
ප්‍රශ්නාර්තගත සිද්ධියක්. මෙයට හේතුසහගත වූ කරුණ කීම? බාධක තාවකාලිකව මගහැරිමක්ද? ප්‍රතිරුපයට මොකද වෙන්නේ? ඇයි මෙයට නිහඩ? (බ)
සිංහලයා ගැන කැක්කුමක් තියන නායකයෙක්. (බ)
හේරත්, අපිට නම් නිකම්වත් එපා. මෛත්‍රීට ලැබෙන ඡන්ද ටිකත් අඩු වෙන එක විතරයි වෙන්නේ. (නදී)
මෙයා ඇයි නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ.(හේ)
අනේ! ඇයි යන්න ගියේ? (නි)